මදුසමය අහිමි මංගල්ලය

හර්ෂි සි. පෙරේරා
2003 ජුලි මස මදුසමය අහිමි මන්ගල්ලයහි පළමු මුද්‍රණය පාටකයින් අතට පත්විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ මෙසේ සදහන් වේ. එනම් වයස අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම තමන් කැමති කෙනෙක් හා විවාහ වියහැක. එයින් තමන්ට කැමති නම් විවාහනොවී සිටීමේ අයිතියද කියවේ. තිලිනා වීරසිංහගේ මෙම කෘතිය කසාද බැදීම අනිවාර්යයි යන සමාජයෙන් බැහැරව නිදහස අගයන පාටකයින් ඉතා ආදරයෙන් තුරුළු කර ගනී.

සාක්කි නැති කන්‍යාපටලයක් නමැති අත්දැකීම අදටත් අප සමාජය විනිවිද දකින කැඩපතකි. " දොරටුව රැස්වූ ගැහැණු ඒ කෙල්ලගේ චරිත හොද නැතුලු කියන්නේ. කලින් වැඩ වැරැද්ද ගත්ත කෙනෙක්ලු. කෙල්ල කැමත්තෙන්ලු ගිහින් තයෙන්නේ යනුවෙන් රහස් කොදුරනු ලැබුහ.'
'
මේ මෙම කෘතියේ දුරකථනය අසලදී මගේ ආදරවන්තිය නමැති අත්දැකීමෙන් උපුටා ගත් නිසදැසකි.

''මගේ ආදරය
වෙළද පලක් නැති
නිෂ්පාදනයකි.''

46 පිටුවේ දෙවන චේදයේ මෙසේ සදහන් වේ.

"එක අතකට නළු නිලියෝ විතරක් නෙමෙයි අපි හැමෝම වගේ ලිංගික සම්බන්දකම්... මනුස්ස ඕන එපාකම් නිකම්..අසබ්ය දේවල් හැටියටනේ තේරුම් ගන්නේ නේද.... ඉතින් නළු නිළියොත් අපි අතරේම ඉපදිලා ජිවත් වෙන අයනේ... එයාලට විතරක් දොස් කියන එක වැරදියින්නේ ...ඔයා මොකද හිතන්නේ ඒ ගැන....."

"ඔයා" ...ලේකිකාව අපව ආමන්ත්‍රණය කරන්නීය. මෙය මතක් කරදෙන්නේ මෑතකදී ගොසිප් ලංකා වෙබ් අඩවියද ඇතුළු ලිංගික කුහකත්වය ඇති මාද්‍ය රස කර කර මිලා හි ටෙලි නිලියන් ගණිකා වුර්තියේ යෙදිම ගැන කියුදේය.

"අද පොතක් ගන්න සාප්පුවට ආපු මනුස්සයෙක් කියුවා කනත්තත් පවුද්ගලිකරණය කරන්න ඕන කියලා. මොකද මිනියක් පුච්චන්න ගියාම කරන්ට් එක නැතිලු."

"මට නම් හිතෙන්නේ කනත්ත විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවත් පවුද්ගලිකරණය කරනවා නම් හොදයි කියලා. මොකද ලාබ නොලබන රාජ්‍ය අයාතන හැම එකක්ම පවුද්ගලිකරණය කරද්දී රටේ උත්තරීතර ආයතනය විතරක් නිකම්ම නිකම් අහෝසිවෙලා යන්න දෙන්න බැහැනේ...ජනතාවට වගකීමක් තියෙනවා මේ වෙනුවෙන් හඩ නගන්න..එත් කොහෙද අනේ අපේ ජනතාවනේ..."

"අපේ ජනතාව" යන්නට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නිර්බිතව දුෂණය බිෂණය සහ ඥාති සංග්‍රහය ප්‍රතික්ෂේප කල තවමත් අදුරේ ජිවත්වන උතුරු නැගෙනහිර දෙමල ජනයා හැගී නොයන බව සතුටෙන් කියමු. නමුත් ෙල්කිකාවට ජාති අාගමි  ෙබිද ෙනාමැති බව අපි දනිමු.

"අදිකරණයේදී දෙවන මනාලියගේ තැති ගැනිනුණු දෑස සන්සුන් සානුකම්පිත බවකින් නිදහස් කරමින් මනාලිය ඇය සිය වග උත්තරයන්ගෙන් නිදහස් කළාය."

තිලිනා මේ ඔබේ කතාවද? නැතිනමි අෙප් කතාවද? ඔබ නිල් පැහැ ඔසරියකින් සැරසී දෙවන ගමන සදහා සුදානම්වූ මනාලියක ලෙස වූ සේයාරුවකින් මෙම පොතේ පිටකවරය නිර්මාණය වී ඇත.

ඔහු පෙම්කල නිදාගත් අනියම් ගැහැණිය දික්කසාද නඩුවේ සම විත්තිකාරිය නොකිරීමට ඔබ තීරණය කරන්නීය. මෙය මට සිහියට නගන්නේ රබින්ද්‍රනාත් තාගෝර්ගේ කවියක එන පහත පැදි පෙලවල්ය.

''ඔබේ පවු කමා කරන්නයි ඉල්ලා පුද බිමට නොයන්න
පළමුව පවුකාරයින් ඔබේ මුළු හදින්ම අමතක කරන්න''

තිලිනා ඔබ ඊටත් වඩා දුර ගොස් ක්‍රියාවෙන්ද අමතක කර ඇත.


Tell a Friend