හිතවත් බැන්කි මුන් මහතා වෙත,

හර්ෂි සි. පෙරේරා

මුලින්ම ඔබේ දෙවන දුර කාලය සදහා අපේ සුබ පැතුම්.


"එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස දෙවන වරටත් බෑන් කී මූන් මහතාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනා විසින් ඒකච්ඡුන්දයෙන් අනුමත කර ඇත. එම තනතුර සඳහා වෙනත් අපේක්ෂකයන් කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අතර 67 වියැති බැන් කී මූන් මහතාගේ දෙවන ධුර කාලය ආරම්භ වන්නේ 2012 වසරේ ජනවාරි 01 දිනය. 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ඔහු එම තනතුරේ යළි සේවය කරනු ඇත."

මෙම දෙවන දුරයට පත්වීමත් සමග ඉතා එතිහාසික අවස්ථාවක් මානව හිමිකම් සම්බන්දයෙන් උදා විය. අප දන්නා තරමට එක්සත් ජාතීන්ගේ ප්‍රමුක කාර්යන් වන්නේ ලෝක සාමය ඇති කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්දනයයි. ඒ අනුව ලිංගිකත්වය මත සිදු කරන මානව හිමිකම් උල්ලන්ගනයන් පිටුදැකීමට යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවිම සුවිශේෂියි. එතිහසිකයි.

ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ගත්විට 2009 මැයි මස අවසන්වූ යුද්දයේ අවසන් අදියරේදී සිදු වූ මානව හිමිකම් උල්ලන්ගනයන් සම්බන්දයෙන් ඔබේ බුමිකාව ගැටළු සහගතය. ඔබ දැන් කරමින් සිටින්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසමින් සිටීමේ කර්යයකය. ඔබ දරුස්මාන් වාර්තාව සම්බන්දයෙන් මිට වැඩි වගකීමකින් කටයුතු කල යුතුය. චෝදනා එල්ල වී ඇති රාජපක්ස ආණ්ඩුව ඔබේ දෙවන දුර කාලයට සහය දුන්නා පමණක් නොව එක්සත් ජාතින් වෙත ප්‍රහාරක ගුවන් යානාද තිලින කරයි.

කෙසේනමුත් යුද අපරාද චෝදනා එල්ල වී ඇති කිසිවෙකුට සමාවට කරුණු කියා නීතියේ රැහැනින් පලායාමට ඉඩ දීම මහත් වියසනයකට හේතු වෙයි. ශ්‍රී ලංකාවේ තත්වය දීර්ගකාලීනව යහපත් කිරීමට නම් කලයුත්තේ වාර්ගිකත්වය මත සිදුවන වෙනස්කම් පිටු දැකීමට ප්‍රමුකත්වය ලබාදීමයි.

ඒ වගේම උතුර සහ දකුණ යන සෑම තැනකම සිදුවන වදහිංසා සහ අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවන මරා දැමීම නතර කිරීමට ආණ්ඩුවට බලපෑම් කිරීමයි. ස්ථිර සාර සාමයකට පොලිස් ක්‍රියාදාමය නීතියට අනුව ක්‍රියාත්මක විය යුතුව ඇත.

දෙවන දුර කාලය තුලදී ඔබට ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සම්බන්දයෙන් බොහෝ දේ සිදු කල හැක. දැනට ශ්‍රී ලංකාව අබ්‍යන්තරව සහ ජාත්‍යන්තරව තීරණාත්මක ආන්දෝලනාත්මක ස්ථානයක සිටියි.

ස්තුතියි
හිතවත්
මානව හිමිකම් ක්‍රියාකාරිනියක්





Tell a Friend