අලි මිනිස් ගැටුම

හර්ෂි සි. පෙරේරා
අලි මිනිස් ගැටුම අද වන විට බරපතල කෙදවාචකයක් බවට පත් වෙලා. ඇතැමෙක් වනජීවී ආරක්ෂණ පනත සංශෝදනය කලයුතු බව කියනවා. කෙසේනමුත් හැකි ඉක්මනින් මේ සදහා පියවරක් ගත යුතුයි.

මිහිදු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට කිවේ රජතුමා පරිසරයේ අයිතිකාරයා නොව බාරකාරයා බවයි. අද අපට සහෝදර ශ්‍රී ලාංකිකයින්ටද කිවහැක්කේ ඔවුන් වන සතුන්ගේ අයිතිකාරයින් නොවන බවයි. ඔවුන්ට වන සතුන්ගේ බාරකාරයා ලෙස ක්‍රියාකිරිමේදී විශාල වගකීමක් තියෙනවා. ඔවුන් බුද්දිය මෙහෙයවා තමනුත් ආරක්ෂා වී අලි සම්පතත් රැක ගත යුතුයි.

දුම්රියක හැපී අලි තිදෙනෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් අද(18)* උදෑසන අඹන්පොලින් වාර්තා වෙනවා.

අද උදෑසන අනුරාධපුර සිට කොළඹ බලා ආ තැපැල් දුම්රියට මේ අලි තිදෙනා හසුව තිබෙන අතර දුම්රිය ආ වේගය සහ කලූවර වැටී තිබීම හේතුවෙන් කල් තියා දුම්රිය නතරකරගන්නට නොහැකිවී තිබෙනවා. එකට ගමන් කරමින් සිටි අලි තිදෙනාම මෙම අනතුරින් මරණයට පත්වීම ඛේදජනකය.

මේ අනතුර නිසා දුම්රිය ගමනාගමනයේ ප‍්‍රමාදයක් ඇති නොවූ බවද දෙපාර්තමේන්තුව දන්වා ඇත.





Tell a Friend