පාසල් බැගයක් නිකං දෙනවා: තවත් ශිෂ්‍යත්ව විභාගයක් 7 පන්තියට - ඇමති බන්දුල

07 වන ශ්‍රේණියටත් ශිෂ්‍යත්ව විභාගයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ වෛද්‍ය නිර්දේශ පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම තීරණය කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමු වූ බවයි. එහෙත්, දැනට පවත්වන 05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා සඳහන් කළේය.

සෑම පාසලක් සඳහාම මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ද පිහිටුවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය නිර්දේශ සහිතව පාසල් ළමුන් සඳහා නොමිලේ පාසල් බෑගයක් ද ලබාදෙන බවයි. Tell a Friend