එදා මෙදා මානව හිමිකම් සහ ජාතිකාභිමානය

සුනන්ද දේශප්‍රිය

මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් දක්වන දෙබිඩි පිළිවෙත පෙන්වා දෙන අපූරු ලිපියක් පසුගිය දිනෙක නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන විසින් සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක පළ කර තිබුණි. විපක්ෂ දේශපාලනඥයින් එතෙර ගොස් රට විවේචනය කිරීම වරදක් බව මෑත දී ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රකාශ කිරීම මෙම ලිපියට පාදක වී තිබිණ. ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් විසින්, එතෙර දී සිය ජාතිකාභිමානය නිසා රට විවේචනය නොකරන ඉන්දීය දේශපාලනඥයින් ආදර්ශයට ගත යුතු බව ද ජනාධිපති රාජපක්ෂ දක්වා තිබුණි.

එළෙස එතෙර ගොස් ශ්‍රී ලංකාව විචේචනය කළැයි නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්්‍ය වික්‍රමබාහු කරුණාරත්නට ගුවන් තොටුපළේ දී ද එජාප පා.ම. දොස්තර ජයලත් ජයවර්ධනට පාර්ලිමේන්තුව තුළ දී ද පහර දෙන ලද්දේ මාස කිහිපයකට පෙර ය. මෙම ප්‍රහාරයන් දෙකට ම සහභාගී වූයේ ආණ්ඩු පක්ෂයේ පිරිස් ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1990 ගනන් මුල් භාගයේ දී විපක්ෂ දේශපාලනඥයකු ලෙස මෙරට ජනයාගේ මානව හිමිකම් රැක ගැනීම පිණිස ජීනීවා එක්සත් ජාතීන්ගේ කොමිසමට අති විශාල ප්‍රමාණයක් පෙත්සම් ඉදිරිිපත් කළ බව රාවය පාඨකයින් හොදින් දන්නා බවට සැකයක් නැත. (එවැනි අවස්ථාවක තමන් එල්ටීටීඊ පිරිස් හමුවීමට පවා ගිය බව ද මෑත පිළිසඳරක දී ජනාධිපති රාජපක්ෂ දක්වා තිබුණි.) උක්ත ලිපියෙන් පෙන්වා දී තිබූණේ එකී ජිනීවා දූත මෙහෙවරයන්ට අදාළව රාජපක්ෂ මහතා අධිකරණය හමූයේ පවරන ලද නඩුවකි. ශ්‍රී ලංකා නීති වාර්තාවන්හි මෙම නඩුව සඳහන් වන්නේ කුඩාහෙට්ටිට විරුද්ධව රාජපක්ෂ යනුවෙනි.

1990 සැප්තැම්බරයේ දී පා.ම. මහින්ද රාජපක්ෂ, බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවෙහි 31වන සැසිවාරයට පෙර එයට කරුණූ ඉදිරිපත් කිරීම පිණිස ජීනීවා බලා යනු වස් කටුනායක ගුවන්තොටට ගියේ ය. ජිනීවා හි දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ සාක්ෂිමය දත්ත විශාල ප්‍රමාණයක් ඔහු සිය ගමන් මල්ලේ රැගෙන ගියේ ය.

ගුවන් තොටුපළෙහි දී සහකාර පොලිස් අධිකාරීවරයකු කියා සිටියේ — ජාතික ආරක්ෂාවට හානියක් විය හැකි සහ රජයට විරුද්ධව වෛරය සහ අපකීර්තිය ඇති කළ හැකි ˜ ව්‍යාජ ලියැවිලි ඇත්දැයි ඔහුගේ ගමන් මලූ පරීක්ෂා කළ යුතු බව යි. මේ වනාහි එදා මෙන්ම අදත් බල පවත්වන හදිසි නීතියේ 33 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. මංත්‍රීවර රාජපක්ෂ සිය ගමන් මල්ල පරීක්ෂා කිරීමට පෙර තමාට නීති උපදෙස් ලබා ගත යුතු බවට කියා සිටියේ ය. අනතුරුව සිය නායිකාව වු බණ්ඩාරනායක මහත්මියට කිරීමෙන් පසු ඔහු සිය ගමන් මල්ල පොලිස් නිලධාරියා දෙසට විසි කළේ ය. එය පරීක්ෂා කිරීමේ දී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සහ ජායාරූප විශාල ප්‍රමාණයක් පොලීසිය සොයා ගත්තේ ය. එම ලියැවිලි මත මංත්‍රී රාජපක්ෂගෙන් අත්සන් ගත් පොලීසිය ඒවා ආපසු දුන්නේ නැත. ලියැවිලි නැතිව ජීනීවා බලා යාමට ඔහුට අවසර ලැබුණි.

මෙම සිදුවීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ඉතා කේන්තියට පත් විය. ජීනීවා මානව හිමිකම් කොමිසම සහ අතුරුදහන් වූවන් පිළිබඳ ක්‍රියාකාරී කමිටුව හමූයේ ඔහු අපේක්ෂා කළ පරිදි ශ්‍රී ලංකාණ්ඩුවේ අපරාධ පිළිබඳව කරුණු ඉදරිපත් කිරීමට ඉන් බාධා ඇති විය. ආපසු ලංකාවට පැමිනීමෙන් පසු ඔහු දිවයින පුවත්පතට කියා සිටියේ මානව හිමිකම් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට තමා ඕනෑම තැනකට යෑමට සහ ඕනෑම කෙනෙකු සමඟ කටයුතු කිරීමට සූදානම් බව යි.
උක්ත ලිපියේ පෙන්වා දෙන කරුණ ආපසු පැමිනීමෙන් පසු රාජපක්ෂ මහතා ශ්‍රෙAෂ්ඨාධිකරණය හමූයේ පවරන ලද නඩුවට අදාළ ය. ගුවන් තොටෙහි දී තමා පරීක්ෂා කර ලියැවිලි අත් අඩංඟ=වට ගැනීමෙන් තමාගේ මානව හිමිකම් කෙළෙසුන බව ඔහු එම පෙත්සමේ දී කියා සිටියේ ය. කිශාලි පින්ටෝ ජයවර්ධන විසින් ගතානුගතික අධිකරණයක් ලෙස සදහන් කරන එකළ ශ්‍රෙAෂ්ඨාධිකරණය එම පෙත්සම පිළිගත්තේ නැත. පා.ම.රාජපක්ෂ මහතා පොලීසියකට ගෙන නොගියේ යැයි ද ඔහුගේ ගමනට බාධා නොකළේ යැයි ද ලියැවිලි අත් අඩංගුවට ගැනීම නිසා මානව හිමිකම් කොමිසම හමූයේ කරුණු ඉදිරිපත් කිරීම වැලැකී නොගියේ යැයි ද කී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිශ්ප්‍රභා කළේ ය. එම අවස්ථාවේ දීම ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ඔහු අත් අඩංගුවට ගැනුනේ නම් සහ ජීනීවා යෑම වැළක්වූයේ නම් තීරණය වෙනස් වීමට තිබූ බව යි. ( ඊට වෙනස් තීන්දුවක් දීමට ඉඩ තිබුණේ ද යන්න නීති සාකච්ජාවකට නිමිත්තක් බව ද කියැවේ)

නමුත් අපට වැදගත් වන්නේ එයම නොවේ. තමන්ට එදා ජිනීවා නුවරට ගොස් ශ්‍රී ලංකාණඩුවේ අපරාධ හෙළිදරව් කිරීමට අයිතියක් තිබූ බවට අධිකරණය හමුවට පවා ගිය එම මහින්ද රාජපක්ෂ මහතා ම අද එවැනි ක්‍රියා ජාතිකාභිමානයක් නැති දේශපාලනඥයින්ගේ දුෂ්ඨ ක්‍රියා ලෙස හැදින්වීම යි. එතෙර දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම කායික පහරදීමට හේතුවක් ලෙස ඔහුගේ අනුගාමිකයින් විසින් පිළිගනු ලබන්නේ මෙවැනි ප්‍රකාශ නිසා විය හැක. නමුත් එදා ප්‍රේමදාස පාලනය යටතේ එවැනි මැර දේශපාලනඥයින් ජීනීවා ද්‍රෝහියා යැයි නම් කොට රාජපක්ෂ මහතාට පහරදුන්නේ නැත.

එදා ආණ්ඩුව ද අද ආණ්ඩුව මෙන්ම තමන්ගේ පාලනය යටතේ අතුරුදහන්වීම් හෝ පැහැර ගැනීම් සිදු වූයේ යැයි පිළිගත්තේ නැත. එදා ආණ්ඩුව ද බිය ජනක සිවිල් යුද්ධ එකකට පමණක් නොව දෙකකට ම මුහුණ දී සිටියේ ය. දකුණේ සිවිල් යුද්ධයෙන් ආණ්ඩුව ජය ගෙන තිබූ නමුත් උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය බුර බුරා නැගෙමින් තිබුණි. පා.ම. රාජපක්ෂ ශ්‍රී ලංකාණ්ඩුවේ ආරක්ෂ හමුදා සම්බන්ධ බවට සැක කළ අතුරුදහන්වීම් ලෝකයාට ප්‍රකාශ කිරීමට ගියේ එවැනි තත්ත්වයක් යටතේ ය.

අද එදාට වඩා ඇති වෙනස නම් උතුරේ යුද්ධය ද අවසන්ව තිබීම යි. එදා පා.ම. රාජපක්ෂට එතෙර ගොස් ශ්‍රී ලංකාණ්ඩුව විවේචනය කිරීමට අයිතියක් තිබුණි. අද ඒ අයිතිය ද්‍රෝහීකමක් වන්නේ කුමන තර්කයක් යටතේ ද?

මේ අතර ජවිපෙට සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය (අවිශබම) එජා මහ ලේකම් බෑං කී මූන් ආමණ්ත්‍රනය කළ පෙත්සමක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පසුගිය සතියේ දී බාර දුන්නේ ය. එමගින් පෙනී යන්නේ ද ස්වකීය ප්‍රශ්ණ සම්බන්ධයෙන් රට තුළ විසදුමක් ලබා ගැනීමට නොහැකි වන අවස්ථාවන්හි දී අන්තර් ජාතික ප්‍රජාව වෙත එම ප්‍රශ්ණ ගෙන යෑමේ අවශ්‍යතාවය යි. මේ එදා පා.ම. රජපක්ෂ රඟ පෑ භූමිකාවම ය. අවිශබම ලිපියේ හරය මෙවැනි ය:

— ලංකාව තුළ ක්‍රියාත්මක වන මර්දනය ශිෂ්‍යයන්ට එරෙහිව පමණක් නොව වෙනස් විරුද්ධ මත දරන හෝ සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට එරෙහිව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරවන්නකි.

— විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉලක්ක කර කරනු ලබන පහරදීම්, මාධ්‍යවේදීන්ට කරනු ලබන තර්ජන, පහරදීම්, මරා දැමීම් හා මාධ්‍ය ආයතන ගිනි තැබීම්, උතුරු නැගෙනහිර සිවිල් පරිපාලනයක් ස්ථාපිත නොකර සාමාන්‍ය දමිල වැසියන්ට එරෙහිව මුදා හරින ප‍්‍රචණ්ඩත්වය, පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව හරහා රටේ නීති පද්ධතියට කරනු ලබන බලපෑම මෙම මර්දනය ක්‍රියාත්මක වන විවිධ ස්වරූපයක් වේ. ඒ අතර රටේ විශ්වවිද්‍යාල ඉලක්ක කර එල්ල කරනු ලබන්නේ ද සැළසුම් සහගත ප‍්‍රහාරයන් වැලකි. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යයන්ගේ පමණක් නොව ආචාර්යවරුන්ගේ පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කප්පාදු කොට ඇත.

— පසුගිය වසර තුළ බොරු චෝදනා මත පංති තහනම් කරන ලද ශිෂ්‍ය ප‍්‍රමාණය 300 කට අධිකය. අත් අඩංගුවට ගෙන සිරගත කරන ලද සංඛ්‍යාව 40 ද ඉක්මවයි. විශ්වවිද්‍යාල තුළ ආණ්ඩුවේ මැරයන් විසින් කරන ලද පහරදීම් හා ඒ නිසා සිසුන් තුවාල ලැබූ අවස්ථා ඉතා විශාලය.

— ඒ අනුව රට හමුවේ මානව අයිතීන් මුළුමනින්ම උල්ලංඝනය වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වටපිටාවක් නිර්මාණය වී ක්‍රමිකව වර්ධනය වෙමින් පවතී. ඒ පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර ඒ පිළිබඳව තව දුරටත් ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් කාරු‚කව ඉල්ලා සිටිමු.˜

මේ වනාහී අප විසින් ද පසුගිය කාලය පුරා පෙන්වා දෙමින් සිටි තත්ත්වය යි. මෙම ලිපිය නිසා දැන් අවිශිබම ය ද ද්‍රෝහී ලැයිස්තුවට වැටෙනු ඇත් ද?

Tell a Friend