UNP: නව තනතුරු රැසක් හා නව කෘත්‍යාධිකාරිය පත්වෙයි

එක්සත්ජාතික පක්ෂයේ ඊයේ (06) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව තනතුරු හා නව කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරනු ලැබීය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතාද ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාද ජාතික යොවුන් පෙරමුණු සභාපතිවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාද ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මියද පත්කරනු ලැබීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පත්කරනු ලැබූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නායකයා විසින් පත්කරනු ලබන පුද්ගලයන් 20 දෙනාගෙන් 16 දෙනෙකුගේ නම් ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබුනි. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනෝමා ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් යන අයගේ නම්ද විය.
Tell a Friend