පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකුගේ දෙමාපියන් ඝාතනය කෙරෙ

 අගහරුවාදා රාත‍්‍රියේ ජාවෙිඩි ඉක්බාල්ගේ දෙමාපියන් අභිරහස් ලෙස මරා දමා ඇත. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකි.

මුල් වටයේ පරීක්ෂණ වලට අනුව මෙිසේ හුස්ම සිරවිමෙන් නිදන කාමරය තුළ මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වන මලික් අබිදුල් හමිඩි මහතා සහ වයස අවුරුදු 70ක් වන සරිනා මහත්මියයි.
මෙම ඝාතනයට හේතුව කුමක්දැයි තවම නිශ්චිත කිවනොහැක්කේ තවමත් පරීක්ෂණ ආරමිභක අවස්ථාවෙි පවත්නා බැවිනි.

ඔවුන් සිටි නිවසට පැය 24 පුරාවටම අවම වශයෙන් පොලිස් නිළධාරින් සතරදෙනෙකුගේ ආරක්ෂාව ලබා දෙන ලදි. අදාල සිද්ධියට පසුව නිවසේ සිටි ගෘහ සේවිකාව ආගිය අතක් නැතිි බවද වාර්තා වෙි.

අගමැතිි සයිඩි යුසුෆ් රාසා ගිලානි මෙම ඝාතන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකි. ඔහු ස්ද්ධිය සමිබන්ධයෙන් කඩිනමි පරික්ෂණයක් පවත්වන්නට නියෝග කර ඇත. මෙය තමා තුළ දැඩි කමිපනයක් මෙන්ම දැඩි කණස්සල්ලක් ද ඇති කළ බව ඔහු ප‍්‍රකාශ කරයි. ජනාධිපති අසිෆ් අලි සර්දාරිද මෙම ඝාතනය දැඩිව දෝෂදර්ශනයට ලක්කර ඇත.