ජනවාරි 25 - ගෝඨා සාක්කි කූඩුවට

සුදුකොඩි නඩුවේ සාක්කි දීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 25 වැනි දා කැඳවමින් විශේෂ මහාධිකරණය අද නොතිසි නිකුත් කෙළේය. යුද්ධයේ අවසන් දිනයන්හි දී හමුදාවට බාර වීමට සුදු කොඩි රැුගෙන එන කොටි නායකයට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ වර්තාවක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත.