උතුර පිළිබද දකුණේ ජනතාවගේ වගකිම

 උතුරු නැගෙනහිර පැවති දශක දෙකක් පමණ වු යුද්ධයේදි දකුණේ අපි කෙතරමි පිිඩාවට පත්වුනෙමුද? බයෙන් සිටියෙමුද? බස් රථවල කොචිචි පෙටිටිවල සිදුවු බෝමිබ පිපිිරිමිි නිසා අපට අප ආදරය කළ විශාල පිරිසක් අහිමි විය. අප වැඩට ගියේ බයෙනි. අපේ ළමයි පාසලට ගියේ බයෙනි. කෙසේනමුත් 2009 වසර මැයි මස යුද්ධය අවසන්විමත් සමග දකෙුණ් භිතියට නැවතිමෙි තිත තැබිය හැකි විය.

දැන් දකුණ හා උතුර අතර බැදිමක් ඇත. දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවත් සාමයෙන් සිටිය යුතුය. දෙගෙල්ලන්ටම සතුට සහ දයුණුව ලගාවිය යුතුය. යුද්ධය නිමාවට පත්වි වසර දෙකකටත් පසුව උතුරේ ජනතාවට සාමය සහ සතුට ලගාවි ඇත්දැයි සොයා බැලිම දකුණේ අපි සතු යුතුකමයි. වගකිමයි. මක්නිසාද අප සියල්ලොම එකම රටක එකම ජතික ධජයක් යටතේ සිිටින එක මවකගේ දරුකැළ බැවිනා යනුවෙන් එකම ජාතික ගීයක් ගයන ශ‍්‍රී ලාංකිකයින් බැවිනි.

ඉතින් දැන් යාපනේ තත්වය කෙහොමද? එහි මහාමාර්ග පමණක් නොව සියලුම බැංකුද මෙවන විටත් හොදින් ඉදිවෙමින් පවති. එහෙත් තවමත් උතුරේ ජනතාවගෙන් බහුතරයකට නිවාස පහසුකමි නැත. ඔවුන්ට රස්සාවල් කරිිම සදහා අවශ්‍යය පුහුණුවද ලැබි නැත. මිට සති කිහිපයකට පෙර ඇති වු ගංවතුර නිසා ඔවුන් බෙහෙවින්ම පිඩාවට පත් විය. ඔවුන්ගේ තිබුණු නිවාස සහ පශූ සමිපත මුලුමනින්ම පාහේ විනාශ විය.

උතුරේ විශේෂයෙන් යාපනේ ප‍්‍රචණ්ඩත්වය මෑතකදිි ඉහළ ගොස් ඇති බවට වාර්තා විය. ඊපිඩිපි නායක ඩග්ලස් දේවානන්ද මහතාත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මහතාත් යාපනයේ සිදුවන පැහැරගෙනයාමිි මිනිමැරුමි සහ අතුරුදහන්වමි ගැන පාර්ලිමෙින්තුවෙිදි ප‍්‍රකාශ කරමින් අපරාධකරුවන් සමිබන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදි.

උතුරට සමෟද්ධිය ලගාකරදමෙි වගකිම දකුණේ ජනතාවට ඇත. එය දකුණේ අපට ඒකීය රටක් තුළ සුලු ජාතින්ට අවශ්‍යය නිසි අයිතින් හා ගරුත්වය ලබාදෙමින් එක්සත්ව සිටිමට ශක්තිමත් අඩිතාලමකි. දකුණේ අපට කිසිදු ආකාරයක භීෂණයක් අවශ්‍යය නැත. එහෙයින් දකුණේ අපි ආණ්ඩුවෙි නියෝජිතයින්ට උතුරට සාමය හා දියුණුව ලගාකර දෙන්නැයි බලකල යුතුයි. සාමන්‍ය ජනතාවට අවිහිංසාවෙන් තුවක්කුවෙි බලය පැරදවිය හැක.


හර්ෂි සී. පෙරේරා