ගිනියාවේ පනුවාට එරෙහිව අමෙරිකාවේ හිටපු ජනාධිපති

මේ වන විට ගිනියාවේ පැතිරෙමින් පවතින පණු රෝගයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර් ඉදරිපත් වී සිටියි. ගිනියාවේ පැතිරෙමින් පවතින පණු රෝගය මේවනවිට වසංගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර රෝගය වැළඳුනු අයගේ ශරීරය තුළ සුදු පැහැයෙන් යුත් මීටර් ගණනක් දිග පනුවන් දැක ගත හැකිය. අදාල පණුවා මස් සහ කටු අතර වර්ධනය වේ. විශේෂයෙන් ගවයින් , බැටළුවන් වැනි සතුන් වෙසෙන ප්‍රදේශ වල බහුල ලෙස දැක ගත හැකි මෙම රෝගය පානිය ජලයෙන් පැතිරෙන බව සඳහන් වේ.

අදාල සමාජ කටයුත්ත ආරම්භ කරමින් ජනාධිපති කාටර් කියා සිටියේ එය තමන්ගේ ජිවිතේ වැදගත් සහ වටිනාම සමාජ සත්කාරයක් බවයි. සේයාරුවෙන් දැක්වෙන්නේ රෝගය වැළදුන රෝගියෙකුගේ කකුලෙන් පණුවෙක් එලියට ගන්නා ආකාරයයි.

Tell a Friend