අද පස්වරුවේ පූජාව ආරම්භ කිරීමට පෙර එම ස්ථානයට පැමිණි පිරිස් වෙත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ලබාදුන් සරත් ෆොන්සේකා මහතාගේ රුව සහිත පත්‍රිකා සියල්ල පොලීසිය භාරයට ගනු ලැබීය. එමෙන්ම පහන් පූජාව සදහා ෆොන්සේකා මහතාගේ නම පිළිඹිබුවන සේ සකස්කළ පහන් සියල්ල ඉවත් කිරීමට ආරක්ෂක ලෙකම ගොටබය රාජපක්ෂගේ අණ මත ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
කෙසේ වෙතත් පූජාව සදහා විශාල ජන සහභාගීත්වයක් පැවැති අතර එම අවස්ථාව සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු බණ්ඩාර අබේකොන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා, සිරිමසිරි හපුආරච්චි යන මහත්වරුන්ද, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ලක්ස්මන් කිරිඇල්ල, ජයලත් ජයවර්ධන යන මහත්වරුන්ද ඇතුළු මහජන නියෝජිතයින් සහ සංවිධාන රැසක නියෝජිතයින් සහභාගීවූහ.


Post a Comment