ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මැතිතුමා වෙත විවෘත ලිපියක්

අදාල ලිපිය කිසිඳු සංශ්ධනයකින් තොරව අපි පල කරන්නෙමු. එසේම මෙම ලිපිය අදාල මේජර් වරයාගේ මතය මිස අප කතු මණ්ඩලයේ අදහස නොවේ.

ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මැතිතුමා වෙත ගෞරවයෙන් ලියමි

ගරු ආරක්‍ෂක ලේකම්තුමනි ! මෙම ලිපිය ලියන මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ වෛද්‍ය බලකායේ මේජර් වරයෙකු ලෙස සේවය කලෙමි. එදා ඔබ සමග වඩමාරච්චි ක්‍රියාන්විතයට සහභාගී වූ විශිෂ්ට නිලධාරීන්ගේ ආභාෂය ලැබූ මම ශ්‍රී ලංකා යුධ හමුදාවට මගේ උපරිම සේවය ලබා දුන්නෙමි. හරි දේ හරි ලෙසටත් වැරදි දේ වැරදි ලෙසටත් දකින්නට හුරු පුරුදුව සිටින මම පක්ෂ භේදයකින් තොරව හිතට එකගව කරුණු පවසමි.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය සහමුලින්ම පරාජය කිරීමට ඔබතුමා දුන් එඩිතර නායකත්වය අති විශිෂ්ට බව පක්ෂ චින්තනයෙන් මිදී රටට ආදරය කරන සැම දෙනාම පිළිගන්න කරුණකි. එය ඒසේ පිලි නොගන්නේ උදර පෝෂණය තකා මව වුවද පවා දිය හැකි කුහකයන්ට පමණි. එල්ටීටීඊ සංවිධානය කිසිදා පරාජය කල නොහැකිය, කිවූ දේශපාලඥයන් මෙන්ම උසස් හමුදා නිලධාරීන්ද අප රටේ සිටිය බව නොරහසකි. පිටිපස්සේ සිට කකුල ඇදී එවැනි දේශපාලඥයන්ටද සොල්දාදුවන් බිලිදී තම තරු බේරාගත් උසස් හමුදා නිලධාරීන්ටද යට නොවී එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට ඔබතුමා ඇතුළු රණවිරුවන්ට හැකිවීම ජාතියේ වාසනාවකි.

ත්‍රස්තවාදය පරාජය කලද ඔබතුමා හමුවේ තවත් යුද්ධයක් තිබේ. එය නම් 30 වසරක් පුරා ක්‍රියාන්විතයේ සිටි සොල්දාදුවන් ගේ මනෝ සමාජීය පුනරුත්ථාපනයයි. මෙම යුද්ධයද ඔබතුමා ජයගත යුතුය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ වෛද්‍ය බලකායේ මේජර් වරයෙකු ලෙස සේවය කල කාලය පුරා අපගේ සොල්දුවන් විඳි පීඩා මම සියැසින් දුටුවෙමි. ගතවූ 30 වසර පුරා ඔවහු දැඩි කායික සහ මානසික පීඩාවන්ට ලක්වූහ. අපගේ හමුදාව දැඩි යුද ආතතියකට ලක්වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

යුධ හමුදාවේ සොල්දුවන් මුහුණ දුන් යුද ආතතිය පිළිබඳව වෛද්‍ය රුවන් එම් ජයතුංග සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු දීර්ඝ වශයෙන් අධ්‍යනය කොට තිබෙන අතර ඔවූන්ගේ පරියේෂණ අනුව යුධ හමුදාවේ සොල්දුවන් 8 - 12 ප්‍රමාණයක් යුද ආතතියෙන් පෙළෙති. මෙය බරපතල තත්වයක් වන අතර නිසි මනෝ සමාජීය පුනරුත්ථාපනය නොලැබුණහොත් අපගේ සමාජය පුරා දැඩි පීඩනයක් හෝ පිපිරීමක් ඇතිවිය හැක.

යුද්දයේ දී කායික තුවාල වලට විනා මානසික කම්පන වලට ලක්වූ සොල්දුවන්ට නිසි ප්‍රතිකාර ලැබුනේ නැත. ඔවුන්ව චොකලට් සොල්දාදුවන් ලෙස සලකා ඔවුනගේ මානසික තුවාල නොසලකා හරිනු ලැබීය. නැතහොත් බයගුල්ලන් ලෙසට හංවඩු ගසනු ලැබීය. ක්‍රියාන්විත වලට සහභාගිවූ නිලධාරියෙකු ලෙසට මම දුටු සත්‍ය තත්වය වගකීමෙන් යුතුව මම පවසමි. ඇතැම් අවස්ථා වලදී එවැනි සොල්දාදුවන් සම්බන්දයෙන් සානුකම්පිතව ක්‍රියා සිදුවූ බව සැබෑය. එය ඒකකයේ අණදෙන නිලධාරියාගේ දැනුම සහ මානුෂික ගුණාංග මත රඳා පැවතුනි.

සොල්දාදුවන් සඳහා පුනරුත්ථාපන ඒකකයක් තිබුනද එම ඒකකය භාරව ක්‍රියා කල නිලධාරිනිය වැඩිපුර කලේ සොල්දාදුවන් පීඩාවට පත් කිරීම විනා ඔවුන්ගේ කායික මානසික සුවය සඳහා ක්‍රියා කිරීම නොවේ. ඇයට කේලම් සැපයූ තෝරාගත් අතලොස්සකට වරප්‍රසාද දීමද බහුතරයකට විවිධාකාරයේ පලිගැනීම් වලට ලක් කිරීමද මෙම නිලධාරිනිය විසින් කල බව හමුදාවේ බොහෝ දෙනා දනිති. රාගම රණවිරු සෙවනට හෝ කුරුවිට කදවුරට ගොස් සොල්දාදුවන්ට පෞද්ගලිකව කතා කළහොත් මගේ ප්‍රකශයේ සත්‍ය ඔබතුමාට වැටහෙනු ඇත. වරක් මා ඉදිරිපිටදී ජොනී බට්ටේකුටට් අසුවීම නිසා කකුලක් කපාදමා සිටි සොල්දාදුවෙකුගේ අභිමානය බිඳෙන විලස ඇය කතා කළේය. එයට එම සොල්දාදුවාගේ බිරිඳ එදිරිව කතා කල විට මෙම පුනරුත්ථාපන ඒකකයේ බ්‍රිගේඩියර්වරිය කීවේ කුමක්ද?

ඔහේගේ මනුස්සයාගේ කකුල නැති උනා කියන්නේ සුවිප් එකක් ඇදුනා කියල හිතාගන්නල එයාට කොළඹ ඉන්න පුළුවන් උනා , රණවිරු ගම්මානයෙන් ගෙයක් ලැබුනා තව මොනවාද?

අසරණවූ සොල්දුවා ගේ බිරිද කඳුලු වගුරවමින් , මගේ මහත්තයාගේ කකුලක් නැතිව රට රජ්ජේ ලැබුනත් මොකටද කියා කීවාය. මෙවැනි නරුම ආකල්ප තිබු පුනරුත්ථාපන නිලධාරීන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි බව රණවිරුවන්ට බෝධි පුජා කල ජනතාව නොදන්නවා විය හැක. මේ අනුව ගතවූ කාලය පුරා සොල්දුවන් ලැබූ පුනරුත්ථාපන කුමක්ද යි ඔබතුමාට වැටහෙනවා ඇත.

2002 වසරේදී වෛද්‍ය රුවන් එම් ජයතුංග සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු කොළඹ යුධ හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කළහ. එම මධ්‍යස්ථානය විසින් යුධ කම්පනයට ලක්වූ සොල්දුවන් දහස් ගණනකට ප්‍රතිකාර කරන ලදීග වියට්නාම් යුද්දයෙන් පසුව හදුනාගත් PSDT හෙවත් පශ්චාත් වියසන ක්ලමත අක්‍රමතාවය අප රටේ සොල්දුවන් තුලද මතුවී ඇති බව ඔවූන් සොයාගත්හග 2002 වසරේ සිට 2006 දක්වා මෙම මධ්‍යස්ථානයේදී සොල්දාදුවන්ට අවශ්‍ය මානසික ප්‍රතිකාර කරන ලදි. කම්පනය නිසා රෝගී වී සිටි සොල්දාදුවන් බොහො දෙනෙක් ගණනක් සුවපත් වුහ.

2006 වසරේ දී කොළඹ යුධ හමුදා රෝහලේ අණදෙන නිලදාරී කර්නල් කමල් සුමනපාල මහතා මහා පරිමානයේ යුද්දයක් නොමැති නිසා යුද ආතතියක් දැන් හමුදාව තුල නොමැති බව පවසා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගන්නා ලදී. යුද ආතතිය යුද කාලය තුල මෙන්ම සාම කාලය පුරාද පවතිය හැකි බව කොළඹ යුධ හමුදා රෝහලේ අණදෙන නිලධාරී කර්නල් කමල් සුමනපාල මහතා නොදැන සිටියේය. නමුත් යුද ආතතිය තත්වය යුද්දයෙන් වසර 50 පසුවද මතුවිය හැකි බව දෙවන ලෝක මහා යුද්දයට සහභාගී වූ සොල්දාදුවන් ඇසුරෙන් කල පරියේෂණ මගින් සනාථවී තිබීග ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීම නිසා මෙම මධ්‍යස්ථානයේ සේවය කල පිරිස ඉවත්ව ගියහග වෛද්‍ය නීල් ප්‍රනාන්දු අංගොඩ මානසික රෝහලට මාරුවී ගිය අතර වෛද්‍ය රුවන් එම් ජයතුංග කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයට ගියේයග හමුදාවට විශාල සේවයක් කල හා ඉදිරියටත් කල හැකිව තිබු විද්වතුන් දෙදෙනෙකු මේ නිසා යුද හමුදාවට අහිමි විය.

කොළඹ යුධ හමුදා රෝහලේ අණදෙන නිලධාරී කර්නල් කමල් සුමනපාල ගේ අනුවන තීරණය නිසා සොල්දාදුවන් දහස් ගණනක් පීඩාවට පත් වුහග යම් දිනක තමන්ට නිසි ප්‍රතිකාර යුධ හමුදාවෙන් නොලැබුණු නිසා තමන්ගේ මානසික කම්පන භාවය උග්‍ර වු බව කියමින් විශ්‍රාම ගිය සොල්දාදුවන් හමුදාවට එරෙහිව නඩු පැවරුවහොත් එහි වගකීම කර්නල් කමල් සුමනපාල මහතා ගත යුතු බව අවධාරණය කරමු.

ගරු ආරක්‍ෂක ලේකම්තුමනිල හමුදාවට සහ රටට තම ජීවිත , අතපය හා කායික මෙන්ම මානසික සුවය පරිත්‍යාග කල සොල්දාදුවන් බොහෝ දෙනෙකු අද අසරණව සිටිතිග විවිධ පලිගැනීම් , ලිපිලේඛන විකෘති කිරීම්. වසර 12 ක සේවයෙන් පසු හමුදාවෙන් ඉවත්ව යාම යනාදී කරුණු නිසා විශ්‍රාම වැටුපක්වත් නොලබන යුධ කම්පනයෙන් පෙලෙන සොල්දුවන් සිටිති. රෝගී තත්වය නිසා වෙනත් රැකියාවක් කිරීමටද නොහැකි අසීරුවෙන් පවුල් නඩත්තු කරන සෙබළුන් බොහොමයක් ඇතග ඔවූනට තම හමුදා ඒකක වලින්ද සහනය ලැබී නැතග එසේම ස්වේච්ඡා බලකායට අයත් වූ නිසා විශ්‍රාම වැටුප නිසි ලෙස නොලැබෙන ල රණවිරු නිවාස , නොලැබී ගිය පිරිසද හිග නැතග මේ නිසා සෙබළුන් නිසි ලෙස පුනරුත්ථාපන කිරීමේ මහා ධර්ම යුද්ධයට ඔබතුමාගේ නායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

ඔබතුමාට නිදුක් නිරෝගී සුවය

මේජර් HJ

Tell a Friend