මේ වසරේ මී උණ වැළඳී පුද්ගල මරණ 107 ක්‌

නිමල් ගුණතිලක

වසරේ ගත වූ මාසයන්හිදී මී උණ හෙවත් ලෙප්ටොස්‌පයිරෝසීස්‌ රෝගයෙන් පුද්ගල මරණ 107 ක්‌ සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව 4295 ක්‌ බවද සංඛ්‍යාලේඛන තහවුරු කරයි.

මී උණ වැළඳීමෙන් මියගිය පුද්ගල සංඛ්‍යාවෙන් වැඩිම පිරිස ගොවීන් බවද වාර්තා වේ. වගා බිම් ආශ්‍රිතව මී උණ බෝවීමේ වැඩි අවදානමක්‌ පවතින බවද කියයි.

මී උණ බෝවීම වැළැක්‌වීම සඳහා වගා කටයුතු ආරම්භ කිරීමට පෙර තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමුවී අවශ්‍ය උපදෙස්‌ සහ ප්‍රතිකාර ලබාගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි.

Tell a Friend