චාර්ල්ස් කැමිලා කොටුවෙයි : උද්ඝෝෂකයින් වටකර ගනිති

අධ්‍යාපන ගාස්තු තෙගුණයකින් ඉහල දැමීමට විරෝධය පා පැවති උද්ඝෝෂණයේදී සිසුන් බ්‍රිතානයේ චාර්ල්ස් කුමරු සහ කැමිලා ගමන් කරමින් සිටි මෝටර් රථය තමන්ගේ ග්‍රහණයට ගත්තේය. ඊයේ රාත්‍රියේදී එය සිදු වුයේ රාජකීය යුවල පොලිස් ආරක්ෂාවද සහිතව ගමන් කරමින් සිටි අවස්ථාවේදීය. සිසුන් 500 ක් පමණ ඔවුන්ගේ මෝටර් රථය වට කරගත් අයුරු දැක ගැනීමට හැකි වූ අතර ඉන් පසු පොලිසිය සිසුන්ට පහර දීමට පටන් ගත්තේ එම යුවළ පිටතට ගැනීම සඳහාය.

කෙසේ වෙතත සිසුන්ගේ කලහකාරී හැසිරීමෙන් කලබල වූ රාජකීය යුවළ මෝටර් රථයේ දොරගුළු දමා ගත් බව සඳහන් වේ.

Tell a Friend