මාධ්‍යවේදීන් හා ෆොන්සේකාට කතා කිරීමටඉඩ හැරියාට රියෑදුරුට හා ඡේලර්ගේ වැඩ තහනම්

චමින්ද සිල්වා

කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ආපසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමට පෙර මාධ්‍යවේදීන් සමග කතා කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඉඩ සලස්‌වා දුන්නේ යෑයි චෝදනා මත බන්ධනාගාර ඡේලර්වරයකුගේ සහ රියෑදුරුවරයකුගේ වැඩ ඊයේ (30 වැනිදා) සිට තහනම් කර ඇත.

සරත් ෆොන්සේකා මහතා පසුගිය සිකුරාදා (27 වැනිදා) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර නැවත බන්ධනාගාරය වෙත රැගෙන යැමට අධිකරණයෙන් පිටතට පැමිණිය නමුත් ඔහු රැගෙන යන වාහනයේ රියෑදුරා එම ස්‌ථානයෙන් බැහැරව සිට ඇත.

එහිදී රියෑදුරු පැමිණෙන තෙක්‌ සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් සමග කතා බස්‌ කරමින් සිට ඇති අතර ඒ සඳහා ඔහුට බන්ධනාගාර නිලධාරීන් හිතාමතා අවස්‌ථාව ලබාදී ඇතැයි යන සැකය මත මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක මහතා පැවසීය.

නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමෙන් පසු බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල් මේජර් ජෙනරාල් වී. ආර්. සිල්වා මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Tell a Friend