කතු වැකිය: කලබල කාරිත්වයෙන් අඩු අමාත්‍යවරයෙකු සහ උපකුලපති වරුන් අවැසි කලක්

      කතු වැකිය

ශිෂ්‍ය සදාචාරය සැදීමේ නාමයෙන් ගෙනගිය ව්‍යාපාරය දැන් මහා විගඩමක් මෙන්ම කරදරයක් බවටද පත් වී හමාරය. පොදුවේ ශිෂ්‍යන්ගේ යහපත සඳහාත් අනවශ්‍ය කලබලකාරී තත්වයන් රටේ ඇති ඇතිකිරීම මාර්ගයෙන් මාධ්‍ය තුළින් මහජනතාව තුළට යන අනවශ්‍ය කළහකාරී තොරතුරු අඩු කර ගැනීම සඳහාත් පහසුම ක්‍රමය වන්නේ උසස් අධ්‍යාපන ඇමති වරයත්, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ( විද්‍යොදයේ ) උප කුලපතිවරයාත් ඔවුන් දරණ තනතුරුවල රාජකාරි කර ගෙන යාමට තරම් මුහුපුරා ගිය නුවනක් හෝ දූරදර්ශිබාවයක් හෝ ඇත්තන් නොවන බවට ප්‍රදර්ශනය කරති හෙයින් ඔවුන් එම තනතුරු වක්ලින් මුදා හැර උසස් අද්යපනයේ භාරදුර කර්යනට මුහුණ දිය හැකි මෙන්ම ඒවා ගැන ගැඹුරු අවබෝධයකින් කටයුතු කල හැකි නායකත්වයකට මෙම තනතුරු භාරදිය යුතුව ඇත.

සදාචාරය යනු තලිබාන් වාදීන් විශ්වාස කරණ ආකාරයේ මහා පාරිශුද්ධවාදයක් නොවේ. විද්‍යොදයේ උපකුලපති වරයා සමහර ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සඳහා ඔවුන් වෑන් රථයක දමා වෛද්‍ය වරුන්ගේ පරික්ෂාව සඳහා යැවූ බවට වාර්තා පල විය.ඔහු එසේ කළ බව ප්‍රතික්ෂේප කළ බවද ඉන් පසු වාර්තා වූ නමුත් අදාළ කරුණු පරික්ෂා කර බලන කළ මෙවැනි සිදුවීමක් සිදු වී ඇති බව වෙනත් වාර්තා වලින් හෙළිදරව් විය. මෙවැනි මානසික තත්වයක් ඇතිව විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය - ශිෂ්‍යවාන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමට හැකියාවක් නැත. මේ අතර විශ්ව විද්‍යලයේ සංඝයා වහන්සේලා සම්බන්ධයෙන්ද ඇති කරගෙන ඇත්තේ අනවශ්‍ය ගැටලුවක් සේ පෙනී යයි. අනාචාරයේ හැසිරීම මත ශිෂ්‍ය බාවය තාවකාලිකව අහෝසි කොට ඇති එක සංඝයා වහන්සේ නමක් අදාල දින වලදී විශ්ව විද්‍යාල භුමියේ පවා නොසිටි බවද හෙළි දරව් වී ඇත. මෙවැනි අනවශ්‍ය කරදර ඇති කර ගැනීම නිසා සියලුම ශිෂ්යන්ද ගුරුවරුද මෙන්ම මහා ජනතාවද නිකරුනේ කරදරයට පත් කරනු ලබයි. උප කුලපති වරයෙකුගේ යුතුකම කලබල ඇති කිරීම නොව සාමාන්‍යයෙන් වැඩිහිටි ශ්ශ්යන් ඇති ස්ථානයක අනිවාර්යෙන්ම ඇති වන ගැටලු විසඳ ගත හැකිවන ආකාරයේ වාතාවරණයක් ඇති කර ගැනීමය.

විශ්ව විද්‍යාල තුළ මතවාද ඇති වීම ස්වභාවිකය. උප කුලපති වරයෙක්ද, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ඇති කෙනකේ හේත් මෙවැනි ප්‍රශ්න පැවතීම පිළිබඳව නොදන්නවා විය නොහැකිය. එම නිසා එවැනි මතවාද මහා කලබල බවට පත් කර ගැනීම නම් පරිපාලන ශූරතාවයක් නොවේ.

මේ අතර අධ්‍යාපන මැති වරයාද ඔහුගේ කතා ශිලයෙන් පවා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමේ හැකියාව පෙන්නුම් නොකරයි. කොටුවේ පදික වේදිකාවේ වෙළෙන්දෙකුගේ ස්වරූපයෙන් හා වාග් භාවිතයෙන් කතා කිරීම නම් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගැලපෙන්නක් නොවේ. මේ අතර පසු ගිය දින වලදී කැලණියේ මැරවරයින් ද මේ හබයට ඇතුල් වී ඇත. මේ සියල්ල කෙරෙන්නේ සදාචාරයේ නාමයෙනි. ජනතා විමුක්ති පෙරමුණෙන් යම් නොහොඹිනා ක්‍රියාවක් කෙරේ නම් ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට විනය ක්‍රියා මාර්ග තුළ සහ නිතිය තුළ ඉඩ කඩ ඇත. මේ හැර වැඩි හිටි බුද්ධි ගෝචර සාකච්චා මඟින්ද බොහෝ ප්‍රශ්න මඟ හැර ගත හැකිය.

විශ්ව විද්‍යාලයේ මුලික පරමාර්ථයන් කරා ශිෂ්‍යන් යොමු කරවා ගැනීම උප කුලපති වරයෙකුගේ සහ ආචාර්ය මණ්ඩල වල යුතුකම වේ. මෙසේ කිරීමට දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව උසස් අධ්‍යාපනයේ අරමුණු කරා කැපව, වැඩ කිරීම පිළිබඳව ඇති උනන්දුව සහ දක්ෂතාවය තුළින් ශිෂ්‍යන්ගේ සිත් දිනා ගැනීමට උප කුලපතිවරයාට මෙන්ම උසස් අධ්‍යාපන අමතිවරයටද හැකියාව තිබිය යුතුය. එම හැකියාව හැරෙන්නට වෙනත් අධ්‍යාපන විශාරධයන් මානව විද්‍යා සහ සමාජ විද්‍යා අවබෝධයක් ඇති වැඩිහිටි ආචාර වරුන්ගේ ආධාරය සහ අනුබලය ලබා ගැනීමේ හැකියාවද පැවතිය යුතුය. එවැනි දක්ෂතා සහ ප්‍රඥාගෝචර බාවය ඇති ආචාර්ය වරුන්ගේ අඩුවක් නම් ඇත්තේ නැත. එහෙත් එවැන්නෝ මෙවැනි අනවශ්‍ය කලබල වලට පැටලීමට කැමැත්තක් දක්වන්නෝ නොවෙති. ඔවුහු දේශපාලන පක්ෂපාතිත්වයට කැමැත්තක් නොදක්වති.අධ්‍යාපන අභිමතාර්ථ සහ උසස් අධ්‍යාපන ආයතනයක තිබිය යුතු නිදහස් ශීලාචාර වාතාවරණයක කටයුතු කිරීමට ඔවුහු උත්සුක වෙති.


අවශ්‍ය වී ඇත්තේ එවැනි වාතාවරණයක් ඇති කර ගැනීමට උනන්දු වීමය. එසේ කළ හැක්කනට මෙම රාජකාරීන් බාර දිය යුතුව ඇත. එවැනි සාමකාමී වාතාවරණයක් දැක ගැනීමට සියලුම ශිෂ්‍යන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද ආශාවෙන් බලාපොරොත්තුව සිටින බවටනම් සැකයක් නැත.
Tell a Friend