දාහතර හැවිරිදි සිසුවකුට වැඩ බලන විදුහල්පති පන්න පන්නා පහර දෙයි

ජනසංසදය

දාහතර හැවිරිදි, අටවසර ඉගෙනුම ලබන සිසුවකට පන්න පන්නා පහරදී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ - නූරිය, බස්නාගල නවෝද්‍යා විද්‍යාලයේ වැඩබලන විදුහල්පති - බී. ඩබ්. සෝමසිරි නැමැති අයයි.

2010 ඔක්තොම්බර් 21 වන දින, හත්වන කාල පරිච්ජේදයේ "විෂය සමගාමී" වලට වෙන්ව තිබූ බවත්, කිසිදු ගුරුවරයෙකු පන්තියට නොපැමිණි බවත් - ඒ අවස්තාවේ පන්තියට පැමිණි වැඩ බලන විදුහල්පතිවරයා, මෙම සිසුවාට පන්න පන්නා පහර දුන් බවත් ප්‍රකාශ වේ.

මෙසේ පහරදී ඇත්තේ පොල්ලකින් බවද දැනගන්නට තිබේ.

අනුරාධ නැමැති මෙම සිසුවා නූරිය, දොඩාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 2010. 10.31 දින දරුවාගේ මව විසින් දැරණියගල රෝහලට ගෙන ගොස් තිබේ.

මතුපිට තුවාල පෙනෙන්නට නැතත්, තැලීම් තිබෙන නිසා රෝහල්ගත කරන ලෙසට වෛද්‍යවරු මවට උපදෙස් දී තිබේ.

එහෙත් මව එම උපදෙස් පිළීගෙන නැත. පහර කෑමට ලක්වූ අනුරාධගේ සොහොයුරෙක් හා සොහොයුරියක් එම පාසලේම ඉගෙනුම ලබන හෙයින් - ඇය නීතිය ඉදිරියට යෑමට දක්වන්නේ භියකි.

අපරාධයකට එරෙහිව - වින්දිතයින් ඉදිරිපත්වීම වලක්වන වැඩිහිටියන් සිටින සමාජයක මොවුන් අසරණව සිටී.

Tell a Friend