ජනවිරෝධය මැද 'සි ප්ලේන්' ව්‍යාපෘතිය බිම ට බෑමේ පොරොන්දු.......!

'සී ප්ලේන්' හෙවත් මුහුදු ගුවන්යානා, සංචාරකයන් ආකර්ශනය කරගන්නා ව්‍යාපෘතියක් ලෙස මිගමු කලපුව කේන්ද්‍ර කොට ගොඩනැගීමේ සැලසුම් ගැන මීගමු කලපුවාසීන් හා අවට ප්‍රදේශවල ජනයාගේ බලවත් විරෝධය ට හේතු වී තිබේ.මිගමු කලපුව සශ්‍රීක මිරිදිය ධිවර බිමක් වන අතර මේ වන විට ද කලපු ධීවරයෝ 3500ක් පමණ සෘජුව ම මෙහි දිවර කර්මාන්තයේ යෙදෙති. ධිවර රැකියාව සමග ම කලපු ජන ජිවිතය ද බිද වැටිමේ අනතුර ද, පාරිසරික හානිය ද සීප්ලේන් ව්‍යාපෘතිය ගැන ඇති විරෝධය ට හේතු වි තිබේ. කලපුවේ පෝෂක ප්‍රදේශය ලෙස සැලකෙන මඩ ප්‍රදේශය අදාල ව්‍යාපෘතිය සදහා ගුවන් පථය සැකසිම ට හෑරීම නිසා මෙම විනාශයන් සිදු වන ව ජනතාව පෙන්වා දෙති.ඔක්තෝබර් 31 ඉරිදා ද මේ ගැන සිය විෙරා්ධය සනිටුහන් කරමින් ප්‍රදේශයේ ජනතාව කතෝලික පියතුමන්ලාගේ මූලිකත්වයෙන් නිශ්ශබ්ද ව , පුවරු ඔසවා ගත් , සාමකාමී පාගමනක යෙදුණි.

ඊයේ(නොවැම්බර් 11 බ්‍රහස්පතින්්දා) පස්වරුවේ මීගමු නගර සභා භූමියේ මේ සම්බන්ධ ව සාකච්ඡාවක් පැවැත්වෙන බව ට ලද ආරංචිය අනූව දහසක පමණ ජනකායක් එතැන ට රැස් වී සිටියහ. සාකච්ඡාව සදහා මීගමු නගරසභා බලධාරින් හා ව්‍යවසායක හා සම්පත් අමාත්‍ය සරත් ගුණරත්න ද සහභාගි වී සිටි අතර නියෝජ්‍ය ගුවන් සේවා අමාත්‍ය දයාසිරි තිසේරා ගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් සිටිය දි ''වාහනය කැඩී ඇති බැවින් ඔහු එහි නොඑන බව' ට ලද පණිවුඩය හේතුවෙන් පිරිස අතර නොසන්සුන් තත්වයක් ද පැන නැගුනි.වෙනත් වාහනයක හෝ පැමිණෙන ලෙස පණිවුඩ යැවිම ට පිරිස උත්සාහ ගත් අතර පසුව ඔහු එතැන ට පැමිණ ඇත. කෙසේ වුව ද 'කලපුවේ කිසිදු වෙනස්කමක් කර නැති බව 'ට බලධාරීන් කරන ලද ප්‍රකාශ ද බලගතු විරෝධය ට ලක් වු අතර මේ වන විට ද කලපුවේ පෝෂක ප්‍රදේශය ම හාරන්න පන් ගෙන ඇති බව ප්‍රකාශ කළ පිරිස කලපුව ට පැමිණ එය දැක බලා ගන්නා ලෙස ඇමතිවරයා ඇතුළු බලධාරින් ට අභියෝගාත්මක ව බල කළහ. අවසානයේ දි එම කරුණ පිළිගන්න ට බලධාරින් ට සිදු වු අතර එම වෙනස්කම් වහා ම නතර කිරිමටත්, මේ සම්බන්ධ ව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවටත් ඔවුහු එකග වුහ. තමන් ට අවශ්‍ය වන්නේ තව දුරටත් සාකච්ඡා හෝ වෙනත් එවැනි කල් මැරීම් නොවන බව මෙහි දි පෙන්වා දුන් ජනතාව කුමන ක්‍රියාමාර්ගයක හෝ ප්‍රතිඵලය ලෙස 'සී ප්ලේන්' ව්‍යාපෘතිය නතර කොට කලපු ජනජීවිත ආරක්ෂ කර දිම හැර අන් කිසිදු විකල්පයක ට තමන් නොඑකග බව අවධාරණය කර කියා සිටියහ. මෙම එකගතා සහිත ව ඊයේ සාකච්ඡාව අවසන් විය.

බලධාරින් අපේක්ෂා නොකළ තරම් ජනකායක් මෙම සාකච්ඡා භූමිය වෙත රැස් වීමත්, විරෝධයේ නායකත්වය අමාත්‍ය සරත් ගුණරත්න ගේ ප්‍රබල ආධාරකරුවන් විසින් ම දැරිමත් මෙම අවස්ථාවේ කැපි පෙනෙන ලක්ෂණයන් අතර විය. විරෝධය මැඩ පැවැත්විම සදහා පොලිසිය යොදවා ගැනීම ට ගන්නා උත්සාහයන් තුළ ජනතා කෝපය තව තවත් වර්ධනය වන බව පෙනි ගිය හෙයින් එම උත්සාහයන් අකුලා ගත් බවක් ද දක්නට විය. අනෙක් විශේෂිත කරුණ වුයේ ප්‍රධාන ජනමාධ්‍යයන් සියල්ල ට ම පාහේ මෙම අවස්ථාව මග හැරී ගොස් තිබීම ය. Tell a Friend