දේශපාලන සටහන: ජේ ආර් ජයවර්ධන මළ දවස අදයි

බලය ලබන විට 72 විය ලබා සිටි මේ නාකි මිනිහා තමන් ඉකමනින් මැරෙන බවවත් සැලකිල්ලට නොගෙන තමාට ඉතිරිව තිබුණු සුළු කාලයේදී ජීවිතය පුරා ඉටු කර ගැනීමට බැරි වූ බල කාමයේ ආශාවල් එම වයවුර්ධ වයසේදී ඉටු කර ගැනීම සඳහා මුළු රටම මහා විනාශයකට ඇද දැම්මේය. අකාලයේ විනාශ වූ සියලුම ජීවිත වලට වග කිව යුතු දේශපාලනය සාදා දුන්නේ මොහු විසිනි.


දේශපාලන සටහන

වර්තමාන ලංකාවට මෙතරම් අගතියක් කළ තවත් පුද්ගලයෙක් නැත. අද ඔහුගේම අගතිය අකණ්ඩවම ඔහුගේ කලෙක දේශපාලන විරුද්ධව වාදීන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරගෙන යනු ලබයි. ජයවර්ධන ලංකාවට දුන් මහා ව්‍යාධිය විධායක ජනාධිපති ක්‍රමයයි. එය ඇති කළේ 1978 ව්‍යවස්ථාව යයි කියන ලේඛනය මඟිනි.රටක ව්‍යවස්ථාව යැයි කියන නම්බු නාම ලැබීමට මෙම ලේඛනය තුළ සුදුසුකම් නැත. පුද්ගලික බලය තහවුරු කර ගැනීම සඳහා සදාගත් විකාර අදහස් පද්ධතියක් එම ලේඛනය මඟින් නීති ගත කරගන්න ලදී. කිසිම ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්ප්‍රදායකට මෙම 78 ලියවිල්ල නෑදෑකම් නොකියයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්ප්‍රදායන් යැයි කියනු ලබන්නේ එංගලන්තයේ කොමොන් ලෝ යනුවෙන් හඳුවන සම්ප්‍රදායත්, සිවිල් නිතිය යනුවෙන් හඳුන්වන ප්‍රංශ නීතියේ ව්‍යවස්ථා සම්ප්‍රදායත්, හිට්ලර්ගේ කාලෙන් පසු නැවත එවැනි කාලයක් වලක්වා ගැනීම සඳහා නිර්මාණය කරගත් ජර්මන් ව්‍යවස්ථා සම්ප්‍රදායත් සහ ඇමෙරිකානු වස්ථා සම්ප්‍රදායත්ය. ජයවර්ධනගේ ව්‍යවස්ථා කඩමල්ල මේ එකඳු සම්ප්‍රදයකින්වත් උපන් එකක් නොවේ. ජයවර්ධන කළ හැකි හැම බොරුවක්ම කළේය. රටේ අභාග්‍යට සියට 80 ක පාර්ලිමේන්තු වැඩි චන්දයක් ඔහුගේ අතට පත් වූ හෙයින් ඔහු එයින් උපරිම අයුතු ප්‍රයෝජන ගත්තේය.

පාලන කාලය තුළ තමාගේ උවමනාව පමණක් ඉටු කර ගැනීමට ලාංකිකයා ඒ දක්වා අත්පත් කරගෙන තිබු සියලුම දේශපාලන වැඩි දියුණු කම් නැති කර දැම්මේය. සාදාරණ මැතිවරණ පැවැත්වීමේ සම්ප්‍රදාය නැති කර දැමීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කළේය. ලංකාවේ ස්වාධින අධිකරණ ක්‍රමය යටි කුරු කර යටපත් කළා පමණක් නොව සුනු විසුණු කර දැම්මේය. අවනීතිය නීතිය බවට පත් කළේය. වුර්තිය සමිති විනාශ කර දැම්මේය. කතා කිරීමේ නිදහස විනාශ කර දැම්මේය. සංවිධානය වීමේ නිදහස නැති කර දැම්මේය. ශිලාචාර සංවිධානාත්මක ජන සමුහයක් ලෙස ලංකිකයාට පැවතීමට තිබු සියලුම ඉඩකඩ නැති කර දැම්මේය.

ලංකාවට බිහි වූ මහා සතුරා ප්‍රභාකරන් යයි බොහෝ දෙනා සිතති. එහෙත් ජයවර්ධනගේ මෙම අධම තුච්ච සහ විනාශකාරී දේශපාලනය නොවන්නට ප්‍රභාකරන්ලාගේ ඇති වීම වලක්වා ගන්නට ශක්තිය ලාංකීය ජන සමාජය තුළ තිබුනේය. මහා විනාශකාරී යුද්ධයක් සඳහා මෙම ආරවුල පැතිරී යාම වලක්වා ගැනීමේ ඉඩකඩ ඕන තරම් තිබුණේය. එහෙත් කුඩා ලෙඩක් මහා වසංගතයක් බවට පත් කරන ලද්දේ ජයවර්ධනගේ කුඩා මොළය තුළ ගැබ් වී තිබුණු ආත්මාර්ථකාමී බලාපොරොත්තු පමණකි. බලය ලබන විට 72 විය ලබා සිටි මේ නාකි මිනිහා තමන් ඉකමනින් මැරෙන බවවත් සැලකිල්ලට නොගෙන තමාට ඉතිරිව තිබුණු සුළු කාලයේදී ජීවිතය පුරා ඉටු කර ගැනීමට බැරි වූ බල කාමයේ ආශාවල් එම වයවුර්ධ වයසේදී ඉටු කර ගැනීම සඳහා මුළු රටම මහා විනාශයකට ඇද දැම්මේය. අකාලයේ විනාශ වූ සියලුම ජීවිත වලට වග කිව යුතු දේශපාලනය සාදා දුන්නේ මොහු විසිනි.

සිරිමාවෝ බණඩාරනායක, ෆිලික්ස් ඩයස් ආදීන්ගේ දේශපාලන වැරදි පරීක්ෂණයට ලක්කොට ඔවුන්ට ඔවුන්ගේ සිවිල් අයිතීන් නැති කරමින් කටයුතු කරන ලද නමුත් ජයවර්ධන කළ මහා විනාශ ගැන කිසිඳු ප්‍රකාශනයක් හෝ ක්‍රියාමාර්ගයක් මේ දක්වා කිසිවෙකු විසින් ගෙන නැත. ඒ ගැන කිසිඳු සාකච්චාවක් පවා ඇත්තේ නැත.

ජයවර්ධන ඇති කළ විනාශකාරී දේශපාලන ක්‍රමය අදත් පවත්වාගෙන යන්නෝ ඔහු කළ විනාශයම රටට ගෙන දෙනවා මිස ඒ මඟින් කළ හැකි කිසිඳු කෙහෙම්මල් සංවර්ධනයක් ඇත්තේ නැත. මේ මිනිසාගේ මරණය සිහිපත් කරණ දිනය ඔහු කළ විනාශයෙන් ගොඩ ඒමේ දිනයක් බවට පත් කරමින්. අඩු ගාණේ ලබන වසරේවත් ජයවර්ධන රට දැමු වලෙන් ගොඩ එම සඳහා සාකච්චාවක් ඇති කරගැනීමට තරම වත් මොළයක් ඇති බුද්ධිමතුන් ලංකාවේ ඇති වේවා යයි යන පැතුම ඇති කර ගැනීමෙන් පමණකි. මෙවැනි දවසක සිත හදා ගත හැක්කේ. මෙම යුගයෙන් ගොඩ ඒමේ කාලයක් දැක ගැනීමේ අයිතිය ලංකාවේ තරුණ පරම්පරාවට හිමි වේවා යයි පතමු. !
Tell a Friend