එහිදී ඇසූ ගැටලූ සහ ඔහු ලබාදුන් පිළිතුරු මෙසේය;
රිසානාගේ කරණය සම්බන්ධයෙන් ඔබලා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?
කල හැකි උපරිමය කරනවා.
ඒ කිව්වේ, ඔබට මරණයට පත් වූ බිලින්දගේ පවුලේ අය සම්බන්ධ කර ගැනීමට හැකි වූයේද?
එහෙම ඒ ගොල්ලෝ සම්බන්ධ කර ගන්න බැහැ
ඇයි ඒ?
මේක ඇමෙරිකාව හෝ ලංකාව නොවේ, එහෙම ගෙවල් වලට කතා කරන්න අපට බැහැ.
දැන් එතකොට මොකද කරන්නේ ?
අපි මෙහෙ තියෙන විදේශ අමාත්‍යංශයත් එක්ක කතා කරමිනුයි ඉන්නේ, ඒ ගොල්ලන්ගෙන් ප්‍රතිචාරයක් එනකම් බලාගෙන ඉන්නවා.
එහිදී හෙතම වැඩි දුරත් කියා සිටියේ තමන්ට වඩා කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයෙන් තොරතුරු දැන ගත හැකි බවයි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම මත හෙතමගේ නම සදහන් කළ නොහැකි වුවත්, ඔහු ඉදිරිපත් කළ අදහස් ගැන සවුදියේ වෙසෙන අපගේ ආරංචි මාර්ගයකින් විමසා බැලුවේය.එහිදී හෙතම අවධාරණය කරණු ලැබුවේ සවුදි අරාබිය, ලංකාව හෝ ඇමෙරිකාව නොවුණත් අදාල නිලධාරියා කියන ආකාරයේ මහා ලොකු බාධාකාරී තත්වයක් නොමැති බව සඳහන් කළේය." අදාල පවුල මුණගැසීම වලක්වා ලීමේ සස්කෘතියක් හෝ නීතයක් තියනවයි කීම විහිළුවක්. එවැන්නක් මෙහි ඇත්තේ නැහැ," යැයි අප සමඟ අදහස් දැක්වූ සෞදි අරාභියේ වෙසෙන අයෙකු ප්‍රකාශ කළේය.

Post a Comment