කෙමරූජ් භිෂණය (6) : කාම්බෝජයේ කොමුනිස්ට් විප්ලවය

"  ඒයි"...; රැකවලා අසල සිටි මිනිසෙකුට කථා කළේය. "මේ ගෑණිවයි අර මැරිච්ච කොල්ලගේ මළකුණයි වලලලා දාපන්" හේ හිස නමා රැකවලාට කීකරු විය. මියගිය ගෑණියගේ කෙට්ටු දෙපා වලින් ඇදගෙන ගොස් ඇයගේ මෘත ශරීරය අසල පඳුර ළඟට ගෙන ගියේය. ඉක්බිති හිසසුන් දරුවාගේ මළ කඳද එතැනට ගෙන ආවේය. ඉන්පසු ඔහු වළක් කපා දෙදෙනාගේම මළ සිරුර වළලා දැම්මේය.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Duch කාන්තා හා ළමා දින සැමරූ අයුරු

1977 වන විට Tuol Sleng වධකාගාරයේ සේවය සඳහා වයස අවුරුදු 14-21 අතර පිරිස් බඳවා ගන්නා ලදී. මොවුන්ට මිනිසුන් වධයට පත් කිරීමට හා මරා දැමීමට පුරුදු කරන ලදී.

Tuol Sleng වධකාගාරයේ 15000 කට ආසන්න පිරිසක් රඳවා සිටි අතර, මොවුන්ගෙන් කුමන්ත්‍රණ පිළිබඳ නිතරම සැකයෙන් පසුවූ පොල්පොට් මෙම පාක්ෂිකයන් ක‍ෂA ඒජනතයන් යැයි චෝදනා කොට සිරගත කිරීමට නියම කරන ලදී.

1977 ජුලි 01 දින ඔමදක ීකැබට වධකාගාරයේ පාලක ෘමජය කාන්තා දිනය සමරන ලදි. ඔහු කාත්නා දිනය සැමරුවේ කාන්තාවන් 114 මරා දමමිනි. 1977 ජූලි 2 දින ළමා දිනය සැමරීය. එදින මරාදැමූ ළමුන් ගණන 74 කි. සමහරක් ළමුන් මරා දමන ලද්දේ කියත් වලින් කපමිනි.

Duch හෙවත් Kang Kech Eev වධකාගාරයේ සිරකරුවන් යොදා ගනිමින් ප්‍රාථමික මට්ටමේ අමානුෂික පරීක‍ෂණ කළ බවද දැන් හෙළිවී තිබේ.

අවුට්ස්විව් නට්සි වද කඳවුරු පිළිබඳ අධිකරණ ක්‍රියාදාමය වාර්තා කළ Layal Gould පවසන පරිදි නට්සි වෛද්‍ය ජෝශෆ් මෙංගල් යුදෙව් දරුවන්ගේ දෙනෙත් වලට නිල් පැහැති දියර එන්නත් කොට ඔවුන්ගේ දෘෂ්ටි ස්නායු පරීක‍ෂා කිරීමට ප්‍රථම ළමුන්ට ලොලිපොප් දුන්නේය. එහෙත් Duch එතරම්වත් ළමුන් කෙරෙහි ආචාරශීලි නොවීය.

1978 දී Duch සේවයෙන් පහකළ කෙමරුජ් සොල්දාදුවන් 300 කිසිඳු නඩු විභාගයක් වත් නොපවත්වා මරා දැමීය. සමහරෙකු මරා දැමුවේ ඔවුන් කකුල්වලින් එල්ලා තිබියදී හිස කොටස වතුර බැරල්වලට ඇතුල් කරමිනි.

වරක් Duch කෙමරුජ් නායකයකුවූ භමදබ Nuon Chea - Brothe- No 2 ගේ විධානයක් අනුව ඇමෙරිකානු, ඕස්ට්‍රේලියානු හා යුරෝපියානු ජාතීන්ගෙන් සමන්විත වූ අට දෙනෙකුගේ කණ්ඩායමක් මරා දමන ලදී. එසේම පොල්පොට්ගේ උදහසට ලක් වූ කෙමරුජ් නායකයකු වූ Von Vet o Sutch විසින් මරා දමන ලද බවට සාක්ෂිතිබේ.

මෑතකදී ඔහු Far Eustern Economic Review සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සිරකරුවන් කුකුළන් මෙන් ඛෙලිකපා මරා දැමූ බව කීවේය.

මූර්ති ශිල්පියෙකු වන ෂැප ක‍ය්බල ෘමඑජය පිළිබඳව අවබෝධයක් තිබූ අයෙකි. ඔහුගේ ප්‍රකාශ අනුව Duch උගත් පුද්ගලයෙකි. ඔහු හොඳ කථීකයෙකි. Duch මෙම මූර්ති ශිල්පියා ලවා Tuol Sleng වධකාගාරයට අවශ්‍ය ආම්පන්න සෑදවිය. මෙම ආම්පන්න භාවිතා කළේ මිනිසුන් වද බන්ධනයට පත් කිරීමටය. Duch ගේ නියෝගය ඉටු නොකළේ නම් තමාගේ මරණය නියත බව දත් මූර්ති ශිල්පියා එම කාර්යය ඉටු කළේය. එසේම ඔහුගේ දිවි රැකුණේ පොල්පොට්ගේ මූර්ති කිහිපයක් ද නෙලීමෙනි.

ඇතැම් මූර්ති ඔහු ප්‍රමාණයෙන් විශාලව හා දීර්ඝ කාලයක් ගනිමින් කළේ තම මරණය කල්තබා ගැනීමේ උපක්‍රමයක් ලෙසටය. කෙසේ නමුදු Duch ගේ ග්‍රහණයෙන් බේරීමට මෙම මූර්ති ශිල්පියාට හැකි විය.

ඇයි ඔවුන් මගේ දරුවා මරා දැමුවේ?


1975 වසරේ නගරය හිස්කොට ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා බලහත්කාරයෙන් යවන විට Hoang තෙමස් ගැබිණියෙකි. සිය සැමියා සමඟ පුරාදින දෙකක් පයින් ඇය ගමන් කළාය. ඇයට ක්ලාන්ත ගතිය දැනුනු හැම අවස්ථාවකදීම සැමියා ඈ වත්තම් කරගත්තේය. ආහාර, ජලය, විවේකය යන කිසිම පහසුකමක් නොමැතිව ඔවුන් සිහිනනෙන් ඇවිදින මිනිසුන් මෙන් දෙවැනි දින ගමට සේන්දු විය.

වෙහෙසට පත්ව සිටි ඇය නිදා ගත්තාය. සැමියා ඇය අසල සිටීම ඇයට අස්වැසිල්ලක් විය. පසුදින ඔවුන්ට කුඹුරු වැඩට යාමට අණ ලැබිණ. උදෑසන හතර වන විට ඔව්හු කුඹුරු වැඩ ආරම්භ කළහ. රාත්‍රී දහය වන තෙක් ඔවුන් මෙසේ වැඩ කළ අතර, අතර මග සුළු විවේකයක් හා කැඳ ටිකක් ලැබිණ. මෙලෙස සති දෙකක් ගෙවී ගියේය. Hoang ගේ ශරීරය වැහැරෙන්නට විය. ඇයගේ සැමියා තම ආහාර වේල පවා ඇයට පිරිනැමුවේය. නූපන් දරුවාගේ පෝෂනය අතපසු නොකිරීමට ඇය රහසින් ගස්පොතු අනුභව කළේ අමතර ශක්තියක් ලබා ගැනිම පිණිසය. සාගින්නෙන් වුවද ඇයට සැමියා සමඟ වැඩ කිරීමට නියමිත වූ බැවින් වෙහෙසී වැඩ කළාය. කුස තුල සිටින දරුවා නිසා ඔවුන් අනිවාර්යෙන්ම ජීවත් විය යුතුය.

ඔවුන් වාසය කළ ගමේ නව නායකයා සැරපරුෂ අයෙකි. දිනපතා කුඹුරුවැ කරමින් සිටි මිනිසුන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන් මරා දැමීමත් සිදු කෙරුණි. මෙම දර්ශන නිසා Hoang ගේ මනස සසල වූවාය. කුස තුළ සිටින දරුවා ගැන ඇය දුක්වූවාය. මෙලෙස මාස කිහිපයක් ගතවිය. ්‍යද්බට ගේ උදරය ඉදිරියට නෙරා තිබේ. එහෙත් ඇයගේ ශරීරය කෙට්ටුවී අතපය කෝටු මෙනි. මන්දපෝෂණය නිසා ඇගේ දත් පවා දිරාගොස් තිබේ.

කුඹුරු වැඩ කරන අතරතුරදී ඇය සැමියා දෙස බැලූවාය. ඔහු ගත වූ මාස කීපයට වැහැරී ගොසිනි. කළු පැහැති ඉරීගිය කමිසය හා කලිසම ඇඳ පන්කොළ හිස්වැස්ම හිසේ දරා ඔහු දුබල දෑත් වලින් උදැල්ලෙන් පොළොව කොටයි. නිසරු පොළොවෙන් නිකුත් වන්නේ බොල් හඬකි. අවිගත් රැකවලූන් වරින්වරා වැඩ කරන මිනිසුන්ට කාර්යක්ෂමව වැඩ කරන ලෙස තර්ජනය කරයි. එහෙත් මන්දපෝෂණයට හසුව, දුර්වල ශාරීරික තත්වයක් ඇති මිනිසුන් ශක්තිය වැය කරන්නේ කෙසේද?

ඇයට නොන්පෙන් හි ගතකළ ජිවිතය මතකයට නැඟුනි. ටැක්සි රියදුරෙකු වූ සැමියා ඇයට හමුවූයේ පන්සලේදීය. එහිදී දැන හඳුනාගත් ඔව්හු කෙටි කාලයක් තුළදී විවාහ වූහ. ඇයගේ ජීවිතයේ ප්‍රීතිමත් දිනය විවාහ දිනයයි. ඔව්හු එදා ඥාතීන් පිරිවරා මගුල් බත අනුභව කළහ. බත්, ඌරුමස්, සලාද, එළවළු වලින් යුක්තවූ එම ආහාරය මතක් වී කටට කෙළ ඉනුවේය. කඳවුරේ ඔවුන්ට ලැඛෙන්නේ නිසරු හාල් කැඳ කෝප්ප කිහිපයක් පමණි. එහෙත් කොටළුවෙකුට වඩා බරවැඩ කළ යුතුය. සැමියා සේවයට ගිය විට ඇය ඇඳුම් මැසීමේ යෙදුනාය. එම නිසා අහේනියකින් තොරව ඔවුන්ට ජිවත් විය හැකි විය. කෙමරුජ් ගරිල්ලන් හා රජයේ සෙබළුන් අතර ඇතිවන ගැටුම්, බෝම්බ පිපිිරීම්, ඔවුන්ගේ ජිවිත පීඩනයට ලක්කලද නොම්පෙන්හි ගතකළ ජීවිතය ඇයට තවම මතකය.

තමාට දරුවෙකු පිළිසිඳ ඇතිබව දැනගත්විට සැමියා අතිශයින්ම ප්‍රීති විය. එහෙත් එම ප්‍රීතිය පැවතුණේ ටික කලකි. මාස තුනක් වැනි කෙටි කලක් ඇතුළත කෙමරුජ්වරු නගරයේ බලය අල්ලා ගත්හ. කෙමරුජ් භටයන් නගරයට කඩා වැදුණු දිනයේ සැමියා ටැක්සි රථය මහ මගට දැමුවේ නැත. ඔහු කෙමරුජ් පෙළපාලිය බැලීමට නගර මධ්‍යයට ගියේය.

කෙමරුජ්වරු නගරයට පැමිණි අයුරු හා ඔවුන් නගරයේ ජිවත් වූ දේශපාලකයන්, උගුතුන් මරා දැමූ අයුරු සැමියා විස්තර කළේ අවිනිශ්චිත බියකිණි. ඉක්බිති එළඹුණේ ඔවුන් ගේ වාරයයි. " අප වහා නගරයෙන් පිටවිය යුතුයි."සැමියා කීවේ බිය හා සංකාව රැඳි සිතකිනි.

කෙමරූජ්වරුන්ගේ නියේගය අනුව ඔවුන් නිවෙස අත්හැර දමා මහා මාර්ගයට පැමිණියේ අතට අසුවූ මුදල් හා භාණ්ඩ ස්වල්පයක් සමගින්ය. රේඩියෝව ලඟ තබා ගැනීම භයානක බව ඇසූ ඔහු මීට මාස හතකට ප්‍රථම මිළට ගත් රේඩියෝව විසිකර දැමුවේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවන සේය. වතුර හා පාන් ස්වල්පයන් තිබූ නිසා මුල් දිනයේ ජීවිතය ගැටගසා ගැනීමට හැකි විය. සැමියා වතුර බිව්වේ අඩුවෙනි. ඔහු ජලය ඉතිරි කළේ ඇගේ භාවිතය සඳහා ය. එහෙත් පළමු දින හමාර වෙත්ම වතුර බෝතලය අවසාන විය.

වෙහෙස නිසා අතරමගදී ඇඳුම් පාර්සලයද ඔව්හු අතහැර දැමූහ. අවසන් පාන් කැබැල්ල අනුභව කළ ඔවුන් දහස් ගණන් පිරිස සමග ඉදිරියට ඇවිදගෙන ගියේ තම ඉරණම කෙමරුජ් සංවිධානයට භාරදෙමිනි. එදා සිට මේ දක්වා ඔවුන්ගේ ජිවිත ගෙවී ගියේ බිය හා සැකය මැදිකොට ගෙනය.

ඇය යළිත් පියවි ලොවට පැමිණියේ රැකවලෙකුගේ කටහඬ නිසාය. අතීතය මතක් වීම නිසා ඇය බියට පත්වූවාය. අතීතය පිළිබඳ මතකය රෝගයක් බව කෙමරුජ්වරු කිවූ වදන් ඇයට සිහිවූවාය. අතීතය සිහිකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඇය අතීත මතක තුළින් ඉවත් වුවාය.

එදින රාත්‍රියේ ඔවුන්ට කෙමරුජ්වරු විසින් සංවිධානය කළ අධ්‍යාපන පන්තියකට යෑමට නියම විය. එම නිසා මඳක් කලින් කුඹුරු වැඩ අවසන් කරන ලදී. ස්ත්‍රීන් හා පුරුෂයන් වෙන වෙනම උණ බම්බුවලින් සෑදු ශාලාවේ වාඩිවී සිටියහ. කෙමරුජ් නායකයෙක් මෙගා ෆෝනයක් අතේ දරාගෙන කථාවක් පැවැත්වීය.

අන්කා දහමේ ශ්‍රේෂ්ඨත්වය අනාගත කොමියුනිස්ට් රාජ්‍ය පන්ති රහිත, සමෘධිමත් ස්වයංපෝෂිත, දේශය පිළිබඳ ඔහු පැයක් පමණ කථා කළේය. එහෙත් සමෘධිමත් බව වෙනුවට මග දෙපස මළකඳන් හා දිරාගිය මිනිසුන් පමණක් ඉතිරි වී ඇති බවට ඇයට පැහැදිලි වූවාය. ඒ සමඟම ඇය කුස අතගෑවේ නූපන් දරුවා පිළිබඳව සෙනහසිනි.

තව ටික දවසකින් ඉපදීමට නියමිත දරුවාට හිමිවන්නේ විනාශවී ගිය දේශයකි. දරුවාගේ ඉරණම කුමක්වේදැය ඇය තුළ දැන් ඇත්තේ බියකි. ඇය සැමියා දෙස බැලූවේ යටි ඇසිනි. ඔහු නිසොල්මන්ව අන් අය අනුකරණය කරමින් දේශනයට සවන් දෙයි. අතරින් පතර විධානයන්ට අනුව අත්පොලසන් දීම හා ජය ඝෝෂා පැවැත්වීම කරන ලදී.

නායකයාගේ දේශනයෙන් පසු පස් හැවිරිදි ළමුන් පිරිසක් නැටුුමක් ඉදිරිපත් කළහ. පන්ති සතුරන් සංකේතවත් කළ එම ගමනේ සතුරන් ලෙස සැකසූ උණ බට වලට නොදරුවන්, ලීවලින් සාදන ලද පිහි වලින් පහර දුන්හ. ටිකිරි ළමුන්ගේ මුහුණේ වෛරය හා පළිගැනීම මනාව දිස්වීම නිසා ඇය තැතිගත්තාය. නොදරුවන්ට පවා මෙවැනි විෂ එන්නත් කළ හැක්කේ කෙසේද?

ළමුන්ගේ නැටුමෙන් පසු සියළුම වැඩිහිටියන් නැගිට ළමයින්ට හිස නමා ආචාරය කරන ලෙස අණ ලැබිණ. වැඩිහිටියෝ ළමයින්ට තම හිස නමා ආචාර කළහ. අධ්‍යාපන පන්තියේ අවසාන අවස්ථාව එළඹ තිබේ. තවත් නායකයෙකු කථා කළේ තර්ජනාත්මක විලාශයෙනි.

තවමත් පන්ති සතුරන්, විදේශීය ඔත්තුකරුවන්, අප අතර සිටින බව ඔහු කීවේ චෝදනාත්මක විලාශයෙනි. අතීතයේ වැරදි කල පුද්ගලයන්ට පාපොච්ඡාරණය කිරීමෙන් නිදහස් විය හැක. එසේ නොකරන්නේ නම් හිමිවන්නේ මරණයයි. ඔහු "මරණ දඬුවම යන පාඨය"දෙවරක් හඬ නගා කීවේය. අතීතයේ මහාචාර්යවරුන්, කථීකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, නීතිඥයන්, විදේශිකයන් සමඟ ගනුදෙනු කළ අය වෙතොත් නැගිටින ලෙස ඔහු දැන්වීය. එසේ සත්‍ය පවසන්නන්ට නිදහස ප්‍රදානය කරනු ලැබේ.

කෙටි නිහැඬියාවකින් පසු පුද්ගලයන් දෙතුන් දෙනෙකු නැගිට තමන් විශ්වවිද්‍යාලවල සේවය කළ බව කීහ. තවත් අයෙක් භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කළ බව පැවසුවේ දෙනෙත් බිමට යොමාගෙනය. ඔවුන් සියළු දෙනාටම ඉදිරියට එන ලෙස නියෝග ලැබුණි. ඔවුන් තමන්ට සමාව ලැඛෙනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගියේය.

තම සැමියා දෙස බැලූවාය. ඔහු ටැක්සි රියැදුරෙකි. ඔහුගේ ටැක්සියේ ඇතැම් දිනවල විදේශිකයන්ද ගමන් කොට තිබේ. ඔහුට යාන්තමට ප්‍රංශබස කථාකල හැකිය.

සැමියාගේ ප්‍රතිචාරය කුමක්දැි ඇය විමසිලි මත් වූවාය. ඔහු දැන් නැගිට පපොච්චාරණය කොට සමාව ලබාගනු ඇතැයි ඇය බලාපොරොත්තු වුවාය. එහෙත් ඔහු නිසලව බිම බලා සිටියි.

අධ්‍යාපන පන්තිය අවසන් බවත්, දැන් රාත්‍රී නින්දට යා හැකි බවත්, නිවේදනය කෙරිණි. හෙට උදෑසන හතර වන විට සියළු දෙනා කුඹුරේ සිටිය යුතුය.

එදින රාත්‍රියේ තමන්ගේ කුඩා ගෙපැලේ ඇය සැමියාට තුරුළුව නිදාගත්තාය. පවුල් ජීවිත ගතකරන්නන් කෙරෙහි ලාබාල කෙමරුජ් භටයන් බලන්නේ සතුරු විලාශයකිනි. එම නිසා ඔවුන් ගෙපැලට ගොඩවූයේ එකවිට නොවේ. වෙන් වෙන් වශයෙනි.

පාපොච්චාරණය නොකළේ මන්දැයි ඇය සෙමිනි සැමියාගෙන් ඇසුවාය. ඇයට නිහඬ වන ලෙසට ඔහු කීවේ බියගත් හඬිනි. "ඔයා හිතතවාද මේ අයට සමාව ලැබෙයි කියලා" සැමියා සෙමෙන් ඇයට කෙඳුරුවේය. සැමියාගේ කථාව සත්‍ය බව ඇයට වැටහුණේ පසුදින කුඹුරට යන විටදීය. පෙරදා රාත්‍රියේ පාපොච්චාරණයකළ පුද්ගලයන් මහ මග මරාදමා තිබුණි. එක් අයෙකුගේ සිරුර ගසක එල්ලෙමින් තිබුණේය. ඒ පපොච්චාරණය කළ මිනිසාගේ සිරුර බව ඈ හැඳින ගත්තේ ඔහුගේ තට්ට හිස නිසාය. ඔහුගේ දෙනෙත් පිහියකින් හාරාදමා තිබුණි. අක‍ෂිබෝලය රහිත ලේ පිරිතිබූ කුහර දෙක නිසා මළ සිරුර බිය උපදවයි. එය දුටු ඇයට කෑගැසුණි. එහෙත් ඇය වහාම අතින් කට වසා ගත්තාය.

කුඹුරු වැඩ කළද ඇයට එම දර්ශනය අමතක කළ නොහැකි විය. ගසේ එල්ලෙන මළ සිරුර හා උගුල්ලා ඇති ඇස් දෙක ඇය වෙත ගෙන ආවේ බිය ජනක සිතිවිලිය. මෙම රුදුරු දසුන සති දෙකක් යනතුරු ඇයට සිහිනෙන් පවා පෙනුනි.

ඔවුන්ගේ දිවියේ කටුකබව එන්න එන්නම වැඩිවිය. වර්ෂා කාලය නිසා ඔවුන් කුඹුරු වැඩ කළේ සීතෙන් හා කුසගින්නෙන් තැවෙමිනි. දිනක් කුඹුරේ වැඩකරමින් සිටියදී ඇයට විළි රුදාව ඇතිවීම නිසා ඇය නියරක් උඩ හිඳ ගත්තාය. ඇසල සිටි රැකවලූන් ඇයට තුවක්කු මිටෙන් පහරදුන් අතර, එම පහර නිසා ඇය ක්ලාන්ත වූවාය. යළි ඇයට සිහිය එනවිට ඇයගේ දෙපා අසල ලේ හා වැදෑමහ දැකිය හැකිවිය. දරුවා මෙලොවට බිහිවී ඇත. ඇයගේ සැමියා උණ පතුරකින් පෙකණිවැල කැපීය.

දරුවාගේ දුබල හැඬිමේ හඬ කුඹුරු කොටන මිනිසුන් තුළ ඇතිකළේ අමුතු හැඟීම්ය. එහෙත් කිසිවෙකු ඇයගේ උදව්වට ආවේ නැත.

ඇය දරුවා තුරුල්කරගෙන ඔහුගේ හිස ඇයගේ උඩුකයින් වසා ගත්තේ වැසිවතුරෙන් ඔහු ආරක‍ෂා කර ගැනීමටය. මවගේ පියවුරු දරවා ඉරුවේ දුබල විලාශයෙනි. දුගීපෝෂණය නිසා දරුවාට ප්‍රමාණවත් කිරි ඇයට නොමැත.

දරුවා වැදූ නමුදු ඇයව කුඹුරුවැඩ වලින් නිදහස් වූයේ නැත. ළදරුවා මඳක් ලොකු වන විට කෙමරූජ්වරු දරුවා ගෙන යන බව මව හා පියා දැන සිටියහ. එහෙත් දරුවා දැනට තමන් ලඟ සිටීම ඔවුන්ට අස්වැසිල්ලකි. සෑම රාත්‍රියකම සැමියා දරුවාගේ හිස අතගෑවේ ඔහුගේ කෙට්ටු අත්වලිනි. එක් කරුණාවන්ත රැකවලෙක් ගෙනදුන් සහල් කැඳ කෝප්පය නිසා බිරිඳට ළදරුවාට කිරි දීමට හැකිවීම ඔහුට අස්වැසිල්ලකි. එහෙත් දරුවාද මන්දපෝෂණයෙන් පෙළුනි.

දරුවාට මාස තුනක් වූ කළ ඔවුන්ට යාබද ගම්මානයට යාමට නියම විය. ඔව්හු පයින්ම ගමන් ඇරඹූහ. ගොනා බැඳි කරත්තය ඔවුන් ඉදිරියෙන් ගිය අතර, එහි කැති, උදළු, පටවා තිබුණි. කරත්තය පසු පස දුබල ගැහැණු හා මිනිස්සු පනහක් පමණ ගමන් කළහ.

ඇය සැමියා සමඟ ගමන් කළාය. දරුවා ඇය වඩාගෙන සිටි අතර, දරුවා දෑත්වලින් මවගේ ගෙල බදාගෙන සිටියේය. හදිසියේම අතර මගදී කැමරුජ් ළමා සොල්දාදුවෙක් ඇගේ සැමියා නවතා ගත්තේය."උඹ ප්‍රතිවිප්ලවවාදියෙක් නේද? තවම ළමාවිය නොඉක්මවූ ළමා භටයා සැමියාගේ උදරයට AK47 අවිය එල්ල කලේය. සැමියා "නැත" කීවේය. සැමියාගේ දෙනෙත් වලින් භීතිය උතුරයි. ඔහු මොහොතකට ගොළු විය. ඔහු වෙනුවට ඇය පිළිතුරු දුන්නාය. "එයා දුප්පත් ගොවියෙක්. අපි අහිංසකයි." "බැල්ලි පලයං මැරුම් නොකා. අපි උඹෙන් නොවෙයි ඇහැව්වේ." ළමා සොල්දාදුවා ඇයට පිළිතුරු දුන්නේ කර්කශ විලසිනි.

මේ අතර තවත් ළමා සොල්දාදුවන් දෙදෙනෙකු සැමියාගේ දෑත් බැඳ දමා ඔහුට උණබට වලින් පහර දුන්හ. සැමියා අත් අඩංගුවට ගැනීම නිසා කම්පනයට පත් වූ ස්ත්‍රිය අ~මින් අනුකම්පාව අයැද සිටියාය. එහෙත් ඔව්හු ඇයට නිහ~ව පිරිස සමඟ ඉදිරියට යනලෙස නියෝග කළහ.

තම සැමියා අත්හැරදමා යාමට අකමැතිවූ ගැහැණිය එක අතකින් දරුවා වඩාගෙන අනෙක් අතින් සැමියා බදාගත්තාය. ඇයටද "බැල්ලි, පලයං යන්න. නැත්නම් උඹවත් මෙතනම මරණවා." කියමින් ඔවුන් කළේ හිස් තර්ජනයක් නොවේ.

අඹුසැමි යුවළට සිදුවූ වින්නැහිය නුදුටුවාක් මෙන් අනෙකුත් මිනිසුන් සිය දෙනෙක් බිමට යොමු කරගෙන ගොන් කරත්තය පිටුපස ගමන් කළහ.

කෙමරුජ් භටයන්ගේ පහරවල් ළමයාට වැදේයැයි සිතාගත් ඇය දරුවා පපුවට තුරුළුකර ගත්තාය. සැමියාට මෙන්ම ඇයටද පොලූ පහර වැදුණි. "ඔයා යන්න සැමියා ඇයදෙස බලා කීවේ උණබට වලින් මුහුණේ මතුවූ තුවාල අතින් වසාගනිමිනි. "ළමයාගේ ජීවිතය බේරාගන්න මාව මෙතන දාල යන්න" ඔහු ඉතා තදින් බිරිඳට කීවේය. එහෙත් ඇය ඔහු අසලම දැවටි දැවටී සිටින්නීය. "ළමයාගේ ජීවිතයට ආදරය තියෙනවා නං නම් ඔයා යන්න" නැත්නම් ළමයාවත් මරයි. යන්න. යන්න. ඔහු දුබල හඬින් කීවේය. ඇයව තල්ලූ කළේය.

ඇයට දැන් කළහැකි දෙයක් නැත. සැමියා කෙමරූජ් භටයන් අතර තනිකරදමා ඇය ඉදිරියේ යන කරත්තය පසුපස ගියාය. එහෙත් වරින් වර ඇය දරුවා පපුවට තදකරගනිමින්, සැමියා දෙස බලමින්, සුසුම් හෙළමින් ඇවිද ගියාය. සොල්දාදුවෝ සැමියාගේ කමිසය ඉරාදමා ඔහුට දණින් වැටෙන ලෙසට නියෝග කළහ. ඔහු නිහ~ව දණින්වැටී දෑස් පියාගත්තේය. ළමා සොල්දාදුවෙක් මන්නයක් ගෙන ඔහුගේ ඛෙල්ලට වැරෙන් පහරක් එල්ල කළේය.

සැමියා බිම වැටී සිටිනු ඇය දුටුවාය. එහෙත් ඔහු අසලට යාම යනු දරුවාගේ මරණ වරෙන්තුව ලියා ගැනීමකි. ඇය අවසන් වරට සැමියා දෙස බලා පිරිස අතර සැඟවුණාය. ඔවුන් ඉදිරියටම ගිය අතර, ගෙලකපා දමා තිබූ මිනිසාගේ මළ සිරුර කබරුන්ට ආහාර පිණිස අසල කැලෑවට ඇද දමන ලදී. සැමියා යළි දකින්නට නොලැඛෙන බව ඇයට සක්සුදක්සේ පැහැදිලිය. ඔහු මරා දමනු ලැබීය. ඇයට ඇය ගැන හා ළදරුවා ගැන බියක් දැනේ. ජීවිතයේ සියලූ බලාපොරොත්තු බිඳ වැටී ඇති නමුදු ළදරුවා නිසා ඇය ජීවත් විය යුතුවිය.

මාස හයක් පමණ ගෙවී ගියේ කිසිඳු වෙනසකින් තොරවය. අධික වැඩ සුළු ආහාර ප්‍රමාණය නිසා ඔවුන්ගේ ජීවිත දියවී ගොසිනි. ඇය ජීවන අපේක්ෂා වලින් තොරව වැඩ කළේ යන්ත්‍රයක් පරිද්දෙනි. නියර අසල දරුවා තබා ඇය උදැල්ල ගෙන අනිකුත් පිරිස සමඟ කරට කර වැඩ කළාය. වරක් නියර මත තැබූ දරුවා හ~න්නට වූයෙන් ඇය උදැල්ල පසෙක ලා දරුවා වඩාගත්තාය. මෙය දුටු රැකවලෙක් ඇයට පා පහරක් දුන්නේය. ඇයගේ අතින් දරුවා විසිවිය. ඇගේ හිස බිම ඇණුනේය. හිසෙන් ගලන ලේද නොතකා, බිම වැටීම නිසා වේදනාවෙන් හ~න දරුවා තුරුල්කර ගත්තාය. මෙය දුටු රැකවලා තවත් කිපුණි.

"බැල්ලි වැඩකරන්නේ නැතුව ළමයි නළවනවා. හිටපිය තොට" කියමින් ඔහු ළදරුවාගේ අතක් අල්ලා ඇද්දේය. වේදනාව නිසා දරුවාගේ හැඬීම තීව්‍ර විය. ඇය ළදරුවාගේ දෙපා තදින් අල්ලාගෙන සිටිය නමුදු රැකවලා දරුවගේ අතින් ඇදීම නිසා ඔහුගේ අත කැඩීයනු ඇතැයි බියෙන් ඇය තම ග්‍රහණය බුරුල් කළාය. මොහොතකදී දරුවා රැකවලාගේ අතේ විය.

ඇය දනින්වැටී අනුකම්පාව ඇයදියාය. රකුසු සිනාවකින් මුව සරසා ගත් රැකවලා දරුවාගේ දෙපාවලින් අල්ලාගන නියර අසල තිබූ ගස වෙත ගෙන ගියේය. "බැල්ලි, හොඳට බලාගනින්" ඔහු ළදරුවාගේ දෙපා තදින් අල්ලාගෙන, ඔහු ඔසවා ගසේ කඳේ දරුවාගේ හිස ගැසීය. ළදරුවාගේ බිඳුණු හිස මොළයේ කැබලි ලේ සමඟ ගසේ කඳේද, ඒ අවට පඳුරු වලටද විසිවී ගියේය.

මොහොතක් තුළ සිදුවූ දර්ශනය ඇයට සිහිනයක් මෙන් විය. ඔව්හු ඇගේ සැමියා මරා දැමූහ. දැන් ඇයගේ ඇස් ඉදිරියේ අහිංසක කිරි දරුවා මරා දමා ඇත.

ඇය කුඹුරේ ඇද වැටුණේ අසිහියෙනි. එහෙත් ඇය දෑස් පියාගත්තේ නැත. මුලූ ලොවම කැරකෙන්නා සේ ඇයට දැනේ. "ගැණියේ පස්සේ නිදාගනිං. දැන් කුඹුර කොටපන්" රැකවලා ඇයගේ ඉළ ඇටවලට පයින් ඇන්නේය. එහෙත් ඇයට වේදනාව දැනුණේ නැත. ඇය නිසලව වැටී සිටියා පමණි. "අන්තිම පාර මම කියන්නෙ" ඔහු උරයේ තිබූ තුවක්කුව අතට ගත්තේය. ඇයට බියක් නොදැනුනි. ඇය හිස් අහස දෙස බලා උන්නාය. හිසට උඩින් මානා තිඛෙන තුවක්කුව ඇය දුටුවේ තම දුක් කම්කටොළු අවසන් කිරීමට හැකි මෙවලමක් ලෙසටය. ඇය නිසලව වැතිර සිටියා මිස කිසිවක් කීවේ නැත.

රැකවලා ඇයගේ නළලට තුවක්කුව එල්ල කොට කොකා ගැස්සුවේය."ඩුම්" ශබ්දය සමග ඇගේ හිස සුණුවිසුණු වී ගියේය. කුඹුරු වැඩකරමින් සිටි කිසිවෙකු හිස ඔසවා බැලූවේ නැත. යාන්ත්‍රික මිනිසුන් මෙන් ඔවුන් පොළොව කෙටුවා පමණි.

"ඒයි"; රැකවලා අසල සිටි මිනිසෙකුට කථා කළේය. "මේ ගෑණිවයි අර මැරිච්ච කොල්ලගේ මළකුණයි වලලලා දාපන්" හේ හිස නමා රැකවලාට කීකරු විය. මියගිය ගෑණියගේ කෙට්ටු දෙපා වලින් ඇදගෙන ගොස් ඇයගේ මෘත ශරීරය අසල පඳුර ළඟට ගෙන ගියේය. ඉක්බිති හිසසුන් දරුවාගේ මළ කඳද එතැනට ගෙන ආවේය. ඉන්පසු ඔහු වළක් කපා දෙදෙනාගේම මළ සිරුර වළලා දැම්මේය.

අපි රහසින් තායි දේශසීමාවට පළා ගියෙමු.


අපි පළායාමට තීරණය කළෙමු. කෙමරුජ්වරුන්ගේ තර්ජන, ගර්ජන, උත්සන්න මෙවින් පැවතිණි. තව සුළු කාලයක් තුළදී ඔවුන් අප මරා දමනු ඇත.

අපගේ කණ්ඩායමට පුද්ගලයන් හය දෙනෙකු අයත් වූහ. ඔව්හු සියළුදෙනාම 1975 අප්‍රේල් 17 වෙනි දිනට පෙර ඵලදායි ජීවිත ගතකළ මධ්‍යම පාන්තිකයන් වූහ. හොඳ අධ්‍යාපනයක් ලබා සිටි අප අතරින් තිදෙනෙකුට හොඳින් ප්‍රංශ භාෂාව කථාකළ හැකිවිය. කුඹුරු වැඩ කිරීමත්, කෙමරූජ් රැස්වීම් වලදී ජයඝෝෂා පැවැත්වීමත්, අපි කළෙමු. එසේම ඔවුන්ගේ සැකයට තුඩුදෙන යමක් නොකිරීමට අපි පරිස්සම් වූයෙමු.

අඩු ආහාර ප්‍රමාණය ලබාදීම නිසා අපගේ ශරීර ශක්තිය හීනවන්ට විය. පළායන්නට නම් අපගේ ශරීර ශක්තිමත් විය යුතුය. නැතහොත් අප අතරමග මිය යනු ඇත. අප අතර සිටි හිටපු ගුරුවරයෙකුට භූගෝල ශාස්ත්‍රය පිළිබඳ හොඳ දැනීමක් තිබුණි. තායි දේශසීමාවට යාමට යා යුතු දිශාව ඔහු අපට කියා දුන්නේය. අපට සැතපුම් සියගණනක් පයින්ම යාමට සිදුවේ. කෘෘර කෙමරුජ්වරු යටතේ වහල්වැඩ කිරීමට වඩා දිවිගලවාගෙන පැනයාම මැනවි. අපි සියළු කටයුතු සම්පාදනය කළෙමු.

ඇඳුම් තුල වී කරල් සඟවා ගෙනත් තබා රැස්කළෙමු. මෙය ඉතාම අවදානම් ක්‍රියාවක් විය. යම් ලෙසකින් රැකවලූන් එය දුටුවේ නම් ඔවුන් අප මරා දමනු නියතය. මියගිය මිනිසුන් ගේ පාවහන්, කුඩා පෑන පිහියක්, පන්මල්ලක් අපි සොයා ගත්තෙමු. මේවා යාබද කැලෑවේ සඟවා තබන ලදී.

පලායාම පිළිබඳව අප කොඳුරා හෝ අප කරුණු කථා නොකළේ යමෙකු එය අසා අපව පාවා දෙනු ඇතැයි යන බියෙනි. ඇතැම් සංවාද කෙරුණේ දෙනතින් හා හස්ත මුද්‍රාවෙනි.

දැඩි වර්ෂාව පටන් ගත්විට අපි තෙතබරි වීමු. එහෙත් ඔව්හු අපට කුඹුරුවැඩ කිරිමට බල කළහ. මොර සූරන වැස්සේ අපි කුඹුරු කෙටුවෙමු. වැස්ස නිසා රැකවල්ලූ ඈත මඩුවට ගොස් වැස්ස නවතින තුරු සිටියහ. ඒ අවස්ථාවේ දී අපි කැලයට පැනගත්තෙමු.

ගුරුවරයාගේ මග පෙන්වීම ඔස්සේ අප අඳුරේම ඉදිරියට ගමන් කළෙමු. මේ ගමන අතිශයින්ම අවදානම් විය. කෙමරුජ්වරුන්ගේ ගම්මාන මගහරිමින් කැලෑව අතරින් ගමන් කිරිමට අපට සිදුවිය. බිම්බෝම්බ නිසා අප භූමිය මත ඇවිදගන ගියේ චකිතයෙනි. හැකිතරම් දුරට අප සිටි ගමෙන් ඈතට පළායෑම අපගේ මූලික අභිලාශය විය. මුළු රාත්‍රියේම අපි ගමන් කළෙමු. වෙහෙස සාගින්න අප අඩපණ කළද දිවිගලවා ගැනීමේ ආශාව නිසා අපි ගමන් කළෙමු.

අප පළාගිය බව දැනගත්විය කෙමරූජ් භටයන් අප සෙයා එනු නිසැකය. ඔවුන් අතින් කෘෘර මරණයට ගොදුරුවෙනවාට වඩා බිම් බෝම්බයට අසුවී මියයාම යෙහෙකි යැයි අපට සිතිනි.

අපගේ කණ්ඩායමේ එක් අයෙකු තව දුරටත් ගමන් කරනු නොහැකිව අධික වෙහෙස නිසා ගසක්යට වැතුරිනි. අපට ඔහු ඔසවාගෙන යෑමට ශක්තියක් නොවීය. අකමැත්තෙන් වුවද එම අසරණයා කැළයේ තනිකොට අපි ඉදිරියට ගියෙමු. අතරමගදී අප ආහාර වශයෙන් ගත්තේ කැලෑකොළ පමණි. කුඩා වතුර වලවල්වලින් වතුර පානය කළෙමු. මෙලෙස නොකඩවා පැය විසිහතරකට අධික කාලයක් කැලය තුළ ගමන් කිරීම නිසා අපගේ ශරීරවලට දැඩි වෙහෙසක් දැනිනි. අපි පසුදින කැලයේ වැතිරී අඳුර වැටෙන තෙක් සිටියෙමු. අපගේ කන්ඩායමේ සිටි අයෙකු ගලකින් ගසා කුරුල්ලෙකු මරා දැමීය. අපි කුරුල්ලාගේ මස් අමුවෙන්ම අනුභව කළෙමු. එක් අයෙකුට කුරුළුමාංශ යන්තමින් දිවේ ගාගැනීමට ප්‍රමානවත් විය. අපි කුරුල්ලාගේ තටුද වීසි නොකෙළෙමු. ඒවාද කා දැමුවෙමු. අඳුර වැටුණ වහාම යළි අපි පිටත් වූයෙමු. අප ගමන් කළේ සෙමිනි. මිනිස් කටහ~ක් ඇසුණු වහාම අප පඳුරුතුළ සැඟවුනේ අධික බියකිනි.

අප දින තුනක් පමණ ගමන් කර තිබුණි. එහෙත් තායිදේශ සීමාව තව බොහෝ දුරය. අපගේ ශක්තිය සිඳී ඇත. අපි අසරණව වැතිර සිටියෙමු. දැඩි වෙහෙස නිසා අප කණ්ඩායමේ දෙදෙනෙක් ගමන් කිරීමට නොහැකි ලෙස අසනීප විය. අපි ඔවුන් දෙදෙනා අසීරුවෙන් කරතබාගෙන ගියෙමු. එහෙත් දැන් අපගේ ශරීර ශක්තිය වියැකී යමින් පවතී. අසනීප වූ දෙදෙනාගෙන් එක් අයෙකු අවසන් හුස්ම හෙළීය. වෙනැන්නා තමා අතහැර පළායන ලෙස අපට කීය. අපි ඔහුගේ ඉරණම අඳුරු වනයට භාරදී ගියෙමු. දැන් අපගේ කණ්ඩායමේ ඇත්තේ තිදෙනෙකු පමණි.

මෙසේ ගමන් කළ අපි ජනාවාස ප්‍රදේශයකට පැමිණියෙමු. මෙය කෙමරූජ්වරුන්ගේ තිප්පලකි. රාත්‍රි අඳුර ගලන තෙක් පඳුරක සැඟවී සිටි අපි රාත්‍රිය සමඟ ජනාවාසය හරහා යළි ඉදිරියට ගමන් කළෙමු. අප මඩවී ගිය කුඹුරු හරහා බඩගාගෙන ගියේ ශබ්ද නොනැගෙන ලෙසටය. මුරට සිටින භටයෙකු අප දුටුව හොත් මරණය නියතය.

ජනාවාස ප්‍රදේශය පසු කිරිමෙන් පසු අප යළි අවතීර්ණ වූයේ කැලෑ ප්‍රදේශයටකටය. අපි තව දින තුනක් මෙලෙස ගමන් කළෙමු. සෙමෙන් සෙමෙන් ඉදිරියට යන අපට හමුවූයේ විශාල කන්දකි. කන්ද තරණය කිරීම අපගේ මීළඟ කර්තව්‍ය විය.

කන්දට නැගගත්විට අපට පහත තායි දේශසීමාව පෙනුනි. ඇත්තෙන්ම එම දර්ශනය නිසා අපට අපගේ වෙහෙසද අමතක විය. මොහෙතක් වත් කාලය නාස්ති නොකළ අපි එම දේශසීමාව කරා ගියෙමු. දේශසීමාව ආසන්නයේ බිම් බෝම්බ අතුරා ඇති නිසා අප ගමන් කළේ ඉතා ප්‍රවේශමිනි. අවසානයේදී අප තිදෙනා තායිලන්තයට ගියෙමු.

තායි දේශසීමා භටයෝ අප රතුකුරුස කඳවුරකට ගෙන ගියහ. ඒ වනවිට අප අඩක් මියගිය ඇටසැකිළි මෙන් විය. ඔව්හු අපට කුසපුරා ආහාර දුන්හ. ඇඳුම් පැළඳුම් දුන්හ. අප අපගේ නිදහස ලබා ගත්තේ ඉතා අසීරුවෙනි. ජිවිත තුනක් බිලි දීමෙනි. එහෙත් එම නිදහස මෙලොව ඇති සෑම දෙයකටම වඩා වටියි.

දඬුවම මරණයයි

කෙමරූජ්වරු ඔවුන්ට අවශ්‍ය අන්දමට මරණදඬුවම පැනවීය. මෙම දඬුවම් කිසිම සදාචාර නීතියකට අයත් වූයේ නැත. උදාහරණයක් ලෙස එක් ගමක සිට තවත් ගමකට අනවසරයෙන් යෑම, තමා ළඟ ආහාර ස්වල්පයක් හෝ සඟවා තබා ගැනීම, එසේම මාළු ඇල්ලූ මිනිසුන්, කකුළුවන් අතේ තබාගෙන සිටි මිනිසුන්, මීයන්, හූනන් හා ගොළුඛෙල්ලන් අනුභව කළ මිනිසුන්, මේ කෙමරූජ්වරු මරණදඬුවම් නියම කළ කරුණුය. මේ වැරදිවලට අසුවූ අය ජනතා සතුරන් ලෙස ලේබල් ගැසුණි.

මිනිසුන් කුඹුරුවැඩ සඳහා යාමේදි ඉදිරියෙන් හරකුන් දැක්වූ අතර, මිනිසුන්ට දකුණු පැත්තෙන් යාමට නියෝග ලැබී තිබුණි. යම් ලෙසකින් මෙය අමතකවී මිනිසෙකු වම්පැත්තෙන් ගමන් කලවිට ඔහුද ජනතා සතුරෙකු ලෙස චෝදනා කර මරා දමන ලදී. ප්‍රේම සබඳතා පැවැත්වීම, ලිංගික සබඳතා පැවැත්වීම මරණ දඬුවමට යටත්විය.

මගේ විශ්වාසය බිඳ දැමීමට ඔවුන්ට නොහැකි විය- (බෞද්ධ භික්ෂුවක්)


පොල්පොට් කම්පුචියාවේ බලය අල්ලාගන්නාවිට මම තරුණ බෞද්ධ භික‍ෂුවක් වූයෙමි. ඔවුහු අපගේ පන්සලට කඩාවැදී පිළිම විනාශ කළහ. කෙමරුජ් භටයෝ කුළුගෙඩි පහර දී බුදු පිළිම කඩා බිඳ දැමූහ. මා ඇතුළු තවත් භික‍ෂූන් හතර දෙනෙකු ලොරියක දැමූ අතර, අපගේ නායක වයෝවෘධ භික‍ෂුවට පන්සල ඉදිරිපිට දීම වෙඩිතබා මරා දමන ලදී.

ලොරිය ගමන් කරන අතරතුරු ඔවුන් අපට උණබට වලින් පහර දුන්හ. පහර කෑම නිසා අපගේ ඔළු පැලී ලේ වහනය විය. ඉක්බිති ඔවුන් වේදනාවෙන් බිම වැතිරී සිටින අපගේ ඇග වලට මුත්‍රා කළහ. zzනුඹලා සමාජ විලෝපිකයන් යනුවෙන් කෙමරුජ්වරු අපට පරිභව කරමින් අපගේ සිවුරු ගලවා දමන්නට වූහ. නිරුවත් කළ මා හා අනෙකුත් භික්ෂූනAට කළු පැහැති කඩමලූවී ගිය ඇඳුම් ඇඳීමට නියම කරන ලදී. මරා දමනු ඇතැයි යන බිය නිසා අපි නිහ~වම ගිහි ඇඳුම් ඇඳගත්තෙමු.

"සමාජ විලෝපිකයිනි, බැහැපියව් කුඹුරට, ජනතාව වෙනුවෙන් වැඩ කරපියව්"යනුවෙන් නියෝගකොට, කෙමරුජ් භටයෝ අප කුඹුරු වැඩ සඳහා යෙදවූහ. මෙලෙස වසර දෙකකටත් වඩා වැඩි කලක් මම කුඹුරු වැඩ කළෙමි. උණෙන් හා පාචනයෙන් මගේ සහෝදර භික‍ෂූහු ජිවිතය අවසන් කළහ. මා පමණක් ඉතිරිවූ අතර, සෑම දවාලක්ම හා රාත්‍රියක්ම ගෙවී ගියේ බිය, අවිනිශ්චිතතාව, වදයට ලක් කිරීම, මධ්‍යයේය.

අපට දිනකට කෑමට ලැබුණේ සහල් තේ හැඳි දෙක තුනක් දමා පිළියෙල කළ කැඳ කෝප්ප දෙකක් පමණි. එහෙත් අපි දිනකට පැය දහඅටක් බරවැඩ කළෙමු. මගේ ශරීරය මස් හා මේදය ක්ෂයවී කටු මතුවිය. මගේ ශරීරය බුදුන්වහන්සේ දුෂ්කර ක්‍රියා සිදුකළ සමයේ මෙන් දිරා ගියේය. රහසින් කැලෑකොළ ස්වල්පයක් අනුභව කරමින් අපි දිවි රැකගත්තෙමු.

සෑම රාත්‍රියකම මම රහසින් ගාථා පාඨ කීවේ "යම් දිනක යළි සිවුරට යමි" යන අධිෂ්ඨානයෙනි. මෙම අසීරු කාලය ගත කිරිමට මට බුදුන්වහන්සේගේ ධර්මය, අනිත්‍ය, පිළිබඳව තේරුම් ගියේය. කෘෂවී හා වධබන්දනයට ලක්වන මගේ ශරීරය සැබවින්ම මගේ නොවන යන බෞද්ධ සංකල්පය ඔස්සේ තේරුම්ගැනීමට මම වෑයම් කළෙමි. මා මේ මොහොතේ පවතින්නේද යන්න තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. කෙසේ හෝ මගේ ශරීර ස්කන්ධයට අයිතිවාසිකම් කීමට කෙමරූජ්වරුන්ට නොහැකි බව මට පසක් විය. ඔවුන් අපට උගැන්වූ අන්කා ධර්මයට මගේ විශ්වාසය බිඳ හෙළීමට නොහැකි විය. ඔවුන්ගේ දර්ශනයේ නිසරු බව මට වැටහිණි. කොපමණ වදහිංසා ලැබූවත් මගේ අධ්‍යාත්මය බුද්ධ ධර්මය සමඟ බැඳී පැවතුණි.

ඔවුන් මට පහරදී අපහාස කළ විට මම කෝප නොවූවෙමි. මම උපේක‍ෂාවෙන් සිටියෙමි. මගේ පෞරුෂය වඩා වඩාත් ශක්තිමත් වනු මම අත්දුටුවෙමි. අසීරුවෙන් කුඹුරුවැඩ කරන විට මම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළෙමි. හැකි අවස්ථාවල සමථ භාවනාව වැඩූයෙමි. එමගින් මගේ ශරීර කූඩූවට පත්වූ තිඛෙන අභාග්‍යය ජය ගැනීමට මට හැකිවිය.

කෙමරුජ්වරු පරාදවීමෙන් පසු මම යළි මගේ පන්සලට ගියෙමි. එතැන තිබුණේ සුන් බුන් ගොඩක් පමණි. යළි පන්සල ප්‍රතිසංස්කරණය කළ මම යළි සිවුරු හැඳ ගතිමි. කෙමරුජ්වරුන්ට මගේ අධ්‍යාත්මය විනාශ කිරීමට නොහැකි විය. මා මෙන්ම කුඹුරු වැඩට යෙදවූ භික‍ෂූහු යලි සසුන්ගතවූහ. 2006 වසර වන විට කම්පුචියාවේ භික්ෂූන් වහන්සේලා 59,470 ක් සිටි බව වාර්තා විය.

මිනිසුන් දිවිනසාගත් අයුරු මම දුටිමි. - ළමා සාක්ෂි කරුවෙක්

කෙමරූජ්වරු බලයට එනවිට මගේ වයස අවුරුදු අටකි. ඉන්පසු අපට අත්වූයේ දුඃඛදායක ඉරණමකි. දෙමාපියන්ගෙන් ඈත්කළ මා කඳවුරකට ගෙනයනු ලැබීය. ළමා සිතකට ඉසිලිය නොහැකි වේදනා දැරීමට මට සිදුවිය. කඳවුරේදී කෙමරුජ් භටයන් අහිංසකයන්ට වදදෙනු මම දුටිමි. ආහාර ගැනීමට භාවිතා කරන කූරු :ක‍යදච ීඑසජනි- මිනිසුන්ගේ කන් තුළට ගැසීම, ඇඟිලි අතපය කපා දැමීම නිබඳවම සිදුවිය. මෙම වද වේදනා නිසා මිනිසුන් කිහිප දෙනෙක් ගස්වල එල්ලී සියදිවි හානිකර ගත්හ. එය ඉතා භයානක දර්ශනයක් විය.

ඔවුන්ගේ මුහුණුවල තිබුණේ දුක්ඛදායක බලාපොරොත්තු කඩවූ පෙනුමකි. ඔව්හු සාමුහිකව දිවි නසාගත්හ. මෙවැනි දිවි නසා ගැනීම් එකල සුලබ විය. ගස්වල එල්ලී තිඛෙන මළ සිරුරු නිබඳවම දැකිය හැකිවිය. කෙමරුජ්වරුන්ගෙන් නිදහස ලබා ගැනීමට කළයුතු එකම දේ එය බව ඔවුන් සිතුවා විය හැකිය. දුක්කරදර තිබුණාද මම ජීවත් වීමට හැකි තරම් වෑයම් කළෙමි. ඔවුන්ගේ අණට කීකරුවෙමින් පක‍ෂපාතිත්වය පෙන්වූයෙමි. ඇතැම් ළමයින්ට ඔවුන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් මරා දැමීම සඳහා බල කෙරුණි. වරක් එක් ළමයෙන් කෙමරුජ්වරුන්ගේ බල කිරීම නිසා තම පියාට වෙඩි තැබුවේය.

ගංගාවල දිනපතාම මිනී පාවීගෙන ආවේය. ඇතැම් අවස්ථාවල කුණුවී ගිය මළ සිරුරු ඉවුරුවල දැකගත හැකි විය. ඔව්හු අපවැනි ළමුන්ගේ මොළය විශෝෂධනයට ලක් කළහ. අපට බරවැඩ නියම කෙරිණි. කුඹුරුවල වී කෑමට එන මීයන් මැරිමට මට නියම විය. කෙවිටක් ගත් මම මීයන් මැරුවෙමි. ඇතැම් ශ්‍රමිකයන් මෙම මළ මීයන්ගේ මස් අමුවෙන්ම අනුභව කළේ රහසින්ය.

වියට්නාම් ආක්‍රමණයෙන් පසු කෙමරුජ්වරු පලා ගියහ. මම සරණාගතයන් සමඟ තායිලන්තයට ගියෙමි. මගදී රතුකුරුස සංවිධානය විසින් අපට ආහාර දුන් අතර, අවසානයේදී මා සුරක‍ෂිත බව මට වැටහිණි.

2008 පෙබරවාරි - Duch ප්‍රකාශය


2008 පෙබරවාරි 11 දින The Independent පුවත්පත්තේ හිටපු වධකාගාර පාලක Dutch හෙවත් Kang Kech Eev විසින් ප්‍රකාශයක් කරන ලදී.

Toul Sleng වධකාගාරයේ ඔවුන්ගේ ඉරණම තීරණය විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් මුලින්ම මානසික වශයෙන් බිඳ දමන ලදී. ඔවුන් පැමිණ ඇත්තේ යළිත් පණ පිටින් පිටවීමට නොහැකි සිරගෙයකට බව ඔවුන් අවබෝධ කරගන්නා ලදී. කිසිඳු පිළිතුරකින් ඔවුන්ගේ මරණය ප්‍රමාද කළ නොහැකි විය. දිවිගලවා ගැනීමට සුදුසු කිසිවෙකු අපවෙත එව්වේ නැත. " සෑම පුද්ගලයෙකුම සැක කරනු. සෑම දෙයක් ගැනම සැකෙන් බලනු"පොල්පොට් මට පෞද්ගලිකවම කීය. ඔවුන්ගෙන් ප්‍රශ්න කළ කරුණු යළි ප්‍රශ්න කරනු" මේ ඔහු විසින් මට දුන් නියෝගයන්ය.

මා මේ වධකාගාරයේ පාළකයා වුවද මා ඉටුකළේ නායකත්වයේ අණයි. මාද පොදු නියෝග වලට යටත් වූ පුද්ගලයෙකු විය. මට පැන යාමට නොහැකි විය. එසේ පැන ගියේ නම් ඔවුන් මගේ දරු පවුල විනාශ කරනු ඇත. වධකාගාරයේ කටයුතු අධීක‍ෂණයට ඔව්හු නිතර පැමිණියහ. විශේෂයෙන් Ta Mok සිරකරුවන් මරා දමන ලෙස මට නියෝග දුන්නේය.

සිරකරුවන් ප්‍රශ්න කිරීමේදී අපි ඔවුන්ට පහර දුන්නෙමු. ඇතැම්විට විදුලි ප්‍රහාරයටද ලක් කළෙමු. සෑම අයෙකුගේම සත්‍යය ලබාගත යුතු බවට නියෝග පනවා තිබුණි. එම නිසා සිරකරුවන් වධයට පත් කිරීමට සිදුවිය. ඔවුන් කියන ලද සියළු ප්‍රකාශයන් ලියාගන්නා ලදී. එම ප්‍රකාශ ආශ්‍රයෙන් යළි අපි ප්‍රශ්න කළෙමු. මෙම ප්‍රශ්න කිරීම් අතර තුරදී සමහරෙක් මිය ගියහ.

මා කළේ ඔවුන්ගේ නියෝග කි්‍රයාවේ යෙදවීම පමණයි. Tuol Sleng වධකාගාරයේ හිටපු පාලක Dutch මෙසේ පවසා තිබුණේ The Independent පුවත්පතේ මාධ්‍යවේදී Valerio Pellizzari හටය.

කෙමරුජ් ජාතික ගීය අප්‍රේල් 17 දින ගැන පවසයි.

කෙමරුජ් ජාතික ගිය 1975 අප්‍රේල් 17 දින ගලාගිය රුධිරය හා වහල්භාවයෙන් නිදහස් වීම ගැන පවසයි. වඩා යහපත් සමාජයක් බිහි කිරීමට අප්‍රේල් 17 දින ලැබූ පන්නරය ගැන පවසන මෙම ජාතික ගීය කෙමරුජ් උත්සව වලදී ගායනා කරනු ලැබීය. එහෙත් අප්‍රේල් 17 දින කම්පුචියාවේ අවාසනාවන්ත ඛේදවාචකයේ ආරම්භය බව ඉතිහාසය විසින් සනාථ කරන ලදී. එම ගීයේ ඉංග්‍රීසි අනුවාදය පහත දැක්වේ.

Anthem of democratic Kampuchea : Dap Prampi Mesa Chokchey
(Englich : Glorious Seventeenth of April)


The bright red blood was spilled over the towns
And over the plain of Kampuchea, our motheriand,
the blood of our good workers and farmers and of
Our revolutionary combatants, of both men and women.


Their blood produced a great anger and the courage
To contend with heroism.
On the 17th of April, under the revolutionary banner,
Their blood freed us grom the state of slavery.
Hurrah for the glorious 17th April!

That wonderful victory had greater significance
Than the Angkor period!

We are uniting
To constuct a Kanpuchea with a new and better society,
Democratic, egalitarian and just.
We follow the road to a firmly-based independence.
We absolutely guarantee to defend our motheriand,
Our fine territory, our Magnificent revolution!

Hurrah for the new Kampuchea,
A splendid, democratic land of plenty!
We guarantee to raise aloft and wave the red bbanner of the revolution.
We shall make our motherland prosperous beyond all others,
Magnificent, wonderful
Tell a Friend
-->