‘ග්‍රේටා‘ නොබෙල් සම්මානයට නිර්දේශ වේ


ස්වීඩන පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ගේ නම ඊයේ (13) දිනයේදී නොබෙල් සම්මානය සඳහා නිර්දේශ වුණි. ගෝලීය උණුසුම වැඩිවීම ගැන ලෝකය දැනුවත් කරමින් කටයුතු කරන ග්‍රේටා මේ වනවිට 16 හැවිරිදි වියේ පසුවේ.  

නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ග්‍රේටා ගේ නම නොබෙල් සම්මානය වෙනුවෙන් නිර්දේශ කර ඇති අතර යම් හෙයකින් ඇයට මෙම සම්මානය හිමිවුවහොත් නොබෙල් සම්මානයෙන් පිදුම් ලබන ළාබාලතම තැනැත්තිය ඇය වනු ඇත. 

‘‘අපි දේශගුණික විපර්යාස නැවැත්වීමට කිසිවක් නොකරනවා නම් එය යුද ගැටුම් හා සරණාගත ගැටළුවට තදින් බලපාවි. ග්‍රේටා සාමය වෙනුවෙන් අතිදැවැන්ත දායකත්වයක් ලබාදෙන මහජන ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා‘‘ නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ෆ්‍රෙඩී අන්ද්‍රේ, ග්‍රේටා ගැන අදහස් දක්වමින් පැවසුවේය. 

2018 අගෝස්තුවේදී ආරම්භ කළ #FridaysForFuture ව්‍යාපාරය හරහා ලොවපුරා තරුණ, තරුණියන් දේශගුණික විපර්යාස වෙනුවෙන් හඬනැගීමට ද ඒකරාශී කළාය.