මාර්ෂල් - කොටි මාර්ෂල් නොවිය යුතුයි.

හර්ෂි සි. පෙරේරා

පැරණි "මාෂල් ක්‍රමය"(විනයාරක්ෂ) විශ්ව විද්‍යාලවලට නැවත හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. විශ්ව විද්‍යාලවල විනය කටයුතු සහ ආරක්ෂාව පවත්වාගෙන යාම මාෂල්වරුන් වෙත පැවරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මාෂල් ක්‍රමය යළි ඇති කිරීමත් සමග පෞද්ගලික ආරක්ෂක අංශ ඉන් ඉවත් කිරීමට නියමිතය.

මේ ක්‍රමය ඉතා හොදය. ආණ්ඩුවටද වගකිමක් ඇත. මාෂල්වරුන්ට විශ්ව විද්‍යාලයිය පරිපාලනය සමග ඉතා හොද සබදතාවයක් පවත්වා ගෙන යාමට හැකි වෙිි.

නමුත් අපේ රටේ බරපතල ගැටලුවක් ඇත. එනමි සියල්ල දේශපාලනිකරණය විමයි. මෙම මාර්ෂල් ට දේශපාලන පත්විමක් ලැබ ඔහු පාලක පක්ෂයේ ගැත්තෙක් වුවහොත් කුමකින් කුමක් වේද? එවැන්නක් දුරදිගයෑම ශෂ්‍යය මර්ධනයටද හේතු විය හැකියි.

එබැවින් මාර්ෂල්වරු ස්වාධිනවිම සදහා අවශ්‍යය ප්‍රධාන සාධකය ඔවුන් දේශපාලන පත්විමි නොලැබිමයි. දේශපාලන පත්විම සමගම ඉඛෙිටම සිදුවන දෙයක් ඇත. එනමි මාෂල්වරුන්ට දේශපාලනඥයින් විසින් පිස්සු බලු බේත් එන්නත් කිරිමයි. මෙහි ප්‍රතිඵලය මාර්ෂල්ලා කෝටි මාර්ෂල් තත්වයට පත්විමයි. පත්කිරිමයි.
Tell a Friend