දෙවන කතුවැකිය: රටම එක්ව රිසානා බේරා ගනිමු.

හර්ෂි සි. පෙරේර විසිනි

ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ පිටරට රැකියා සදහා යන ගෘහ සේවක සේවිකාවන් ගෙනි. එබැවින් අප සියලු දෙනාම ඔවුන්ට ණය ගැති වෙමු. ඒ අතර රිසානාද එක් අයෙකි.

මාධ්‍ය වාර්තා වලට අනුව සවුදි අධිකරණයෙන් මරණ දඩුවමට නියමව සිටින විසි දෙහැවිරිදි රිසානා තෆීක් තරුණියට ජීවිත දානය දෙන ලෙස සවුදි රජයෙන් ඉල්ලා සිටින පෙත්සමකට අත්සන් ලබාගැනීම හා ආගමික යාඥාවක් හෙට (31) මුතූර් හිදී පැවැත්වේ.

මරණ දඩුවම කුමන ආකාරයකටවත් ශිෂ්ට සමිපන්න සමාජයකට ගැළපෙන්නක් නොවේ. එමගින් මුලික මානව අයිතිවාසිකමක් වු ජිවිතයට ඇති අයිතිය උල්ලංඝනය කරයි. මරණ දඩුවම නිසා මෙතෙක් බරපතල අපරාධ අඩු කිරිමට හේතු වු බව පෙන්නුමි කරන කිසිදු සාකිෂියක් එය ක්‍රියාත්මක කරන කිසිදු රටකින් වාර්තා වි නැත.

හෙට දිනයේ සිදුකරන ආගමික වත්පිළිවෙත් සහ පෙත්සමකට අත්සන් ගැනිමට සුදානමිව සිටින මුත්තුර් ජනයා මුලු රටටම ආදර්ශයක් ලබා දෙති. එමෙන්ම රිසානාගේ ප්‍රශ්නය මුත්තුර් ජනයාගේ ප්‍රශ්නයක් පමණක්ම නොවෙි. රිසානා වෙනුවෙන් මුලු රටටම එක් විය යුතුය.

මානව හිමිකමි උල්ලංඝනයන්ට ජාති කුල ආගමි භේද නැත. දේශ සිමාවන්ද නැත. අද දවසේ රිසානා හෙට දවසේ ඔබ හෝ මා වියහැකියි. එබැවින් සිදුවන්නට යන මරණ දඩුවම නැමති බරපතල මානව හිමිකමි උල්ලංඝනය මෙන්ම අශිෂ්ට අපරාධය මුලු ලොවින්ම තුරන් කොට දැමිමට අවශ්‍ය පළමු පියවර ලෙස මුලු ලෝකයාත් ඔබත් මමත් මුත්තුර් ජනතාවට හැකි අනදමින් සහය පළකළ යුතුව ඇත.
Tell a Friend