රසිනාට සිදු වූයේ කුමක්ද ?

අද කාගේත් අවදානයට යොමු වී ඇත්තේ සෞදි අරාබියේ මරණීය දණ්ඩනයට නියමව සිටින රසිනා නෆීක් නමැති ලාංකීය මුස්ලිම් තරුණිය සම්බන්දයෙනි. ඈ සෞදි අරාබියට රැකියාවට ගියේ ඇගේ වයස අවුරුදු 17 දීය. රැකියාවට ගොස් මාසයකටත් අඩු කලයකදී කුඩා ළදරුවෙකුට බෝතලයකින් කිරි දෙමින් තිබු අවස්ථාවේ දරුවට කිරි ඉස්මොල්ලය යාමෙන් සිදු වූ හදිසි අවස්ථාවක් නිසා දරුවා මිය ගියේය. එහෙත් එය හිතා මතා මරා දැමීමක් ලෙස චෝදනා කොට ඇය පොලිසියට බාර දුන් අතර පොලිසියේදී වද හිංසා පමුණුවා ඇගෙන් කට උත්තරයකට අත්සන් ගත්තේය. ඇය දෙමළ කතා කරන අයෙකු වූ හෙයින් අරාබි බාෂාව පිළිබඳව දැනීමක් ඇයට නොතිබුණි. දෙමළ භාෂාව පිළිබඳව අවබෝධයක් පොලිස් නිලධාරීනට තිබුණේ නැත. පොලිස් ස්ථානයේ කුලී සේවයේ නියුතුව සිටි මලයාලම් ජාතිකයෙකු පරිවර්තකයා ලෙස කටයුතු කළද ඔහුටද දෙමළ බාෂාව පිළිබඳව හරි හැටි අවබෝධයක් තිබුණේ නැත.

ඉන් පසු රසීනා නෆීක් අධිකරණක් ඉදිරියට පැමිණ වූ හෙයින් එහිදී ඇය වෙනුවෙන් නීතිඥයෙකු හෝ වෙනත් ආධාර කරුවෙකු සිටියේ නැත. පොලිසියේදී ඇයගෙන් බලයෙන් ගත් පාපොච්චාරණය මත ඇයට මරණිය දණ්ඩනය නියම කරන ලදී. අරාබි නීතියට අනුව දින 30 ක් ඇතුලත ඊට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඈ වෙනුවෙන් අභිආයචනයක් ඉදිරිපත් කිරීමට කිසිවෙකු සිටියේ නැත. පුවත්පත් වරතකරුවෙකු විසින් මරණිය දණ්ඩනය ගැන ආරංචිය මුලින්ම පල කිරීමෙන් පසු එය BBC සිංහල සේවයද ප්‍රසිද්ධියට පත් කරන ලදී. එසේ පත් වූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ ආසියානු මානව හිමිකම් කොමිසම ඇය වෙනුවෙන් අභියාචනයක් කිරීමට අදාල මුදල් ලබා දී ලංකාවේ තානාපති කාර්යාලය මගින් පත් කරන ලද අරාබි නීතිඥයින් පිරිසක් මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එය හේතු කොට ගෙන මරණිය දඬුවම අත්හිටුවන ලදී. ළදරුවාගේ මරණය 2005 දී සිදු වූ අතර අධිකරණ දඬුවම සහ මරණ දඬුවම සහතික කිරීම 2007 දී කරන ලදී. ඉන් පසු අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් කරුණු සලකා බලා මෙම නඩුවේ පාපොච්චාරණය ගැන ප්‍රශනයක් මතු වූ තිබු හෙයින් ඒ ගැන නැවත සලකා බලන ලෙස නියෝග කොට මුල් අධිකරණය වෙත නඩුව යොමු කරන ලදී. 2007 සිට 2010 ඔක්තොමර් මාසය අතර බොහෝ වාරයක් මෙම නඩුව කැඳවන ලදී. නඩුවේදී යොදා ගන්නා ලද පාපොච්චාරණය කළ අවස්ථවේ සිටි පරිවර්තකයා අධිකරණයට කැඳ ව්වෙමට නියෝග ලැබුණත් ඔහු පැමිණියේ නැත. ඔහු දැන් අරාබි රටෙන් නික්ම ගොස් ඇති බව සැල වේ. .

මේ අනුව පරිවර්තකයා පිලිබඳ කරුණු විසඳීමට අධිකරණය අපොහොසත් විය. එසේ වුවත් පාපොච්චාරණයක් තිබීම හේතු කොට ගෙන මරණීය දණ්ඩනය නැවත වරක් අධිකරණය විසින් සහතික කරන ලද්දේ ඔක්තෝම්බර් මාසයේ මැද හරියේදීය.

මේ අනුව මරණිය දණ්ඩනය ඉවත් කළ හැක්කේ රජතුමාගේ සමාවකින් හෝ දරුවාගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සමාවකිනි. රජතුමාගෙන්, වැරදිකරියට සමාව දෙන ලෙස ඉල්ලා ලංකාවේ ජනධිපති තුමා අරභියේ රජතුමා වෙත ලිපියක් යවා ඇත. එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින්ද ඇයට සමාව දෙන ලෙස ඉල්ලා මැදිහත් වීම් කෙරෙමින් පවතී. ලෝකයේ නන් දෙසින් මෙම ඉල්ලීම අරභියේ රජතුමා වෙත ඉදිරිපත් වෙමින් පවතී.
Tell a Friend