Home
Politics
රෝහල් සේවකයින්ගේ වැටුපෙන් 500 ක් කපා රජතුමාට සෙත්පතා දන් දීමට සැරසෙයි
රෝහල් සේවකයින්ගේ වැටුපෙන් 500 ක් කපා රජතුමාට සෙත්පතා දන් දීමට සැරසෙයි
By
Sri Lanka Guardian
•
October 30, 2010
•
feature
interviews
news
Politics
•

රජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ජනාධිපතිගේ දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් සෙත්පතා කිරිඅම්මාවරු දහසකට කිරි දානයක් පිරිනැමීමට සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම දානය සඳහා හෙද හෙදියන් ඇතුලූ රෝහල් සේවකයන්ගේ වැටුපෙන් රු.500 බැගින් ලබාගැනීමට කටයුතු කිරීම නිසා ඒ පිළිබඳව බලවත් විරෝධයක් රෝහල් සේවකයන්ගෙන් එල්ල වී තිබේ. පසුගිය මැතිවරණයේදී ජනාධිපතිගේ ජයග‍්‍රහණය වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ භෝජන සංග‍්‍රහ වලට හෙද හෙදියන් රැගෙන යෑමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කි‍්‍රයා කළ අන්දම සිහිපත් කරන හෙද හෙදියෝ එහිදී ජනාධිපතිවරයා හෙද හෙදියන්ට ලබාදුන් පොරොන්දු කිසිවක් මේ වනතෙක් ඉටුකර නැති බව ද පෙන්වා දෙති.
එවැනි තත්වයක් තුළ ජනාධිපතිට සෙත් පැතීම සඳහා මෙලෙස ඔවුන්ගේ සොච්චම් වැටුපෙන් මුදල් එකතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඔවුන්ගේ පිළිගැනීමයි. තවදුරටත් හෙද හෙදියන්ගේ අයිතිවාසිකම් ලබානොදෙන තත්වයක් තුළ පසුගිය දින පැවැති හෙද විරෝධය හමුවේද ඒවා පාවාදී ඊට එරෙහිව කටයුතු කළ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපතිවරයා වෙනුවෙන් සෙත්පැතීමට ඉදිරිපත් වීම වෘත්තීය සමිතියකට නොවටිනා බව තවදුරටත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් මෙම කිරිඅම්මා දානය වෙනුවෙන් මුදල් එකගු කිරීමට රෝහල් සේවකයන්ගෙන් එල්ල වී ඇති බලවත් විරෝධය නිසා දැනට බොහෝ රෝහල්වල එය අත්හිටුවීමට සිදුවී ඇති අතර අපේක්‍ෂිත මුදල් එකතු කර ගැනීම සඳහා හෙද විදුහල් උපයෝගී කර ගැනීමට එහි සංවිධායකයන් කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ලැබී ඇත .
Post a Comment