The Most/Recent Articles

Showing posts with label terrorism. Show all posts
Showing posts with label terrorism. Show all posts

සහරාන් අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වා නෑ

පාස්කු ප‍්‍රහාරය සැලසුම් කළේ 2020 නිදහස් දිනයට - සී.අයි.ඞී. පරීක්‍ෂණවලින් හෙළිවෙයි


චමින්ද සිල්වා

පාස්කු දින ප‍්‍රහාරය එල්ල කළ අන්තවාදී ආගමික ත‍්‍රස්ත කල්ලිය එම ප‍්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ජාතික නිදහස් දින උත්සවයට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් සහ ආයුධ පුහුණුව ලැබූ කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දෙකක් සූදානම් කිරීමටත් නිදහස් දින උත්සවයට ප‍්‍රහාර එල්ල කරන ගමන් විදේශිකයන් රැුඳී සිටින සුඛෝපභෝගී හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් හෙළි වී තිබේ.



2020 ට පෙර පාස්කු දින ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුදු පිළිම කැඞීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත්, සමග සහරාන් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිකර ගැනීම නිසා බව ද පැවසේ. ත‍්‍රස්ත කණ්ඩායමක නායකයා ප‍්‍රථමයෙන් මියයෑම සිදුනොවන නමුත් සහරාන් විසින් නායකත්වය දී කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ට ආදර්ශයක් පෙන්නුම් කරමින් මියයන බවට පවසා බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි ද හෙළිකර ගෙන ඇත.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකුට චෝදනා දහයකට වඩා ගොනුකළ හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. එක් අයකුට එපමණ ප‍්‍රමාණයක් චෝදනා ගොනු වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ 800 කට අධික පිරිසකට අදාළව හා බුදු පිළිම කැඞීම, වනාතවිල්ලූව අවි අත්අඩංගුවට ගැනීම, වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර අවි පැහැර ගැනීම, කබීර් හෂීම් ඇමැතිවරයාගේ රියැදුරු නස්මින්ට වෙඩි තැබීම, තහනම් සංවිධානයක සාමාජිකයන් වීම ඇතුළු අපරාධ රැුසක් සම්බන්ධයෙන් බව ද හෙතෙම කීය. මෙම චෝදනා ගොනු කිරීම අත්අඩංගුවේ පසුවන බොහෝ පිරිසකට සිදුවනු ඇතැයි ඔහු කීය.

සහරාන් ඇතුළු කල්ලිය ත‍්‍රීමා ඇප් එක භාවිත කරමින් සම්බන්ධතා පැවැත්වීම නිසා ඔවුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීම ප‍්‍රමාද වූ බවත්, සහරාන් අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වා නැති බවත් හෙළිකර ගෙන ඇත. සිරියාවේදී අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සමග මියගිය පිරිස අතර සිටි ශ‍්‍රී ලාංකික පුරවැසියකු වූ නිලාම් නමැති පුද්ගලයා සහරාන් ත‍්‍රස්ත කණ්ඩායම සමග සබඳතා පවත්වා නැති බවත් නිලාම් මියයෑමෙන් පසු සහරාන් නිලාම්ගේ පවුලේ අය සමග අන්තර් ජාලය හරහා සබඳතා ගොඩනගාගෙන සිට ඇති බවත් හෙළිකර ගෙන ඇත. සහරාන් දැඩි ආගම් මතවාදියකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. ක‍්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා ලබාගෙන පුහුණු පංති පවත්වා ගෙන ගොස් ඇති බවත් හෙළි කරගෙන ඇත.

සහරාන් දැඩි ආගම්වාදියකු වුවත් ඔහු මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් නමැති මවුලවිවරයා බව ද හෙළිකර ගෙන ඇත. බුදු පිළිමවලට හානි කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයත් සහරාන් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයත් ඒකාබද්ධ වී ඇත්තේ අලූත්ගම හා දිගන සිද්ධිවලින් පසුව බව ද හෙළි වී තිබේ.

මේ වන වන විට පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටින අතර, මෙහි ආභාෂය ලැබූ තවත් අය ඇතැයි සැකකරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරයි.

- දිවයින


අයර්න් මවුන්ටන් වාර්තාව සහ සැප්තැම්බර් 11

අඛණ්ඩව යුද්ධය පවත්වාගෙන යෑමේ හැකියාව ස්ථාවර රජයක් සඳහා පදනමයි. දේශපාලන අධිකාරිය පොදුවේ පිළිගැනීමට එය පදනම සපයයි. 

කතුවැකිය 

ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩි ඝාතනය වීමෙන් පසු එම ධූරයට පත් වූයේ ඔහුගේ උප ජනාධිපති ලෙස සේවය කළ ලින්ඩන් ජෝන්සන්ය. 1969 ජනවාරි 20 වැනිදින වන තෙක් ජනාධිපති ධූරය හෙබවූ ජොන්සන් එක්සත් ජනපදයේ තිස්හය වන ජනාධිපතිවරයා විය. මෙම කාලවකවානුවේදී, මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෘතියක් ප්‍රසිද්ධ විය. "රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මෞන්ටන්" නමින් හඳුන්වනු ලැබුවේ එම කෘතිය ලෙනාඩ් සී. ලෙවින් විසින් ලියනු ලැබීය. මෙම කෘතියේ කරුණු සී.අයි.ඒ. ඇතුළු පෙන්ටගනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කොට ඇතත්, එම කෘතිය ඔස්සේ මතු කරනු ලැබූ මූලික කාරණා සහ කෘතියට පාදක වී ඇති සිදුවීම් ගැන අදටත් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති විවාදයක් තිබේ. 


"රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මෞන්ටන්" ප්‍රසිද්ධ වූයේ 1967 දීය. 1963 දී ලින්ඩන් පරිපාලනය විසින් විශේෂඥයින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  පත්කොට එක්සත් ජනපදයේ මූලික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරනු ලැබීය. එක්සත් ජනපදය සදාකාලික සාමකාමී තත්වයකට ඇතුළු වුවහොත් ඇතිවිය හැකි ගැටලු මොනවාදැයි සොයා බැලීම මෙම  විශේෂ අධ්‍යයන කණ්ඩායමේ අරමුණ විය. ඔවුන් යකඩ කඳුකරය ( අයර්න් මවුන්ටර්න්) නමින් හැඳින්වූ භූගත න්‍යෂ්ටික බංකරයක (මෙන්ම ලොව පුරා වෙනත් ස්ථානවල) හමු වූ අතර වසර දෙකක් පුරා අදාළ අධ්‍යනය කරනු ලැබුහ. මණ්ඩලයේ සාමාජිකයෙකු වූ මිඩ්වෙස්ට්හි පිහිටි විද්‍යාලයක මහාචාර්යවරයකු වන “ජෝන් ඩෝ” ( මෙය අන්වර්ථ නාමයකි.) වාර්තාව මහජනයාට නිකුත් කිරීමට තීරණය කළේය. 

අදාළ කමිටුවේ සාමාජිකයින්, අවසානයේ මෙවැනි නිගමනයකට පැමිණියෝය. "ආණ්ඩුවට බලය රැක ගැනීමට අවශ්‍යය වන්නේ නම්, යුද්ධයක් හෝ ඊට සම්බන්ධ වූ දෙයක් අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය වේ." අදාළ කෘතිය ලෝක අවදානය දින ගැනීම හේතුවෙන්, එහි කතුවරයාද තම කෘතිය හුදු ලියවිල්ලක් පමණක් බව 1972 දී ප්‍රසිද්ධියේ සඳහන් කරනු ලැබුවද අදටත් එහි අඩංගු කරණු ගැන බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබේ. මන්ද, එක්සත් ජනපදයේ මූලික විදෙස් ප්‍රතිපත්තියේ  හැඩතලයන් වල පදනමේ ස්වභාවය මෙම කෘතියේ අඩංගු වී ඇති බැවිනි.

පාදසටහන් විශාල වශයෙන් භාවිතා කොට සකස් කළ මෙම වාර්තාව නිගමනය කළේ, සාමය යනු ස්ථාවර සමාජයක වුවමණාව නොවන බවය. කල්පවත්නා සාමය (ලාස්ටින් පීස්) “සාක්ෂාත් කරගත හැකි වුවද, එය සාක්ෂාත් කර ගැනීම  සමාජයේ යහපතට හේතු නොවන” බව එම කණඩායම නිගමනය කළේය. යුද්ධය ආර්ථිකයේ කොටසකි. එබැවින් ස්ථාවර ආර්ථිකයක් සඳහා යුද රාජ්‍යයක් පවත්වාගෙන යෑම අවශ්‍ය වේ. න්‍යායාත්මක වූ රජය, යුද්ධයකින් තොරව නොපවතින අතර, ජාතික රාජ්‍යයන් පවතින්නේ යුද්ධ කිරීමෙනි. සාමූහික ආක්‍රමණය වෙනතකට හැරවීමේ වැදගත් කාර්යය යුද්ධය විසින් ඉටු කරන ලදි. යුද්ධයේ ආර්ථික කාර්යය සිදු කිරීම සඳහා “විශ්වසනීය ආදේශක” සහ “ලේ මිලක්” ( බ්ලඩ් මනි) ගෙවීමට ඔවුහු නිර්දේශ කළහ. යුද්ධයට රජය විසින් සැලසුම් කරන ලද විකල්පයන් අතර පිටසක්වල ජීවීන් පිළිබඳ වාර්තා, “නවීන තාක්‍ෂණය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අනුකූලව වහල්භාවයේ "සුහදශීලී ස්වරූපයක්" නැවත හඳුන්වාදීම, සහ - සුහදශීලී ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා විශේෂයෙන්  "පරිසර දූෂණය කිරීමේ විපාකය" වැනි දෑ භාවිතා කළ හැකි බව අදාළ අධ්‍යනය නිර්දේශ කරනු ලබූහ.

නම් සඳහන් නොකළ එක්සත් ජනපද රජයේ නිලධාරියෙකු එම වාර්තාවේ යථාර්ථය සනාථ කළ බව ඇතැම් ඇමෙරිකානු මාධ්‍යය වාර්තා කරනු ලැබීය. එම වාර්තාව ගැන සඳහන් මාධ්‍යය වාර්තා කියවූ පසු ජනාධිපති ජොන්සන්ට දවල් තරු පෙනුණු බව සඳහන් වේ. ජනාධිපතිවරයා එම වාර්තාව ඇතුළත් කෘතිය වහාම රට තුළ තහනම් කරන ලෙස නියෝග කළේය. ඊට අමතරව,  එම පොත එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්තියට කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කිරීමට ලොව පුරා පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙත උපදෙස් දෙනු ලැබීය.

"යුද්ධය යනු පුළුල් ලෙස උපකල්පනය කර ඇති පරිදි, මූලික වශයෙන් ජාතීන් විසින් ප්‍රකාශිත දේශපාලන සාරධර්ම හෝ ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා පුළුල් කිරීම හෝ ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ප්‍රතිපත්තියේ මෙවලමක් නොවේ. එම ප්‍රකට තර්කයට පටහැනිව, සියලු නූතන සමාජයන් ගොඩනඟා ඇති සංවිධානයේ ප්‍රධාන පදනම යුද්ධයයි. යුද්ධයට පොදු ආසන්නතම හේතුව වන්නේ එක් ජාතියක ජාතියක අභිලාෂයන් සමඟ මැදිහත් වීමයි. එහෙත් ජාතික අවශ්‍යතාවයේ පෙනෙන සියලු වෙනස්කම්වල මුල වන්නේ වරින් වර සන්නද්ධ ගැටුම් සඳහා යුද පද්ධතියේ ගතික අවශ්‍යතාය. යුද්ධයට ඇති සූදානම සමකාලීන සමාජ පද්ධති ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන ව්‍යුහයන්ට වඩා පුළුල් ලෙස සංලක්ෂිත වේ." (උපුටා ගැනීම: රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මවුන්ටන්)

එය තවදුරටත් මෙසේද සඳහන් කරන්නේය. "අඛණ්ඩව යුද්ධය පවත්වාගෙන යෑමේ හැකියාව ස්ථාවර රජයක් සඳහා පදනමයි. දේශපාලන අධිකාරිය පොදුවේ පිළිගැනීමට එය පදනම සපයයි. එමඟින් අවශ්‍ය පංති වෙනස පවත්වා ගැනීමට සමාජයන්ට හැකි වී ඇති අතර, ජාතිකත්වය පිළිබඳ සංකල්පයට ආවේණික වූ ඉතිරිව ඇති යුද බලතල මගින් පුරවැසියා රාජ්‍යයට යටත් කිරීම සහතික කර තිබේ. බාහිර යුද තර්ජනයක අඛණ්ඩ විශ්වසනීයත්වය පවත්වා ගැනීමට අපොහොසත් වීමෙන් පසු කිසිදු නූතන දේශපාලන පාලක කණ්ඩායමක් සිය ඡන්ද කොට්ඨාශය සාර්ථකව පාලනය කර නැත. (උපුටා ගැනීම: රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මවුන්ටන්)

මේ ආදී වශයෙන් මෙම වාර්තාව ලබා දෙන මූලික ඥාණයන් අතිශය තීරණාත්මක වේ. මෙම වාර්තාව ඇතුළත් කෘතිය ප්‍රසිද්ධ වූයේ අල්කයිඩා සංවිධානය විසින් ඇමෙරිකානු භූමිය මත සිදුකළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට වසර 34කට පෙරය. සැප්තැම්බර් 11  ප්‍රහාරය ලෙස හැඳින්වෙන එය පැවති සමාජ රටාව ක්‍රමිකව වෙනස් කරනු ලැබීය. 

අදාළ ප්‍රහාරය සිදුවන බවට අනතුරු ඇඟවීම් රාශියක් කොට තිබුණද එවකට බලයේ සිටි බුෂ් පරිපාලනයට එය වැළක්වීමට නොහැකි විය. ඉන් පසු, එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ කළ ආක්‍රමණය මේ වන විට සිරියාව දක්වා ඇදී තිබේ. ඒ අතර ලිබියාව ආදී රටවල පැවති පරිපාලනය වෙනස් කොට එක්සත් ජනපදය තම ප්‍රීතිය සමරනු ලැබීය. ලිබියානු ජනාධිපති ගඩාෆි මරාදැමීමෙන් පසු එහි ප්‍රීතිය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එනු ලැබුවේ හිටපු රාජ්‍යය ලේකම් හිලරි ක්ලින්ටන්ය.  පැහැදිලි ලෙසම ඔහුගේ ඝාතනය යුධ අපරාධයක් වුවද, සාදාරනය සහ යුක්තිය ගැන සිදුකරන සියලු ඇමරිකානු කටවල් ඒඅම අපරාධය ගැන නිහඬය. මන්ද මරා දමා ඇත්තේ ඔවුන්ගේ,"සතුරාය".  මේ වන විට ලිබියාව පමණක් නොව ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව මිහිපිට අපායන් බවට පත්කොට ඇත. ඇමෙරිකානු මැදිහත්වීමක් නොවනන්ට මෙම රටවල් "සොඳුරු ආඥාදායකයින්" යටතේ අදටත් සතුටෙන් සහ සාමයෙන් ජීවත් වනු ඇත. 

සැප්තැම්බර් 11 වැනිදින සිදු වූ ප්‍රහාරයට අදට වසර 18  කි. ගෙවී ගිය වසර 18 තුළදී සිදු වූ බොහෝ දෑ වලින් පෙනී යන්නේ 1967 දී ප්‍රසිද්ධ වූ අයර්න් මුවුන්ටන් වාර්තාවේ මූලික හරය එක්සත් ජනපදයේ අරමුණු දිනා ගැනීම සඳහා ඉතාම අවලස්සන ලෙස භාවිතා කොට ඇති ආකාරය නොවේද? ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්තවිරෝධය, සහජීවනය, එකට විසීම, ආදී සුන්දර වචන වලින් සැබෑ ඇමෙරිකානු  පරිපාලනයේ ඝෝර ගති සඟවා ඇත.  සඟවා ඇති එම ඇත්ත තුළ මනුෂ්‍යත්වය හෝ සාමය නැත. ඇත්තේ බලය ව්‍යාප්ත කිරීම සහ ඉලක්ක කරගත් රාජ්‍යයන් තුළ අසමගිය පතුරුවා හැර තම අධිකාරිය පවත්වා ගැනීමේ අමනුෂ්‍ය කමයි.  අපි සියල්ලෝම එහි ගොදුරු මිස සැබෑ නිදහස හිමි මිනිසුන් නොවෙමු. 

බින් ලාඩන්ගේ ප්‍රහාරයෙන් වසර 18 කට පසුද, අප හමුවේ ඇති සදාතනික සත්‍යය එය නොවේද? 

ඇමරිකාව: ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවෙන් මුල්ලාහ් ඔමාර්ගේ නම ඉවත් කෙරේ.

l කිෂානි වැලිවිටිගොඩ 

අත්‍යවශ්‍යම ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවට ඇතුලත් වී තිබු ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් නායක මුල්ලාහ් ඔමාර්ගේ නම ඇමරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්. බි. අයි. විසින් එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ දස වසරක පැවති යුද්දයෙන් පසුව තලෙයිබාන් කණ්ඩායම් සමග වොශින්ග්ටනයේ පැවති රහස් සාකච්චා වලින් පසුව බව පාකිස්තාන මාධ්‍ය වාර්තා වලින් හෙළිදරව් වේ. 


ගෙවී ගිය මාස කිහිපය තුල ඇෆ්ගනිස්තානු තලෙයිබාන් නායක ටයිබ් අඝා මුලිකත්වය ගෙන ඇමරිකානු නිලධාරින් සමග ජර්මනිය සහ කටාර් රාජ්‍ය තුලදී සාකච්චා පවත්වා තිබේ. එම සාකච්චා වලදී කියූබාවේ සිර භාරයේ සිටින තලෙයිබාන් හමුදාකරුවන් පස් දෙනෙකු කටාර් රාජ්‍ය වෙත මාරු කිරීමට එකඟතාවයකට පැමිණ තිබේ. මෙම ගනුදෙනුවට පසුව මුල්ලාහ් ඔමාර්ගේ නම ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

තලෙයිබාන් කණ්ඩායමේ නිර්මාර්තෘ වන මුල්ලාහ් ඔමාර් ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සමගම 2001 වර්ෂයේ සිට සැඟ වී සිටින පුද්ගලයෙකි.

බින් ලාඩන් ගමනක අවසානය ( සේයා රූ)

කිෂානි වැලිවිටිගොඩ

ඊයේ රාත්‍රියේදී ඉස්ලාමාබාද් නුවරට කිලෝමීටර් 60ක් නුදුරින් පිහිටි අබෝටාබඩ් හීදී අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් මිය ගියේය. ඒ විනාඩි 20 ක පමණ කාලයක් තිස්සේ ඇමෙරිකානු හමුදාව සහ බින් ලාඩන්ගේ සගයින් අතර ඇති වූ සටන් වලින් පසුය. සටනේදී බින් ලාඩන් ඇතුළු සිව් දෙනෙකු මිය ගිය බව ලැබෙන වාර්තා වල සඳහන් වේ. සේයාරූ වලින් දැක්වෙන්නේ සවුදි අරාබියේ ඉපදුනු බින් ලාඩන් පසුව ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී නායකයා බවට පත් වන ආකාරයයි.

2011 මැයි 02 : බින් ලාඩන් අවසන් වරට රැදී  සිටි ස්ථානය. පකිස්ථානයේ අබෝදාබාද් හීදී ඔහු මරුමුවට පත් විය.
2007 සැප්තැම්බර් 7 : බින් ලාඩන් නිකුත් කළ විදි පටයක් ඔහු පෙනී සිටි අයුරු
2006: ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ සිට නිකුත් කළ විදි පටයක් අල් ජසීරා රූපවාහිනියෙන්  විකාශනය වූ අයුරු
2001 ජනවාරි :  ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් හීදී තමන්ගේ පුතාගේ මංගල උත්සවයට සහභාගී වූ අයුරු
2000: බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේදී
1998 : තමන්ගේ දෙවැනියා වන අයිමන් අල් සවාරි සමඟ ඇෆ්ගනිස්ථානයේ කෝස්ට් හීදී පුවත් සාකච්චාවකට සහභාගී වූ අවස්තාව.
1998: ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පළාතේදී මාධ්‍යවේදීන්  හමු වූ බින් ලාඩන්. මේ වන විට අප්‍රිකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල දෙකකට ප්‍රහාර එල්ල කළ බවට ඔහුට චෝදනා එල්ල විය.
1998: ඇෆ්ගනිස්ථානයේ සිතියමක් ඉදිරියේ බින් ලාඩන් වාදී වී සිටින අයුරු
1989: ඇෆ්ගනිස්ථානයේ ජලාබාද් හී
1989 : ඇෆ්ගනිස්තන්යෙදී රුසියාවට විරුද්ධව සටන් කළ බින් ලාඩන්
1988 : ඇෆ්ගනිස්තානයේ ජලාබාඩ් හී ගල් ගුහාවක සිටින ඔසාම බින් ලාඩන් 
1985 : ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේදී ලබාගත් සේයාරුවකි
1971: ස්වීඩනයේ ෆලුන් හීදී ලබාගත් අදාළ සේයාරුවේ දකුණු පැත්තෙන් දෙවැනි ස්ථානයේ වාඩිවී සිටින්නේ බින් ලාඩන්ය. සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ පවුලේ ය ෆලුන් හී සංචාරය කරනු ලැබුවේ ඔහුගේ එක සහෝදරයකු වොල්වෝ සමාගම සමඟ ව්‍යාපාරික කටයුත්තක නිරත වූ අවස්ථාවේදීය.

Tell a Friend