ඇමරිකාව: ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවෙන් මුල්ලාහ් ඔමාර්ගේ නම ඉවත් කෙරේ.

l කිෂානි වැලිවිටිගොඩ 

අත්‍යවශ්‍යම ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවට ඇතුලත් වී තිබු ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් නායක මුල්ලාහ් ඔමාර්ගේ නම ඇමරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්. බි. අයි. විසින් එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ දස වසරක පැවති යුද්දයෙන් පසුව තලෙයිබාන් කණ්ඩායම් සමග වොශින්ග්ටනයේ පැවති රහස් සාකච්චා වලින් පසුව බව පාකිස්තාන මාධ්‍ය වාර්තා වලින් හෙළිදරව් වේ. 


ගෙවී ගිය මාස කිහිපය තුල ඇෆ්ගනිස්තානු තලෙයිබාන් නායක ටයිබ් අඝා මුලිකත්වය ගෙන ඇමරිකානු නිලධාරින් සමග ජර්මනිය සහ කටාර් රාජ්‍ය තුලදී සාකච්චා පවත්වා තිබේ. එම සාකච්චා වලදී කියූබාවේ සිර භාරයේ සිටින තලෙයිබාන් හමුදාකරුවන් පස් දෙනෙකු කටාර් රාජ්‍ය වෙත මාරු කිරීමට එකඟතාවයකට පැමිණ තිබේ. මෙම ගනුදෙනුවට පසුව මුල්ලාහ් ඔමාර්ගේ නම ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

තලෙයිබාන් කණ්ඩායමේ නිර්මාර්තෘ වන මුල්ලාහ් ඔමාර් ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සමගම 2001 වර්ෂයේ සිට සැඟ වී සිටින පුද්ගලයෙකි.