කිෂානි වැලිවිටිගොඩ
ඊයේ රාත්‍රියේදී ඉස්ලාමාබාද් නුවරට කිලෝමීටර් 60ක් නුදුරින් පිහිටි අබෝටාබඩ් හීදී අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් මිය ගියේය. ඒ විනාඩි 20 ක පමණ කාලයක් තිස්සේ ඇමෙරිකානු හමුදාව සහ බින් ලාඩන්ගේ සගයින් අතර ඇති වූ සටන් වලින් පසුය. සටනේදී බින් ලාඩන් ඇතුළු සිව් දෙනෙකු මිය ගිය බව ලැබෙන වාර්තා වල සඳහන් වේ. සේයාරූ වලින් දැක්වෙන්නේ සවුදි අරාබියේ ඉපදුනු බින් ලාඩන් පසුව ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී නායකයා බවට පත් වන ආකාරයයි.
2011 මැයි 02 : බින් ලාඩන් අවසන් වරට රැදී සිටි ස්ථානය. පකිස්ථානයේ අබෝදාබාද් හීදී ඔහු මරුමුවට පත් විය.
2007 සැප්තැම්බර් 7 : බින් ලාඩන් නිකුත් කළ විදි පටයක් ඔහු පෙනී සිටි අයුරු
2006: ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ සිට නිකුත් කළ විදි පටයක් අල් ජසීරා රූපවාහිනියෙන් විකාශනය වූ අයුරු
2001 ජනවාරි : ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් හීදී තමන්ගේ පුතාගේ මංගල උත්සවයට සහභාගී වූ අයුරු
2000: බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේදී
1998 : තමන්ගේ දෙවැනියා වන අයිමන් අල් සවාරි සමඟ ඇෆ්ගනිස්ථානයේ කෝස්ට් හීදී පුවත් සාකච්චාවකට සහභාගී වූ අවස්තාව.
1998: ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පළාතේදී මාධ්‍යවේදීන් හමු වූ බින් ලාඩන්. මේ වන විට අප්‍රිකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල දෙකකට ප්‍රහාර එල්ල කළ බවට ඔහුට චෝදනා එල්ල විය.
1998: ඇෆ්ගනිස්ථානයේ සිතියමක් ඉදිරියේ බින් ලාඩන් වාදී වී සිටින අයුරු
1989: ඇෆ්ගනිස්ථානයේ ජලාබාද් හී
1989 : ඇෆ්ගනිස්තන්යෙදී රුසියාවට විරුද්ධව සටන් කළ බින් ලාඩන්
1988 : ඇෆ්ගනිස්තානයේ ජලාබාඩ් හී ගල් ගුහාවක සිටින ඔසාම බින් ලාඩන්
1985 : ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේදී ලබාගත් සේයාරුවකි
1971: ස්වීඩනයේ ෆලුන් හීදී ලබාගත් අදාළ සේයාරුවේ දකුණු පැත්තෙන් දෙවැනි ස්ථානයේ වාඩිවී සිටින්නේ බින් ලාඩන්ය. සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ පවුලේ ය ෆලුන් හී සංචාරය කරනු ලැබුවේ ඔහුගේ එක සහෝදරයකු වොල්වෝ සමාගම සමඟ ව්‍යාපාරික කටයුත්තක නිරත වූ අවස්ථාවේදීය.













Post a Comment