The Most/Recent Articles

Showing posts with label TNA. Show all posts
Showing posts with label TNA. Show all posts
TNA

"දෙමළ ජාතික සන්ධානයට ගෞරවයක් ඇති කර දුන්නේ විමුක්ති කොටින්"

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විමුක්ති කොටින් සබැඳිව පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඒකමතිකව පිළිගන්නා ලදී. එය ජාත්‍යන්තර වශයෙන් දැඩි පසුබෑමක් ඇතිකර තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ජෙයානන්ද මූර්ති ප්‍රකාශ කර ඇත.

2012.12.07 වන දින පැවති අයවැය විවාදයේදී විමුක්ති කොටි සංවිධානය අවතක්සේරු කරමින් සම්බන්ධන් විසින් ප්‍රකාශයක් සිදුකර ඇති අතර, අපගේ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් බවත් ඒ හේතුවෙන් විනාශ වූ බවත් සම්බන්ධන් එහිදී ප්‍රකාශ කර ඇත.

මීට දශක තුනකට පෙර සිටම විමුක්ති කොටි සංවිධානය අපගේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජීවිත කැප කරමින් සටන් කරන ලදී. එහිදී 40,000කට අධික පිරිසක් මියගිය අතර ඔවුන් මහවිරුවන් බවට පත් විය. එපමණක් නොව ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාවට සමාන බලයක් ද තිබිණි. ඒ හේතුවෙන් අපගේ ජාතියට ආරක්ෂා සහිතව හිස ඔසවා ජීවත් වීමට හැකි වාතාවරණයක් තිබිණ.

එහෙත් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු අපගේ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධාන ලයිස්තුවට ඇතුලත් විය. ඒ පිළිබඳව අපගේ ජනතාව ජාත්‍යන්තරයට දැඩි විරෝධය දක්වන ලදී. තවමත් එම විරෝධතා පැවැත්වෙමින් තිබේ. විදෙස් රටවල විරෝධතාවයන් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවක දෙමළ ජනතාවගේ නියෝජිතයෙකු වන දෙමළ ජාතික සන්ධානයේ නායකයා පාර්ලිමේන්තුවේදී විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් බව ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තරය තුල අපට විශාල පසුබෑමක් ඇතිවීමට හේතුවී ඇත.

මෙය දෙමළ ජාතික සන්ධානයේ ඒකමතික තිරණයක්ද නැතහොත් සම්බන්ධන්ගේ පුද්ගලික අදහසක්ද යන සැකය ජනතාව තුල තිබුණත් වර්ථමානයේදී එම ප්‍රකාශය සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහසක් බව දැකිය හැක. කෙසේ වෙතත් සම්බන්ධන්ගේ මෙම ප්‍රකාශයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු කිසිඳු ප්‍රකාශයක් කර නොමැත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යන සියළු දෙනා සම්බන්ධන්ගේ ප්‍රකාශය පිළිගෙන ඇති බව අදහස් කල හැකිය.

සම්බන්ධන්ගේ ප්‍රකාශයට විරුද්ධ කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව එම මන්ත්‍රීවරුන් පැවසුවහොත් එය ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය බව හැඟි යයි. එසේ සම්බන්ධන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කලහොත්, එසේත් නොමැති නම් සත්‍ය ප්‍රකාශ කලහොත් අනාගතයේදී පක්ෂය වෙනුවෙන් මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ඔවුන් සිතනු ඇත.

නමුත් සෑම මන්ත්‍රීවරයෙක්ම තම අදහස් සිතෙහි තබාගෙන හෘද සාක්ෂියට අනුව කටයුතු කල යුතුයි. විමුක්ති කොටින් නොසිටියේ නම් නැතහොත් සන්ධානයක් බිහි නොවුනේ නම් මොවුන් ජනතාව විසින් තෝරාපත්කරගනීවිද? වර්ථමානයේදී ඔවුන් වෙත පවතින මෙම ගෞරවය ලැබෙනු ඇත්ද? මෙසේ සැපවත් ගත කිරීමට ලැබෙයිද? යනාදිය පිළිබඳව මොහොතක් සිතා බැලිය යුතුය. නිසි යහපත වෙනුවෙන් ජීවත් විය යුතුය. මෙම තනතුරු ඒ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත යුතු අතර, ආත්මාර්ථකාමීත්වය සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය. සම්බන්ධන් මෙතෙක් කාලයක් විවෘතව අදහස් ප්‍රකාශ කරමින් සිටියත් මේ වන විට සිංහල ජාතිවාදී අදහස් සහ සම්බන්ධන්ගේ අදහස් අතර කිසිඳු වෙනසක් නොමැත. මේ වන විට ජාත්‍යන්තරයෙන් එල්ලවී ඇති ජාති ඝාතනයන් සම්බන්ධ චෝදනා වලින් ශ්‍රී ලංකා රජය බේරා ගැනීමේ යටි අරමුණක් ලෙස ඔහුගේ මෙම ප්‍රකාශය සැලකිය හැකිය.

විශාල පසුබෑමක් ඇතිකර තිබෙන මෙම ප්‍රකාශය සම්බන්ධයෙනුත් ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනුත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිහඬව සිටීම ඔහුට තවත් රැකුලක් වේ. මෙම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිහඬතාවය දෙමළ ජනතාවට විශාල බලපෑමක් ඇති කර ඇති බවද ජෙයානන්ද මූර්ති ප්‍රකාශ කර ඇත.
www.sankathi24.com
 
TNA

දෙමළ සන්ධානයේන් LLRC වාර්තාවට ප්‍රතිචාර


උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසම මඟින් නිකුත් කළ වාර්තාවට පිටු 115 කින් සමන්විත විශ්ලේෂනාත්මක වාර්තාවක් පසුගියදා දෙමළ සංවිධානය විසින් නිකුත් කරනු ලැබීය. ලංකාවේ 50 කට අධික දේශපාලන පක්ෂ අතරින් මේ ආකාරයෙන් වඩාත් විමසීමට ලක්කළ යුතු මෙන්ම ප්‍රතිචාරයක් දැක්විය යුතු විශ්ලේෂණයක් ඉදිරිපත් කළ එකම පක්ෂය වන්නේ දෙමළ සන්ධානයයි. අදාළ වාර්තාවේ පුර්විකාවේ සිංහල පරිවර්තනය පහත දැක වේ. එසේම වාර්තාවේ විධායක සාරාංශයේ සිංහල පරිවර්තනයද ලංකා ගාර්ඩියන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබීය;


පූර්විකාව

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, සහ 2011 දෙසැම්බර් 16 වන දින එම වාර්තාව සම්බන්ධයෙන් දක්වන ලද පළමු ප්‍රතිචාරය නැවතත් පුනරුච්ඡාරනය කරමින්,

ශී්‍ර ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසය සහ ශී්‍ර ලංකාවේ දෙමළ කථාකරන ජනතාව වෙත, විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව වෙත නිරන්තරයෙන් එල්ල කරන ලද භෞතික, ව්‍යුහාත්මක සහ මානසික ප්‍රචණ්ඩත්වය සිහිපත් කරමින්,

ලබාදී ඇති වරදට දඬුවම් නොලබා නිදහස්වීමේ හැකියාව සහ මෙරටේ ජනකොටසක් වන මෙම ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කරනු ලබන ප්‍රචණ්ඩත්වය සහ එකී ප්‍රචණ්ඩත්වය මෙහෙයවීම, එයට පහසුකම් සැලසීම හෝ එසේ කිරීමට සැලසුම් සකස් කිරීමේදී ශ්‍රී ලංකා රාජ්‍ය ඉටු කරන භූමිකාව පිලිබඳව ලතැවෙමින්,

ස්වයං පාලනය, ගරුත්වය සඳහා වන දෙමළ ජනතාවගේ අන්සතු කළ නොහැකි අයිතිවාසිකම සහ සිය පූර්ණ හා සමාන පුරවැසිභාවය භුක්ති විඳීම සඳහා වන ඉල්ලීම් මෙම පිලියම් නොයොදන ලද ප්‍රචණ්ඩත්වයේ අඛණ්ඩ ඉතිහාසය මඟින් තවත් ශක්තිමත් වූ බව තිරසාර ලෙස ප්‍රකාශ කරමින්,

අවසානයේ සිවිල් යුද්ධයක් බවට පත්වූ ප්‍රචණ්ඩ නැගිටීම් මූලිකවම රජය විසින් දශක ගණනාවක පිලියම් නොයොදන ලද ප්‍රචණ්ඩත්වයන් සහ දෙමළ දේශපාලනික ඉල්ලීම් සිරකිරීම තුලින් දෙමළ තරුණයින් මුළාවට පත්කිරීම ඇතුළු විවිධාකාර වූ හේතූන් නිසාවෙන් මතුවූ ඒවා වන බව සිහියේ තබාගනිමින්,

දෙමළ කථාකරන ජනතාව තුල, විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර ජනතාව තුල නැවත විශ්වාසය ඇති කිරීම සහ ශ්‍රී ලංකා රාජ්‍ය සමඟ එම ජනතාවගේ සම්බන්ධතාවය ප්‍රතිනිර්මාණය කිරීම තුලින් මෙරටට විනාශයක් ගෙනදී ඇති ජනවාර්ගික ගැටළුවට කල්පවත්නා, ස්ථීර හා සාධාරණ විසඳුමක් ගොඩනැඟිය යුතු බව අවධාරනය කරමින්,

මෙරටේ සියළු ජනයාට සමාන තත්වයක් හිමිවන, රාජ්‍ය බලය වෙත වන ප්‍රවේශය, අවස්ථාව, යුක්තියට ඇති ප්‍රවේශය සහ ගරුත්වය භුක්ති විඳින අනාගතයක් අපේක‍ෂා කරමින්,

2009 වසරේ යුද්ධයේ අවසන් භාගයේදී රජයේ හමුදාවන්, එල්ටීටීඊ සාමාජිකයන් සහ විශේෂයෙන්ම දෙමළ සිවිල් වැසියන්ට සිදුවූ අතිමහත් ජීවිත විනාශය පිලිබඳව දුක්වෙමින්,

සිවිල් යුද්ධය තුලදී සන්නද්ධ දෙමළ සටන්කාමී කණ්ඩායම්වල කි්‍රයාකාරකම් හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්ට, රට තුල හා පිටත දේශපාලන නායකයින්ට වෙත සිදුවූ ජීවිත අහිමිවීම් සහ හානිවීම් අනුමත නොකරන අතරම හා ඒ පිලිබඳව කණගාටුව පළකරමින්,

යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ හමුදා කි්‍රයාන්විතය සිදුකෙරුනු ආකාරය වන්නියේ දෙමළ ජනතාව වෙත හිංසාකාරීත්වයක් නිර්මාණය කළ බවට ශ්‍රී ලංකාවේ වගවීමේ කි්‍රයාවලිය පිලිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කමිටුවේ අධිගමනයන් පුනරුච්ඡාරනය කරමින්,

රාජ්‍ය පිලිබඳව දෙමළ ජනතාව තුල විශ්වාසයක් නිර්මාණය කිරීම සහ කල්පවත්නා දේශපාලන විසඳුමක් වෙත අප රැගෙනයාම සඳහා බරපතල උල්ලංඝනය කිරීම් පිලිබඳ වගවීමක් සහිත අවංක ප්‍රතිසන්ධාන කි්‍රයාවලියක අවශ්‍යතාවය අවධාරනය කරමින්,

අවංක ප්‍රතිසන්ධාන ක්‍රියාවලියකදී සත්‍යය පිලිගනු ලැබීම, වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීම සහ ඔවුනට ප්‍රමාණවත් හානිපුරණයක් සිදු කිරීම මඟින් එකී යුධ වින්දිතයන් එම ක්‍රියාවලියේ පදනම බවට පත්විය යුතු බව තරයේ කියා සිටිමින්,

චෝදනාවන් එල්ලවී ඇති යුධ අපරාධ සංයුක්ත කරන ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම සහ වෙනත් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වන වගවීමේ ගැටළු සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් පුර්ණ වශයෙන් පිලිතුරු සපයනු ඇති බවට ශ්‍රී ලංකා රාජ්‍ය ලබාදුන් සහතිකය නැවත සිහිපත් කරමින්,

රාජ්‍යයන් පිලියම් යෙදීමට අපොහොසත් හෝ එසේ නොකරන බරපතල අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් අදාල වන්නාවූ අන්තර්ජාතික නෛතික ප්‍රතිකර්මයන් සහ අනුපූරකතා මූලධර්මය පිලිබඳව දැනුවත්ව,

යුද්ධයේ අවසන් අදියරේදි පීඩාවන්ගේ ගොදුරු බවට පත්වූවන්ගේ විශ්වාසය දිනාගැනිමට සමත් ප්‍රතිසන්ධානය සඳහා වන ප්‍රමාණවත් හා විශ්වාසනීය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දක්වනු ලැබ ඇති අසමර්ථභාවය පිලිබඳව කලකිරීමට පත්ව,

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමසම් වාර්තාවේ නිර්දේශයන් පොදුවේ ශී්‍ර ලංකාවේ වගවීම ඉදිරියට ගෙනයාමට ප්‍රමාණවත් නොවන්නේය යන ආස්ථානයට අගති විරහිතව වගවීම සම්බන්ධයෙන් නොවන නමුත් එම වාර්තාවේ අන්තර්ගත සමහර ධනාත්මක නිර්දේශයන් පිලිගනිමින් සහ එවැනි නිර්දේශයන් ක්‍රියාවේ යෙදවීම සඳහා වන අවංක උත්සාහයන්ට සහය පළකරමින්,

මෙතෙක් පටන් දක්වනු ලබන හේතූන් නිසාවෙන් වගවීම පිලිබඳ වැදගත් ප්‍රශ්ණ සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පිලිතුරු නොසපයන බවත්, එය බරපතල අපරාධ සඳහා වගකිවයුතු සිවිල් හා හමුදා නායකයින් ඒ පිලිබඳව වන දෝෂාරෝපණයන්ගෙන් ආරක‍ෂා කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය කොට ඇති බවත්, වගවීම පිලිබඳ ගැටළු පිලිගැනීම සහ පිලියම් යෙදීමට ශ්‍රී ලංකා රාජ්‍යයේ නොකමැත්ත දක්වා සිටින්නක් වන බවටත් දෙමළ ජාතික සන්ධානය විසින් නිගමනය කරනු ලබයි.



TNA

දෙමළ සංධානයේ LLRC විශ්ලේෂණය

| දෙමළ ජාතික සන්ධානය

යුද්ධයේ ගොදුරු බවට පත්වූවන් අතුරින් වැඩි බලපෑමකට ලක්වූවන්ගේ නියෝජිතයින් ලෙස දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රතිසන්ධානයක් ඇතිකිරීමට නම් සත්‍ය, යුක්තිය හා හානිපූරනය මත පදනම්වූ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සහතික කෙරෙන විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියක් අවශ්‍යය යන මතයේ අඛණ්ඩව සිට ඇත. 2010 මැයි 15 වන දින ජනාධිපතිවරයා විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම නම් කරනු ලැබූ අතර එම කොමිසම වගවීම සම්බන්ධ ගැටළු පිලිබඳව කටයුතු කරනු ඇතැයි ලෝකයට කියා පාන ලදී.

මුලතිවු සහ කිලිනොච්චියේ කච්චේරිවල සංඛ්‍යා ලේඛණයන්ට අනුව 2008 ඔක්තෝබර් මාසය වන විට වන්නියේ ජීවත්වූ පිරිසගේ සංඛ්‍යාව 429,059 ක් ලෙස මන්නාරම අගරදගුරුතුමන් විසින් දක්වා සිටින ලද අතර, මුලතිවු උපදිසාපතිවරිය සාක‍ෂි දෙමින් කියා සිටියේ තමන්ගේ දැනුමට අනුව 2009 ජනවාරිවන විට පුතුමාතලන් යුධ මුක්ත කලාපයේ රැඳී සිටි සිවිල් වැසියන් සංඛ්‍යාව 360,000 ක් පමණ වූ බවයි. වන්නියේ සිට රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණි සිවිල් වැසියන් සංඛ්‍යාව 282,380 ක් වූ බැවින් 75,000 ක් හා 146,679 ක් අතර පිරිසක් පිලිබඳව තවදුරටත් කිසිදු විස්තරයක් නොමැත.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ කියාවලිය හා පරිචයන් දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අසමත්ව ඇත. වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාල වන්නාවූ අන්තර්ජාතික ප්‍රමිතීන් තෘප්ත කිරීමටද කොමිසම අසමත්ව ඇත.

සාමාජිකත්වයේ ජනවාර්ගික අසමතුලිතතාවය, බැඳියාවන් පිලිබඳ ගැටුම් සහ බැලුබැල්මට සාමාජිකයන්ගේ ස්වාධීනත්වයක් නොමැතිවීම, පොදුවේ අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය පිලිබඳ සාමාජිකයන්ගේ ප්‍රවීණත්වය අල්පවීම, වින්දිතයන්ගේ නියෝජිතයන් සමඟ හෝ පුළුල්ව දෙමළ ප්‍රජාව සමඟ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ විධිනියෝගය සම්බන්ධයෙන් කවර හෝ අදහස් විමසීමක නිරත නොවීම යනාදිය හේතුකොටගෙන කොමිසමේ ස්වාධීනත්වය හා ශක්‍යතාවය පිලිබඳ බරපතල සැක සංකාවන් ඇති කරවයි.

තවද, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රමවේදය තුල වින්දිතයන්ගේ ද්‍රෘෂ්ඨිකෝණයන් සඳහා ලබාදුන්නේ සාපේක‍ෂව අඩු වැදගත්කමකි. නිදසුනක් ලෙස කොළඹ හා අනෙකුත් දිස්ත්‍රික්කයන්හි සාක‍ෂි එක්රැස් කිරීම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ගතකළ කාළයට සාපේක‍ෂව උතුරේ හා නැගෙනහිර ඒ සඳහා ගතකළ කාළය ප්‍රමාණවත් නොවීම ඉතා කණගාටුදායකය. කොළඹ සාක‍ෂි ලබාගැනීම සඳහා දින හතලිස් පහත් රැස්වීම හා සසඳා බලන කල උතුරේ හා නැගෙනහිර ඒ වෙනුවෙන් ගතකළ මුළු දින ගණන දින විසි දෙකක් පමණකි. සාක‍ෂිකරුවන්ගේ සාක‍ෂි ලබාදීම් සිමා කිරීමට හේතුව ලෙස කොමිසම නිතර දක්වා සිටියේ ඒ සඳහා ප්‍රමාණවත් කාළයක් නොමැති බවයි.

සාක‍ෂිකරුවන්ට ආරක‍ෂාව සැපයීම සඳහා වන ඵලදායී වැඩසටහනක්ද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම සතු නොවුනි. සාක‍ෂිකරුවන්ගේ ආරක‍ෂාව පිලිබඳව කොමිසමේ සාමාජිකයන් දරන ලද ආකල්පය තත්වයන් තවත් නරක අතට හැරීමට හේතුවිය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ කාර්යයන් නිමා වීමෙන් පසුව තමන්ට ඇතිවිය හැකි තර්ජනයන් සහ කොමිසමේ සාමාජිකයන් පමණක් සිටියදී ලබාදෙන ප්‍රකාශයන්හි රහසිගතභාවය පිලිබඳව සාක‍ෂිකරුවන් පැමිණිලි කිරීමේදී ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම ප්‍රත්‍යක‍ෂ වශයෙන් සාක‍ෂිකරුවන්ගේ ආරක‍ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් බරපතල අනතුරුදායක බවක් නිර්මාණය කරන ලදී. වධහිංසාවට ලක්කිරීම හා ලිංගික අඩන්තේට්ටම් කිරීම පිලිබඳව පැමිණිලි කළ කල්මුණේ ප්‍රදේශයේ එක් සාක‍ෂිකාරියක පසුව අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවේ හතරවන තට්ටුවට කැඳවනු ලැබීම මෙයට එක් නිදසුනකි. යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල කරන්නන් කෙරෙහි ශ්‍රීලංකාව තුල පවත්නා එදිරිවාදී පරිසරය තුල රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුධ අපරාධ හා සම්බන්ධ බවට සාක‍ෂි ලබාදෙන සාක‍ෂිකරුවන්ගෙන් පලිගැනීමක් නොකරනු ඇති බවට සාක‍ෂිකරුවන් හා වින්දිතයන් තුල විශ්වාසයක් නිර්මාණය කරනු නොලබන්නේ නම් කවර හෝ වගවීමේ යන්ත්‍රණයක් නිරර්ථක බවට පත්වනු ඇත. තවද මේ වන විට විදේශයන්හි ජීවත්වන ඇසින් දුටු සාක‍ෂිකරුවන්ගේ සාක‍ෂි වීඩියෝ මාර්ගයෙන් ලබාගැනීමට යොමුනොවීම පලිගැනීමට ලක්වීම පිලිබඳ බියෙන් නිදහස්වූ මෙම අයවළුන්ගේ සාක‍ෂි උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමෙන් බැහැර කිරීමට හේතුවිය.

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ උල්ලංඝනයවීම් පිලිබඳ අවංක වගවීමක් නිර්මාණය කිරීමේ කාර්යය සඳහා ප්‍රමාණවත් සම්පත් හෝ කාර්ය මණ්ඩලයක් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම සතු නොවීය. තවද, උතුරේ හා නැගෙනහිර සාක‍ෂිකරුවන්ගේ සාක‍ෂි ලබාගැනීම සඳහා වෙන්කළ සැසිවාරයන් ගණන ප්‍රමාණවත් නොවූ බැවින් සාක‍ෂිකරුවන්ට සිය සාක‍ෂි ලබාදීමට ලැබුණු කාළය ප්‍රමාණවත් නොවීය. බොහෝ අවස්ථාවන්හිදී සාක‍ෂී දීමට බලාපොරොත්තුවූවන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබුණු අතර ඔවුන්ට හුදෙක් සිය අදහස් කොමිසම වෙත ලිඛිතව එවන ලෙසට දන්වා සිටීම පමණක් සිදුකෙරින.

වසරකටත් පෙර නිකුත් කෙරුනු උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අන්තර්කාලීන නිර්දේශයන් තවමත් අර්ථවත් ලෙස ක්‍රියාවට නංවනු ලැබ නොමැත. ඒවා ක්‍රියාවට නැංවීම සහතික කරනු පිණිස නම් කරනු ලැබූ අන්තර් ආයතනික උපදේශක කමිටුව විසින් නිකුත් කරනු ලැබූ ප්‍රගති වාර්තාව මඟින් අනාවරනය වන්නේ සැබෑ ප්‍රගතියක් නොමැතිය යන්න මිස අන් යමක් නොවේ. මෙම අන්තර්කාලීන නිර්දේශයන් ක්‍රියාවට නැංවිමට රජය අසමත්වීම විසින් සංඥාකරනු ලබන්නේ, එසේත් නැතිනම් තහවුරු කරනු ලබන්නේ කොමිසමේ අවසන් නිර්දේශයන් ක්‍රියාවට නැංවීමට රජය තුල ප්‍රමාණවත් කැපවීමක් නොමැති බවයි.

නීතිය පිලිබඳ ගැටළු ඇතුළු කාරණාවන් ගණනාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කොටගෙන 2011 දෙසැම්බර් 16 වන දින පාර්ලිමේන්තුව හරහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කෙරුනි. නමුත් යුධ අපරාධ හා මානව වර්ගයාට එරෙහි ආපරාධ ස්ථාපිත කෙරෙන අන්තර්ජාතික මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ලවූ විශ්වාසනීය චෝදනාවන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් නොතකාහැර ඇත. වන්නියේ සිටි සිවිල් වැසියන් වෙත ආහාර හා ඖෂධ ලැබීම වැලැක්වීම පිණිස වුවමනාවෙන්ම එම පිරිස අඩුවෙන් තක්සේරු කිරීම, යුධ මුක්ත කලාපයන්හි රැඳී සිටි සිවිල් වැසියන්ගේ ජීවිත වුවමනාවෙන්ම හෝ නොසැලකිලිමත් ලෙස අනතුරේ හෙලීම, රෝහල් ඇතුළු සිවිල් වස්තූන් ඉලක්කකොට පහරදීම, භාර වන්නන් ඝාතනය කිරීම හෝ අතුරුදන් කිරීම යනාදී චෝදනාවන් මේ අතර වේ.

ඉහත චෝදනාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිලිබඳ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ප්‍රවේශය සහ ක්‍රමවේදය හේතු දෙකක් නිසා දෝෂ සහගත විය: (1) තෝරාගත් සාක‍ෂි පමණක් යොදාගැනිම (2) කරුණු සඳහා නීතිය අදාල කිරීමට අසමත්වීම.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම උතුරු හා නැගෙනහිර සේවය කළ රජයේ වෛද්‍යවරුන්ගේ සාක‍ෂි නොයෙක්වර උපුටා දක්වන්නේ එම වෛද්‍යවරුන් සාක‍ෂි ලබාදුන් සන්දර්භය අදාලකර නොගනිමිනි. එනම් යුද්ධයේ අවසන් අදියරේ පැවැති තත්වය පිලිබඳ කලින් ඔවුන් විසින් ලබාදුන් ප්‍රකාශයන් ප්‍රසිද්ධියේ බැහැර කරනු ලැබීමෙන් පසුව ඔවුන්ව උත්අඩංගුවට ගනු ලැබීය යන්නයි. එබැවින් මෙම වෛද්‍යවරුන් විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම වෙත ලබාදුන් සාක‍ෂිවල විශ්වාසවන්ත බව බෙහෙවින්ම ප්‍රශ්ණ සහගතය. එමෙන්ම නියමුවන් රහිත යානා මඟින් ලබාගත් ගුවන් දර්ශන වැනි ඉතා තීරණාත්මක සාක‍ෂි කැඳවීමට කොමිසම අසමත්විය. විශේෂයෙන් සෑම ප්‍රහාරයක්ම වීඩියෝ පටිගත කිරීම් සිදුකරනු ලැබූ බවටත්, අණදෙන නිලධාරීන්ගෙන් නිල අනුමැතිය සහිතව ප්‍රහාර එල්ල කරනු ලැබූ බවටත් ආරක‍ෂක අංශ සාක‍ෂිකරුවන් විසින් පිලිගෙන තිබියදී ගුවන් ප්‍රහාර පිලිබඳ වීඩියෝ පට සහ මිලිටරි ලොග් සටහන් කැඳවනු නොලැබුණි. මුලතිවුහි උපදිසාපති ලෙස කටයුතුකළ ඉමෙල්ඩා සුකුමාර් විසින් සපයනු ලැබූ ජනගහන තක්සේරු කෙරෙහි හෝ අන්තර්ජාතික නියෝජිතායතනයන් වෙතින් ආහාර ඉල්ලා සිටීමෙන් වලකින ලෙසට නියම කරමින් වන්නියේ උපදිසාපතිවරුන් වෙත අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් එවන ලද ලිපියේ අව්‍යාජභාවය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම අසමත්ව ඇත. එමෙන්ම 2009 පෙබරවාරි මැද භාගයේදී වන්නියේ ජනගහනය ඛෙහෙවින්ම අවතක්සේරු කරමින් ආරක‍ෂක අමාත්‍යාංශය විසින් නිවේදන නිකුත්කර ඇතිය යන කාරණය කොමිසම විසින් සැලකිල්ලට ගෙන නොමැත. එවැනි නිවේදනයන් විසින් වන්නියේ කුසගින්නේ දැවෙමින් සිටි ජනතාව වෙත ආහාර ළඟාවීම වැලැක්වීම සඳහා රජයේ පැත්තෙන් දරන ලද්දාවූ ක්‍රමික උත්සාහයක් පිලිබඳව ඇඟවීම් කරන අතර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් එය ඉතා සියුම්ව විභාගකොට බැලිය යුතුව තිබින.

එමෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කරුණු සඳහා නිවැරදි අයුරින් නීතිය අදාල කිරීමටද අසමත් වෙයි. අන්තර්ජාතික මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම් සිදුවීමේ වියහැකියාවන්

සමීපව ගැඹුරින් කිරීමටත්, සිදුව ඇති බවට විශ්වාසනීය ලෙස චෝදනා එල්ල වී පවතින උලලංඝනය කිරීම් පිලිබඳ ජාත්‍යන්තර අපරාධ නීතිය තුල වන ප්‍රතිපාදනයන් කෙරෙහි අවධානය යොමු කිරීමටද එය අසමත් වෙයි. කොමිසම වැරදි සහගත ලෙස අන්තර්ජාතික මානුෂවාදී නීතිය තුල "සිවිල් වැසියා" සහ "සිවිල් ජනතාව" පිලිබඳව වන අර්ථ නිරූපනයන් අපහැදිලි බව කියා සිටියි. පළමුව අන්තර්ජාතික මානුෂවාදී නීතිය තුලින් "සිවිල් වැසියා" යන්නට නිසි අර්ථ නිරූපනයක් සොයාගැනීම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම එදිරිවාදී ක්‍රියාවන්හි ඍජු හා අඛණ්ඩ සහභාගීත්වය පිලිබඳ අර්ථනිරූපනය සහ එය ක්‍රියාවට නංවනු ලබන ආකාරයන් විභාග කළ යුතුව තිබිණ. එපමණක් නොව එදිරිවාදී ක්‍රියාවන් සඳහා ඍජු සහභාගීත්වයක් දැරීම යන උපමානය තෘප්ත කිරීමට අසමත් කවරකුවුව "සිවිල් වැසියකු" බවත්, ඔහු හෝ ඇය ඉලක්ක කළ නොහැකි බවත් අන්තර්ජාතික මානුෂවාදී නීතිය පැහැදිලිව දක්වයි. නීතිය පිලිබඳ අවධානය යොමු කරනු වෙනුවට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ශ්‍රී ලාංකිය අත්දැකීමේ "පෙර නොදුටුවිරූ" ස්වභාවය පිලිබඳව දක්වමින් අවධානය වෙනතක යොමු කරීමට උත්සාහ කරයි. එසේවතුදු "එදිරිවාදී ක්‍රියාවන්හි ඍජුුව සහභාගී නොවීම" යන සංකල්පය අර්ථ නිරූපනය කරනු පිණිස අදාල කරගනු ලබන උපමානය ශ්‍රී ලාංකීය තත්වයට අදාල නොවන්නේ ඇයිද යන්නට හේතු නොදක්වයි. එපමණක් නොව සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාරයන් පූර්ණ වශයෙන් තහනම් කිරීම "වැඩිවශයෙන් සිවිල් වැසියන්ගෙන් සමන්විත" ජනගහනයක් දක්වා පැතිරෙන බවත්, සිවිල් ජනකාය තුල සිවිල් වැසියන් යන අර්ථනිරූපනය තුලට නොගැනෙන තැනැත්තන් (එනම් සටන්කරුවන්) රැඳී සිටි පමණින් එකී ජනකායේ සිවිල් වැසියන් යන තත්වය අහිමි නොවන බවත් තීරණය කරනු ලැබූ කලින් පැවැති යුගෝස්ලෝවියාව සඳහා වූ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නීති මීමාංසය සලකා බැලීමට කවර හෝ උත්සාහයක් නොදරයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිගමනය වන්නේ රජයේ ආරක‍ෂක අංශ යුධ මුක්ත කලාපයේ රැඳී සිටි සිවිල් වැසියන් හිතා මතා ඉලක්ක නොකල බවය. එල්ටීටීඊය යුධ මුක්ත කලාපය තුල ජනතාව සමඟ මිශ්‍ර වෙමින් ඔවුන් එම ප්‍රදේශයෙන් පිටතට යාම වලකාලු බවට විශ්වාසනීය සාක‍ෂි පවතින නමුත් කොමිසම පිලිගන්නා එකම ආඛ්‍යානය වන්නේ රජයේ ආරක‍ෂක අංශ විසින් සිදුකරන ලද්දේ හුදෙක් යුධ මුක්ත කලාපයේ සිට එල්ටීටීඊ ය විසින් එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීම පමණක්ය යන්න පමණි.

පළමුව, කිසියම් ප්‍රහාරයක් යුක්තිසහගත හමුදාමය ස්ථාපිතයක් හා යුක්ති සහගත නොවන සිවිල් ජනකායක් යන දෙකම එකවර ඉලක්ක කෙරෙන විට එම ප්‍රහාරය යුක්ති සහගත නොවන බවට සලකනු ලබන පිලිගත් අන්තර්ජාතික මානුෂවාදී නීති මූලධර්මයන් එය නොසලකා හරියි.

දෙවනුව, ගැටුමේ ගොදුරු බවට පත්වූවන් ඉදිරිපත් කරන විවිධාකාර විස්තර සහ විශේෂයෙන්ම යුධ මුක්ත කලාපය තුල සුතන්තිරපුරම් මංසන්ධියේ පිහිටා තිබූ එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය වෙත පහරදීම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම වැඩි කැමැත්තක් දක්වන "එල්ටීටීඊ ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම" යන අසාධාරණ සාමාන්‍යකරණය කරන ලද ආඛ්‍යානය හා ගැලපීමට අසමත් වෙයි.

තුන්වනුව, ආරක‍ෂක අංශයන්හි ක්‍රියාකලාපය සමානුපාතිකතාවය පිලිබඳ මූලධර්මයන්ට අනුකූල වන බවට කොමිසම වැරදි නිගමනයක් කරයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ප්‍රහාරයන් සමානුපාතික බවට වන සිය නිගමනයට එළැඹෙන්නේ පූර්වාපේක‍ෂිත හමුදාමය වාසිසහගත බව හා සිවිල් මරණ සන්තුලන පරීක‍ෂාව අදාල කරමින් නොවේ. එක් එක් ප්‍රහාරයකින් අනතුරටපත් සිවිල් වැසියන් සංඛ්‍යාව පිලිබඳ සාධාරණ තක්සේරු කිරීමකින් තොරව මෙම පරීක‍ෂණය නිසි ආකාරයෙන් කි්‍රයාවට නැංවීම කළ නොහැකිය. තවද, විශේෂයෙන්ම දෙවන හා තුන්වන යුධ මුක්ත කලාපයන්හි සිවිල් වැසියන්ට සිදුවූ අනතුරු අවම කිරීම සඳහා බර අවි යොදා ගැනීම වෙනුවට ආරක‍ෂක හමුදාවන්ට වෙනත් විකල්පයන් යොදා ගැනීමේ හැකියාව තිබුණේද යන්න පිලිබඳව කොමිසම ගැඹුරු විමර්ෂනයකට ලක් නොකරයි. ආයෝජන ආරවුල් සමථකිරීමේ අන්තර්ජාතික මධ්‍යස්ථානය විසින් 1990 දී දක්වන ලද අප්‍රකට හා අනදාල පූර්වාදර්ශයන් මාලාවක් උපුටා දක්වමින් යුද්ධය සිදුවූ සියළු තත්වයන් ප්‍රතිනිර්මාණය කිරීම කළ නොහැකිය යන නිගමනයට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම එළැඹෙයි. නමුත් ඉලක්කයකට පහරදීමට පෙර අපේක‍ෂිත ප්‍රත්‍යක‍ෂ හා ඍජු හමුදාමය ජයග්‍රහණයට සමානුපාතිකව එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවිය හැකි ජීවිත අහිමිවීම්, සිවිල් වැසියන්ට හානි සිදුවීම්, සිවිල් දේපලවලට හානි සිදුවීම් හෝ මේ සියල්ලේ සම්මිශ්‍රණයක් සිදුවේද යන්න අණදෙන නිලධාරීන් විසින් සලකා බැලිය යුතු බවට යුගෝස්ලෝවියාව සඳහා වූ අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් ලබාදෙන ලද නොඛෙදුනු තීන්දුව උපුටා දැක්විමට කොමිසම අසමත්වේ. යුගෝස්ලොවියාව සඳහා වූ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ තීරණයවූයේ එවැනි හානි සිදුවන බව අපේක‍ෂා කළහැකි නම් ප්‍රහාරය සිදු නොකළ යුතු බවය.

තවද, දෙවන හා තෙවන යුධ මුක්ත කලාපයන් ඒකපාර්ශ්විකව ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රතිඵලයන් තක්සේරු කිරීමටද උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසම අසමත් වෙයි. පළවන යුධ මුක්ත කලාපයේදී ලද අත්දැකිම් සහ සිවිල් වැසියන් හා සම්මිශ්‍රණයවීමේ එල්ටීටීඊ යේ උපක්‍රමය පිලිබඳ අත්දැකිම් තුල සිවිල් වැසියන් බරපතල අන්තරායකට අනාවරනය වීමට විශාල ඉඩක් ඇති බව රජය විසින් දෙවන හා තෙවන යුධ මුක්ත කලාපයන් ප්‍රකාශයට පත්කිරීමේදී හොඳින්ම දැන සිටියේය යන්න ඉතා පහසුවෙන් අනුමාන කළ හැක. යුධ මුක්ත කාලපයන් තුල එල්ටීටීඊ ය රැඳී සිටීම නිසා ඒවා ප්‍රහාරයට ලක්විය හැකි බව දනිමින්ම නැවත නැවතත් යුධ මුක්ත කලාපයන් ප්‍රකාශයට පත්කිරීමෙන් රජය වුවමනාවෙන්ම හෝ නොසැලකිලිමත් ලෙස සිවිල් වැසියන් අනතුරේ හෙලන ලද්දේය යන චෝදනාවට මෙම අනුමානය විශ්වාසනීයත්වයක් ලබාදෙයි.

රජයට එරෙහි සියළු චෝදනාවන් පිලිබඳ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සමස්ථ විශ්ලේෂණය අතිමත් පරස්පරතාවන් විශද කරන්නකි. එක් අතකින් ආරක‍ෂක හමුදා සෑම ප්‍රහාරයක්ම ඉතා පරෙස්සම් සහගතව සැලසුම් කළ බවත්, යුධ මුක්ත කලාපය තුල සිවිල් වැසියන් රැඳී සිටින ස්ථාන පිලිබඳ ඉතාම නිරවද්‍ය ලෙස දැනුගැනිම සඳහා නවීන ක්‍රමවේදයන් භාවිතා කළ බවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පිලිගනී. අනෙක් අතට සිදුවූ සිවිල් මරණ අනධ්‍යාශිකව සිදුවූ ඒවා වන බවත් ඒවා සිදුවූයේ තෝරාගැනීමට වෙනත් වික්ලපයක් නොමැති පෙර නොවූ විරූ තත්වයක් තුලදී බවත් කියාසිටියි. එල්ටීටීඊ යේ කාලතුවක්කු ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ තීරණයන් ගනු ලැබූයේ එතැන්හි කටයුතුකළ ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් ඉතා ඉක්මන් හා කලබලකාරී තත්වයන් මත වන බැවින් දෙවරක් සිතීමට අවස්ථාවක් නොවූ බවට කොමිසම නිගමනය කරයි. අතිශයින්ම අතාර්කික මෙම විශ්ලේෂණය තුලින් නිරූපනය වන්නේ රජයට එරෙහිව පවත්නා චෝදනාවන් පිලිබඳව අවංකව විමර්ෂණය කිරීමට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ඇති පසුබට බවයි.

ආරක‍ෂක හමුදාවන් වුවමනාවෙන්ම රෝහල් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බවට වන චෝදනාවන් සම්බන්ධයෙන් වන උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ විශ්ලේෂණය සම්බන්ධයෙන්ද මෙම විවේචනයම එල්ල කළ හැක. රෝහල් ෂෙල් ප්‍රහාරයන්ට ලක්වූයේය; යන කරුණ පිලිගන්නා කොමිසම තාක‍ෂණික ප්‍රාථමික සාක‍ෂි නොමැතිවීම හේතුවෙන් මෙම ෂෙල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කවර පාර්ශ්වය වගකිව යුතුද යන්න පිලිබඳ නිශ්චිත නිගමනයකට එළැඹිය නොහැකි බවට නිගමනය කරයි. සිවිල් වැසියන්ට වන හානි අවම කිරීම සඳහා ආරක‍ෂක අංශ විසින් ගනු ලැබූ බවට දක්වන පුර්වාරක‍ෂාවන් දෙස බැලිමේදී මෙම ආස්ථානය පිලිගත හැක්කක් නොවේ. සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ඔවුන්ගේ සංචලනයන් නිරීක‍ෂණය කළහැකි වන පරිදි බොහෝවිට "තත්‍ය කාළයේ" ගැටුම් කළාපය නිරීක‍ෂණයට හැකියාව පවත්නා නිරීක‍ෂණ උපකරණ ආරක‍ෂක අංශ සතුව පැවැති බවට කොමිසම ඉදිරියේ සාක‍ෂි ඉදිරිපත් විය. නමුත් එවැනි නිරීක‍ෂණ පටිගත කිරීම් සාක‍ෂි ලෙස කැඳවීමට හෝ රෝහල් වෙත ෂෙල් ප්‍රහාර එල්ලවිම පිලිබඳ වැඩිදුර පරීක‍ෂණ සිදුකළ යුතු බවට නිර්දේශ කිරීමට කොමිසම අසමත්ව ඇත.

ආරක‍ෂක අංශ වෙත භාරවීමෙන් හෝ අත්අඩංගුවට පත්විමෙන් පසුව තැනැත්තන් අතුරුදන්වීම් පිලිබඳ චෝදනාවන් දහසකට වැඩි ප්‍රමාණයක් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම වෙත ඉදිරිපත් විය. මේ අනුව එකී අතුරුදන් කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පරීක‍ෂණ පැවැත්වීම සහ නිසි අපරාධ නඩු කටයුතු සිදුකරනු පිණිස එකී තොරතුරු නීතිපතිවරයා වෙත ලබාදීමට සඳහා විශේෂ කොමසාරිස්වරයෙක් පත්කරන ලෙසට කොමිසම නිර්දේශ කරයි. කෙසේනමුත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පැහැදිලිව කියා සිටින්නේ මෙම අතුරුදන් කිරීම් ස්වල්ප දෙනකු විසින් සිදුකරනු ලැබූ හුදෙකලා සිදුවීම් වන බවයි. ඇත්ත වශයෙන්ම පුත්තලමේ පැවැති සාක‍ෂි විමසීමේ සැසියකදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සභාපතිවරයා කවර හෝ පරීක‍ෂණ පැවැත්වීමේ ක්‍රියාවක් අන්තර්ගතකොට ගනිමින් සිය විධිනියෝගය අර්ථ නිරූපනය කිරීම ප්‍රතික්ෂේප කර සිටින ලදී. සිය පරීක‍ෂණ පැවැත්වීමේ හැකියාව එසේ බැහැරකොට තිබියදී 2009 මැයි 17 සහ 20 අතර කාළය තුල සිදුවූ දහසකට වැඩි අතුරුදන්වීම් සැලසුම් සහගතව නොව එකිනෙක සම්බන්ධයකින් තොරව සිදුවූ හුදෙකලා සිදුවීම් බවට නිශ්චිතව නිගමනය කරයි. මෙසේ කරුණු වැරදි ලෙස දැක්වීම අනාගත පරීක‍ෂණයකට අගතිගාමී ලෙස බලපාන අතර එකී නිගමනය බලහත්කාරී අතුරුදන්කිරීම් සහ යටත්වූවන් ඝාතනය කිරීමේ සැලසුම් සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් එල්ව ඇති යුධ අපරාධ හා මානව සංහතියට එරෙහි අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම අරමුණු කරගත්තක් වෙයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන්ට සිදුවූ හානිය අවධානයට ලක්විය යුතු "මූලික" ප්‍රශ්ණයක් බවටත්, එය "විධිනියෝගයේ අනිවාර්ය අංගයක්" බවටත් පිලිගෙන තිබියදීත් කොමිසම එකී හානිවල පරිමානය පිලිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැත. යුධ මුක්ත කලාපයේ කොටුවී සිටි සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් ප්‍රධාන මූලාශ්‍ර දෙකකින් කොමිසම වෙත නිශ්චිත සාක‍ෂි ඉදිරිපත් විය. ඒ මන්නාරම අගරදගුරු රායප්පු ජෝෂප් තුමන් සහ එම කාළයේ මුලතිවුහි උපදිසාපති ලෙස කටයුතු කළ ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය වෙතිනි. මුලතිවු සහ කිලිනොච්චියේ කච්චේරිවල සංඛ්‍යා ලේඛණයන්ට අනුව 2008 ඔක්තෝබර් මාසය වන විට වන්නියේ ජීවත්වූ පිරිසගේ සංඛ්‍යාව 429,059 ක් ලෙස මන්නාරම අගරදගුරුතුමන් විසින් දක්වා සිටින ලද අතර, මුලතිවු උපදිසාපතිවරිය සාක‍ෂි දෙමින් කියා සිටියේ තමන්ගේ දැනුමට අනුව 2009 ජනවාරිවන විට පුතුමාතලන් යුධ මුක්ත කලාපයේ රැඳී සිටි සිවිල් වැසියන් සංඛ්‍යාව 360,000 ක් පමණ වූ බවයි. වන්නියේ සිට රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණි සිවිල් වැසියන් සංඛ්‍යාව 282,380 ක් වූ බැවින් 75,000 ක් හා 146,679 ක් අතර පිරිසක් පිලිබඳව තවදුරටත් කිසිදු විස්තරයක් නොමැත. මේ ප්‍රධාන සාක‍ෂි තමන් හමුවේ ඉදිරිපත්ව තිබියදීත් සිවිල් වැසියන් ප්‍රමාණයක් පිලිබඳ කිසිදු තොරතුරක් නොවීම සහ යුද්ධයේ අවසන් අදියරේදී ඔවුන් මියයාමට තිබූ හැකියාව පිලිබඳව හෝ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කිසිදු සඳහනක් නොකරයි.

අතුරුදන්කිරීම් සහ පැහැරගෙනයාම්, රැඳවියන්ට සැලකීම, නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්, ළමුන් බලහත්කාරයෙන් බඳවාගැනීම් පිලිබඳ චෝදනාවන්, ගොදුරු බවට පත්වූ කණ්ඩායම්, අභ්‍යන්තරිකව අවතැන්වූ තැනැත්තන්, උතුරේ හා නැගෙනහිර මුස්ලිම් ප්‍රජාවන්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා තොරතුරු දැනගැනිමේ අයිතිය, ආගම ඇදහීමේ නිදහස, සමාගමයේ නිදහස හා යාමේ හා ඊමේ නිදහස යනාදී වූ මානව හිමිකම් ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට කටයුතු කිරීමට සිදුවිය. කෙසේවෙතත් එම කොමිසම සමහර සංකීර්ණ ගැටළු අවධානයට ලක්කිරීමට අසමත් වූ අතර එහි ප්‍රවේශය තුල ගැබ්ව පැවැති වරණීය ස්වරූපය ඉන් අනාවරනය වේ. උදාහරණයක් ලෙස මානව හිමිකම් කඩකිරීම් ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඉනිය භාරතී සම්බන්ධයෙන් කොමසමේ වාර්තාවේ මානව හිමිකම් කඩවීම් පිලිබඳ පරිච්ඡේදයේ සඳහනක් නොමැත. නැගෙනහිර පළාත තුල සිදුවූ අතුරුදන්කිරීම් සම්බන්ධයෙන් මෙම තැනැත්තාගේ සම්බන්ධය සඳහන් කරනු වෙනුවට සිය 'ප්‍රතිසන්ධානය' පිලිබඳ පරිච්ඡේදයේදී කොමිසම ඔහු පිලිබඳ නොපැහැදිලි සඳහන් කිරීමක් කරයි. මෙම තැනැත්තා සම්බන්ධයෙන් ඉදිරිපත්වූ සාක‍ෂි පිලිබඳව හෝ ටීඑම්වීපී සහ ශ්‍රීලනිප සමඟ ඔහුට ඇති සම්බන්ධය පිලිබඳව වන චෝදනාවන් පිලිබඳ වැඩිදුර තොරතුරු විමර්ෂණය කිරීමට කොමිසම උත්සුක නොවේ.

මෙකී තත්වයන් තුල උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම සිය අපක‍ෂපාතීත්වය හා විශ්වාසනීයත්වය හීන කොටගෙන ඇති අතර වරදකරුවන්ට දඬුවම් නොලබා සිටීමට තවදුරටත් ශක්තියක් වෙයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම බොහොමයක් අවස්ථාවන්හිදී 'කාරණය පිලිබඳව සොයාබලන බවට' දුකට පත් සාක‍ෂිකරුවන් වෙත පොරොන්දු වූ අතර එමඟින් අතුරුදන්වීම්, රඳවා තබාගැනීම්, ඉඩම් අල්ලා ගැනිම්, පහරදීම්, අඩන්තේට්ටම් කිරීම්, බලෙන් මුදල් ලබාගැනීම් හා මරණ යනාදී වශයෙන් වූ තනි තනි සිදුවීම් පිලිබඳව තවදුරටත් සොයාබැලීීමක් කිරීමට පොරොන්දු විය. කෙසේවෙතත් එහි වාර්තාවේ තවදුරටත් කටයුතු කිරීම යැයි කියන සංක‍ෂිප්ත සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් පමණක් ඇතුලත් වන අතර අදාල සාක‍ෂිකරුවන්ට එයින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවේ. කොමිසම තමන් විසින් සොයාගනු ලැබූ නිශ්චිත තොරතුරු අදාල නිශ්චිත සාක‍ෂිකරුවන් වෙත සන්නිවේදනය කරනු ලබන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. සාක‍ෂිකරුවන්ට ඒ වෙත ප්‍රවේශයක් පවතින්නේ යැයි උපකල්පනය කළද ප්‍රසිද්ධ සාක‍ෂි විමසීමේ සැසිවලදී ලබාදීමට පොරොන්දුවූ පිලිතුරු කොමිසමේ අවසන් වාර්තාව තුල අන්තර්ගත නොවන බව පෙනී යයි.

සමාජ ලිංගිකත්වය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සිය නොහැකියාවන්

තක්සේරු කිරීමටද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම අසමත් වෙයි. කොමිසමේ සංයුතිය සහ ප්‍රවේශය සත්‍ය අනාවරනය කිරීමේදී කාන්තාවන් වෙත බලවත් බාධකයක් විය. එපමණක් නොව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ත්‍රී සාක‍ෂිකරුවන් සම්බන්ධයෙන් 'අක්‍රමික', 'අගෞරවනීය' සහ 'බැහැර කිරීමේ' ආකල්පයකින් යුතුව කටයුතු කළ බවට වාර්තා වී ඇත. සාක‍ෂී දීමේදී හඬාවැටීම සම්බන්ධයෙන් කොමිසම කාන්තාවන්ට තරවටු කිරීම් සිදුකළ බවටත්, වාඩික සාක‍ෂි වෙනුවට ලිඛිත ප්‍රකාශයන් ලබාදෙන ලෙසට බලකළ බවටත් වාර්තා පවතී. මේ අනුව කොමිසම ඉදිරියේ සිය අත්දැකීම් කියාපෑමේදී කාත්තාවන්ට අනුකම්පා විරහිත ආකාරයෙන් කටයුතු කිරීමකට මුහුණ පෑමට සිදුවිය.

මානව හිමිකම් සම්බන්ධයෙන් වන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් බොහොමයක් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවක ස්වාධීනත්වය පූර්ව උපකල්පනය කරයි. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද දහ අට වන සංශෝධනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් නිර්දේශයන් ක්‍රියාවට නැංවීමේදී ජයගත නොහැකි අභියෝගයක් අභිමුඛ කරයි.

වගවීම සම්බන්ධයෙන් ඍජුවම අදාල වන්නාවූ කාරණාවන් ගණනාවක් සම්බන්ධයෙන්ද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම නිර්දේශ ඉදිරිපත් කරයි. මෙම නිර්දේශයන් තුල සාධනීය අංග පවතින අතර ඒවා ක්‍රියාවට නංවනු ලැබුවහොත් දෙමළ ජාතික සන්ධානය විසින සාදරව පිලිගනු ලබනු හා සහයෝගය දක්වනු ඇත. කෙසේවෙතත් වගවීම සම්බන්ධ ගැටළුවලට විසඳුමක් යැයි මෙම නිර්දේශයන් වරදවා වටහාගත යුතු නැත.

වගවීම හා අදාල නොවූ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් අතර බලය ඛෙදාහැරීම පිලිබඳ නිර්දේශයන්ද වේ. බලය ඛෙදාහැරීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් ජනවාර්ගික ගැටළුව මෙන්ම ප්‍රජාතාන්ති්‍රක ආයතනයන්ට අභියෝගව ඇති අනෙකුත් බරපතල

ගැටළු වලට ප්‍රතිකර්මයක් වනු ඇති බව කොමිසම අවධාරනය කරයි. බිම් මට්ටම තුල මහජන සහභාගීත්වය වැඩි කිරීම සඳහා පලාත් පාලන ආයතන වෙත බලය ඛෙදා හැරීමට කොමිසම නිර්දේශ කරයි. තවද, පළාත් සභා ක්‍රමයේ ක්‍රියාකාරීත්වයේ වන අඩුලුහුඬුතාවන් රජයේ අවධානයට ලක් වියයුතු බවට එය නිර්දේශ කරයි. නමුත් එහි සැබෑ ආකෘතිය අතින් ගත්කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් ඉදිරිපත්කොට ඇති එකම ස්ථීරසාර යෝජනාව වන්නේ පළාත් තුල දේශපාලන නායකත්වය සහ ජනතාව අතර විශ්වාසවන්තභාවය පිලිබඳ හැඟීමක් නිර්මාණය කිරීම සඳහා පළාතේ නියෝජිතයින්ගෙන් සමන්විත වන්නාවූ දෙවන සභාවක් ස්ථාපිත කිරීමයි. බලය ඛෙදාහැරීම සම්බන්ධයෙන් වන මෙම අභිප්‍රායන් බොහෝ සෙයින්ම අලංකාර යෙදුම් වනවා මිස 2005 වසරේදී ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ බහුතර වාර්තාවද ඇතුලත්ව ඉදිරිපත්වූ අතීත යෝජනාවන් සසඳා නොබලයි. එසේවතුදු මෑතකදී දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් දෙස බැලීමේදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමසමේ අවම යෝජනාවන් පවා ක්‍රියාවට නංවනු ලැබීම සැක සහිතය. මෙම අදහස් දැක්වීම් වර්තමාන රජය අවංක ලෙස ජනතාව වෙත අර්ථාන්විත බලය ඛෙදාහැරිමක් පදනම් කරගත් දේශපාලන විසඳුමක් ලබාදීමට සූදානම් නොමැති බවට දෙමළ ප්‍රජාව තුල වන බිය වඩාත් තහවුරු කරයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම එක්තරා අකාරයකින් උතුරේ හමුදාවේ ආගන්තුකභාවය පිලිගෙන ඇත. දෙමළ ජාතික සන්ධානය මෙය අවස්ථාවන් ගණනාවකදීම මහජන අවධානයට ලක්කොට ඇත. හැකිතාක් ඉක්මනින් ආරක‍ෂක හමුදාවන් සිවිල් පරිපාලනය හා සම්බන්ධ කි්‍රයාකාකරමවලින් ඉවත්වීමේ අවශ්‍යතාව කොමිසම පිලිගනී. දෙමළ ජාතික සන්ධානය මෙම නිර්දේශය සම්බන්ධයෙන් සිය සතුට පළකරන අතර මීළඟ මාස කිහිපය තුල එය ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිලිබඳව නිරක‍ෂණය කරමින් එය ජනතාවට වාර්තා කරනු ඇත.

මෙකී ධනාත්මක නිරදේශයන්ට අමතරව සත්‍ය, සාධාරණත්වය හා එකට එක කිරීම් නොකරනු ලැබීමට (පලිගැනීම් නොකරන බවට වන සුරක‍ෂිතයන්ද ඇතුලත්ව) වින්දිතයන්ට ඇති අයිතිය ආරක්ෂා කරනු ලබන අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකල වගවීමේ ක්‍රියාවලියක් හැකි ඉක්මනින් අත්‍යාවශ්‍යව ඇත. මෙකී උපමානයන් තෘප්ත වන්නාවූ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය අසමත්වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රීලංකාව තුල වගවීම ඉදිරියට ගෙනයාම සහ ප්‍රතිසන්ධානය දිරිගැන්වීම සඳහා පියවර ගන්නා ලෙසට දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.


TNA

ද්‍රවිඩ සන්ධානය දකුණු අප්‍රිකාවේ සංචාරයක

ද්‍රවිඩ සන්ධානේ මන්ත්‍රී වරුන් කණ්ඩායමක් අද ( Jan 05) දකුණු අප්‍රිකාව බල පිටත් වූහ.

ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩාමට එම පක්ෂයේ මන්ත්‍රී වරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අදයික්කලනාදන්ම සහ එම්. ඒ. සුමන්තීරන් යන අය එක්ව සිටිති.

අදාළ සංචාරයේ අරමුණ ඩර්බන් නගරයේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු ජාතක කොන්ග්‍රසයේ සියවන සංවත්සරයට සහභාගී වීම බව පැවසේ.