දෙමළ සන්ධානයේන් LLRC වාර්තාවට ප්‍රතිචාර


උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසම මඟින් නිකුත් කළ වාර්තාවට පිටු 115 කින් සමන්විත විශ්ලේෂනාත්මක වාර්තාවක් පසුගියදා දෙමළ සංවිධානය විසින් නිකුත් කරනු ලැබීය. ලංකාවේ 50 කට අධික දේශපාලන පක්ෂ අතරින් මේ ආකාරයෙන් වඩාත් විමසීමට ලක්කළ යුතු මෙන්ම ප්‍රතිචාරයක් දැක්විය යුතු විශ්ලේෂණයක් ඉදිරිපත් කළ එකම පක්ෂය වන්නේ දෙමළ සන්ධානයයි. අදාළ වාර්තාවේ පුර්විකාවේ සිංහල පරිවර්තනය පහත දැක වේ. එසේම වාර්තාවේ විධායක සාරාංශයේ සිංහල පරිවර්තනයද ලංකා ගාර්ඩියන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබීය;


පූර්විකාව

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, සහ 2011 දෙසැම්බර් 16 වන දින එම වාර්තාව සම්බන්ධයෙන් දක්වන ලද පළමු ප්‍රතිචාරය නැවතත් පුනරුච්ඡාරනය කරමින්,

ශී්‍ර ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසය සහ ශී්‍ර ලංකාවේ දෙමළ කථාකරන ජනතාව වෙත, විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව වෙත නිරන්තරයෙන් එල්ල කරන ලද භෞතික, ව්‍යුහාත්මක සහ මානසික ප්‍රචණ්ඩත්වය සිහිපත් කරමින්,

ලබාදී ඇති වරදට දඬුවම් නොලබා නිදහස්වීමේ හැකියාව සහ මෙරටේ ජනකොටසක් වන මෙම ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කරනු ලබන ප්‍රචණ්ඩත්වය සහ එකී ප්‍රචණ්ඩත්වය මෙහෙයවීම, එයට පහසුකම් සැලසීම හෝ එසේ කිරීමට සැලසුම් සකස් කිරීමේදී ශ්‍රී ලංකා රාජ්‍ය ඉටු කරන භූමිකාව පිලිබඳව ලතැවෙමින්,

ස්වයං පාලනය, ගරුත්වය සඳහා වන දෙමළ ජනතාවගේ අන්සතු කළ නොහැකි අයිතිවාසිකම සහ සිය පූර්ණ හා සමාන පුරවැසිභාවය භුක්ති විඳීම සඳහා වන ඉල්ලීම් මෙම පිලියම් නොයොදන ලද ප්‍රචණ්ඩත්වයේ අඛණ්ඩ ඉතිහාසය මඟින් තවත් ශක්තිමත් වූ බව තිරසාර ලෙස ප්‍රකාශ කරමින්,

අවසානයේ සිවිල් යුද්ධයක් බවට පත්වූ ප්‍රචණ්ඩ නැගිටීම් මූලිකවම රජය විසින් දශක ගණනාවක පිලියම් නොයොදන ලද ප්‍රචණ්ඩත්වයන් සහ දෙමළ දේශපාලනික ඉල්ලීම් සිරකිරීම තුලින් දෙමළ තරුණයින් මුළාවට පත්කිරීම ඇතුළු විවිධාකාර වූ හේතූන් නිසාවෙන් මතුවූ ඒවා වන බව සිහියේ තබාගනිමින්,

දෙමළ කථාකරන ජනතාව තුල, විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර ජනතාව තුල නැවත විශ්වාසය ඇති කිරීම සහ ශ්‍රී ලංකා රාජ්‍ය සමඟ එම ජනතාවගේ සම්බන්ධතාවය ප්‍රතිනිර්මාණය කිරීම තුලින් මෙරටට විනාශයක් ගෙනදී ඇති ජනවාර්ගික ගැටළුවට කල්පවත්නා, ස්ථීර හා සාධාරණ විසඳුමක් ගොඩනැඟිය යුතු බව අවධාරනය කරමින්,

මෙරටේ සියළු ජනයාට සමාන තත්වයක් හිමිවන, රාජ්‍ය බලය වෙත වන ප්‍රවේශය, අවස්ථාව, යුක්තියට ඇති ප්‍රවේශය සහ ගරුත්වය භුක්ති විඳින අනාගතයක් අපේක‍ෂා කරමින්,

2009 වසරේ යුද්ධයේ අවසන් භාගයේදී රජයේ හමුදාවන්, එල්ටීටීඊ සාමාජිකයන් සහ විශේෂයෙන්ම දෙමළ සිවිල් වැසියන්ට සිදුවූ අතිමහත් ජීවිත විනාශය පිලිබඳව දුක්වෙමින්,

සිවිල් යුද්ධය තුලදී සන්නද්ධ දෙමළ සටන්කාමී කණ්ඩායම්වල කි්‍රයාකාරකම් හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්ට, රට තුල හා පිටත දේශපාලන නායකයින්ට වෙත සිදුවූ ජීවිත අහිමිවීම් සහ හානිවීම් අනුමත නොකරන අතරම හා ඒ පිලිබඳව කණගාටුව පළකරමින්,

යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ හමුදා කි්‍රයාන්විතය සිදුකෙරුනු ආකාරය වන්නියේ දෙමළ ජනතාව වෙත හිංසාකාරීත්වයක් නිර්මාණය කළ බවට ශ්‍රී ලංකාවේ වගවීමේ කි්‍රයාවලිය පිලිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කමිටුවේ අධිගමනයන් පුනරුච්ඡාරනය කරමින්,

රාජ්‍ය පිලිබඳව දෙමළ ජනතාව තුල විශ්වාසයක් නිර්මාණය කිරීම සහ කල්පවත්නා දේශපාලන විසඳුමක් වෙත අප රැගෙනයාම සඳහා බරපතල උල්ලංඝනය කිරීම් පිලිබඳ වගවීමක් සහිත අවංක ප්‍රතිසන්ධාන කි්‍රයාවලියක අවශ්‍යතාවය අවධාරනය කරමින්,

අවංක ප්‍රතිසන්ධාන ක්‍රියාවලියකදී සත්‍යය පිලිගනු ලැබීම, වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීම සහ ඔවුනට ප්‍රමාණවත් හානිපුරණයක් සිදු කිරීම මඟින් එකී යුධ වින්දිතයන් එම ක්‍රියාවලියේ පදනම බවට පත්විය යුතු බව තරයේ කියා සිටිමින්,

චෝදනාවන් එල්ලවී ඇති යුධ අපරාධ සංයුක්ත කරන ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම සහ වෙනත් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වන වගවීමේ ගැටළු සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් පුර්ණ වශයෙන් පිලිතුරු සපයනු ඇති බවට ශ්‍රී ලංකා රාජ්‍ය ලබාදුන් සහතිකය නැවත සිහිපත් කරමින්,

රාජ්‍යයන් පිලියම් යෙදීමට අපොහොසත් හෝ එසේ නොකරන බරපතල අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් අදාල වන්නාවූ අන්තර්ජාතික නෛතික ප්‍රතිකර්මයන් සහ අනුපූරකතා මූලධර්මය පිලිබඳව දැනුවත්ව,

යුද්ධයේ අවසන් අදියරේදි පීඩාවන්ගේ ගොදුරු බවට පත්වූවන්ගේ විශ්වාසය දිනාගැනිමට සමත් ප්‍රතිසන්ධානය සඳහා වන ප්‍රමාණවත් හා විශ්වාසනීය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දක්වනු ලැබ ඇති අසමර්ථභාවය පිලිබඳව කලකිරීමට පත්ව,

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමසම් වාර්තාවේ නිර්දේශයන් පොදුවේ ශී්‍ර ලංකාවේ වගවීම ඉදිරියට ගෙනයාමට ප්‍රමාණවත් නොවන්නේය යන ආස්ථානයට අගති විරහිතව වගවීම සම්බන්ධයෙන් නොවන නමුත් එම වාර්තාවේ අන්තර්ගත සමහර ධනාත්මක නිර්දේශයන් පිලිගනිමින් සහ එවැනි නිර්දේශයන් ක්‍රියාවේ යෙදවීම සඳහා වන අවංක උත්සාහයන්ට සහය පළකරමින්,

මෙතෙක් පටන් දක්වනු ලබන හේතූන් නිසාවෙන් වගවීම පිලිබඳ වැදගත් ප්‍රශ්ණ සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පිලිතුරු නොසපයන බවත්, එය බරපතල අපරාධ සඳහා වගකිවයුතු සිවිල් හා හමුදා නායකයින් ඒ පිලිබඳව වන දෝෂාරෝපණයන්ගෙන් ආරක‍ෂා කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය කොට ඇති බවත්, වගවීම පිලිබඳ ගැටළු පිලිගැනීම සහ පිලියම් යෙදීමට ශ්‍රී ලංකා රාජ්‍යයේ නොකමැත්ත දක්වා සිටින්නක් වන බවටත් දෙමළ ජාතික සන්ධානය විසින් නිගමනය කරනු ලබයි.