දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විමුක්ති
කොටින් සබැඳිව පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශය දෙමළ ජාතික
සන්ධානයේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඒකමතිකව
පිළිගන්නා ලදී. එය ජාත්‍යන්තර වශයෙන් දැඩි පසුබෑමක් ඇතිකර
තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්. ජෙයානන්ද මූර්ති ප්‍රකාශ කර ඇත.
2012.12.07 වන දින පැවති අයවැය විවාදයේදී විමුක්ති කොටි සංවිධානය අවතක්සේරු කරමින් සම්බන්ධන් විසින් ප්‍රකාශයක් සිදුකර ඇති අතර, අපගේ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් බවත් ඒ හේතුවෙන් විනාශ වූ බවත් සම්බන්ධන් එහිදී ප්‍රකාශ කර ඇත.
මීට දශක තුනකට පෙර සිටම විමුක්ති කොටි සංවිධානය අපගේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජීවිත කැප කරමින් සටන් කරන ලදී. එහිදී 40,000කට අධික පිරිසක් මියගිය අතර ඔවුන් මහවිරුවන් බවට පත් විය. එපමණක් නොව ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාවට සමාන බලයක් ද තිබිණි. ඒ හේතුවෙන් අපගේ ජාතියට ආරක්ෂා සහිතව හිස ඔසවා ජීවත් වීමට හැකි වාතාවරණයක් තිබිණ.
එහෙත් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු අපගේ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධාන ලයිස්තුවට ඇතුලත් විය. ඒ පිළිබඳව අපගේ ජනතාව ජාත්‍යන්තරයට දැඩි විරෝධය දක්වන ලදී. තවමත් එම විරෝධතා පැවැත්වෙමින් තිබේ. විදෙස් රටවල විරෝධතාවයන් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවක දෙමළ ජනතාවගේ නියෝජිතයෙකු වන දෙමළ ජාතික සන්ධානයේ නායකයා පාර්ලිමේන්තුවේදී විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් බව ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තරය තුල අපට විශාල පසුබෑමක් ඇතිවීමට හේතුවී ඇත.
මෙය දෙමළ ජාතික සන්ධානයේ ඒකමතික තිරණයක්ද නැතහොත් සම්බන්ධන්ගේ පුද්ගලික අදහසක්ද යන සැකය ජනතාව තුල තිබුණත් වර්ථමානයේදී එම ප්‍රකාශය සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහසක් බව දැකිය හැක. කෙසේ වෙතත් සම්බන්ධන්ගේ මෙම ප්‍රකාශයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු කිසිඳු ප්‍රකාශයක් කර නොමැත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යන සියළු දෙනා සම්බන්ධන්ගේ ප්‍රකාශය පිළිගෙන ඇති බව අදහස් කල හැකිය.
සම්බන්ධන්ගේ ප්‍රකාශයට විරුද්ධ කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව එම මන්ත්‍රීවරුන් පැවසුවහොත් එය ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය බව හැඟි යයි. එසේ සම්බන්ධන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කලහොත්, එසේත් නොමැති නම් සත්‍ය ප්‍රකාශ කලහොත් අනාගතයේදී පක්ෂය වෙනුවෙන් මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ඔවුන් සිතනු ඇත.
නමුත් සෑම මන්ත්‍රීවරයෙක්ම තම අදහස් සිතෙහි තබාගෙන හෘද සාක්ෂියට අනුව කටයුතු කල යුතුයි. විමුක්ති කොටින් නොසිටියේ නම් නැතහොත් සන්ධානයක් බිහි නොවුනේ නම් මොවුන් ජනතාව විසින් තෝරාපත්කරගනීවිද? වර්ථමානයේදී ඔවුන් වෙත පවතින මෙම ගෞරවය ලැබෙනු ඇත්ද? මෙසේ සැපවත් ගත කිරීමට ලැබෙයිද? යනාදිය පිළිබඳව මොහොතක් සිතා බැලිය යුතුය. නිසි යහපත වෙනුවෙන් ජීවත් විය යුතුය. මෙම තනතුරු ඒ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත යුතු අතර, ආත්මාර්ථකාමීත්වය සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය. සම්බන්ධන් මෙතෙක් කාලයක් විවෘතව අදහස් ප්‍රකාශ කරමින් සිටියත් මේ වන විට සිංහල ජාතිවාදී අදහස් සහ සම්බන්ධන්ගේ අදහස් අතර කිසිඳු වෙනසක් නොමැත. මේ වන විට ජාත්‍යන්තරයෙන් එල්ලවී ඇති ජාති ඝාතනයන් සම්බන්ධ චෝදනා වලින් ශ්‍රී ලංකා රජය බේරා ගැනීමේ යටි අරමුණක් ලෙස ඔහුගේ මෙම ප්‍රකාශය සැලකිය හැකිය.
විශාල පසුබෑමක් ඇතිකර තිබෙන මෙම ප්‍රකාශය සම්බන්ධයෙනුත් ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනුත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිහඬව සිටීම ඔහුට තවත් රැකුලක් වේ. මෙම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිහඬතාවය දෙමළ ජනතාවට විශාල බලපෑමක් ඇති කර ඇති බවද ජෙයානන්ද මූර්ති ප්‍රකාශ කර ඇත.