The Most/Recent Articles
Showing posts with label Sudan. Show all posts
Showing posts with label Sudan. Show all posts
සුඩානය / චීනය : චීන ජාතිකයින් 29 ක් කැරලිකරුවන්ගේ ග්‍රහණයට
| කිෂානි වැලිවිටිගොඩ
( 29.01.2012 | lankaguardian.com ) සුඩාන හමුදාව සහ කැරලිකරුවන් අතර පැවති ගැටුම් වලට මැදි වූ චීන ජාතිකයින් 29 දෙනෙකු තමන්ගේ යටතට ගත් බව සුඩාන කැරලි කරුවන් නිවේදනය කළහ.
සුඩාන හමුදාව සහ සුඩාන ජනතාවගේ විමුක්ති සංවිධානය ( උතුර ) අතර ඊයේ ( සෙනසුරාදා) පැවති දේශසීමා වල ඇති වූ ගැටුම් වලදී අදාළ චීන ජාතිකයින් තමන් යටතට ගත් බව තහවුරු කරනු ලැබූ කැරලිකරුවන් ඔවුහු එසේ රඳවා ගනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාවට බවද නිවේදනය කළේය. වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක් වූ සුඩාන කැරලිකරුවන් කියා සිටියේ අදාළ චීන ජාතිකයින් තමන්ගේ ග්‍රහණයට නොගත්තේ නම් ආණ්ඩුවේ හමුදාවේ ඉලක්ක බවට අදාළ චීන ජාතිකයින් පත් විය හැකිව තිබුණු බවයි.
එසේම අද පැවති සටන් වලදී සුඩාන හමුදා සාමාජිකයින් 09 දෙනෙකුද තමන්ගේ ග්‍රහණයට ලබා ගත් බව කැරලි කරුවන්ගේ ප්‍රකාශකයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වූ කැරලිකරුවන්ගේ ප්‍රකාශකයා වන අර්නු නුගුටුලු කියා සිටියේ චීන ජාතිකයින් අදාළ ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යපෘති වල නියැලී සිටින බවයි .
( 29.01.2012 | lankaguardian.com ) සුඩාන හමුදාව සහ කැරලිකරුවන් අතර පැවති ගැටුම් වලට මැදි වූ චීන ජාතිකයින් 29 දෙනෙකු තමන්ගේ යටතට ගත් බව සුඩාන කැරලි කරුවන් නිවේදනය කළහ.
සුඩාන හමුදාව සහ සුඩාන ජනතාවගේ විමුක්ති සංවිධානය ( උතුර ) අතර ඊයේ ( සෙනසුරාදා) පැවති දේශසීමා වල ඇති වූ ගැටුම් වලදී අදාළ චීන ජාතිකයින් තමන් යටතට ගත් බව තහවුරු කරනු ලැබූ කැරලිකරුවන් ඔවුහු එසේ රඳවා ගනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාවට බවද නිවේදනය කළේය. වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක් වූ සුඩාන කැරලිකරුවන් කියා සිටියේ අදාළ චීන ජාතිකයින් තමන්ගේ ග්‍රහණයට නොගත්තේ නම් ආණ්ඩුවේ හමුදාවේ ඉලක්ක බවට අදාළ චීන ජාතිකයින් පත් විය හැකිව තිබුණු බවයි.
එසේම අද පැවති සටන් වලදී සුඩාන හමුදා සාමාජිකයින් 09 දෙනෙකුද තමන්ගේ ග්‍රහණයට ලබා ගත් බව කැරලි කරුවන්ගේ ප්‍රකාශකයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වූ කැරලිකරුවන්ගේ ප්‍රකාශකයා වන අර්නු නුගුටුලු කියා සිටියේ චීන ජාතිකයින් අදාළ ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යපෘති වල නියැලී සිටින බවයි .
සුඩානය: ගෝත්‍රික ගැටුම් නිසා 3000 කට ආසන්න පිරිසක් මරුට
| කිෂානි වැලිවිටිගොඩ
පසු ගිය සතියේ පැවති ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 3000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවට දකුණු සුඩානයෙන් වාර්තා වේ. පිබෝර් කවුන්ටි හි කොමසාරිස් වන ජෝෂුවා කෝනයි සිකුරාදා (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙය මිනිස් සංහාරයක් බවයි. මේ වන විට මළ සිරුරු ගණන් කිරීම සිදු කරන අතර කාන්තාවන් සහ ළමුන්ගේ මළ සිරුරු 2,182 ක් ද පිරිමින්ගේ මළ සිරුරු 959 ක් සංඛ්‍යාවක් මේ දක්වා වාර්තා වේ. දහසකට අධික තවත් ළමුන් අතුරුදහන් වී ඇති අතර දස දහසකට ආසන්න ගවයන් සංඛ්‍යාවක් හොරකම් කර ඇති බවට ජෝෂුවා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් වෙතත්වා සිදු වී තිබෙන මුළු මරණ සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දකුණු සුඩාන හමුදාව විසින් නිවේදනයක් නිකුත් කොට නැත.
කෙසේ වෙතත් වෙතත්වා සිදු වී තිබෙන මුළු මරණ සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දකුණු සුඩාන හමුදාව විසින් නිවේදනයක් නිකුත් කොට නැත.
දකුණේ ජනමතවිචාරණයෙන් පසු උතුරේ වැඩ පටන් ගනියි: සුඩානයේ විපක්ෂ නායකයා අත්අඩංගුවට
සුඩානයේ ආරක්ෂක හමුදාව විසින් එරට ප්‍රධාන විපක්ෂ නායකයා වන ඇත ටුරබි අත්අඩංගුවට ගත බව වාර්තා වේ. ඊයේ කාටවුම් නුවර පිහිටි තමන්ගේ නිවසට පැමිණි ආරක්ෂක අංශ කිසිඳු හේතුවක් නොදක්වා ඔහු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා සඳහන් කරයි.
මේ අතර ඔහුගේ දේශපාලන පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශකයාට අනුව පාලක බසීර්ගේ ආණ්ඩුව අර්බුදයට පත් වූ සෑම අවස්ථාවකදීම තම නායකයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ පිළිවෙත බව සඳහන් කළේය. හෙතම වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ට බලයේ රන්දී සිටීමට හැකි යැයි මිත්‍යාවක් ආණ්ඩුවට ඇති බවය.
අත්අඩංගුවට පත් වූ නායකයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යට සඳහන් කළේ ටියුනිසියාවේ මෙන් ජනතාවගේ විප්ලවයක් සුඩානයේ ඇති වීමේ ඉඩකඩක් ඇති බැවි. එය ඔහු හැඳින්වූයේ ජනතාවගේ විප්ලවයක් ලෙසය.
මේ අතර ඔහුගේ දේශපාලන පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශකයාට අනුව පාලක බසීර්ගේ ආණ්ඩුව අර්බුදයට පත් වූ සෑම අවස්ථාවකදීම තම නායකයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ පිළිවෙත බව සඳහන් කළේය. හෙතම වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ට බලයේ රන්දී සිටීමට හැකි යැයි මිත්‍යාවක් ආණ්ඩුවට ඇති බවය.
අත්අඩංගුවට පත් වූ නායකයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යට සඳහන් කළේ ටියුනිසියාවේ මෙන් ජනතාවගේ විප්ලවයක් සුඩානයේ ඇති වීමේ ඉඩකඩක් ඇති බැවි. එය ඔහු හැඳින්වූයේ ජනතාවගේ විප්ලවයක් ලෙසය.
ශ්‍රී ලංකාව සහ සුඩානය: මොකද්ද වෙනස?
සුඩානයේ අල් බසීර් සහ ලංකාවේ රාජපක්ෂ වූ කලී මහජන මුදල් මංකොල්ල කෑ හොරුන් මිස වෙන කිසිවෙකු නොවේ.
නිලන්ත ඉලංගමුව
විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක අද දින (16) ඉරිදා ලංකාදීපයට ලියු ලිපියේදී සුඩානය පිළිබඳව විශේෂඥයෙකු වීමට යන්ත දරා ඇත. සැබවින්ම දන්නා දේට වඩා දන්නා බව පෙන්නීමට යන්ත දරණ අයවලුන් අතර කෙනෙක් ලෙස චම්පිකගේ සමස්ත දේශපාලන හෝ සමාජිමය භූමිකාව ගැන සැලකීමේදී වඩාත් පැහැදිලි වන කරණය වේ. ඔහු සංඛ්‍යා දත්ත පෙන්වමින් භූමියේ පවතින සැබෑ ගැටලූ වලින් නික්මී අමුතුම බිල්ලෙකු සමාජය ඉදිරියේ පෙන්වයි. එකී බිල්ලා සමාජයට මනෝභ්‍රාන්තිය ඇති කරයි. රාජපක්ෂ වැනි කියවීමේ කිසිඳු වුමනාවන් නැති ගේම්කාර දේශපාලනඥයෙකුට මානසික ප්‍රමෝදයක් සහිත ඉන්ද්‍රජලිකයක් නිර්මාණය කරයි. නමුත් රනිල් වැනි කියවන්නෙක් ඉදිරියේ විහිලු කාරයෙකු වෙයි. මේ නිසා රාජපක්ෂ ඉදිරියේ වීරයෙකු වන චම්පික රනිල් ඉදිරියේ තවත් එක් සිංහල ජාතියේ අදරවන්තයෙකු ලෙස පෙනී සිටිමින් තමන්ගේ යැපීම සඳහා යමක් සොයා ගෙන යන යන අසරණයෙකු වෙයි. එනිසා අවසානයේදී චම්පික කර්මකාරකයක් ලෙස, මහින්ද වීරයකු කිරීමටත්, වීරයෙකු කිරීමේදී තනන බිල්ලාගෙ චරිතයට රනිල් ඇද දැමීමත් තම දේශපාලන උපාය ලෙස භාවිත කරනු ලබයි. සැබවින්ම මොවුහු කොතරම් දුරට මෙරට ජනතාවගේ ගැටලූ වලින් වියුක්ත වී සිටියිද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත.
චම්පික විසින් සුඩානය ගැන සහ එරට වැසියන් ගැන මහත් ආදරයකින් කතා කරමින් සුපුරුදු පරිදි කතෝලික පල්ලියට සහ බටහිර අධිරාජ්‍යවාදයට කෑමොර දෙයි. එසේම අනියමින් සුඩානයේ ජනධිපති ඕමාර් අල් බසීර්ගේ අලවන්තයෙකු වීමට යන්ත දරයි. සැබවින්ම එය රාජපක්ෂ ඉදියේ ඔහු තමන්ගේ යැපීම සඳහා දක්වන භුමිකාවේම ප්‍රතිබිම්බයකි. පවතින ඇත්තට අනුව ඕමාර් අල් බසීර් හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර කිසිඳු වෙනසක් නැත. මොවුන් දෙදෙනාම මහජන මුදල අසීමිත ලෙස කාබාසිනියා කරමින් දුප්පත් ජනතාව ඉදිරියේ දත් විලිස්සා ව්‍යාජ සෙනෙහස පෙන්වන හොරු දෙන්නෙකි. එය 2005 දී ( වඩාත් නිවැරදිව කිවහොත් ඊට පෙර වසරේදී මුහුණ දුන් සුනාමි ඛේදවාචකයෙන් පසු ) පැවති මට්ටමත් මේ වනවිට රාජපක්ෂ පරම්පරාව සතු ධන සම්භාරය සහ ඒවා ලබාගත් අකාරය ගැන දන්නේ නම් තත්වය අවබෝධ කර ගැනීම අපහසු නැත. එසේම සුඩානයේ ජනාධිපති වරයාද ඊට දෙවෙනි නැත. ඔහුද අග්‍රගන්‍ය හොරෙක් සේම අපරාධකාරයෙකි. ජනතාවගේ අයිතීන් සමඟ රමණයේ යෙදුණු චණ්ඩියෙකි.
චම්පික අවබෝධ කර ගෙන නොමැත්තේ හෝ හිතා මතා මඟ හැර ඇත්තේ අවුලට මුලික වී ඇති හේතුවයි. එනම් සුඩානයේ අවුලේ නිර්මාතෘ බසීර් මිස වෙන කිසිවෙකු නොවේ. ඔහු කියන පරිදි මාක්ස්වාදී/ සමාජවාදී හැව ඉවත් කරගත් ජෝන් ගැරන්ග්ට උදව් කළ කිතුණු පල්ලිය එහි බෙදුම්වාදයේ හේතුව ලෙස හැඳින්වීම අමුලික බොරුවකි. එය ඔහු කෙතරම් දුරට තමන් කියවන පිරිස මුලාවට පත් කිරීමට යන්ත දැරීමක් මිස වෙන කිසිවක් නොවේ. මෙවැනි කතා සුඩානය ගැන හෝ අඩු තරමින් චම්පික රණවක ගැන හෝ නොදන්නා ඕලමොට්ටලයින්ට මැජික් වනු ඇත. නමුත් සුඩානයටවත්, එහි සිදුවන සැබෑ තත්වය දන්නා කිසිවෙකුටත් මෙවැනි කතා හාස්‍ය ජනක විහිලුකරයෙකු විනෝදය සඳහා කියන මුසාවාද වේ. ජෝන් ගැරන්ට චෝදනා කරන චම්පික , තමන්ගේ මක්සවදී හැව හැලීම ගැනවත්, කිතුණු පල්ලිය තමන්ගේ දේශපාලනයට නොව තම ජීවිතය ගලවා ගැනීම සඳහා කළ සත්කාරය ගැනවත් කතා කිරීම අමතා කොට දමා ඇත. සැබවින්ම එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. ඔහුගේ සමාජවාදී හැව හැලීම හෝ, මහාචාර්ය නලින් දා සිල්වාගේ අනුගාමිකයෙකු ලෙස පැමිණ විටින් විට තමන්ගේ පැවැත්ම සඳහා තමන්ට ඉහලින් සිටි පිරිසට අකුල් හෙලමින් සමාජය ඉදිරියේ දේශප්‍රේමින් වීමට යන්ත දරණ චම්පික වැනි අයවලුන්ගේ දේශපාලනය වූ කලී මෙරට කුහක සමාජ ක්‍රමයේ ප්‍රතිබිම්බයකි. මොහු සජිත් ප්‍රේමදාසට භිය වී සිටින්නේ බෞද්ධ ආගමට ඇති ආදරය නිසා නොව, තමන්ගේ පැවැත්ම අනතුරට ලක් වී ඇති නිසාය. මේ නිසා විමල් වීරවංශ ඇතුළු පිරිස සමාජය ඉදිරියේ විහුලු කාරයින් වීමත් , සජිත් ප්‍රේමදාස වැනි අයවලුන් අන්‍යාගමික පිල්ලි ලෙස හංවඩු ගැසීමත් තමන්ගේ පැවැත්ම සඳහා හේතුවන්නේ දේශපාලනය නමැති වෙළඳපොල තුළ මොවුන් සියලුම දෙනා විකුණමින් සිටින්නේ එකම මතවාදය වෙනත් හැඩතල වලින් නිසාය.
චම්පික, බසීර්ගේ ආණ්ඩුව වෙනුවෙන් එකසත් ජාතීන්ගේ සේවය කරණ සුඩානයේ නියෝජිත වරිය 2008 දී හමුවීමෙන් තොරතුරු දැනගත් ආකාරය මෙහිදී උපුටා දක්වා ඇත්තේ වෙන කිසි දෙයකට නොව, නැති වීරත්වයක් පෙන්වීමට සහ තමන්ගේ මුසාවාද සත්‍යක් ලෙස ඒත්තු ගැන්නීම සඳහාය. අදාළ නියෝජිතවරිය තමන්ගේ ජනධිපතිවරයා කුමන අපරාධය කළත් ඔහු ගැන හොඳ කීම හැරෙන්නට වෙනත් කිසිවක් එවැනි වැටුපට කටයුතු කරණ නිලධාරිනියකගෙන් බලාපොරොත්තු විය හැකිද? චම්පික අදාල නියෝජිතවරිය උපුටා දැක්වීමත්,කොටි සංවිධානය සක්‍රියව පැවති අවධියේදී මෙරටට පැමිණි විශේෂ සාම නියෝතිතවරයෙකු වූ එරික් සෝල්හයිම් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකයාගේ අදහස් උපුටා දැක්වීමත් අතර කිසිඳු වෙනසක් තිබේද? මොවුන් දෙදෙනාගේම මුලාශ්‍ර ඔවුන්ගේ නායකත්වය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටිති. එසේ නොවුනහොත් එක්කෝ රැකියාව අහිමි වේ. නැතහොත් හිස කඳින් වෙන් වේ. රාජපක්ෂට විෂයේහිලානම් රාජ්‍ය ද්‍රෝහී චෝදනා මතා වැලිකඩ කම්බි ගැනීමට සිදු වේ. චම්පිකට සුඩානයේ වෙසෙන ජනතාව ගැන එතරම් දුකක් තිබේනම් උතුරේ මෙන්ම දකුණේ අල් බසීර්ගේ අතුරු හමුදා ( පැරාමිලිටරි ) කල්ලි වලින් ධූෂණයට ලක් වූ ගැහැණු ළමුන්, කාන්තාවන් ගැන මදකට හෝ අවධානය යොමු කිරීමත් ඔවුන්ගේ අද්දැකීම් තුළින් අර්බුධය අවබෝධ කර ගැනීමත් වැදගත් වේ. එසේම රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කමින් තමන්ට අයත් විදේශ සංචිත පුළුල් කරගත් ආකාරය ගැන සිතන්නේ නම් චම්පික, ඔහු ඉදිරියේම අසරණයෙකු වෙනවා පමණක් නොව ඔහු ජාතිය කෙරෙහි ඇති අලවන්තකම නමැති ව්‍යාජයේ හැව ඉවත් වී සැබෑ ආත්මාර්ථකාමී හෙළුව නිරාවරණය වනු ඇත. සැබවින්ම ඕනෑම අර්බුධයක සත්‍ය අවබෝධ කර ගත හැක්කේ එකී අර්බුධය හේතුවෙන් බැට කන සාමන්‍ය ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මිස ඒ ගැන මුසාවාද කියන අයවලුන් කෙරෙහි විස්වාශය තැබීමෙන් නොවේ.
බෙදුමවාදය හෝ සුඩානය දෙකඩ වීම ගැන මෙම ලේඛකයාටද සතුටක් නැතත්, අවබෝධකරගත යුතු මුලික කරණය වන්නේ වෙන්වීම වූ කලී දකුණු සුඩානයේ ජනතාවගේ එකම විකල්පය බවට ජනාධිපති බසීර් විසින්ම පත් කළ බවයි. ලංකාවේ එය සිදු නොවුණේ චම්පික රණවක නොර්වේට විරුද්ධව පෙලපාලී ගිය නිසාවත් , හමුදා කඳවුරු වලට හමුදාවේ ආරක්ෂාව සහිතව කොටින්ට විරුද්ධව පෙළපාලි ගිය නිසාවත් නොවේ. එය ලංකවේ යථාර්තයක් නොවුණේ මෙරට දෙමළ ජනතාවගෙන් බහුතරයකට එල්.ටි.ටි.ය හිසරදයක් වී තිබු නිසා ආරක්ෂක හමුදා වලට සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සහය වූ නිසාය. යුධ ජයග්‍රහණයෙන් පසු චම්පික වැනි අය වලුන් වීරයන් වීම සිංහල සමාජයේ අවුලක් මිස ඇත්ත එය නොවේ. චම්පික වැනි අයවලුන් පසුගිය දශක කිහිපය පුරා ගෙන ගිය කටයුතු වලින් වාසි අත් වූයේ එල්.ටි.ටි.ඊ. යටය. එපමණක් නොව යලිත් කෙදිනක හෝ වාර්ගික නොසන්සුන්තාවක් හට ගත්තොත් එය ඇතිවන්නේද මොවුන්ගේම කූඨ උපායන් නිසාය.
එසේම සුඩානය විෂයෙහිලා ජනාධිපති අල් බසීර් මේ වනවිට භුක්ති විඳින්නේ ලක්ෂ ගණන් ජනතාවගේ රුධිරය සමඟ සෙල්ලන් කරමින් වගකීම් විරහිත අයෙකු ලෙස හැසිරීමේ විපාකය මිස වෙන කිසිවක් එරට දෙකඩ වීම තුළ නැත. ඔහු හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ බලයට පැමිණීමෙන් පසු නීතිය මෙන්ම පාලන විහුහය තමන්ගේ අල්ල උඩ නැටවීමට කටයුතු කළා මිස වෙන කිසිඳු සුගතියක් සඳහා රට තල්ලු කළේ නැත. පොලිසියට සහ නීතියට හිමි ස්වාධීන අධිපතය හෑල්ලුවට ලක් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ බහුතර බලයක් සහිත අසාහය නායකයෙකු වීමට යන්ත දැරීය. එකී නාඩකම පුපුරා ගියේ රට තුළින්ම සැබෑ දේශපාලන දර්ශනයක් සහිතව කැරැල්ලක් ඉස මතු වීම තුළිනි. ජෝන් ගැරන්ග් සේම ඔහුගේ හදිසි අභාවයෙන් පසු බලයට පැමිණි සල්වා කීර් පල්ලියේ ප්‍රකාශනයන්ට වඩා සාමාන්‍ය ජනතාවගේ ප්‍රකාශනයන්ය. කොටි සංවිධානය සහ සුඩාන ජනතාවගේ විමුක්ති ව්‍යාපාරය අතර ඇති මුලික වෙනස වන්නේ එයයි.කොටි සංවිධනය සෑම විටම යුධමය ශක්තිය කේන්ද්‍ර කරගනිමින් තම අරගලය ගෙන ගිය අතර සුඩානය විමුක්ති ව්‍යාපාරය සන්නද්ධ අරගලයට හා සමාන වැදගත් කමක් තමන්ගේ දේශපාලන දර්ශනවාදය සඳහාද ලබා දුන්නේය. ඒ ගැන විස්වාශ කළේය. එය දේශීය මට්ටමෙන් සාමන්‍ය ජනතාව අතර ව්‍යාප්ත කළේය. චම්පික රණවක සුඩාන ජනතාවගේ මුලික අයිතීන් සමඟ සෙල්ලම් කරන හොරෙකු ගැන කිඹුල් කඳුළු හෙලීමත් සමේ පාටින් පමණක් වෙනස් වන රාජපක්ෂගේ අනුගාමිකයෙකු වීමත් අතර ඇති පොදු ගුණාංග ඔහු විසින්ම පෙන්වා දී තිබේ.
එරට ජනමතවිචාරණයේ අවසාන දිනය වූ ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කළ බසීර්ගේ ඉහළ පෙලේ නියෝජිතයෙකු කියා ඇත්තේ ජනමත විචාරණය සමස්තයක් ලෙස ගත් විට සාදාරණ එකක් බවයි. එසේම ජනමත විචාරණය ආරම්භ වීමට දින දෙකකට පෙර දකුණට ගිය ජනධිපති බසීර් සඳහන් කළේ ප්‍රතිපලය කුමක් වුවත් තමන් භාරගන්නා බවයි. නීතිය තමන් අතට ගැනීමෙන් තමන්ට වීරයෙකු වීමට නොහැකිය යන්න මෙහිදී අවදාරණය කරණ මුලික පාඩම වේ. දශක ගණනාවක් තිස්සේ තම පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා රටක පැවතිය යුතු මුලික ආයතන වලින් සමාජ ක්‍රමයම ගලවා දැමීමේ විපාකය සුඩානය දෙකඩ වීමෙන් පෙනේ. එසේම දාෆුර් අර්බුධය හමුවේ තෙකඩ වුවහොත් එයද පුදුමයට කාරණයක් නොවේ. චම්පික දකින නපුරු සිහිනයේ යථාර්තය මෙයයි. මේ සඳහා ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි නමුත් ඔහු පිළිතුරක් සපයන්නේනම් ඊට ප්‍රතිචාර දැක්වීමටද බැරිකමක් නැත.
සොයන සත්‍ය ඇත්තේ තමන් තුළමය යන සාමාන්‍ය ජීවිතයේ මුලික කාරණය මෙහිදී මතකයට ගැනීම වැදගත් වේ. තමන් මුහුණ දෙන කටුක සත්‍යයෙන් ගැලවී තාවකාලික මානසික ප්‍රමෝදයක් ලබා ගැනීම සඳහා බාහිර බලවෙගක් ගැන සැක කිරීම හෙවත් බාහිරින් බිල්ලෙකු නිර්මාණය කොට එකී බිල්ලාට හැකි පමණින් තඩි බෑම චම්පික පමණක් නොව චම්පික වැනිම ආදී කළේ සිටි බමුණු මුතුන් මිත්තන්ද අනුගමනය කළා වූ කූඨ උපාය වේ. ගංවතුරෙන් අවතැන් වූ ලක්ෂ දහයෙන් එක් අයෙකුට රුපියල් 55 ක් සහ තමන්ගේ බලය වැඩි කර ගැනීම සඳහා රාජපක්ෂ විසින් මිලට ගත් මිනිස් විෂයන් 65 පිනවීම සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 1300 ක් වියදම් කිරීම වැනි කාරණා ගැන තමන්ගේ මොළය පාවිච්චි කරන්නේනම් චම්පිකගේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරී බිල්ලා යට කලිසමින් එලියට පැන ඔහුටම හූ කියමින් දුවනු ඇත.
ජනතා මුදල් හොරා කෑ සුඩානයේ ජනාධිපති බිලියන් 09ක් පිටරට බැංකුවක තැම්පත් කරයි
තම රටේ ආදායමෙන් හොරකම් කර ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 09 ක් එංගලන්තයේ ඇති බැංකු ගිණුමකට දමාගත් බවට සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බසීර්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මේ කරුණු අනාවරණය වී ඇත්තේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරනු ලැබූ එක්සත් ජනපදයේ තානාපති ලිපිගොනු වලිනි. අදාල කරුණු හෙළි දරව් වී ඇත්තේ එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස එකසත් ජාතීන්ගේ කටයුතු කළ අලජන්ද්රෝ වුල්ෆ් සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව නඩුපවරා ඇති නීතිවේදියා වන ලුයිස් ඔකම්පෝ අතර හුවමාරු වූ ලිපියකිනි. අදාල කාරණය හෙළිදරව් කරනු ලැබුව හොත් අදාල ජනාධිපතිවරයාට එරෙහිව මහජන මතයක් ඇති කිරීමටද හැකියාව ඇතැයි ඔවුහු සැලකිල්ලට ගෙන ඇත. එසේම අදාල නීති විරෝධී බැංකු ගිණුම්ද කාරණයක් කොට ගෙන ඔහුව යුධ අපරාධ සඳහා චෝදනාවට අත්අඩංගුවට ගත හැකි බව අවධාරණය කොට ඇත.
සුඩානය ලෝකයේ දුප්පත් රටක් වන අතර එහි 40% ජනගහනයක් දුලිඳු බාවයෙන් පෙළෙති.
සුඩානය ලෝකයේ දුප්පත් රටක් වන අතර එහි 40% ජනගහනයක් දුලිඳු බාවයෙන් පෙළෙති.
Subscribe to:
Posts
(
Atom
)





