සුඩානය: ගෝත්‍රික ගැටුම් නිසා 3000 කට ආසන්න පිරිසක් මරුට

| කිෂානි වැලිවිටිගොඩ

පසු ගිය සතියේ පැවති ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 3000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවට දකුණු සුඩානයෙන් වාර්තා වේ. පිබෝර් කවුන්ටි හි කොමසාරිස් වන ජෝෂුවා කෝනයි සිකුරාදා (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙය මිනිස් සංහාරයක් බවයි. මේ වන විට මළ සිරුරු ගණන් කිරීම සිදු කරන අතර කාන්තාවන් සහ ළමුන්ගේ මළ සිරුරු 2,182 ක් ද පිරිමින්ගේ මළ සිරුරු 959 ක් සංඛ්‍යාවක් මේ දක්වා වාර්තා වේ. දහසකට අධික තවත් ළමුන් අතුරුදහන් වී ඇති අතර දස දහසකට ආසන්න ගවයන් සංඛ්‍යාවක් හොරකම් කර ඇති බවට ජෝෂුවා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් වෙතත්වා සිදු වී තිබෙන මුළු මරණ සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දකුණු සුඩාන හමුදාව විසින් නිවේදනයක් නිකුත් කොට නැත.