සුඩානය / චීනය : චීන ජාතිකයින් 29 ක් කැරලිකරුවන්ගේ ග්‍රහණයට

| කිෂානි වැලිවිටිගොඩ

( 29.01.2012 | lankaguardian.com ) සුඩාන හමුදාව සහ කැරලිකරුවන් අතර පැවති ගැටුම් වලට මැදි වූ චීන ජාතිකයින් 29 දෙනෙකු තමන්ගේ යටතට ගත් බව සුඩාන කැරලි කරුවන් නිවේදනය කළහ.

සුඩාන හමුදාව සහ සුඩාන ජනතාවගේ විමුක්ති සංවිධානය ( උතුර ) අතර ඊයේ ( සෙනසුරාදා) පැවති දේශසීමා වල ඇති වූ ගැටුම් වලදී අදාළ චීන ජාතිකයින් තමන් යටතට ගත් බව තහවුරු කරනු ලැබූ කැරලිකරුවන් ඔවුහු එසේ රඳවා ගනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාවට බවද නිවේදනය කළේය. වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක් වූ සුඩාන කැරලිකරුවන් කියා සිටියේ අදාළ චීන ජාතිකයින් තමන්ගේ ග්‍රහණයට නොගත්තේ නම් ආණ්ඩුවේ හමුදාවේ ඉලක්ක බවට අදාළ චීන ජාතිකයින් පත් විය හැකිව තිබුණු බවයි.

එසේම අද පැවති සටන් වලදී සුඩාන හමුදා සාමාජිකයින් 09 දෙනෙකුද තමන්ගේ ග්‍රහණයට ලබා ගත් බව කැරලි කරුවන්ගේ ප්‍රකාශකයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වූ කැරලිකරුවන්ගේ ප්‍රකාශකයා වන අර්නු නුගුටුලු කියා සිටියේ චීන ජාතිකයින් අදාළ ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යපෘති වල නියැලී සිටින බවයි .