The Most/Recent Articles

Showing posts with label IndikaUdugampola. Show all posts
Showing posts with label IndikaUdugampola. Show all posts

හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම

| ඉන්දික උඩුගම්පොළ

80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැුල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත් උරුමකරවන මෙම යුගය, තම පරමාදර්ශි සමාජය වෙනුවෙන්  ආයුධ අතට ගත් උතුරේ තරුණයින්ටත් මරණයම කැන්දවන වකවානුවක්. ඉච්චාභංගිත දකුණේ තරුණ තරුණියන්ගෙන් රණකාමී තරුණයන්ට, උතුරේ තරුණයින්ගෙන්් මව්බිම බේරාගැනිමට නිල ආයුධ පැවරෙනත්, නිදහස්කාමි තරුණියන්ව නිදහස අහිමි නිදහස් වෙලද කලාප වෙත කැද වෙනත් යුගයක් ඒක.

තමන්ගෙම වයසෙ තරුණයො ආයුධ අරන් කැරලි ගහන අතරෙ, තමන්ගෙම පරම්පරාවෙ කොල්ලො යුධබිමේ ඇද වැටෙන අතරෙ ඔහු පැත්තකට වෙලා තැපැල්පත් ලිව්වා, ඉතිහාසයේ ගඟ තමා දෙපසින් ගලා බසින අතර හුදෙකලා දිවයිනක තනි වූ මිනිසෙකු සේ. කොල්ලො ආමි එකට යන අතර, කෙල්ලො නිදහස් වෙළද කලාපෙ යන අතර, කොල්ලො කෙල්ලො දෙගොල්ලම ඉංග‍්‍රීසි, ටයිපින්, කොම්පියුටර්, බියුටි කල්චර් ඉගෙන ගන්න අතර දිනසිරි වර්ග අඟල් කීපෙක පුංචි තැපැල්පතක් තුළ විශ්වයක් ගොඩනැගුවා. - කුරුලූ හදවත පිටුව 155

ලියනගේ අමරකීර්තිගේ කුරුලූ හදවතේ දිනසිරි කියන්නේ තම ඉතිහාසයත්, උරුමයත් මකා දමා නව සංස්කෘතික ජීවියෙක් ලෙස බෞතිස්මය ලැබිමට තමා විසින්ම නම් කරගත් නාමයකින්, තමා විසින්ම නම් කරගත් ගමක සිට ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා නොකඩවා තැපැල් පත් යවන පාඨකයෙක්. බැලු බැල්මට දිනසිරිගේ භාවිතය තම පරම්පරාවේ අනෙකුත් තරුණ තරුණියන්ගේ භාවිතාවේ ප‍්‍රතිපක්ෂය වුවත් මනෝ මුලිකව මේ සියල්ලන්ගේ අරමුණ එකයි. හැමෝටම අවශ්‍ය වන්නෙ තමන්ගේ යථා ජීවිතය පිලිබදව තමන් තුල පවතින අතෘප්තියෙන් ගැලවීමට වෙනත් භාහිර පරමාදර්ශයක් සමග අනන්‍ය  වීමටයි.  මෙය වෙළද පොළ තර්කණය තුල නව පුද්ගලවාදයක් ගොඩනගාගැනිමක්. අනෙකාගේ දෘෂ්ටියෙන් තමාගේ අනන්‍යතාවය සකසා ගැනිමක්.  අධිපතිවාදි දෘෂ්ටිය විසින් ඉල්ලනු ලබන රූපයක් තමාට ආරෝපණය කරගැනිමක්. ලෑකැන් ට අනුව මෙය තමාවම තමාගේ  පරිභාහිර පරමාදර්ශයක් තුලට ප‍්‍රක්ශේපණය කර ගැනිමක්. ඔහුට අනුව අපගේ ආශාව හැමවිටම ගමන් කරන්නෙ අනෙකෙක් හරහායි. අනෙකාට මගෙන් අවශ්‍ය කුමක්ද යන ප‍්‍රශ්ණයේදී මම මා නොවන්නෙකු බවට පත්වෙන අතර එම මා නොවන්නා හරහා අනෙකා මාව හඳුනා ගන්නවා. මම ම අනෙකා බවට පත්වීම හෙවත් අනෙකා මකා දැමීම මෙහි අනිවාර්යය ප‍්‍රතිඵලයක් වෙනවා. අතුරු මුහුණතක් විසින් එකි පුද්ගලයාට සමාජ සම්බන්ධතා ලෝකයේ නියම අන්‍යතාව හා අර්ථය ලබාදීම මගහරිනවා. මම යනු අනෙකාගේ කැමැත්ත වේශනිරූපණය කරන යන්ත‍්‍රය බවටත් අනෙකා යනු මාගේ කැමැත්ත වේශනිරූපණය කරන යන්ත‍්‍රය බවටත් පත්වෙනවා. තම යථාව මකා දැමු වේශ නිරුපිත නව සංස්කෘතික ජීවියෙක් මෙහි ඵලය ලෙස උපදිනවා. ඉංග‍්‍රීසි, ටයිපින්, කොම්පියුටර්, බියුටි කල්චර්, වෙලද කලාප ආදි සියලුම ප‍්‍රවේශ මග කියන්නේ අතුරු මුහුණතක් සහිත මේ නව සංස්කෘතික ජීවියා උපද්දවීමටයි. රණවිරුවෙක් වෙන එක තමයි සාපේක්ෂව මීට පහසුම මාර්ගය. දිනසිරි තෝරගන්නේ අපහසු මාර්ගයක්. එතකොට ඔහු කරන්නෙත් තම පරම්රාවෙ තරුණයින් වගේම කැරැුල්ලක්. එය හුදෙකලා කැරැුල්ලක් වුවත් අපේක්ෂිත ඵලය හා එය අත්පත් කරගත යුතු මාර්ගය පිලිබදව සබුද්ධිකව, ඉවසිමෙන් කෙරන විප්ලවයක්. තම පරම්රාවෙ තරුණයින් සබුද්ධික නොවු කැ?ල්ලකින් අපේක්ෂිත ඵලය වෙනුවට එහිම නිශේධයත්, මරණයත් උරුම කරගද්දි තම ඉලක්කය පිලිබද සවිඥාණික දිනසිරි නොනවත්වා ගුවන් විදුලියට තැපැල්පත් ලියනවා.

”මාත් ඉස්සර දිනේ වගේම තමයි. කාගෙ හරි මැරුණ කෙනෙක්ගෙ නමක් ගමක් දැක්කොත් ලිව්වා. පිටු දෙසීයෙ සීආර් පොතක තමයි ලිව්වෙ. තව නමක් හොයල ලියන්ඩ තව දවසක් හිටියොත් ඇති කියල තමයි උන්නෙ. මං කොහොමත් පත්තර කියෝනවනෙ. මරලා දාපු හරි පැහැරගෙන ගිය හරි කෙනෙක්ගෙ නමක් ගමක් පත්තරේ තිබ්බොත් ඒක පොතේ ලියනවා.”

”මාත් එහෙම තමයි ඉස්සර. හෙටත් පෝස්කාට් එකක් ලියන්න තිබ්බොත් ඇති කියල තමයි හිතං උන්නෙ.”

”ඒ විදියම තමයි මාත්” සරත් හිනා උනා.

”ඒ උනාට මං ලිව්වෙ මගෙ නමමයි. සරත් අනුංගෙ නම්. ඒකයි වෙනස”

දිනසිරි කිව්වෙ ජීවිතය පිළිබද නැවත පරීක්ෂා කරන්නෙකුගේ මානසිකත්වයට ඇද වැටුණු බවක් පෙන්නන ස්වරූපයෙන්.

”දෙකම එකයි දිනේ. අනුන්ගෙ නම් පොතක ලිය ලිය මං හෙව්වෙත් මගෙ නමම වෙන්ඩැති. නං එක්දාස් ගාණක් මං එකතු කෙරුවා.” යැයි කියන විට සරත්ගේ මුහුණේ ඇතිවූ දීප්තිය ඉස්සර රේඩියෝ එකෙන් කුරුලූගංගොඩ නම කියවෙන විට තමන්ට ඇති වූ සතුට දිනසිරිගේ සිහියට ගෙනාවා. - කුරුලූ හදවත පිටුව 232-233
දිනසිරිගේ ඉවසිලිවන්ත හුදෙකලා කැරැුල්ල අවසන් වන්නේ එතෙක් වලංගංගොඩ ලෙසත්, විටෙක බඩහැලගංගොඩ ලෙසත් හැදින්වු ගම කුරුලූගංගොඩ නමින් අභිශේක ගැන්වීමෙන්. ඊට සමගාමීව වලං තනමීන් සිටි තරුණයෙක් කුරුලූ ගංගොඩ නමින් ජනප‍්‍රිය නව සංස්කෘතික ජීවියෙක්ව උපදිනවා. නමුත් මෙම ජනප‍්‍රිය නව සංස්කෘතික ජීවියාව, නව ජනප‍්‍රිය සංස්කෘතිය ව්සින්ම ගිලගැනිමට ඇති අවධානම පිලිබදව මේ දිනසිරි දැනුවත් නැහැ. අලුතින් ආරම්භවු ජනප‍්‍රිය සංස්කෘතියෙ නව ගුවන් විදුලි සේවයට බදවාගැනිම තමා ගුවන් වි¥ලියට නොකඩවා ලිවීමෙන් පෙන්වන ලද අකලංකභාවයට පුදන ලද තිලිණයක් හැටියට දිනසිරිට පෙනෙන්නේ ඒ හින්දයි.

සිල්ලර බඩු වෙළෙදාමෙන් ධන කුවේර වූ බිග්එම් සමාගම මියුරු එෆ්එම් ගුවන්විදුලිය ආරම්භ කරද්දී ජනමාධ්‍ය යනු භාණ්ඩ විකිණීමට භාවිත කළ හැකි උපකරණයක් පමණක් නොව විකිණිය හැකි භාණ්ඩයක්ද බවට පත්වන බව වටහා ගෙන තිබුණා. කතා කිරීම, සිනාසීම, විහිළු කිරීම, ගායනය යන සියල්ල විකිණිය හැකි පුංචි පුංචි භාණ්ඩ ජාතියක් බව සමාගමට තේරුණා. මේ ආයෝජනයට උපදෙස් දෙන කණ්ඩායමේ අදහස වූයේ සිතීමට වඩා කතා කිරීම රසවත් වන කාලයක් හා විහිළුවක් කියන්න කලින් හිනාවෙන කාලයක් ළග එන බවයි. - කුරුලූ හදවත පිටුව 166

නව ගෝලීය ධනවාදයේ ප‍්‍රාග්ධන හැසිරීම පිලිබද සවිඥාණික නොවන දිනසිරි ගුවන් වි¥ලි සන්නිවේදකයෙක් ලෙස තමන්ගේ රාජකාරිය ලෙස විශ්වාස කරන්නේ තම පරමාදර්ශය වු පේ‍්‍රමකීර්ති ද අල්විස්ගේ පන්නයේ ගුවන් වි¥ලි සංනිවේදනයක්. නමුත් දිනසිරිගේ ගැමිකම යනු අලෙවි කල හැකි භාණ්ඩයක් බැව් දන්නා බිග්එම් සමාගමේ වෑයම  මියුරු එෆ්එම් හරහා කුරුලූ ගංගොඩ නැමැති මාධ්‍ය ප‍්‍රතිරූපයක් ගොඩනැංවීමටයි. මෙම නව මාධ්‍ය ප‍්‍රතිරූපය උත්කර්ෂ ගැන්වීම හරහා විටෙක ගොවියෙකුටත්, විටෙක ආරච්චි කෙනෙකුටත්, විටෙක මුදලාලි කෙනෙකුටත්, විටෙක කුලි කාරයෙකුටත්, විටෙක ඉඩම් හිමියෙකුටත් ආදි  ඕනෑම චරිතයකට දිනසිරිව ආරුඨ කර භාණ්ඩ විකිණිය හැකි වෙලද ප‍්‍රවර්ධකයෙක් ලෙස උපයෝගිකරගත හැකි ආකාරය පිලිබද මොවුන් දැනුවත්.

අංග රචනා ශිල්පියා දිනසිරිගෙ අතට පොඩි කණ්නාඩියක් දීල මූණෙ රැුලි අදින්න පටන් ගත්තා. රැුළි නළල. ඇස් යට රැුළි. කණ්නාඩියෙන් බලාගෙන ඉද්දිම තමන් වයසට ගිහින් ආරච්චිරාළ වෙනවා දිනසිරිි බලාගෙන පුංචිකාලෙ හැංගිමුත්තං කරන්න දොරමුල්ලෙ හැංගෙන පුංචි කොල්ලෙක් වගේ.

”මං නං ඔන්න ගොඩට මඩට දෙකටම ගහන්නෙ අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත කාලෙ ඉදලම එන අපේ ජාතියේ උරුම කරුම බේත් ජාති දාලා හදාපු ඉස්මාට් පෝර. හෙළ ජාතියට බත සපයන ඉස්මාට් ඇග්රො පෝර.”

මුවන් පැලැස්සෙ ආරච්චිලට කිට්ටු ඒ කටහඩ අතීත ගමක ඉදල එන එකකට වඩා අතීත ගුවන් විදුලි නාට්‍යයක ඉදල එන මහලූ කටහඩක් වගෙයි සරත්ට ඇහුණෙ. - කුරුලූ හදවත පිටුව 332

සංස්කෘතිය යනු වෙලදපොළක් බව මුලින්ම වටහාගත් දාර්ශණිකයා වුනේ වෝල්ටර් බෙන්ජමින්. ෆැන්ක්ෆර්ට් ගුරුකුලයේ මාක්ස්වාදි චින්තකයින් නමසිය තිස් ගණන් වලදි සංස්කෘතික වෙලදාම :ක්‍මකඑමරු ෂබාමිඑරහ* හැටියට හ¥නා ගත් මෙය කල එලි බසින්නේ 80 දශකයේදි ඇමරිකාවේ රොනල්ඞ් රේගනුත්, බි‍්‍රතානයේ මාග‍්‍රට් තැවරුත් සංස්කෘතික ක්ෂේත‍්‍රයට නිදහස් වෙලදාම ඇතුලුවිය යුතුයයි තීරණය කරනවාත් සමගයි.  ඒ එක්කම බි‍්‍රතානයෙත්, ඇමරිකාවේත් සුප‍්‍රකට ටෙට් ගැලරියත්, තවත් කලාත්මක සමාජ ආයතනත් නඩත්තු කිරිමට විශාල වශයෙන් පුද්ගලික ව්‍යවසායන් අනුග‍්‍රහකයන් වශයෙන් ඉදිරිපත් වුනා. සමාජ විද්‍යාඥයෙක් වන පියෙර් බොදියුගේ මතය තහවුරු කරමින් වාණිජ ව්‍යාපාරවල ප‍්‍රභුන් සිය ව්‍යාපාරයන් සතු ප‍්‍රාග්ධනීය බලය සංස්කෘතික ක්ෂේත‍්‍රය තුල ආයෝජනය කරමින් සංඛේතීය ප‍්‍රාග්ධනය වර්ධනය කර ගන්නත්, එසේ තර කරගත් සංඛේතීය ප‍්‍රාග්ධනය නැවත ආයෝජනය කිරිමෙන් තම ව්‍යාපාරවල මුල්‍ය ප‍්‍රාග්ධනය ප‍්‍රසාරණය කරගන්නත්, සමගාමීව තම තමන්ගේ පුද්ගලික හා සමාජ තත්වය වර්ධනය කරගන්නත් යුහුසුළුව පෙලඔුනා. 90 දශකයෙදි මේ ප‍්‍රවාහය ශ‍්‍රි ලංකාව නම් කොදෙව්ව ආක‍්‍රමණය කරනවාත් සමගම මෙම නව සංස්කෘතික වෙලදාමට දේශීය ආයෝජකයින්්  අවතීර්ණ වුනා. ආයෝජනය දේශිය වුවත් අරමුණ ලාභය කේන්ද්‍රවු වෙලදපොල ගැට ගැසි තියෙන්නේ ගෝලිය ප‍්‍රාග්ධනය එක්කයි. ප‍්‍රාග්ධනයේ ගෝලියකරණය දේශිය වශයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ වෙලදපොළ තුල සංස්කෘතිය පෞද්ගලිකකරණය හරහයි. සියල්ල තීන්¥කරන මහා පො¥ සාධකය ප‍්‍රාග්ධනය වු මොාහාතක, එවැනි සමාගමක සේවකයෙක් වු දිනසිරිට පැවරෙන යුගයේ කාර්්‍ය භාරය තමන්ගේ පරම්රාවේ තරුණයින් ජීවිත පරිත්‍යාගයෙන් කැරැුල්ලක් හරහා වෙනස් කරන්නට උත්සහ දැරු ක‍්‍රමයම උත්කර්ෂයට නංවා එය පවත්වාගෙන යෑමට සක‍්‍රීය දායකත්වය ලබා දිමයි.

දිනේ, මියුරුඑෆ්එම් කාරයොයි. එයාලට දැන්වීම් දෙන සමාගමුයි. එව්ව පිටිපස්සෙ ඉන්න දේශපාලකයොයි ඔයාගෙ වචන මාලාව යොදා ගන්නෙ උන්ගෙ ව්‍යාපෘති ගමට ගෙනියන්න. විවෘත ආර්ථිකේ වැඩකොටස සම්පූර්ණ කරන්න. මං මේ විවෘත ආර්ථිකේ කියන්නෙ ගෝලීය ප‍්‍රාග්ධනයට මිසක් වෙන දේකට නෙමේ. (ගෝලීය ප‍්‍රාග්ධනය කියන්නෙ ජේ ආර් ගෙ වැරැුද්දක් කියලනෙ ගොඩක් අය හිතන්නෙ. ඒ හින්දා ජේ ආර් ට බැණ බැණ ගෝලීය ප‍්‍රාග්ධනයටම සේවය කරන්න පුළුවන්* - කුරුලූ හදවත පිටුව 296

ගෝලියකරණය කියන්නේ සංස්කෘතිය ආනයන අපනයන කිරිමෙ කි‍්‍රයාවලියක්. සංස්කෘතිය පෟථිවිකරණයවීම හෝ ගෝලියකරණයවීම යනුවෙන් අදහස් කරන්නේ සංස්කෘතිය ධනේෂ්වර ලෝකයක් තුලට ඇතුල් වීමයි. මෙය ව්‍යුහගත වී ඇත්තේ පසුගිය දශක කිහිපය තුළ අතිමහත් වර්ධනයක් අත්පත් කර ගත් සංදේශ තාක්ෂණයත්, ලෝක වෙළෙදපල නම් පෝෂිතයත් අතර ද්විගට්ටනාත්මක මුහුන් වීමක ප‍්‍රතිඵලයකින්. ආර්ථික ප‍්‍රාග්ධනය උපයෝගී කර ගෙන සංස්කෘතික ප‍්‍රාග්ධනය සීමිත පුද්ගල අවශ්‍යතාවක් වෙනුවෙන් හැසිරවීම හෙවත් කේන්ද්‍රීය රටවල අධිපතිවාදී මතවාදයට පරිධියේ රටවල් ගොනුකර ගැනීමේ සංග‍්‍රාමය කියන්නෙ ලෝක බලවතුන් තුන්වන ලෝකයේ ජාතික රාජ්‍යයන් ආක‍්‍රමණය කිරිමේ නව ප‍්‍රවේශයයි. නව වෙළෙදපලක් ඉලක්ක කරගත් මෙම නව යටත් විජිතකරණය ව්‍යාපෘතියේදි සංදේශ තාක්ෂණය මතවාදී මෙවලමක් :ෂාැදකදටසජ්ක ීඒඑැ ්චච්ර්එමි* ලෙස සුක්ෂමව භාවිතයට ගැනෙනවා.

කිරි පිටි ආනයන සමාගම් ඒ කිරි ගමේ කිරි බව කියන්නට, සුවද සබන් නිෂ්පාදන සමාගම් ඒ සබන් ගැමි සුවද විහිදුවන බව කියන්නට, කෘෂි රසායන ආනයන සමාගම් ඒවා දේශීය ගුණපණ ඇති තෙල් බව කියන්නට ඉල්ලන තාරකාව බවට පත් උනේ කුරුලූ ගංගොඩ - කුරුලූ හදවත පිටුව 189 - 190

භයංකාර ලෙස ද්‍රව්‍යමය පදනම් බිදවැටෙන සමාජයක අධ්‍යාත්මික සංස්කෘතියේ පැවැත්මත් නිශ්චිතම අභියෝගයට ලක්වෙන බව මේ දිනසිරි ක‍්‍රමයෙන් තේරුම් ගන්නවා. යථාව ෆැන්ටසීකරණය කිරීම වෙළද පොළ ඉලක්කය සපුරා ගැනිමට අනිවාර්්‍යය කොන්දේසියක් බවත්, තමනුත් යථාවක් නොව මාධ්‍ය ගොඩනැගු නිර්මිතයක් වු කල තමාගේ පැවැත්ම ඇත්තෙත් මෙම ෆැන්ටසිය නඩත්තු කිරිම ඔස්සේම පමණක් බවත් ඔහු අවබෝධ කරගන්නවා. යථාවට අභිමුඛ විම වෙනුවට ෆැන්ටසිය වැලදගැනිමත්, එම ෆැන්ටසිය යථාව ලෙස බාරගැනිමත් එකම විකල්පය බව ඔහුට හැෙඟනවා. කුරුලූ ගංගොඩ යනු භෞතිකයක් නොවන බවත්, නොඉද ඉදීම :ඉැසබට අසඑයදමඑ ඉැසබට* යනු තම යථාව බවත් ඔහු තේරුම් ගන්නවා. හේගලියානු දයාලෙක්තිකයට අනුව අවසාන සංකල්පීය විග‍්‍රහයෙදි ස්වාමියා යනු වහලාගේම නිර්මිතයක් යන්න මේ අනුව සත්‍යය වෙනවා.
ස්මාර්ට් ඇග්‍රෝ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය තුළ ඔහු භාවිත කළ  ”දේශීය,” ”මව්බිම,” ”සුජාත,” ”මව් පොළොව,” ”ජාතියේ විරුවන්ගේ සිංහල ලේවලින් පෝෂිත මව්බිම,” ”පවිත‍්‍රත්වය,” ”පිරිසිදුගම,” ”නිරෝගී පැරණි හෙළයා,” ආදී යෙදුම් ජාත්‍යන්තර නොවන සමාගම්වලින්ද ඉල්ලූමක් ආවා. ”නියම ජාතිකත්වයේ පපඩම්,” ”සුජාත දේශීය බීඩි,” ”නොඉඳුල් සිංහල හාල්,” ”විජාතික නොවන විස්කෝතුවක්,” ”ගමෙන් ගෙනා නූඞ්ල්ස්,” ”දේශීයත්වයේ සුවද රැුඳුණු මදුරු දඟර” මේ සියලූ දැන්වීම් සදහා කුරුලූ ගංගොඩගේ කටහඩ හා රූපය නැතිව බැරිවීම නිසා දියවන්නා ඔය අසබඩින් ඔහුගේ නිවස අහස එල්ලේ ඉහළ නැග්ගා. - කුරුලූ හදවත පිටුව  251  - 252
දිනසිරිත් සවිඥාණිකව දායක වන යථාව ෆැන්ටසීකරණය කිරිම නැමැති මෙම විකෘතිකර භාවිතය මග කියන්නේ යථාව මඟ හැර, යථාව ලෙස වෙස් ගැන්වු පරිකල්පනාත්මක මානව විද්‍යාවක් :ෂප්ටසබ්එසඩැ ්බඑයරදචදකදටහ* ගොඩ නැංවීමටයි. කිසියම් සමාජයක අතීතකාමය නැමැති හැඟීම වෙළදපොළ අරමුණක් වෙනුවෙන් සුක්ෂමව කුළුගන්වා ගැනීමේ ව්‍යාපෘතියේ ඵලය ලෙස එවිට ජනමාධ්‍ය ඔස්සේ අපට මුණගැසෙන්නේ යථාවෙ නොමැති ”ශ්‍රේෂ්ඪ රටක්,”  ”විශිෂ්ඨ ජාතියක්,” ”පිරිසිදු ගමක්,” ”නිර්මල දහමක්,” ”පෞඪ සංස්කෘතියක්,”       ”අභිමානවත් අතීතයක්”. මෙම ෆැන්ටසිය යථාවක් ලෙස සමාජගත කිරිම තමයි මෙම නව කාර්තුවෙ මාධ්‍යයේ වගකීම ලෙස හදුනාගෙන තියෙන්නේ. මිනිස් විශය මියයෑම වෙනුවට පවත්වාගෙන යැමට දායක වීම තමයි ෆැන්ටසියේ කාර්්‍යය.

”දිනේලගෙ වැඩසටහන් වලින් ගම, සිංහලකම, ජාතිය, දේශය අරව මෙව්ව පුදුම විදියට උත්කර්ෂයට නංවලා ඉතාම ගතානුගතික චින්තනයක් තමයි පතුරවන්නෙ. ජාතිවාදියෝ පාවිච්චි කරන්නෙත් ඔය වචනමයි.”

”අපේ දේවල් අගය කරන එක හොද නැද්ද?” දිනසිරි ඇහුවෙ තරහෙන් නෙමේ.

”හොදයි! මොකද නැත්තෙ! අගේ කරන්නෙ අපේ ඇත්තම දේවල්ද? අගේ කරන දේවල් ඔක්කොම අපේද? අපි කතා නොකරන හොද දේවල් කොච්චර තියෙනවද? අපි හොදයි කියන දේවල් ඔක්කොම තියෙන්නෙ ගමේද? නැත්නම් අතීතෙද? ඔය වගේ ප‍්‍රශ්ණ තියෙනවා. මං මේ කියන්නෙ දිනේල ගැන විතරක් නෙමේ. අපිම කරපු දේශපාලනෙත් ඒ වගේ. මං අවුරුදු ගාණක් හිරේ ගියේ ”සුජාතගම,” ”පිරිසිදු ගම,” ”ජාතිය,”   ”දේශය”, ”මව් රට” අරවා මේවා කියලා අපි හඳුන්නපු මොකක්ද දෙයක් රකින්න. ඇත්තටම එහෙම දෙයක් තිබුණද? තිබුණා නම් ඒක රැුක්ක පමණින් මනුෂ්‍ය ප‍්‍රශ්ණ විසදෙනවද ඔය මොකක්වත් හිතුවෙ නෑ.” - කුරුලූ හදවත පිටුව 283 
ජනමාධ්‍ය හරහා යථාව ෆැන්ටසීකරණය කිරිමේ මුඛ්‍ය අරමුණ වෙළදපොළ ඉලක්කය ජයගැනිම වුවත්, එවැනි ෆැන්ටසියක් යථාවක් ලෙස බාරගත් සමාජයක් මුහුණ දෙන ව්‍යාකූලතා දෘශ්‍යමානයට එන්නේ තවත් සංකීර්ණතා රැුසකට මඟ කියමින්. ”ශ්‍රේෂ්ඪ රට,”    ”විශිෂ්ඪ ජාතිය,” ”පිරිසිදු ගම,” ”නිර්මල දහම,” ”පෞඪ සංස්කෘතිය,” ”අභිමානවත් අතීතය” ආදි යථාවෙ නොපවතින්නක් අත්පත් කරගැනිමට සමාජය මෙහෙයවීම තමන්ගේ යුගයේ කාර්්‍ය භාරය ලෙස හ¥න්වා ගත්  තක්කඩින් පිරිසක් මීට සමාන්තරව කල එලි බසිනවා. මානවීය අනාගතයක් පරිකල්පණය කිරීම වෙනුවට අතිතයේ තිබුනායැයි කියන කල්පිතයක් යථාවක් කිරිමට වෙහෙසෙන මෙම කණ්ඩායම් පිටුපස ඇත්තේ වෙළදපොළ අරමුණ වගේම සුක්ෂම දේශපාලන ව්‍යාපෘතියක්. ඊනියා දේශිය චින්තනය නැමැති මිත්‍යාව / ෆැන්ටසිය වැපිරිම තුල තමයි මේ අයගේ පැවැත්ම තියෙන්නෙ.

”නෑ මං කිව්වෙ අපි කැරැුල්ල ගහන්න පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගං, සබන් සමාගං, රෙදි සමාගං ගමට එනවා, විප්ලවේ කරන්නෙ අපිද එයාලද කියලා හිතන්න බැරි විදියට. අනික් පැත්තෙං ඒ වචනම පාවිච්චි කරකර ජාතිකවාදියො පෙළපාලි යනවා.” සරත් අඳුර දෙස බලා ගෙන කිව්වා. - කුරුලූ හදවත පිටුව 285 
ගෝලිය ප‍්‍රාග්ධනය හා ඊනියා දේශිය චින්තනය පැවතිය හැක්කේ ආන්තික ප‍්‍රතිපක්ෂ තුල වුවත් මෙම නව කර්තුවෙ මේවා පවතින්නෙ අත්‍යන්ත සහසම්බන්ධතාවක් හා අන්‍යොන්‍ය අවබෝධයක් තුලයි. එකිනෙකාට අනෙකාගෙන් තොර පැවැත්මක් නොමැති මෙහි ඇත්තේ එකිනෙකාගෙන් එකිනෙකා පෝෂණය වන ආකාරයෙ පරායත්ත සම්බන්ධතාවයක්. එතකොට  මෙම ඊනියා දේශිය චින්තනයක් කරපින්නාගත් නව ජාතිකවාදින්ගේ උපක‍්‍රමය තමයි යථාවෙ නැති ”ශ්‍රේෂ්ඪ රට,”  ”විශිෂ්ඪ ජාතිය,” ”පිරිසිදු ගම,” ”නිර්මල දහම,” ”පෞඪ සංස්කෘතිය,” ”අභිමානවත් අතීතය” ආදිය විනාශ කරන විදේශීය කුමන්ත‍්‍රණ හා සතුරු බලවේගයන්ගෙන් ආරක්ෂාකරන ජාතික පවුර ලෙස පෙනිසිටීම. මෙම භාවිතාව තුල අනිවාර්්‍යයෙන්ම උත්කර්ෂයට නැංවෙන  ජාතික ඇ¥ම, කහ සිවුර, කුරහන් සුවද, උඩු රැුවුල, ගුරු පැහැ සාඨකය ආදිය ප‍්‍රවර්ධනය කර ඒවා ජනතාවගේ මනාප බවට පෙරලා මැතිවරණ ජයග‍්‍රහණය කිරිමෙත්, එම ජයග‍්‍රහණය නඩත්තු කිරිමෙත් සුත‍්‍රය පිලිබද මොවුන් අතිශයින් සවිඥාණිකයි. මෙය ප‍්‍රශ්ණ කරන්නන් දේශද්‍රෝහින් ලෙස හදුන්වා, ඔවුන්ගේ පැවැත්ම අහෝසි කර දැමිමට ”නොනිල  පොලිසි” බවට පත්වන්නට තරම් එතකොට මෙහි ”මහජනතාව” බලවත්.
ඊටත් වඩා භයානක දෙයක් මට පේනවා. ඔයා ජනප‍්‍රිය කරපු වචන මාලාව ඉතාම දරුණු ජාතිවාදින්ගෙත් සටන් පාඨ වීම. අපි කාටත් මේ අනතුර දැන්ම පේන එකක් නෑ. සියලූ දෙයින් සම්පූර්ණ පිරිසිඳු, සුජාත, ධාර්මික, සාමකාමී ගමක් අපට තිබුණා කියන කතන්දරේ දේශපාලකයොයි, බිස්නස්කාරයොයි, කලාකාරයොයි ඔක්කොම කියනවා. පහුගිය කාලෙ ලෝක ඉතිහාසෙ අරන් බැලූවොත් පේන එකක් තමයි ලෝක අධිරාජ්‍යවාදියො එන්නෙ ජාතිය ගැන කතා කරන ඔය වගේ එවුන්ට මුවා වෙලා. යටත් විජිත යුගයෙදි අධිරාජ්‍යවාදියො ඉගෙන ගත්ත හොද පාඩමක් තමයි ඒක.

යටත් විජිත යුගයෙන් පස්සෙ අධිරාජ්‍යවාදීන්ට ජාතිකවාදීන්ගෙන් වැඩ දෙකක් ගන්න පුළුවන්. එකක් උන්ට මුවාවෙලා ධනවාදෙ පතුරුවන එක. අනික උන් ලව්ව සියලූම සමාජ ප‍්‍රතිසංස්කරණවාදින්ට ගස්සන එක. විජාතිකයො, දේශද්‍රෝහියො අරක මේක කියල සියලූම ආකාරයේ සමාජවාදීන්ව නිහඩ කරන්න පුළුවන්. යන්තම් හරි කොමියුනිස්ට් අදහස් තියෙන සමාජවාදින්ව විනාශ කරන්න ඇමරිකන් අධිරාජ්‍යවාදියො දැන් පාවිච්චි කරන්නෙ සංස්කෘතික ජාතිකවාදින්ව. - කුරුලූ හදවත පිටුව 296 - 297
තමාගේ ”ජනමුල සංනිවේදනය” සේවය කර ඇත්තේ මෙවැනි විකෘතියක් බිහිකිරිමට බව දිනසිරි තේරුම් ගන්නා විට ඔහු තුල ඇතිකරන්නේ තදබල කම්පණයක්. ඔහුට මෙයින් පලායෑමට උවමනා වුවත් එය එසේ පහසුවෙන් ගැලවී යා නොහැකි උගුලක්. මෙම ක‍්‍රමයෙන් පලායෑමේ ඔහුගෙ උවමනාව ඉඟිවන පලමු මොහොතේදීම බිග්එම් සමාගම සිදුකරන්නේ කුරුලූ ගංගොඩට වෙනත් මාධ්‍ය ප‍්‍රතිරූපයක් අභිමුඛ කර මෙම නව ප‍්‍රති  වීරයා හරහා පැරණි වීරයා අහෝසි කර දැමිමට කටයුතු කිරිමයි. කුරුලූ ගංගොඩ නැමැති මාධ්‍ය ප‍්‍රතිරූපයට පැවැත්ම ඇත්තේ භාහිරය විසින් එම ෆැන්ටසිය ඉල්ලා සිටින තාක් පමණයි.  මෙම ඉල්ලා සිටීම තීන්¥කරන එකම සාධකය මාධ්‍යම බැවින්  එම ෆැන්ටසියට ඉල්ලුම ඇත්තේ මාධ්‍ය විසින් දී ඇති රූපය වෙනුවෙන් පෙනීසිටින තාක් පමණයි. යමෙකුට යම් මතවාදයක් තුල තමන්ගේ පුද්ගලභාවය අරුත් ගන්වා ගැනිමට නම් ඔහු හෝ ඇයගෙන් පිටත ලෝකය තුල එකි මතවාදයේ පරමාදර්ශයක් පැවතිය යුතු වුවත් එම පරමාදර්ශය ලෙසත් හැමවිටම මුණගැසෙන්නෙ ෆැන්ටසි ගැන්වු ප‍්‍රතිරූපයක් නිසා පෙරකී පුද්ගලභාවය කොයි මොහොතක හෝ අභියෝගයට ලක් වීම අනිවාර්්‍යය කාරණාවක්.

”මෙව්ව බිස්නස් විදියටම කිරීමෙන් විතරයි විප්ලවේට දායක වෙනව නං දායක වෙන්න පුළුවන්. මේව විප්ලව  විදියට කරන්න හදන එකම විප්ලවේට කරන හතුරුකමක්” කුමුදු කිව්වෙ ස්ථිර න්‍යායික ප‍්‍රකාශයක් වගේ. විප්ලවීය කොමියුනිස්ට් සංගමයේ සහෝදරවරුන්ගෙන් උගත් දේශපාලන පාඩම් කුමුදුට මතක් වෙමින් තිබුණා.- කුරුලූ හදවත පිටුව 346

පශ්චත් ව්‍යුහය ගොඩ නොනැගුණු අවවර්ධිත දේශයකදි මාධ්‍යයට කරන්න පුලුවන් බලපෑමෙ බරපතලකම තමයි මේ විදිහට දෘශ්‍යමානයට එන්නෙ. වළං තනමින් සිටි තරුණයෙක් කුරුලූ ගංගොඩ නමැති මාධ්‍ය වීරයෙක් කර ඔහු හරහා වෙළද පොළ අරමුණ කරා යන්නත්, අවශ්‍ය විටෙක එම මාධ්‍ය විරයාව කළුබඩහැලයාට, අර්සබඩහැලයාට නෑකම් කියන වලං තනන්නෙක් බවට නැවත පත්කර ඒ මගින් උදාවන නව වෙලද පොළ ජයගන්නටත් හැකි ආකාරයට මාධ්‍යයේ භාවිතාව අතිශයින් සුක්ෂමයි. දිනසිරි දීර්ඝකාලින වෑයමකින් අභිෂේක කරන ලද කුරුලූගංගොඩ නැමැති ග‍්‍රාමය නැවත වළංගංගොඩක් කරන්නටත්, එහි වලං නොතනන්නනුත් වලං තනන්නන් බවට පත් කරන්නටත් මාධ්‍යයට ගතවෙන්නේ එක් නිමේශයක්. සබුද්ධික නොවු ජනකණ්ඩායමක් තමන්ගේ භාහිරින් ඇති පරමාදර්ශයකට තමාව ප‍්‍රක්ශේපණය කර, තම යථාවෙන් පැන යන්න උත්සහ කිරිම යථාර්තය වු මොහොතක මාධ්‍යයට තම අරුමුණු ජයගන්න එම ජනතාව මෙහෙයවීම ඉතාමත් පහසු කාර්්‍යයක්. අධ්‍යාත්මිකව මියගිය එවැනි ජාතියකට කරන්නට ඉතිරිව ඇත්තේ භාහිරය විසින් ඉල්ලා සිටින විවිධ අතුරු මුහුණත් වලට  අවස්ථානුකුලව ආරුඪ වී භාහිරය විසින් ඉල්ලා සිටින තාක් කල් එය ජීවත් කරවීමට හුස්ම පිඹිම පමණයි.

”අරූ දෙපොළෙම වැඩ කරන්නෙ කොහොමද? ”
”දෙපොළෙම? ”
”රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ, ගැටුම් අවම කිරීම වගේ දේවල් කරන තැනකයි- බොල් ජාතික වචන විකූණන තැනකයි? ”
”මල්ලි, සිංහලයා තමයි කතරගම දෙවියන්ගෙ නියම දරුවා දෙමළා නෙමේ. අපි තමයි හරියටම දන්නෙ එක එක තැනට එක එක මූණ පෙන්නන විදිය. අත් දොළහ විතරක් නං හොල්ලන් නෑ.” - කුරුලූ හදවත පිටුව 365

පසු සටහන
දිනසිරි කුරුලූගංගොඩ නැමැති සංයුක්ත රූපය හරහා ප‍්‍රක්ශේපණය වන්නේ වෙළද පොළ තර්කණය තුල අන්‍ය රූප බවට පත්වු සමාජයක උඩුකුරු තෙරපුම බැවින් දිනසිරි කුරුලූගංගොඩ නැමැති සාධකය විග‍්‍රහ කරගත යුතු වන්නේ සංයුක්ත අර්ථයකින් නොව සංඛේතිය අර්ථයකින්. අතුරු මුහුණත් වලට ආරුඪ වී යථාවෙන් පැන යෑම සමාජයෙ මහා පො¥ සාධකය වු මොහොතක, ශී‍්‍ර ලංකාව නමැති එකි සාමාජිකයින්ගේ දේශයත් විග‍්‍රහ කරගත යුතු වන්නෙ සංයුක්ත අර්ථයකින් නොව, විටෙක වලංගංගොඩ ලෙසත්, විටෙක බඩහැලගංගොඩ ලෙසත්, විටෙක කුරුළුපාළුව ලෙසත්, විටෙක කුරුලූගංගොඩ ලෙසත්, විටෙක අපේ ගංගොඩ ලෙසත්, අවශ්‍ය විටෙක නිකම්ම ගංගොඩ ලෙසත් වෙස් ගන්වා අර්ථ ගැන්විය හැකි භුමියකට පර්යායව පිහිටවු රාජ්‍යයක් ලෙස සංඛේතිය අර්ථයකින්.

ඉන්දික උඩුගම්පොළගේ La Nuit est encore Jeune ප්‍රංශය නියෝජනය කරමින් මුම්බායි සිනමා උළෙලට

La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය. ශි‍්‍ර ලාංකිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද ප‍්‍රථම ප‍්‍රංශ චිත‍්‍රපටය වශයෙන් ඉතිහාසයේ සනිටුහන් La Nuit est encore Jeune ඉන්දික උඩුගම්පොළගේම තිර රචනයකි. ප‍්‍රංශයේ EICAR සිනමා අධ්‍යයන ආයතනයේ සිනමා අධ්‍යක්ෂණය හැදැරු ඉන්දිකගේ මෙම චිත‍්‍රපටය මුම්බායිහිදි ප‍්‍රංශය නියෝජනය කරමින් තිරගත වීම විශේෂත්වයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ශි‍්‍ර ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු විසින් සිනමා සහෘදයන්ගේ මුල්‍යමය දායකත්වයෙන් නිර්මාණය කෙරුණු පළමු ‘‘සමුහ දායක‘‘ (Crowd Funding)චිත‍්‍රපටය වීමයි.

ඔක්තෝබර් මස 14 සිට 21 දක්වා ඉන්දියාවෙ පැවැත්වෙන මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙල සදහා රටවල් 65 ක් නියෝජනය කරමින් චිත‍්‍රපට 185 ක් තිරගත විමට නියමිතය.

මෙම චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ පැස්කලින් බෙල්ග‍්‍රාඞ්, ඇනා ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායකයි. චන්න දේශප‍්‍රිය කැමරාකරණයෙන්ද, පියෙර් එම්මෑනුවෙල් ශ‍්‍රව්‍ය සංකලනයෙන්ද දායක වුණු මෙම චිත‍්‍රපටයේ සංස්කරණය ෂයිලේශ් මැක්වාන්ගෙනි. නදීක ගුරුගේගෙ පසුබිම් සංගීතයෙන් සහ ගි තනු නිර්මාණයේන් ඔපවත් වුනු La Nuit est encore Jeune  සදහා  ඉන්දික උඩුගම්පොළ විසින් රචනා කරන ලද The night is still young ගීතයට ගායනයෙන් දායක වි ඇත්තේ දිලීකා සෙව්වන්දියි.

ඔන්ද්‍රෙ ජීද් ගේ la Symphonie pastorale නවකතාව ඇසුරින් 2003 දි ‘‘කෝකිළ සංධ්වනිය‘‘ ටෙලිවෘතාන්තය නිර්මාණය කළ ඉන්දික ඉන් අනතුරුව ‘‘රති විරති‘‘ නමින් ටෙලි චිත‍්‍රපට මාලාවක් නිර්මාණය කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපට සහ වාර්තා චිත‍්‍රපට රැසක් අන්තර්ජාතික චිත‍්‍රපට උළෙල නියෝජනය කර ඇත.

ජනමාධ්‍යවේදියෙකු සහ සාහිත්‍ය කලා විචාරකයෙකු වන ඉන්දික 2003 වසරේ සිග්නිස් සිනමා උළෙළදි ජයවිලල් විලේගොඩ සිනමා විවාරක සම්මානයෙන් පිදුම් ලැබිය. යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් සිනමා මාධ්‍යය සදහා පිරිනැමෙන ඇමරිකානු නේවාසික ශිෂ්‍යත්වය 2007 වසරේදි හිමි කරගත්තේද ඉන්දික උඩුගම්පොළය. ඉන්දික උඩුගම්පොළ ප‍්‍රංශයේ ජීවත්වන විප‍්‍රවාසයේ සිනමාකරුවෙකි.


මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම

| ඉන්දික උඩුගම්පොල

යමක් ‘සත්‍යය’ ලෙස සංස්ථාගතවන සෑම මොහොතකම සිදූවන්නේ සත්‍යයම නොවන එහෙත් අසත්‍ය යැයි කිසිවෙකුත් නොසිතන දෙයක් ‘සත්‍යය’ ලෙස ස්ථාපිත වීමයි. ‘දෙන ලද තත්වයන්’ තුළ  ‘සත්‍යය’ ලෙස අභිශේක ගැන්වෙන වන මෙම නව ‘සත්‍යය’ (අසත්‍ය) පෙරලා අභියෝග කිරීමක් තෙක් සුරක්ෂිතයි. නව අභියෝග කිරීමක් හමුවේ අහෝසි වන මෙම ‘සත්‍යය’ එතැන් පටන් ගොතන ලද්දක්/ප්‍රබන්ධයක් බවට පෙරලෙයි. කිසියම් සමාජයක ඉතිහාසය ලෙස අතිශෝක්තිකව උත්කර්ශ ගැන්වී ඇත්තේත් අධිපති මතවාදය විසින් ‘දෙන ලද තත්වයන්’ තුළ ‘සත්‍යය’ ලෙස  තීන්දු කර අතීත සංසිද්ධින්ගෙන්  තෝරා ඛේරා පෙරා ගන්නා ලද තොරතුරු වල ඵෙක්‍යය මිස අන් කිසිවක් නොවේ. ඉතිහාසය යනු බලවත් ජාතීන්ගේ ප්‍රබන්ධය බවටත් දෛවය හා අධම මානවීයත්වය යනු දූබල ජාතින්ගේ ප්‍රබන්ධය බවටත් පත්වන්නේ මේ යථාර්ථය තුළයි.
නේත්‍ර - මම දන්න ඉතිහාසය ප්‍රබන්ධයක්. ප්‍රබන්ධ ඉතිහාසය ගොඩනගන්න කළින් ප්‍රබන්ධ කරපු වෙනත් කථා තිබුනා. ඒක වෙනත් ඉතිහාසයක්. ඒක ගොඩනැගුවෙ අපි. ඔව් අපි ඉන්න කාලේ පදනම් කරගෙන අපිම ගොඩනගපු ප්‍රබන්ධයක්.  - මගේ ආදරණීය යක්ෂණී - පිටුව 254

පශ්චාත් නන්දිකඩාල් යුගය යනු ශ්‍රී ලංකාව තුළ පෙර නොවූ විරූ ලෙස මෙම ප්‍රබන්ධිත ඉතිහාසය ප්‍රහර්ශ ගැන්වී පූජනීයත්වයක් දක්වා ඔසවා තැබෙන කාලයයි. දෙමළුන් පරාජය කර රට එක්සේසත් කළ නූතන දූටු ගැමුණු ලෙස මහින්ද රාජපක්ෂ වීරත්වයෙන් අභිෂේක වන මෙම යුගයදී  බුදූන්ටත් ඔහුගේ ඇති නෑකම් මතු වී ශුද්ධවරයටත් එසවෙනවා. රාජ්‍ය නායකයා වෙනුවට මහරජ කෙනෙක් සිංහාසනාරූඩ වී යුව රජවරු, කුමාරවරු බිහිවෙන අතර චිරාත් කාලයක් බලයේ හිද පියාගේ ඇවෑමෙන් රජකම කුමාරවරුන්ට හිමිවීමට මඟ ඇහිරු  නෛතික බාධාවන් අහෝසි වෙමින් රාජ්‍ය ව්‍යවස්ථාවට 18 වෙනි සංශෝධන එනවා.  විදේශීක සතුරු බලවේග හා කුමණ්ත්‍රණ වලින් සිංහලයාගේත් බෞද්ධයාගේත් උරුමයන් රැකීමට දේශහිතේෂින් මතුවන අතර මහා සිංහලයට ඇතැයි කියන වංශකථාවන් කරළියට එනවා.  සිංහල සිනමාවේ නොනැවතී ඉදිරියට ඇදෙන රජකතා/ඓතිහාසික කතා රැල්ලක් බිහිවෙන අතර ආගමික වතාවක් ලෙස බෞද්ධ චිත්‍රපට නැරඹු සුදු හැදගත් උපාසික උපාසිකාවන්ගේ සාධු නාදයෙන්  සිනමාශාලා ගිගුම් දෙනවා. මෙම නව සිංහල බෞද්ධ පුණරුදයට එරෙහිව මව්බිමට විනකටින පරයන් මඞින්න චීවරධාරීන් අබසරණ යන මදාවීන් බවටත් රාවණාගේ අවතාර බවටත් පත්වෙනවා.

මෙම පශ්චාත් නන්දිකඩාල් ශ්‍රි ලංකාව යනු කූට දේශපාලනික ව්‍යාපෘතියක දෘෂ්‍යමානය  මිස අන් කිසිවක් නොවේ. මෙහි න්‍යායික අරමුණ ‘ඉතිහාසය යන්න පරම සත්‍යය වේ’ යන පදනමේ සිට වර්ථමාන සංසිද්ධීන් ඉතිහාසය ඇසුරෙන් උත්කර්ශයට නැංවීමත් සාධාරණීකරණය කිරීමත් වේ. රාජ්‍ය අනුග්‍රහය ලබන මෙවැනි ව්‍යාපෘතීන් ඍජුව සේවය කරන්නේ වර්ථමාන විකෘතියට සුජාතභාවයක් ලබාදීමටයි. මංජුල වෙඩිවර්ධන ‘මගේ ආදරණීය යක්ෂණී’ ඔස්සේ ප්‍රශ්න කරන්නේ මෙම ඉතිහාසයෙ සුජාතභාවය හා වර්ථමානයේ විකෘතියයි.

මං තර්ක කරන්නෙ මේකයි නේත්‍රබිම්බා. කොච්චර ආපස්සට ඉතිහාසය පාද ගත්තත් වැඩක් නෑ, හැසිරෙන්නෙ ගෝත්‍රිකයෝ වගේ නම්. උදාහරණයක් විදිහට ගත්තොත් රාවණාව මතුකරන්නෙම ඉන්දියාවට ගේම ඉල්ලන්න.. මෙහෙම ගමු, රාවණාව පාවා දූන්නෙ විභීෂණ. එයා රාවණාගෙ සහෝදරය. අවම වශයෙන් සිද්ධියක් විදිහටවත් ඒ දේවල් මතුකරන්නෑ. ඒකෙන් වර්තමානෙ හෙල්ලෙයි කියලා. මං කියන්නෙ ඒකයි මේකෙ තියෙන්නේ අද්භූත සෙල්ලමක් - මගේ ආදරණීය යක්ෂණී- පිටුව 283

ඉතිහාසය යනු විද්‍යානුකූල ගවේශනයක් ඔස්සේ පාදා ගන්නා කරුණු තර්කානුකුල පදනමක් මත අර්ථගැන්වීම වුවත් ශ්‍රී ලාංකීය භූමියේදි මෙම අර්ථගැන්වීම කේන්ද්‍රගතවී ඇත්තේ ජාතියක ශුද්ධවරභාවය උත්කර්ශයට නැංවීමට වීම නිසා ඉතිහාසය ලෙස අපට මුණගැසෙන්නේ කල්පිතය ඔස්සේ ප්‍රහර්ශ ගැන්වු මිත්‍යාවක්. මෙවැනි මිත්‍යාවන් හැදැරිය යුත්තේ සාහිත්‍යය ඇසුරෙන්  වුවත් ලාංකීය භූමියේදි මේවා පරම සත්‍ය බවට පෙරලෙන්නේ ප්‍රශ්න නොකෙරෙන ආගමික විශ්වාසයන් ආකාරයෙනුයි.  සුප්පාදේවි සිංහයෙකුට දාව සිංහබාහු හා සිංහසීවලි බිහිකිරිම වැනි මිත්‍යාවන් ප්‍රශ්න නොකෙරී මග හැරෙන්නේ සිංහල ජාතිය යනු සිංහ ලේ ඇති ජාතියක් ලෙස ඔසවා තබන්නට ඇති උවමනාව පෙර කී යථාර්තය අතික්‍රමණය කරන බැවිනුයි. මගේ ආදරණීය යක්ෂණි උත්ප්‍රාසයෙන් ප්‍රශ්න කරන්නේ මෙම යථාර්තයි.

නේත්‍රා :.......අනික විජය බිහි වෙන්නෙ අයියගෙයි නංගිගෙයි සංවාසය ඇතුළෙ. එතැනිනුත් කියවෙන්නෙ කලවම් වෙලා නෑ කියන එක.
මම : කලවම් නොවීමෙන් පටන් ගත්තයි කියන ඔය පරම්පරාවෙ අයගෙ පොඩි මොංගෝලියානු පෙනුමක් තියෙන්නෙ මේ ලේ ඥාතිකම හින්දා වෙන්නත් පුළුවන්. 

නේත්‍රා : වෙන්න පුළුවන් එහෙම හිතන් ඉන්න අයගෙ. මං කිව්වෙ ඒ පරම්පරාවෙ කියලා හිතන් ඉන්න අයගෙ. අපේ නෙවෙයි
මම : ඔන්න දැන් එතකොට ආර්ය සංකල්පෙට කෙළවෙන්න ගන්නවා. සිංහයා කියන්නෙ ආර්ය මූලයන් සහිත සතෙක්ද? සාමාන්‍යයෙන් අපි කියන්නෙ  ‘සිංහයා වනාහි තාල වර්ගයට අයත් සතෙකි‘ කියල. මගේ ආදරණීය යක්ෂණී- පිටුව 256

ජාතියක ශුද්ධවරභාවය කියන්නේම මිත්‍යාවක්. කිසියම් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වන්නේවත් කිසියම් ආගමක් තවත් ආගමකට වඩා නිර්මල වන්නේවත් නැතිවා මෙන්ම, කෙනෙක් එසේ සිතනවානම් එය සායනික ප්‍රතිකාර ලැබිය යුතු තරමේම උග්‍ර මානසික ව්‍යාධියක්. මෙවැනි මානසික රෝගීන් වීදි බැස ජාතියක හෝ ආගමක ශුද්ධවරභාවය සමාජගතකිරිමට දරන වෑයම ඉතා බැරැරුම්ව ගෙන, කොන්දේසි විරහිතව පරාජය කළයුතු වන්නේ මේවා හුදු අහඹු ක්‍රියා නොව සැලසුම් සහගත කූට දේශපාලනික ව්‍යාපෘතියක ඍජු ප්‍රකාශනයන් වන බැවිනුයි. තම ජාතිය හෝ ආගම උසස්යැයි ඝෝෂා කරමින් මෙම උන්මත්තකයින් කැසකවන්නේ වෙනත් ජාතියක් හෝ ආගමක් මර්ධනයට මිස අන් දෙයකට නොවේ. එල්.ටී.ටී.ඊ. මර්ධනය නාමයෙන් දෙමළා පරාජය කිරිමේ මෙහෙයුමේදිත් උපක්‍රමයක් ලෙස උත්කර ගැන්වු මෙම ආර්ය සංකල්පය,  ලැබු ජයග්‍රහණයත් සමඟ පශ්චාත් නන්දිකඩාල් ශ්‍රි ලංකාව තුල අධිනිශ්චය වෙන්නේ  සිංහල බෞද්ධ සංකල්පයම එකම ගැලවුම් මාර්ගය වු රෙජීමයක ආරක්ෂිත පලිහ ලෙසයි. ජාතියක ශුද්ධවරභාවය දේශපාලනික ව්‍යාපෘතියක් ලෙස සමාජගත කරමින් හිට්ලර් වැනි උන්මත්තකයින් තම ඉලක්ක ජන කණ්ඩායමට එරෙහිවත්, පොදුවේ සමස්ත මානව වර්ගයාටම  එරෙහිවත් කළ ව්‍යසනයෙන්වත් පාඩම් ඉගෙන නොගැනීම ජාතියක් ලෙස අප මුහුණ දෙන ඉතාමත් ඛේදනීය තත්වයක්. යක්ෂණි ප්‍රශ්න කරන්නේ එවන් ජාතියක හෘදය සාක්ෂියයි.

අනිත් පැත්තෙන් විජය කියන මූදු මංපහරන්නව, කුදිරමලේ කන්දටත් වඩා උස්සලා තියන අයට ඕන කරන්නෙ ජාතියක ශුද්ධවර බව, එහෙම නැත්තං රාජකීය බව තමන්ට ආදේශ කරගන්න. අන්න ආර්ය සංකල්පෙ ඉස්සරහට එනවා. හරියට හිට්ලර් වගේ. කොටින්ම හිට්ලර් කියන්නෙ හෙළයෙක් කියලා බය නැතුව ලියන තැනට මිනිස්සු අද පිස්සු වැටිලා ඉන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ මේකයි. හිට්ලර් ගැන කතා කරන කිසි එකෙක් සිංහල භාෂාවෙ තියෙන පර්යයා පද කියන වචන ගැන මෙලෝ දෙයක් දන්නෑ. මගේ ආදරණීය යක්ෂණී- පිටුව 284

මගේ ආදරණීය යක්ෂණීට කේන්ද්‍ර වී ඇත්තේ ප්‍රබන්ධය තම ඉතිහාසය ලෙස වැලඳගත් සමාජයකදී විකෘතියක් සේ පොලා පනින මානව අර්බුදයයි. යක්ෂණී ප්‍රශ්න කරමින්, පුපුරුවා හරින්නේ මෙම ඉතිහාසයේ සුජාතභාවයි. යක්ෂණි දත් නියවමින්, උපහාසයෙන් විමසන්නේ ඉතිහාසය ලේඛනගතවීමේදි ‘දෙන ලද තත්වයන්’ යන්න කෙතරම් බලපැම් සහගත මැදිහත්වීමක් කෙරෙයිද යන්නයි. වඩාත් සරලව කිවහොත් රාජපක්ෂ රෙජීමය යටතේ ලේඛනගතවන ඉතිහාසයේදි 2009 යුද ජයග්‍රහණයේ සරත් ෆොන්සේකා නැමැති හමුදාපතිවරයෙක් හමු නොවන ආකාරයට මෙම ‘දෙන ලද තත්වයන්’ අධිනිශ්චය වී සැබෑ දත්තයන් අතික්‍රමණය කර නව ‘සත්‍යය’ ලෙස අනාගතයේ හමුවන ඉතිහාසයේ යථාර්තයයි.
සාලිය විතරක් ම ගත්තත්, එයා හිටියෙ තාත්තගෙ වැඩ ගැන කළකිරිලා. තාත්තා අරහන් වෙලා. එයා තාත්තව ප්‍රතික්ෂේප කළා. තාත්තම්මත් එක්ක කරපු සංවාදෙක එයා ශාර්වරී දේවියගෙන් කෙලින්ම අහනවා, බුදුන්ට අනුව පීඩිතයව පාගලා වෙහෙර විහාර හදන එක නිවැරදි වෙන්නෙ කොහොමද කියලා? මිනිහා මාලිගාවෙන් එළියට බැහැල පීඩාවට පත්වුණු මිනිස්සු සංවිධානය කරන්න පටන් ගත්තා, අතේ තියන රජකම බල්ලට දාලා. අන්න එතනයි ඉතිහාසෙදි හංගල දාපු ඇත්ත මනුස්සකම තියෙන්නෙ. රාජ පුත්‍රයන්ගෙ ඇත්ත හෘදය සාක්ෂිය තියෙන්නෙ එතන. නමුත් ඒක හැංගුවා.

ඒකට හේතුව සාලිය අන්තිමේ තාත්තට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු එක, මාලිගාවෙම කෑම මේසෙදි. මිනිස්සු එළියෙ බලං හිටිය තමන්ගෙ ගැලවුම්කාරය එනකල්. නමුත් ආයෙ කැරැල්ලක් ගහන්න කෙනෙක්, ඊට නායකත්වය දෙන කෙනෙක් මිනිස්සු අතරට ගියේ නෑ. චැප්ටර් ක්ලෝස්. තාමත් එයාකාරෙන්ම සිද්ධ වෙන ඉතිහාසෙ තියෙන පළමු රාජකීය අතුරුදහන් කෙරිල්ල සිද්ධ වෙන්නෙ එහෙමයි.

නමුත් කෑම මේසෙ ඇකිළුව වගේ මේක වහල දාන්න බෑ. ඒක වහගන්න තරම් ලස්සන කතාවක් ඕන වෙනවා. ඔක්කම කූණු බේරෙ වැවට වගේ ඒ කොන්තරාත්තුවත් මහානාම හාමුදූරුවන්ට. පව්.... අහිංසකයා. හැබැයි මේකෙදි උන්නාන්සෙ එක කොන්දේසියක් දානවා, කිසිම සංශෝධනයක් නොකරනව නම් මං වැඩේ බාර ගන්නම් කියලා.

උන්වහන්සෙ මහා වනයක් මැද්දෙ අශෝක මල් මවල... ඒකට අශෝක වනය කියල නමකුත් මවල... ඒක මැද්දෙ මාලා කියල නිර්වස්ත්‍ර සුරංගනාවකුත් මවල... ඇයට කැරළි කැරළි කොණ්ඩයකුත් මවල... ඒ කොණ්ඩෙට අශෝක මල් මාලයකුත් මවල... අතුරුදහන් කරවපු සාලියවත් ඒ කෙල්ල ඉස්සරහ මවල... ඔන්න ඔය විදිහට මවාගෙන මවාගෙන ගිහිල්ල... ඔන්න ඉතිහාසෙ. ඔන්න ඔයාකාරව ප්‍රේමයට පුළුවන් ඕනම ඛේදවාචකයක් වහගෙන ඉහළ මතු වෙන්න. ඕකට ඉතිහාසෙ නෙවෙයි සාහිත්‍ය කියල නම් කියන්න පුළුවන්- මගේ ආදරණීය යක්ෂණී- පිටුව 288 /289

ශ්‍රී ලාංකීය ඉතිහාසය අලුතින් අර්ථකතනය කරන්නට උත්සහ කිරීමේ පාපයට පිටුවහල උරුමවු මේඝවන්න නැමති ඉතිහාස ගවේෂකයගේ දෘෂ්ටියෙනුත්, ඔහුගේ සංසාරීය පෙම්වතිය වන නේත්‍ර බිමිබාගේ දෘෂ්ටියෙනුත් වෙන් වෙන්ව  ද්විත්ව උත්තම පුරුෂ ආඛ්‍යනයකින් දිගහැරෙන කෘතියේ පිටුවහල් මේඝාට නේත්‍රා මුණ ගැසෙන ආදරණිය නිමේෂයදී ප්‍රේමයට පර්යායව දෙදෙනා අතර හුවමාරු වන ඓතිහාසික තොරතුරු ඔස්සේ ඇතිවන විසංවාදය යක්ෂණිගේ දේශපාලනික දෘශ්‍යමානය බවට පත්වෙනවා. අතීතයේ ජීවත් වූ නේත්‍ර බිමිබා ප්‍රත්‍යක්ෂයෙන් දන්නා කරුණු ලෙස මතුකරන කල්පිතයත්, විද්‍යානුකුල හැදැරීමකින් මේඝවන්නා ගවේශනය කරගත් ඓතිහාසික තොරතුරුත් අතර ප්‍රතිපක්ෂයන්හි දෝලනය වු දත්ත දේශපාලනික තර්කය සමග සමපාත වෙමින් කෘතිය පරිසමාප්තියට පත් වෙනවා.
කුවන්නා කියන්නෙ දෙමළ ගෑණියෙක්ට - මගේ ආදරණීය යක්ෂණී- පිටුව 399

මංජුල වෙඩිවර්ධන මගේ ආදරණිය යක්ෂණි හරහා කරන්නේ පාර ප්‍රබන්ධයක් (Metafiction) හදන එක. පාර ප්‍රබන්ධයක් කියන්නේ ප්‍රබන්ධයක් මත තවත් ප්‍රබන්ධයක් ගොඩනැඟීමක්. පවතින දේ මත නොපවතින දේ ගොඩ නැඟෙන, භෞතික දේ ඇසුරේ කල්පිතය විමසෙන, මෙතැනදී සිදූවන්නේ පැරණි ප්‍රබන්ධය ගොඩනගන මතවාදය දෘෂ්ටිමය වශයෙන් අභියෝගයට ලක්කොට නව ප්‍රබන්ධය හරහා පැරණි කතිකාව නව මානයක් කරා යොමු කිරීමක්. වෙනත් මිත්‍යාවක් විසින් අධිනිශ්චය කරන ලද සමාජ ප්‍රපංචයක් දෘෂ්ටිමය වශයෙන් අභියෝගයට ලක් කොට නව විද්‍යාවක් ඔස්සේ නූතන කතිකාවක් ගොඩනැංවීමක්. පූජනීයත්වයෙන් ආරක්ෂා කරන ලද ඵෙතිහාසික ප්‍රබන්ධයකට මගේ ආදරණිය යක්ෂණි නැමැති නූතන ප්‍රබන්ධය මෙලෙස පර්යායව පිහිටුවීමෙන් මතුවන විසංවාදය තුළ  එක්කො ලේඛන දෙකම ප්‍රබන්ධ වෙනවා. නැතිනම් ලේඛන දෙකම සත්‍ය වෙනවා.

පසු සටහන

තමන් ආර්යයන් යැයි පාරම්බාමින්, දෙමළ මාංශයෙන් කුස පුරාවාගෙන, මුසල්මානු රුහිරු අනුපානයට ගන්නා, සිංහයින්ගේ ශුද්ධවරභාවය උත්කර්ෂයට නැංවූ මහාවංශයට ආදරණිය යක්ෂණි අභිමුඛ කරමින් එම ශුද්ධවරභාවය අභියෝගයට ලක්කිරිම දේශපාලනිකව යක්ෂ වැඩක්
.