The Most/Recent Articles

Showing posts with label Documentary. Show all posts
Showing posts with label Documentary. Show all posts

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මිලේච්ඡ ඝාතනයේ සුළ මුල

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මිලේච්ඡ ඝාතනයේ සුළ මුල හෙලිකිරීම සඳහා ඊයේ  දින උදුල් පේ‍්‍රමරත්න, වරුණ රාජපක්‍ෂ, සමන් වගාරච්චි, කසුන් පුස්වැල්ල, කීර්ති තෙන්නකෝන්, අචල කුමාරසිරි, යන අයගේ මූලිකත්වයෙන් මාධ්‍ය හමුවක් මරදාන CSR ශාලාවේදී පැවැත්වින. එහිදී දක්වූ අදහස් පහත දැක්වේ.

 උදුල් වරුණ සමන්













ආඥාදායක රාජපක්ෂ සහ ඔහුගේ වරිගය අවහිරකරනු ලැබූ සටන සම්පූර්ණ වැඩසටන

පහත පළවන්නේ සිරස මාධ්‍ය ජාලයෙහි වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද පුවතකි. අදාළ සටන වැඩසටහෙන් පටිගත කළ දර්ශනය අපි මෙසේ ප්‍රසිද්ධ කරන්නෙමු. 

ඩයලොග් සහ පියෝ ටීවී ඔස්සේ විකාශය වන සිරස,ශක්ති,එම්.ටී.වී. රූපවාහිනි නාලිකා අවහිර කර ඇති බවට පැමිණිලි. ඩයලොග් සහ පියෝ ටී.වි. ඔස්සේ විකාශය වන සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටීවී, ශක්ති ටීවී, එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා අවහිර වී ඇති බවට ප්‍රේක්ෂකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතී. සිරස, ශක්ති, එම්.ටී.වී. ස්පෝර්ට්ස් අප රූපවාහිනි නාලිකා UHF සහ VHF සංඛ්‍යාතයන් ඔස්සේ නැරඹිය හැකි බව ප්‍රේක්ෂකයින්ට දැනුම් දී සිටි.




‘මයුරිව පැහැරගත් උන්ව හොයාපල්ලා‘

 | උපුටා ගැනීම: විකල්ප

අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1  වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරැදහන් කරල ලද ඇගේ සැමියා වන මදුෂ්කව සොයා ගැනීමට වෙහෙසෙන අතර තුර. අනුරාධපුරේ නව බස්නැවතුම්පොලේ පළතුරැ කඩයක් පවත්වාගෙන ගිය ඇගේ සැමියා පැහැරගනු ලබන්නේ 2013 සැප්තැම්බර් 02වන දා. ඒ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග ත්‍රීවිලරයකින් එමින් සිටින අතර තුරැ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මධුෂ්ක අතුලු ඔහුගේ මිතුරන් දෙදෙනා පැහැර ගන්නවා. නමුත් පසුව මිතුරන් දෙදෙනා නිදහස් කළත් මධුෂ්ක ගැන කිසිදු ආරංචියක් අද වනතුරැත් නෑ. මදුෂ්ක ගේ බිරිද මයුරි පවසන්නේ, පොලීසිය විසින් මේ පිළිදව කරන ලද පරීක්ෂන පිළිබදව ඇයට කිසිදු විශ්වාසයක් නැති බවයි. නමුත් මයුරිත් ඇගේ ඥාතීනුත් ඒක්ව අනුරාධපුර පොලීසිය අසලදීත්, අධිකරණය ඉදිරිපිටත් උද්ගෝෂණය කරමින් මදුෂ්කව හොයා දෙන ලෙස බලකරමින් සිටිනවා. පසුගිය නොවැම්බර් 4වනදාත් අනුරාධපුර අධිකරනය ඉදිරිපිටත්, පොලීසිය ඉදිරපිටත් සිය දරැවන් දෙදෙනාද තුරැලු කරන් ඇය මහපාරේ වාඩි වී ඉල්ලා සිටියේ ඇගේ සැමියා මධුෂ්කව හොයා දෙන ලෙසයි. නමුත් ආශ්චර්යමත් රටේ, ආඩම්බරකාර තාත්තාගේ අදිකරණයත්, පොලීසියත් බකංනිලා ගෙන හිටියා මිසක් ඇයගෙන් කිසිදු දෙයක් විමසීමටවත් පැමිණියේ නෑ. ඒ තරමටම ඒ පද්ධතියම කාලකන්නිවෙලා. නමුත් මයුරිත්, මයුරාගේ සමීපතමයනුත්, කුඩා දරැවන් දෙදෙනාගේ තාත්තා හොයන එක කිසිදු විටකදී අත්නොහරින බව පවසනවා.

නිපුනිකාගේ විෂ්මලන්තයේ ආශ්චර්ය - ( වාර්තාමය කෙටි චිත්‍රපටය)

නිපුනිකා මෙලන්ති ප්‍රනාන්දු
ඇයට වයස අවුරු 22ක් පමණි . වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරීය.  ඇය ස්ව උතසහයෙන් වාර්තාමය චිත්‍රපට නිපදවීමට පටන් ගෙන වසර කිහිපයක් ගත වී ඇත. චිත්‍රපටකරණය ගැන හැදෑරීම සඳහා කිසිම අධ්‍යාපන ආයතනයකට තවමත් සම්බන්ධ වී නොමැති  ඇය මේ වන විටත් තම නිර්මාණ හැකියාවන් පෙන්වා ඇත.  නිපුනිකා මෙලන්ති ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ  අලුත්ම වාර්තාමය කෙටි චිත්‍රපටය නම් කොට ඇත්තේ විෂ්මලන්තයේ ආශ්චර්ය හෙවත් Miracles in Wonderland ලෙසය . කාලින ගැටලුවක් විෂය කරගන්නා ඇය ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ මෑත කාලයේ බහුලව අභියෝගයකට ලක් වී ඇති සමාජ සිද්ධියක් ගෙන හැර දක්වයි.

අඩු පහසුකම් වලින් නිම කොට ඇති අදාළ නිර්මාණය නිර්මාණකරනයේ යෙදෙන්නියකගේ ප්‍රාථමික අවධිය ස්වාභාවිකවම හඳුනා ගත හැකි වුවත් මෙය අතිශය වැදගත් සේම වටිනා ආරම්භයක් ලෙස කිව හැකිය.

නිර්මාණ කරණයට ඇති ආගන්තුක බව මෙන්ම සිදු වීම ගැලපීමේදී පාඨකයාට කුතුහලය දැන්වීමට පෙර අධ්‍යක්ෂකවරිය විසින් පාඨකයා සහ සිදුවීම අතර ඇතැම් අවස්තාවලදී පැවතිය යුතු සම්බන්ධය කඩා තිබීම පෙර කී ආගන්තුක බවේම ගතියකි.

කෙසේ වෙතත් මෙය නිපුනිකාගේ පමණක් නොව ලංකාවේ සිටින තරුණ නිර්මාණ කරුවන් තම අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තෝරාගන්නා මාධ්‍ය තුළ තම හැකියාව පෙන්වීමට කරන උත්සාහයේ වැදගත් ස්ථානයකි. මේ ආකාරයෙන් රටේ බිහිවෙන නව හැකියාවන් ඇති පිරිස් නව නිර්මාණ කරණය සඳහා පෙළඹවීම අප කාගේත් යුතු කම වේ. නිර්මාණකරුවන් තැනිය නොහැකිය ඔවුහු සමාජ වටපිටාවන් සහ සිද්ධි මුලික කරගනිමින් බිහිවෙන අය වෙති. නිපුනිකාට ලංකා ගාර්ඩියන් හී සුභ පැතුම්.

Miracles in Wonderland


 Please click here to watch this on YouTube

ඇන්ඩ් කොම්පැනි ( Video)

ඇන්ඩ් කොම්පැනි 




චොම්ස්කි

වර්තමානයේ ජීවත් වන බුද්ධිමතුන්ගෙන් අංක එකේ දාර්ශනිකයා ලෙස සැලකෙන්නේ නෝම් චෝම්සිකිය.ස්වෛරීවාදියෙකු ( Anarchist ) වන හෙතම ඔබාමාගේ පරිපාලන ගැන දැක් වූ අදහස් මෙහි දැක් වේ. මෙම ආදරණීය මිනිසා මේ ලෝකයට දායාද කළ දෑ බොහෝය.



රාජපක්ෂගේ ඉන්දියානු භීතිකාව ( Video)

වර්තමාන ජනාධිපති රාජපක්ෂ මහතා මීට කාලෙකට පෙර ඉන්දියාව සම්බන්ධයෙන් දැක් වූ අදහස් මෙහි පල වේ. ඔහුට ඉන්දියානු භිතීකාවක් තිබුණි. ඉන්දියාව ශ්‍රී ලංකාව විනාශ කිරීමට සැරසෙන බව කිව්වේය.




ග්‍රේට් ඩික්ටේටර්

චැප්ලින් ගැන විචාර කිරීමට අවශ්‍ය නැත. හෙතම් අවැසි කළ පහල වී අවැසි කටයුත්තක් සිදු කළ නිර්මාණ වටිනාකම දන්නා පරිසරයක ජීවත් වීමට භාගය ලැබූ අයෙකි. ලංකාවේද චැප්ලින් බොහෝ සිටිහ, නමුත් තම පෞද්ගලික වුවමනා එපාකම් පිරිමසා ගැනීමට ජාතික අවශ්‍යතාවන් විනශ කරන පන්දම් කාරයින් හේතුවෙන් ඔවුහු මෙන්ම ඔවුන්ගේ නිර්මාණද මංකොල්ල කෑමට ලක් වූහ. ඔවුහු නොකියාම අප හැර ගියහ. එහි හිඩැස මේ වන විට මිනිස් වෙස් ගත් සතුන් පිරිසකට බලය ලැබීමෙන් නටන නාඩගම් දෙස බලු විට පෙනේ. මෙය මෙරට අවසනාවය. අපි වටිකමක් ඇති දෑ වලට වටිනාකමක් දීමට උගත් ජාතියක් නොවේ. සමාජ ව්යුහට කඩා වැටීමට හේතුව වූයේ එයයි.

චැප්ලින් මෙම චිත්‍රපටයෙන් හිට්ලර් ආකර්ශනීය ලෙස උපහාසයට ලක් කරනු ලබයි.