The Most/Recent Articles

Showing posts with label Cambodia. Show all posts
Showing posts with label Cambodia. Show all posts

තායිලන්තය : ෂිනවත්‍රා කාම්බෝජයේ සංචාරයක

කිෂානි වැලිවිටිගොඩ

තායින්තයේ හිටපු අගමැති තක්ෂින් ශිනවත්‍රා කාම්බෝජයේ අගනුවර වන නොම්පෙන් හිදී එරට නායක හුන් සෙන් හමු වී දෙරටේ සම්බන්දතා ශක්තිමත් කිරීම සඳහා සාකච්චා පැවැත්වුහ . එකිනෙකා සහෝදරයා නමින් ආමන්ත්‍රණය කර ගන්නා තක්ෂින් සහ හුන් සෙන් දීර්ඝ කාලින මිතුරන් වන අතර අද උදැසන ඔවුහු නොම්පෙන් හිදී කැබිනට් මණ්ඩල කාර්යාලයේදී හමු වුහ.

ආදාළ හමුව තායිලන්තයේ වර්තමාන අගමැති යින්ලුක් ශිනවත්‍රා හමු වී දෙරටේ වෙළඳ සහයෝගිතාවය, දේශ සීමා කාරණා සහ තායි සිරකරුවන් පිළිබඳව සාකච්චා කිරීමෙන් දින දෙකකට පසුවය. තායිලන්තයේ වත්මන් අගමැතිවරිය තක්ෂින්ගේ සහෝදරිය වේ.

පසුගිය සිකුරාදා රාත්‍රී කම්බෝජියට පැමිණි තක්ෂින් ෂිනවත්‍රා සැප්තැම්බර් 24 වන දා දක්වා එහි රැඳී සිටින අතර ආර්ථික සංවර්ධනය පිළිබඳව දේශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වනු ඇත.

Tell a Friend

කෙමරූජ් භිෂණය (6) : කාම්බෝජයේ කොමුනිස්ට් විප්ලවය

"  ඒයි"...; රැකවලා අසල සිටි මිනිසෙකුට කථා කළේය. "මේ ගෑණිවයි අර මැරිච්ච කොල්ලගේ මළකුණයි වලලලා දාපන්" හේ හිස නමා රැකවලාට කීකරු විය. මියගිය ගෑණියගේ කෙට්ටු දෙපා වලින් ඇදගෙන ගොස් ඇයගේ මෘත ශරීරය අසල පඳුර ළඟට ගෙන ගියේය. ඉක්බිති හිසසුන් දරුවාගේ මළ කඳද එතැනට ගෙන ආවේය. ඉන්පසු ඔහු වළක් කපා දෙදෙනාගේම මළ සිරුර වළලා දැම්මේය.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Duch කාන්තා හා ළමා දින සැමරූ අයුරු

1977 වන විට Tuol Sleng වධකාගාරයේ සේවය සඳහා වයස අවුරුදු 14-21 අතර පිරිස් බඳවා ගන්නා ලදී. මොවුන්ට මිනිසුන් වධයට පත් කිරීමට හා මරා දැමීමට පුරුදු කරන ලදී.

Tuol Sleng වධකාගාරයේ 15000 කට ආසන්න පිරිසක් රඳවා සිටි අතර, මොවුන්ගෙන් කුමන්ත්‍රණ පිළිබඳ නිතරම සැකයෙන් පසුවූ පොල්පොට් මෙම පාක්ෂිකයන් ක‍ෂA ඒජනතයන් යැයි චෝදනා කොට සිරගත කිරීමට නියම කරන ලදී.

1977 ජුලි 01 දින ඔමදක ීකැබට වධකාගාරයේ පාලක ෘමජය කාන්තා දිනය සමරන ලදි. ඔහු කාත්නා දිනය සැමරුවේ කාන්තාවන් 114 මරා දමමිනි. 1977 ජූලි 2 දින ළමා දිනය සැමරීය. එදින මරාදැමූ ළමුන් ගණන 74 කි. සමහරක් ළමුන් මරා දමන ලද්දේ කියත් වලින් කපමිනි.

Duch හෙවත් Kang Kech Eev වධකාගාරයේ සිරකරුවන් යොදා ගනිමින් ප්‍රාථමික මට්ටමේ අමානුෂික පරීක‍ෂණ කළ බවද දැන් හෙළිවී තිබේ.

අවුට්ස්විව් නට්සි වද කඳවුරු පිළිබඳ අධිකරණ ක්‍රියාදාමය වාර්තා කළ Layal Gould පවසන පරිදි නට්සි වෛද්‍ය ජෝශෆ් මෙංගල් යුදෙව් දරුවන්ගේ දෙනෙත් වලට නිල් පැහැති දියර එන්නත් කොට ඔවුන්ගේ දෘෂ්ටි ස්නායු පරීක‍ෂා කිරීමට ප්‍රථම ළමුන්ට ලොලිපොප් දුන්නේය. එහෙත් Duch එතරම්වත් ළමුන් කෙරෙහි ආචාරශීලි නොවීය.

1978 දී Duch සේවයෙන් පහකළ කෙමරුජ් සොල්දාදුවන් 300 කිසිඳු නඩු විභාගයක් වත් නොපවත්වා මරා දැමීය. සමහරෙකු මරා දැමුවේ ඔවුන් කකුල්වලින් එල්ලා තිබියදී හිස කොටස වතුර බැරල්වලට ඇතුල් කරමිනි.

වරක් Duch කෙමරුජ් නායකයකුවූ භමදබ Nuon Chea - Brothe- No 2 ගේ විධානයක් අනුව ඇමෙරිකානු, ඕස්ට්‍රේලියානු හා යුරෝපියානු ජාතීන්ගෙන් සමන්විත වූ අට දෙනෙකුගේ කණ්ඩායමක් මරා දමන ලදී. එසේම පොල්පොට්ගේ උදහසට ලක් වූ කෙමරුජ් නායකයකු වූ Von Vet o Sutch විසින් මරා දමන ලද බවට සාක්ෂිතිබේ.

මෑතකදී ඔහු Far Eustern Economic Review සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සිරකරුවන් කුකුළන් මෙන් ඛෙලිකපා මරා දැමූ බව කීවේය.

මූර්ති ශිල්පියෙකු වන ෂැප ක‍ය්බල ෘමඑජය පිළිබඳව අවබෝධයක් තිබූ අයෙකි. ඔහුගේ ප්‍රකාශ අනුව Duch උගත් පුද්ගලයෙකි. ඔහු හොඳ කථීකයෙකි. Duch මෙම මූර්ති ශිල්පියා ලවා Tuol Sleng වධකාගාරයට අවශ්‍ය ආම්පන්න සෑදවිය. මෙම ආම්පන්න භාවිතා කළේ මිනිසුන් වද බන්ධනයට පත් කිරීමටය. Duch ගේ නියෝගය ඉටු නොකළේ නම් තමාගේ මරණය නියත බව දත් මූර්ති ශිල්පියා එම කාර්යය ඉටු කළේය. එසේම ඔහුගේ දිවි රැකුණේ පොල්පොට්ගේ මූර්ති කිහිපයක් ද නෙලීමෙනි.

ඇතැම් මූර්ති ඔහු ප්‍රමාණයෙන් විශාලව හා දීර්ඝ කාලයක් ගනිමින් කළේ තම මරණය කල්තබා ගැනීමේ උපක්‍රමයක් ලෙසටය. කෙසේ නමුදු Duch ගේ ග්‍රහණයෙන් බේරීමට මෙම මූර්ති ශිල්පියාට හැකි විය.

ඇයි ඔවුන් මගේ දරුවා මරා දැමුවේ?


1975 වසරේ නගරය හිස්කොට ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා බලහත්කාරයෙන් යවන විට Hoang තෙමස් ගැබිණියෙකි. සිය සැමියා සමඟ පුරාදින දෙකක් පයින් ඇය ගමන් කළාය. ඇයට ක්ලාන්ත ගතිය දැනුනු හැම අවස්ථාවකදීම සැමියා ඈ වත්තම් කරගත්තේය. ආහාර, ජලය, විවේකය යන කිසිම පහසුකමක් නොමැතිව ඔවුන් සිහිනනෙන් ඇවිදින මිනිසුන් මෙන් දෙවැනි දින ගමට සේන්දු විය.

වෙහෙසට පත්ව සිටි ඇය නිදා ගත්තාය. සැමියා ඇය අසල සිටීම ඇයට අස්වැසිල්ලක් විය. පසුදින ඔවුන්ට කුඹුරු වැඩට යාමට අණ ලැබිණ. උදෑසන හතර වන විට ඔව්හු කුඹුරු වැඩ ආරම්භ කළහ. රාත්‍රී දහය වන තෙක් ඔවුන් මෙසේ වැඩ කළ අතර, අතර මග සුළු විවේකයක් හා කැඳ ටිකක් ලැබිණ. මෙලෙස සති දෙකක් ගෙවී ගියේය. Hoang ගේ ශරීරය වැහැරෙන්නට විය. ඇයගේ සැමියා තම ආහාර වේල පවා ඇයට පිරිනැමුවේය. නූපන් දරුවාගේ පෝෂනය අතපසු නොකිරීමට ඇය රහසින් ගස්පොතු අනුභව කළේ අමතර ශක්තියක් ලබා ගැනිම පිණිසය. සාගින්නෙන් වුවද ඇයට සැමියා සමඟ වැඩ කිරීමට නියමිත වූ බැවින් වෙහෙසී වැඩ කළාය. කුස තුල සිටින දරුවා නිසා ඔවුන් අනිවාර්යෙන්ම ජීවත් විය යුතුය.

ඔවුන් වාසය කළ ගමේ නව නායකයා සැරපරුෂ අයෙකි. දිනපතා කුඹුරුවැ කරමින් සිටි මිනිසුන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන් මරා දැමීමත් සිදු කෙරුණි. මෙම දර්ශන නිසා Hoang ගේ මනස සසල වූවාය. කුස තුළ සිටින දරුවා ගැන ඇය දුක්වූවාය. මෙලෙස මාස කිහිපයක් ගතවිය. ්‍යද්බට ගේ උදරය ඉදිරියට නෙරා තිබේ. එහෙත් ඇයගේ ශරීරය කෙට්ටුවී අතපය කෝටු මෙනි. මන්දපෝෂණය නිසා ඇගේ දත් පවා දිරාගොස් තිබේ.

කුඹුරු වැඩ කරන අතරතුරදී ඇය සැමියා දෙස බැලූවාය. ඔහු ගත වූ මාස කීපයට වැහැරී ගොසිනි. කළු පැහැති ඉරීගිය කමිසය හා කලිසම ඇඳ පන්කොළ හිස්වැස්ම හිසේ දරා ඔහු දුබල දෑත් වලින් උදැල්ලෙන් පොළොව කොටයි. නිසරු පොළොවෙන් නිකුත් වන්නේ බොල් හඬකි. අවිගත් රැකවලූන් වරින්වරා වැඩ කරන මිනිසුන්ට කාර්යක්ෂමව වැඩ කරන ලෙස තර්ජනය කරයි. එහෙත් මන්දපෝෂණයට හසුව, දුර්වල ශාරීරික තත්වයක් ඇති මිනිසුන් ශක්තිය වැය කරන්නේ කෙසේද?

ඇයට නොන්පෙන් හි ගතකළ ජිවිතය මතකයට නැඟුනි. ටැක්සි රියදුරෙකු වූ සැමියා ඇයට හමුවූයේ පන්සලේදීය. එහිදී දැන හඳුනාගත් ඔව්හු කෙටි කාලයක් තුළදී විවාහ වූහ. ඇයගේ ජීවිතයේ ප්‍රීතිමත් දිනය විවාහ දිනයයි. ඔව්හු එදා ඥාතීන් පිරිවරා මගුල් බත අනුභව කළහ. බත්, ඌරුමස්, සලාද, එළවළු වලින් යුක්තවූ එම ආහාරය මතක් වී කටට කෙළ ඉනුවේය. කඳවුරේ ඔවුන්ට ලැඛෙන්නේ නිසරු හාල් කැඳ කෝප්ප කිහිපයක් පමණි. එහෙත් කොටළුවෙකුට වඩා බරවැඩ කළ යුතුය. සැමියා සේවයට ගිය විට ඇය ඇඳුම් මැසීමේ යෙදුනාය. එම නිසා අහේනියකින් තොරව ඔවුන්ට ජිවත් විය හැකි විය. කෙමරුජ් ගරිල්ලන් හා රජයේ සෙබළුන් අතර ඇතිවන ගැටුම්, බෝම්බ පිපිිරීම්, ඔවුන්ගේ ජිවිත පීඩනයට ලක්කලද නොම්පෙන්හි ගතකළ ජීවිතය ඇයට තවම මතකය.

තමාට දරුවෙකු පිළිසිඳ ඇතිබව දැනගත්විට සැමියා අතිශයින්ම ප්‍රීති විය. එහෙත් එම ප්‍රීතිය පැවතුණේ ටික කලකි. මාස තුනක් වැනි කෙටි කලක් ඇතුළත කෙමරුජ්වරු නගරයේ බලය අල්ලා ගත්හ. කෙමරුජ් භටයන් නගරයට කඩා වැදුණු දිනයේ සැමියා ටැක්සි රථය මහ මගට දැමුවේ නැත. ඔහු කෙමරුජ් පෙළපාලිය බැලීමට නගර මධ්‍යයට ගියේය.

කෙමරුජ්වරු නගරයට පැමිණි අයුරු හා ඔවුන් නගරයේ ජිවත් වූ දේශපාලකයන්, උගුතුන් මරා දැමූ අයුරු සැමියා විස්තර කළේ අවිනිශ්චිත බියකිණි. ඉක්බිති එළඹුණේ ඔවුන් ගේ වාරයයි. " අප වහා නගරයෙන් පිටවිය යුතුයි."සැමියා කීවේ බිය හා සංකාව රැඳි සිතකිනි.

කෙමරූජ්වරුන්ගේ නියේගය අනුව ඔවුන් නිවෙස අත්හැර දමා මහා මාර්ගයට පැමිණියේ අතට අසුවූ මුදල් හා භාණ්ඩ ස්වල්පයක් සමගින්ය. රේඩියෝව ලඟ තබා ගැනීම භයානක බව ඇසූ ඔහු මීට මාස හතකට ප්‍රථම මිළට ගත් රේඩියෝව විසිකර දැමුවේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවන සේය. වතුර හා පාන් ස්වල්පයන් තිබූ නිසා මුල් දිනයේ ජීවිතය ගැටගසා ගැනීමට හැකි විය. සැමියා වතුර බිව්වේ අඩුවෙනි. ඔහු ජලය ඉතිරි කළේ ඇගේ භාවිතය සඳහා ය. එහෙත් පළමු දින හමාර වෙත්ම වතුර බෝතලය අවසාන විය.

වෙහෙස නිසා අතරමගදී ඇඳුම් පාර්සලයද ඔව්හු අතහැර දැමූහ. අවසන් පාන් කැබැල්ල අනුභව කළ ඔවුන් දහස් ගණන් පිරිස සමග ඉදිරියට ඇවිදගෙන ගියේ තම ඉරණම කෙමරුජ් සංවිධානයට භාරදෙමිනි. එදා සිට මේ දක්වා ඔවුන්ගේ ජිවිත ගෙවී ගියේ බිය හා සැකය මැදිකොට ගෙනය.

ඇය යළිත් පියවි ලොවට පැමිණියේ රැකවලෙකුගේ කටහඬ නිසාය. අතීතය මතක් වීම නිසා ඇය බියට පත්වූවාය. අතීතය පිළිබඳ මතකය රෝගයක් බව කෙමරුජ්වරු කිවූ වදන් ඇයට සිහිවූවාය. අතීතය සිහිකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඇය අතීත මතක තුළින් ඉවත් වුවාය.

එදින රාත්‍රියේ ඔවුන්ට කෙමරුජ්වරු විසින් සංවිධානය කළ අධ්‍යාපන පන්තියකට යෑමට නියම විය. එම නිසා මඳක් කලින් කුඹුරු වැඩ අවසන් කරන ලදී. ස්ත්‍රීන් හා පුරුෂයන් වෙන වෙනම උණ බම්බුවලින් සෑදු ශාලාවේ වාඩිවී සිටියහ. කෙමරුජ් නායකයෙක් මෙගා ෆෝනයක් අතේ දරාගෙන කථාවක් පැවැත්වීය.

අන්කා දහමේ ශ්‍රේෂ්ඨත්වය අනාගත කොමියුනිස්ට් රාජ්‍ය පන්ති රහිත, සමෘධිමත් ස්වයංපෝෂිත, දේශය පිළිබඳ ඔහු පැයක් පමණ කථා කළේය. එහෙත් සමෘධිමත් බව වෙනුවට මග දෙපස මළකඳන් හා දිරාගිය මිනිසුන් පමණක් ඉතිරි වී ඇති බවට ඇයට පැහැදිලි වූවාය. ඒ සමඟම ඇය කුස අතගෑවේ නූපන් දරුවා පිළිබඳව සෙනහසිනි.

තව ටික දවසකින් ඉපදීමට නියමිත දරුවාට හිමිවන්නේ විනාශවී ගිය දේශයකි. දරුවාගේ ඉරණම කුමක්වේදැය ඇය තුළ දැන් ඇත්තේ බියකි. ඇය සැමියා දෙස බැලූවේ යටි ඇසිනි. ඔහු නිසොල්මන්ව අන් අය අනුකරණය කරමින් දේශනයට සවන් දෙයි. අතරින් පතර විධානයන්ට අනුව අත්පොලසන් දීම හා ජය ඝෝෂා පැවැත්වීම කරන ලදී.

නායකයාගේ දේශනයෙන් පසු පස් හැවිරිදි ළමුන් පිරිසක් නැටුුමක් ඉදිරිපත් කළහ. පන්ති සතුරන් සංකේතවත් කළ එම ගමනේ සතුරන් ලෙස සැකසූ උණ බට වලට නොදරුවන්, ලීවලින් සාදන ලද පිහි වලින් පහර දුන්හ. ටිකිරි ළමුන්ගේ මුහුණේ වෛරය හා පළිගැනීම මනාව දිස්වීම නිසා ඇය තැතිගත්තාය. නොදරුවන්ට පවා මෙවැනි විෂ එන්නත් කළ හැක්කේ කෙසේද?

ළමුන්ගේ නැටුමෙන් පසු සියළුම වැඩිහිටියන් නැගිට ළමයින්ට හිස නමා ආචාරය කරන ලෙස අණ ලැබිණ. වැඩිහිටියෝ ළමයින්ට තම හිස නමා ආචාර කළහ. අධ්‍යාපන පන්තියේ අවසාන අවස්ථාව එළඹ තිබේ. තවත් නායකයෙකු කථා කළේ තර්ජනාත්මක විලාශයෙනි.

තවමත් පන්ති සතුරන්, විදේශීය ඔත්තුකරුවන්, අප අතර සිටින බව ඔහු කීවේ චෝදනාත්මක විලාශයෙනි. අතීතයේ වැරදි කල පුද්ගලයන්ට පාපොච්ඡාරණය කිරීමෙන් නිදහස් විය හැක. එසේ නොකරන්නේ නම් හිමිවන්නේ මරණයයි. ඔහු "මරණ දඬුවම යන පාඨය"දෙවරක් හඬ නගා කීවේය. අතීතයේ මහාචාර්යවරුන්, කථීකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, නීතිඥයන්, විදේශිකයන් සමඟ ගනුදෙනු කළ අය වෙතොත් නැගිටින ලෙස ඔහු දැන්වීය. එසේ සත්‍ය පවසන්නන්ට නිදහස ප්‍රදානය කරනු ලැබේ.

කෙටි නිහැඬියාවකින් පසු පුද්ගලයන් දෙතුන් දෙනෙකු නැගිට තමන් විශ්වවිද්‍යාලවල සේවය කළ බව කීහ. තවත් අයෙක් භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කළ බව පැවසුවේ දෙනෙත් බිමට යොමාගෙනය. ඔවුන් සියළු දෙනාටම ඉදිරියට එන ලෙස නියෝග ලැබුණි. ඔවුන් තමන්ට සමාව ලැඛෙනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගියේය.

තම සැමියා දෙස බැලූවාය. ඔහු ටැක්සි රියැදුරෙකි. ඔහුගේ ටැක්සියේ ඇතැම් දිනවල විදේශිකයන්ද ගමන් කොට තිබේ. ඔහුට යාන්තමට ප්‍රංශබස කථාකල හැකිය.

සැමියාගේ ප්‍රතිචාරය කුමක්දැි ඇය විමසිලි මත් වූවාය. ඔහු දැන් නැගිට පපොච්චාරණය කොට සමාව ලබාගනු ඇතැයි ඇය බලාපොරොත්තු වුවාය. එහෙත් ඔහු නිසලව බිම බලා සිටියි.

අධ්‍යාපන පන්තිය අවසන් බවත්, දැන් රාත්‍රී නින්දට යා හැකි බවත්, නිවේදනය කෙරිණි. හෙට උදෑසන හතර වන විට සියළු දෙනා කුඹුරේ සිටිය යුතුය.

එදින රාත්‍රියේ තමන්ගේ කුඩා ගෙපැලේ ඇය සැමියාට තුරුළුව නිදාගත්තාය. පවුල් ජීවිත ගතකරන්නන් කෙරෙහි ලාබාල කෙමරුජ් භටයන් බලන්නේ සතුරු විලාශයකිනි. එම නිසා ඔවුන් ගෙපැලට ගොඩවූයේ එකවිට නොවේ. වෙන් වෙන් වශයෙනි.

පාපොච්චාරණය නොකළේ මන්දැයි ඇය සෙමිනි සැමියාගෙන් ඇසුවාය. ඇයට නිහඬ වන ලෙසට ඔහු කීවේ බියගත් හඬිනි. "ඔයා හිතතවාද මේ අයට සමාව ලැබෙයි කියලා" සැමියා සෙමෙන් ඇයට කෙඳුරුවේය. සැමියාගේ කථාව සත්‍ය බව ඇයට වැටහුණේ පසුදින කුඹුරට යන විටදීය. පෙරදා රාත්‍රියේ පාපොච්චාරණයකළ පුද්ගලයන් මහ මග මරාදමා තිබුණි. එක් අයෙකුගේ සිරුර ගසක එල්ලෙමින් තිබුණේය. ඒ පපොච්චාරණය කළ මිනිසාගේ සිරුර බව ඈ හැඳින ගත්තේ ඔහුගේ තට්ට හිස නිසාය. ඔහුගේ දෙනෙත් පිහියකින් හාරාදමා තිබුණි. අක‍ෂිබෝලය රහිත ලේ පිරිතිබූ කුහර දෙක නිසා මළ සිරුර බිය උපදවයි. එය දුටු ඇයට කෑගැසුණි. එහෙත් ඇය වහාම අතින් කට වසා ගත්තාය.

කුඹුරු වැඩ කළද ඇයට එම දර්ශනය අමතක කළ නොහැකි විය. ගසේ එල්ලෙන මළ සිරුර හා උගුල්ලා ඇති ඇස් දෙක ඇය වෙත ගෙන ආවේ බිය ජනක සිතිවිලිය. මෙම රුදුරු දසුන සති දෙකක් යනතුරු ඇයට සිහිනෙන් පවා පෙනුනි.

ඔවුන්ගේ දිවියේ කටුකබව එන්න එන්නම වැඩිවිය. වර්ෂා කාලය නිසා ඔවුන් කුඹුරු වැඩ කළේ සීතෙන් හා කුසගින්නෙන් තැවෙමිනි. දිනක් කුඹුරේ වැඩකරමින් සිටියදී ඇයට විළි රුදාව ඇතිවීම නිසා ඇය නියරක් උඩ හිඳ ගත්තාය. ඇසල සිටි රැකවලූන් ඇයට තුවක්කු මිටෙන් පහරදුන් අතර, එම පහර නිසා ඇය ක්ලාන්ත වූවාය. යළි ඇයට සිහිය එනවිට ඇයගේ දෙපා අසල ලේ හා වැදෑමහ දැකිය හැකිවිය. දරුවා මෙලොවට බිහිවී ඇත. ඇයගේ සැමියා උණ පතුරකින් පෙකණිවැල කැපීය.

දරුවාගේ දුබල හැඬිමේ හඬ කුඹුරු කොටන මිනිසුන් තුළ ඇතිකළේ අමුතු හැඟීම්ය. එහෙත් කිසිවෙකු ඇයගේ උදව්වට ආවේ නැත.

ඇය දරුවා තුරුල්කරගෙන ඔහුගේ හිස ඇයගේ උඩුකයින් වසා ගත්තේ වැසිවතුරෙන් ඔහු ආරක‍ෂා කර ගැනීමටය. මවගේ පියවුරු දරවා ඉරුවේ දුබල විලාශයෙනි. දුගීපෝෂණය නිසා දරුවාට ප්‍රමාණවත් කිරි ඇයට නොමැත.

දරුවා වැදූ නමුදු ඇයව කුඹුරුවැඩ වලින් නිදහස් වූයේ නැත. ළදරුවා මඳක් ලොකු වන විට කෙමරූජ්වරු දරුවා ගෙන යන බව මව හා පියා දැන සිටියහ. එහෙත් දරුවා දැනට තමන් ලඟ සිටීම ඔවුන්ට අස්වැසිල්ලකි. සෑම රාත්‍රියකම සැමියා දරුවාගේ හිස අතගෑවේ ඔහුගේ කෙට්ටු අත්වලිනි. එක් කරුණාවන්ත රැකවලෙක් ගෙනදුන් සහල් කැඳ කෝප්පය නිසා බිරිඳට ළදරුවාට කිරි දීමට හැකිවීම ඔහුට අස්වැසිල්ලකි. එහෙත් දරුවාද මන්දපෝෂණයෙන් පෙළුනි.

දරුවාට මාස තුනක් වූ කළ ඔවුන්ට යාබද ගම්මානයට යාමට නියම විය. ඔව්හු පයින්ම ගමන් ඇරඹූහ. ගොනා බැඳි කරත්තය ඔවුන් ඉදිරියෙන් ගිය අතර, එහි කැති, උදළු, පටවා තිබුණි. කරත්තය පසු පස දුබල ගැහැණු හා මිනිස්සු පනහක් පමණ ගමන් කළහ.

ඇය සැමියා සමඟ ගමන් කළාය. දරුවා ඇය වඩාගෙන සිටි අතර, දරුවා දෑත්වලින් මවගේ ගෙල බදාගෙන සිටියේය. හදිසියේම අතර මගදී කැමරුජ් ළමා සොල්දාදුවෙක් ඇගේ සැමියා නවතා ගත්තේය."උඹ ප්‍රතිවිප්ලවවාදියෙක් නේද? තවම ළමාවිය නොඉක්මවූ ළමා භටයා සැමියාගේ උදරයට AK47 අවිය එල්ල කලේය. සැමියා "නැත" කීවේය. සැමියාගේ දෙනෙත් වලින් භීතිය උතුරයි. ඔහු මොහොතකට ගොළු විය. ඔහු වෙනුවට ඇය පිළිතුරු දුන්නාය. "එයා දුප්පත් ගොවියෙක්. අපි අහිංසකයි." "බැල්ලි පලයං මැරුම් නොකා. අපි උඹෙන් නොවෙයි ඇහැව්වේ." ළමා සොල්දාදුවා ඇයට පිළිතුරු දුන්නේ කර්කශ විලසිනි.

මේ අතර තවත් ළමා සොල්දාදුවන් දෙදෙනෙකු සැමියාගේ දෑත් බැඳ දමා ඔහුට උණබට වලින් පහර දුන්හ. සැමියා අත් අඩංගුවට ගැනීම නිසා කම්පනයට පත් වූ ස්ත්‍රිය අ~මින් අනුකම්පාව අයැද සිටියාය. එහෙත් ඔව්හු ඇයට නිහ~ව පිරිස සමඟ ඉදිරියට යනලෙස නියෝග කළහ.

තම සැමියා අත්හැරදමා යාමට අකමැතිවූ ගැහැණිය එක අතකින් දරුවා වඩාගෙන අනෙක් අතින් සැමියා බදාගත්තාය. ඇයටද "බැල්ලි, පලයං යන්න. නැත්නම් උඹවත් මෙතනම මරණවා." කියමින් ඔවුන් කළේ හිස් තර්ජනයක් නොවේ.

අඹුසැමි යුවළට සිදුවූ වින්නැහිය නුදුටුවාක් මෙන් අනෙකුත් මිනිසුන් සිය දෙනෙක් බිමට යොමු කරගෙන ගොන් කරත්තය පිටුපස ගමන් කළහ.

කෙමරුජ් භටයන්ගේ පහරවල් ළමයාට වැදේයැයි සිතාගත් ඇය දරුවා පපුවට තුරුළුකර ගත්තාය. සැමියාට මෙන්ම ඇයටද පොලූ පහර වැදුණි. "ඔයා යන්න සැමියා ඇයදෙස බලා කීවේ උණබට වලින් මුහුණේ මතුවූ තුවාල අතින් වසාගනිමිනි. "ළමයාගේ ජීවිතය බේරාගන්න මාව මෙතන දාල යන්න" ඔහු ඉතා තදින් බිරිඳට කීවේය. එහෙත් ඇය ඔහු අසලම දැවටි දැවටී සිටින්නීය. "ළමයාගේ ජීවිතයට ආදරය තියෙනවා නං නම් ඔයා යන්න" නැත්නම් ළමයාවත් මරයි. යන්න. යන්න. ඔහු දුබල හඬින් කීවේය. ඇයව තල්ලූ කළේය.

ඇයට දැන් කළහැකි දෙයක් නැත. සැමියා කෙමරූජ් භටයන් අතර තනිකරදමා ඇය ඉදිරියේ යන කරත්තය පසුපස ගියාය. එහෙත් වරින් වර ඇය දරුවා පපුවට තදකරගනිමින්, සැමියා දෙස බලමින්, සුසුම් හෙළමින් ඇවිද ගියාය. සොල්දාදුවෝ සැමියාගේ කමිසය ඉරාදමා ඔහුට දණින් වැටෙන ලෙසට නියෝග කළහ. ඔහු නිහ~ව දණින්වැටී දෑස් පියාගත්තේය. ළමා සොල්දාදුවෙක් මන්නයක් ගෙන ඔහුගේ ඛෙල්ලට වැරෙන් පහරක් එල්ල කළේය.

සැමියා බිම වැටී සිටිනු ඇය දුටුවාය. එහෙත් ඔහු අසලට යාම යනු දරුවාගේ මරණ වරෙන්තුව ලියා ගැනීමකි. ඇය අවසන් වරට සැමියා දෙස බලා පිරිස අතර සැඟවුණාය. ඔවුන් ඉදිරියටම ගිය අතර, ගෙලකපා දමා තිබූ මිනිසාගේ මළ සිරුර කබරුන්ට ආහාර පිණිස අසල කැලෑවට ඇද දමන ලදී. සැමියා යළි දකින්නට නොලැඛෙන බව ඇයට සක්සුදක්සේ පැහැදිලිය. ඔහු මරා දමනු ලැබීය. ඇයට ඇය ගැන හා ළදරුවා ගැන බියක් දැනේ. ජීවිතයේ සියලූ බලාපොරොත්තු බිඳ වැටී ඇති නමුදු ළදරුවා නිසා ඇය ජීවත් විය යුතුවිය.

මාස හයක් පමණ ගෙවී ගියේ කිසිඳු වෙනසකින් තොරවය. අධික වැඩ සුළු ආහාර ප්‍රමාණය නිසා ඔවුන්ගේ ජීවිත දියවී ගොසිනි. ඇය ජීවන අපේක්ෂා වලින් තොරව වැඩ කළේ යන්ත්‍රයක් පරිද්දෙනි. නියර අසල දරුවා තබා ඇය උදැල්ල ගෙන අනිකුත් පිරිස සමඟ කරට කර වැඩ කළාය. වරක් නියර මත තැබූ දරුවා හ~න්නට වූයෙන් ඇය උදැල්ල පසෙක ලා දරුවා වඩාගත්තාය. මෙය දුටු රැකවලෙක් ඇයට පා පහරක් දුන්නේය. ඇයගේ අතින් දරුවා විසිවිය. ඇගේ හිස බිම ඇණුනේය. හිසෙන් ගලන ලේද නොතකා, බිම වැටීම නිසා වේදනාවෙන් හ~න දරුවා තුරුල්කර ගත්තාය. මෙය දුටු රැකවලා තවත් කිපුණි.

"බැල්ලි වැඩකරන්නේ නැතුව ළමයි නළවනවා. හිටපිය තොට" කියමින් ඔහු ළදරුවාගේ අතක් අල්ලා ඇද්දේය. වේදනාව නිසා දරුවාගේ හැඬීම තීව්‍ර විය. ඇය ළදරුවාගේ දෙපා තදින් අල්ලාගෙන සිටිය නමුදු රැකවලා දරුවගේ අතින් ඇදීම නිසා ඔහුගේ අත කැඩීයනු ඇතැයි බියෙන් ඇය තම ග්‍රහණය බුරුල් කළාය. මොහොතකදී දරුවා රැකවලාගේ අතේ විය.

ඇය දනින්වැටී අනුකම්පාව ඇයදියාය. රකුසු සිනාවකින් මුව සරසා ගත් රැකවලා දරුවාගේ දෙපාවලින් අල්ලාගන නියර අසල තිබූ ගස වෙත ගෙන ගියේය. "බැල්ලි, හොඳට බලාගනින්" ඔහු ළදරුවාගේ දෙපා තදින් අල්ලාගෙන, ඔහු ඔසවා ගසේ කඳේ දරුවාගේ හිස ගැසීය. ළදරුවාගේ බිඳුණු හිස මොළයේ කැබලි ලේ සමඟ ගසේ කඳේද, ඒ අවට පඳුරු වලටද විසිවී ගියේය.

මොහොතක් තුළ සිදුවූ දර්ශනය ඇයට සිහිනයක් මෙන් විය. ඔව්හු ඇගේ සැමියා මරා දැමූහ. දැන් ඇයගේ ඇස් ඉදිරියේ අහිංසක කිරි දරුවා මරා දමා ඇත.

ඇය කුඹුරේ ඇද වැටුණේ අසිහියෙනි. එහෙත් ඇය දෑස් පියාගත්තේ නැත. මුලූ ලොවම කැරකෙන්නා සේ ඇයට දැනේ. "ගැණියේ පස්සේ නිදාගනිං. දැන් කුඹුර කොටපන්" රැකවලා ඇයගේ ඉළ ඇටවලට පයින් ඇන්නේය. එහෙත් ඇයට වේදනාව දැනුණේ නැත. ඇය නිසලව වැටී සිටියා පමණි. "අන්තිම පාර මම කියන්නෙ" ඔහු උරයේ තිබූ තුවක්කුව අතට ගත්තේය. ඇයට බියක් නොදැනුනි. ඇය හිස් අහස දෙස බලා උන්නාය. හිසට උඩින් මානා තිඛෙන තුවක්කුව ඇය දුටුවේ තම දුක් කම්කටොළු අවසන් කිරීමට හැකි මෙවලමක් ලෙසටය. ඇය නිසලව වැතිර සිටියා මිස කිසිවක් කීවේ නැත.

රැකවලා ඇයගේ නළලට තුවක්කුව එල්ල කොට කොකා ගැස්සුවේය."ඩුම්" ශබ්දය සමග ඇගේ හිස සුණුවිසුණු වී ගියේය. කුඹුරු වැඩකරමින් සිටි කිසිවෙකු හිස ඔසවා බැලූවේ නැත. යාන්ත්‍රික මිනිසුන් මෙන් ඔවුන් පොළොව කෙටුවා පමණි.

"ඒයි"; රැකවලා අසල සිටි මිනිසෙකුට කථා කළේය. "මේ ගෑණිවයි අර මැරිච්ච කොල්ලගේ මළකුණයි වලලලා දාපන්" හේ හිස නමා රැකවලාට කීකරු විය. මියගිය ගෑණියගේ කෙට්ටු දෙපා වලින් ඇදගෙන ගොස් ඇයගේ මෘත ශරීරය අසල පඳුර ළඟට ගෙන ගියේය. ඉක්බිති හිසසුන් දරුවාගේ මළ කඳද එතැනට ගෙන ආවේය. ඉන්පසු ඔහු වළක් කපා දෙදෙනාගේම මළ සිරුර වළලා දැම්මේය.

අපි රහසින් තායි දේශසීමාවට පළා ගියෙමු.


අපි පළායාමට තීරණය කළෙමු. කෙමරුජ්වරුන්ගේ තර්ජන, ගර්ජන, උත්සන්න මෙවින් පැවතිණි. තව සුළු කාලයක් තුළදී ඔවුන් අප මරා දමනු ඇත.

අපගේ කණ්ඩායමට පුද්ගලයන් හය දෙනෙකු අයත් වූහ. ඔව්හු සියළුදෙනාම 1975 අප්‍රේල් 17 වෙනි දිනට පෙර ඵලදායි ජීවිත ගතකළ මධ්‍යම පාන්තිකයන් වූහ. හොඳ අධ්‍යාපනයක් ලබා සිටි අප අතරින් තිදෙනෙකුට හොඳින් ප්‍රංශ භාෂාව කථාකළ හැකිවිය. කුඹුරු වැඩ කිරීමත්, කෙමරූජ් රැස්වීම් වලදී ජයඝෝෂා පැවැත්වීමත්, අපි කළෙමු. එසේම ඔවුන්ගේ සැකයට තුඩුදෙන යමක් නොකිරීමට අපි පරිස්සම් වූයෙමු.

අඩු ආහාර ප්‍රමාණය ලබාදීම නිසා අපගේ ශරීර ශක්තිය හීනවන්ට විය. පළායන්නට නම් අපගේ ශරීර ශක්තිමත් විය යුතුය. නැතහොත් අප අතරමග මිය යනු ඇත. අප අතර සිටි හිටපු ගුරුවරයෙකුට භූගෝල ශාස්ත්‍රය පිළිබඳ හොඳ දැනීමක් තිබුණි. තායි දේශසීමාවට යාමට යා යුතු දිශාව ඔහු අපට කියා දුන්නේය. අපට සැතපුම් සියගණනක් පයින්ම යාමට සිදුවේ. කෘෘර කෙමරුජ්වරු යටතේ වහල්වැඩ කිරීමට වඩා දිවිගලවාගෙන පැනයාම මැනවි. අපි සියළු කටයුතු සම්පාදනය කළෙමු.

ඇඳුම් තුල වී කරල් සඟවා ගෙනත් තබා රැස්කළෙමු. මෙය ඉතාම අවදානම් ක්‍රියාවක් විය. යම් ලෙසකින් රැකවලූන් එය දුටුවේ නම් ඔවුන් අප මරා දමනු නියතය. මියගිය මිනිසුන් ගේ පාවහන්, කුඩා පෑන පිහියක්, පන්මල්ලක් අපි සොයා ගත්තෙමු. මේවා යාබද කැලෑවේ සඟවා තබන ලදී.

පලායාම පිළිබඳව අප කොඳුරා හෝ අප කරුණු කථා නොකළේ යමෙකු එය අසා අපව පාවා දෙනු ඇතැයි යන බියෙනි. ඇතැම් සංවාද කෙරුණේ දෙනතින් හා හස්ත මුද්‍රාවෙනි.

දැඩි වර්ෂාව පටන් ගත්විට අපි තෙතබරි වීමු. එහෙත් ඔව්හු අපට කුඹුරුවැඩ කිරිමට බල කළහ. මොර සූරන වැස්සේ අපි කුඹුරු කෙටුවෙමු. වැස්ස නිසා රැකවල්ලූ ඈත මඩුවට ගොස් වැස්ස නවතින තුරු සිටියහ. ඒ අවස්ථාවේ දී අපි කැලයට පැනගත්තෙමු.

ගුරුවරයාගේ මග පෙන්වීම ඔස්සේ අප අඳුරේම ඉදිරියට ගමන් කළෙමු. මේ ගමන අතිශයින්ම අවදානම් විය. කෙමරුජ්වරුන්ගේ ගම්මාන මගහරිමින් කැලෑව අතරින් ගමන් කිරිමට අපට සිදුවිය. බිම්බෝම්බ නිසා අප භූමිය මත ඇවිදගන ගියේ චකිතයෙනි. හැකිතරම් දුරට අප සිටි ගමෙන් ඈතට පළායෑම අපගේ මූලික අභිලාශය විය. මුළු රාත්‍රියේම අපි ගමන් කළෙමු. වෙහෙස සාගින්න අප අඩපණ කළද දිවිගලවා ගැනීමේ ආශාව නිසා අපි ගමන් කළෙමු.

අප පළාගිය බව දැනගත්විය කෙමරූජ් භටයන් අප සෙයා එනු නිසැකය. ඔවුන් අතින් කෘෘර මරණයට ගොදුරුවෙනවාට වඩා බිම් බෝම්බයට අසුවී මියයාම යෙහෙකි යැයි අපට සිතිනි.

අපගේ කණ්ඩායමේ එක් අයෙකු තව දුරටත් ගමන් කරනු නොහැකිව අධික වෙහෙස නිසා ගසක්යට වැතුරිනි. අපට ඔහු ඔසවාගෙන යෑමට ශක්තියක් නොවීය. අකමැත්තෙන් වුවද එම අසරණයා කැළයේ තනිකොට අපි ඉදිරියට ගියෙමු. අතරමගදී අප ආහාර වශයෙන් ගත්තේ කැලෑකොළ පමණි. කුඩා වතුර වලවල්වලින් වතුර පානය කළෙමු. මෙලෙස නොකඩවා පැය විසිහතරකට අධික කාලයක් කැලය තුළ ගමන් කිරීම නිසා අපගේ ශරීරවලට දැඩි වෙහෙසක් දැනිනි. අපි පසුදින කැලයේ වැතිරී අඳුර වැටෙන තෙක් සිටියෙමු. අපගේ කන්ඩායමේ සිටි අයෙකු ගලකින් ගසා කුරුල්ලෙකු මරා දැමීය. අපි කුරුල්ලාගේ මස් අමුවෙන්ම අනුභව කළෙමු. එක් අයෙකුට කුරුළුමාංශ යන්තමින් දිවේ ගාගැනීමට ප්‍රමානවත් විය. අපි කුරුල්ලාගේ තටුද වීසි නොකෙළෙමු. ඒවාද කා දැමුවෙමු. අඳුර වැටුණ වහාම යළි අපි පිටත් වූයෙමු. අප ගමන් කළේ සෙමිනි. මිනිස් කටහ~ක් ඇසුණු වහාම අප පඳුරුතුළ සැඟවුනේ අධික බියකිනි.

අප දින තුනක් පමණ ගමන් කර තිබුණි. එහෙත් තායිදේශ සීමාව තව බොහෝ දුරය. අපගේ ශක්තිය සිඳී ඇත. අපි අසරණව වැතිර සිටියෙමු. දැඩි වෙහෙස නිසා අප කණ්ඩායමේ දෙදෙනෙක් ගමන් කිරීමට නොහැකි ලෙස අසනීප විය. අපි ඔවුන් දෙදෙනා අසීරුවෙන් කරතබාගෙන ගියෙමු. එහෙත් දැන් අපගේ ශරීර ශක්තිය වියැකී යමින් පවතී. අසනීප වූ දෙදෙනාගෙන් එක් අයෙකු අවසන් හුස්ම හෙළීය. වෙනැන්නා තමා අතහැර පළායන ලෙස අපට කීය. අපි ඔහුගේ ඉරණම අඳුරු වනයට භාරදී ගියෙමු. දැන් අපගේ කණ්ඩායමේ ඇත්තේ තිදෙනෙකු පමණි.

මෙසේ ගමන් කළ අපි ජනාවාස ප්‍රදේශයකට පැමිණියෙමු. මෙය කෙමරූජ්වරුන්ගේ තිප්පලකි. රාත්‍රි අඳුර ගලන තෙක් පඳුරක සැඟවී සිටි අපි රාත්‍රිය සමඟ ජනාවාසය හරහා යළි ඉදිරියට ගමන් කළෙමු. අප මඩවී ගිය කුඹුරු හරහා බඩගාගෙන ගියේ ශබ්ද නොනැගෙන ලෙසටය. මුරට සිටින භටයෙකු අප දුටුව හොත් මරණය නියතය.

ජනාවාස ප්‍රදේශය පසු කිරිමෙන් පසු අප යළි අවතීර්ණ වූයේ කැලෑ ප්‍රදේශයටකටය. අපි තව දින තුනක් මෙලෙස ගමන් කළෙමු. සෙමෙන් සෙමෙන් ඉදිරියට යන අපට හමුවූයේ විශාල කන්දකි. කන්ද තරණය කිරීම අපගේ මීළඟ කර්තව්‍ය විය.

කන්දට නැගගත්විට අපට පහත තායි දේශසීමාව පෙනුනි. ඇත්තෙන්ම එම දර්ශනය නිසා අපට අපගේ වෙහෙසද අමතක විය. මොහෙතක් වත් කාලය නාස්ති නොකළ අපි එම දේශසීමාව කරා ගියෙමු. දේශසීමාව ආසන්නයේ බිම් බෝම්බ අතුරා ඇති නිසා අප ගමන් කළේ ඉතා ප්‍රවේශමිනි. අවසානයේදී අප තිදෙනා තායිලන්තයට ගියෙමු.

තායි දේශසීමා භටයෝ අප රතුකුරුස කඳවුරකට ගෙන ගියහ. ඒ වනවිට අප අඩක් මියගිය ඇටසැකිළි මෙන් විය. ඔව්හු අපට කුසපුරා ආහාර දුන්හ. ඇඳුම් පැළඳුම් දුන්හ. අප අපගේ නිදහස ලබා ගත්තේ ඉතා අසීරුවෙනි. ජිවිත තුනක් බිලි දීමෙනි. එහෙත් එම නිදහස මෙලොව ඇති සෑම දෙයකටම වඩා වටියි.

දඬුවම මරණයයි

කෙමරූජ්වරු ඔවුන්ට අවශ්‍ය අන්දමට මරණදඬුවම පැනවීය. මෙම දඬුවම් කිසිම සදාචාර නීතියකට අයත් වූයේ නැත. උදාහරණයක් ලෙස එක් ගමක සිට තවත් ගමකට අනවසරයෙන් යෑම, තමා ළඟ ආහාර ස්වල්පයක් හෝ සඟවා තබා ගැනීම, එසේම මාළු ඇල්ලූ මිනිසුන්, කකුළුවන් අතේ තබාගෙන සිටි මිනිසුන්, මීයන්, හූනන් හා ගොළුඛෙල්ලන් අනුභව කළ මිනිසුන්, මේ කෙමරූජ්වරු මරණදඬුවම් නියම කළ කරුණුය. මේ වැරදිවලට අසුවූ අය ජනතා සතුරන් ලෙස ලේබල් ගැසුණි.

මිනිසුන් කුඹුරුවැඩ සඳහා යාමේදි ඉදිරියෙන් හරකුන් දැක්වූ අතර, මිනිසුන්ට දකුණු පැත්තෙන් යාමට නියෝග ලැබී තිබුණි. යම් ලෙසකින් මෙය අමතකවී මිනිසෙකු වම්පැත්තෙන් ගමන් කලවිට ඔහුද ජනතා සතුරෙකු ලෙස චෝදනා කර මරා දමන ලදී. ප්‍රේම සබඳතා පැවැත්වීම, ලිංගික සබඳතා පැවැත්වීම මරණ දඬුවමට යටත්විය.

මගේ විශ්වාසය බිඳ දැමීමට ඔවුන්ට නොහැකි විය- (බෞද්ධ භික්ෂුවක්)


පොල්පොට් කම්පුචියාවේ බලය අල්ලාගන්නාවිට මම තරුණ බෞද්ධ භික‍ෂුවක් වූයෙමි. ඔවුහු අපගේ පන්සලට කඩාවැදී පිළිම විනාශ කළහ. කෙමරුජ් භටයෝ කුළුගෙඩි පහර දී බුදු පිළිම කඩා බිඳ දැමූහ. මා ඇතුළු තවත් භික‍ෂූන් හතර දෙනෙකු ලොරියක දැමූ අතර, අපගේ නායක වයෝවෘධ භික‍ෂුවට පන්සල ඉදිරිපිට දීම වෙඩිතබා මරා දමන ලදී.

ලොරිය ගමන් කරන අතරතුරු ඔවුන් අපට උණබට වලින් පහර දුන්හ. පහර කෑම නිසා අපගේ ඔළු පැලී ලේ වහනය විය. ඉක්බිති ඔවුන් වේදනාවෙන් බිම වැතිරී සිටින අපගේ ඇග වලට මුත්‍රා කළහ. zzනුඹලා සමාජ විලෝපිකයන් යනුවෙන් කෙමරුජ්වරු අපට පරිභව කරමින් අපගේ සිවුරු ගලවා දමන්නට වූහ. නිරුවත් කළ මා හා අනෙකුත් භික්ෂූනAට කළු පැහැති කඩමලූවී ගිය ඇඳුම් ඇඳීමට නියම කරන ලදී. මරා දමනු ඇතැයි යන බිය නිසා අපි නිහ~වම ගිහි ඇඳුම් ඇඳගත්තෙමු.

"සමාජ විලෝපිකයිනි, බැහැපියව් කුඹුරට, ජනතාව වෙනුවෙන් වැඩ කරපියව්"යනුවෙන් නියෝගකොට, කෙමරුජ් භටයෝ අප කුඹුරු වැඩ සඳහා යෙදවූහ. මෙලෙස වසර දෙකකටත් වඩා වැඩි කලක් මම කුඹුරු වැඩ කළෙමි. උණෙන් හා පාචනයෙන් මගේ සහෝදර භික‍ෂූහු ජිවිතය අවසන් කළහ. මා පමණක් ඉතිරිවූ අතර, සෑම දවාලක්ම හා රාත්‍රියක්ම ගෙවී ගියේ බිය, අවිනිශ්චිතතාව, වදයට ලක් කිරීම, මධ්‍යයේය.

අපට දිනකට කෑමට ලැබුණේ සහල් තේ හැඳි දෙක තුනක් දමා පිළියෙල කළ කැඳ කෝප්ප දෙකක් පමණි. එහෙත් අපි දිනකට පැය දහඅටක් බරවැඩ කළෙමු. මගේ ශරීරය මස් හා මේදය ක්ෂයවී කටු මතුවිය. මගේ ශරීරය බුදුන්වහන්සේ දුෂ්කර ක්‍රියා සිදුකළ සමයේ මෙන් දිරා ගියේය. රහසින් කැලෑකොළ ස්වල්පයක් අනුභව කරමින් අපි දිවි රැකගත්තෙමු.

සෑම රාත්‍රියකම මම රහසින් ගාථා පාඨ කීවේ "යම් දිනක යළි සිවුරට යමි" යන අධිෂ්ඨානයෙනි. මෙම අසීරු කාලය ගත කිරිමට මට බුදුන්වහන්සේගේ ධර්මය, අනිත්‍ය, පිළිබඳව තේරුම් ගියේය. කෘෂවී හා වධබන්දනයට ලක්වන මගේ ශරීරය සැබවින්ම මගේ නොවන යන බෞද්ධ සංකල්පය ඔස්සේ තේරුම්ගැනීමට මම වෑයම් කළෙමි. මා මේ මොහොතේ පවතින්නේද යන්න තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. කෙසේ හෝ මගේ ශරීර ස්කන්ධයට අයිතිවාසිකම් කීමට කෙමරූජ්වරුන්ට නොහැකි බව මට පසක් විය. ඔවුන් අපට උගැන්වූ අන්කා ධර්මයට මගේ විශ්වාසය බිඳ හෙළීමට නොහැකි විය. ඔවුන්ගේ දර්ශනයේ නිසරු බව මට වැටහිණි. කොපමණ වදහිංසා ලැබූවත් මගේ අධ්‍යාත්මය බුද්ධ ධර්මය සමඟ බැඳී පැවතුණි.

ඔවුන් මට පහරදී අපහාස කළ විට මම කෝප නොවූවෙමි. මම උපේක‍ෂාවෙන් සිටියෙමි. මගේ පෞරුෂය වඩා වඩාත් ශක්තිමත් වනු මම අත්දුටුවෙමි. අසීරුවෙන් කුඹුරුවැඩ කරන විට මම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළෙමි. හැකි අවස්ථාවල සමථ භාවනාව වැඩූයෙමි. එමගින් මගේ ශරීර කූඩූවට පත්වූ තිඛෙන අභාග්‍යය ජය ගැනීමට මට හැකිවිය.

කෙමරුජ්වරු පරාදවීමෙන් පසු මම යළි මගේ පන්සලට ගියෙමි. එතැන තිබුණේ සුන් බුන් ගොඩක් පමණි. යළි පන්සල ප්‍රතිසංස්කරණය කළ මම යළි සිවුරු හැඳ ගතිමි. කෙමරුජ්වරුන්ට මගේ අධ්‍යාත්මය විනාශ කිරීමට නොහැකි විය. මා මෙන්ම කුඹුරු වැඩට යෙදවූ භික‍ෂූහු යලි සසුන්ගතවූහ. 2006 වසර වන විට කම්පුචියාවේ භික්ෂූන් වහන්සේලා 59,470 ක් සිටි බව වාර්තා විය.

මිනිසුන් දිවිනසාගත් අයුරු මම දුටිමි. - ළමා සාක්ෂි කරුවෙක්

කෙමරූජ්වරු බලයට එනවිට මගේ වයස අවුරුදු අටකි. ඉන්පසු අපට අත්වූයේ දුඃඛදායක ඉරණමකි. දෙමාපියන්ගෙන් ඈත්කළ මා කඳවුරකට ගෙනයනු ලැබීය. ළමා සිතකට ඉසිලිය නොහැකි වේදනා දැරීමට මට සිදුවිය. කඳවුරේදී කෙමරුජ් භටයන් අහිංසකයන්ට වදදෙනු මම දුටිමි. ආහාර ගැනීමට භාවිතා කරන කූරු :ක‍යදච ීඑසජනි- මිනිසුන්ගේ කන් තුළට ගැසීම, ඇඟිලි අතපය කපා දැමීම නිබඳවම සිදුවිය. මෙම වද වේදනා නිසා මිනිසුන් කිහිප දෙනෙක් ගස්වල එල්ලී සියදිවි හානිකර ගත්හ. එය ඉතා භයානක දර්ශනයක් විය.

ඔවුන්ගේ මුහුණුවල තිබුණේ දුක්ඛදායක බලාපොරොත්තු කඩවූ පෙනුමකි. ඔව්හු සාමුහිකව දිවි නසාගත්හ. මෙවැනි දිවි නසා ගැනීම් එකල සුලබ විය. ගස්වල එල්ලී තිඛෙන මළ සිරුරු නිබඳවම දැකිය හැකිවිය. කෙමරුජ්වරුන්ගෙන් නිදහස ලබා ගැනීමට කළයුතු එකම දේ එය බව ඔවුන් සිතුවා විය හැකිය. දුක්කරදර තිබුණාද මම ජීවත් වීමට හැකි තරම් වෑයම් කළෙමි. ඔවුන්ගේ අණට කීකරුවෙමින් පක‍ෂපාතිත්වය පෙන්වූයෙමි. ඇතැම් ළමයින්ට ඔවුන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් මරා දැමීම සඳහා බල කෙරුණි. වරක් එක් ළමයෙන් කෙමරුජ්වරුන්ගේ බල කිරීම නිසා තම පියාට වෙඩි තැබුවේය.

ගංගාවල දිනපතාම මිනී පාවීගෙන ආවේය. ඇතැම් අවස්ථාවල කුණුවී ගිය මළ සිරුරු ඉවුරුවල දැකගත හැකි විය. ඔව්හු අපවැනි ළමුන්ගේ මොළය විශෝෂධනයට ලක් කළහ. අපට බරවැඩ නියම කෙරිණි. කුඹුරුවල වී කෑමට එන මීයන් මැරිමට මට නියම විය. කෙවිටක් ගත් මම මීයන් මැරුවෙමි. ඇතැම් ශ්‍රමිකයන් මෙම මළ මීයන්ගේ මස් අමුවෙන්ම අනුභව කළේ රහසින්ය.

වියට්නාම් ආක්‍රමණයෙන් පසු කෙමරුජ්වරු පලා ගියහ. මම සරණාගතයන් සමඟ තායිලන්තයට ගියෙමි. මගදී රතුකුරුස සංවිධානය විසින් අපට ආහාර දුන් අතර, අවසානයේදී මා සුරක‍ෂිත බව මට වැටහිණි.

2008 පෙබරවාරි - Duch ප්‍රකාශය


2008 පෙබරවාරි 11 දින The Independent පුවත්පත්තේ හිටපු වධකාගාර පාලක Dutch හෙවත් Kang Kech Eev විසින් ප්‍රකාශයක් කරන ලදී.

Toul Sleng වධකාගාරයේ ඔවුන්ගේ ඉරණම තීරණය විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් මුලින්ම මානසික වශයෙන් බිඳ දමන ලදී. ඔවුන් පැමිණ ඇත්තේ යළිත් පණ පිටින් පිටවීමට නොහැකි සිරගෙයකට බව ඔවුන් අවබෝධ කරගන්නා ලදී. කිසිඳු පිළිතුරකින් ඔවුන්ගේ මරණය ප්‍රමාද කළ නොහැකි විය. දිවිගලවා ගැනීමට සුදුසු කිසිවෙකු අපවෙත එව්වේ නැත. " සෑම පුද්ගලයෙකුම සැක කරනු. සෑම දෙයක් ගැනම සැකෙන් බලනු"පොල්පොට් මට පෞද්ගලිකවම කීය. ඔවුන්ගෙන් ප්‍රශ්න කළ කරුණු යළි ප්‍රශ්න කරනු" මේ ඔහු විසින් මට දුන් නියෝගයන්ය.

මා මේ වධකාගාරයේ පාළකයා වුවද මා ඉටුකළේ නායකත්වයේ අණයි. මාද පොදු නියෝග වලට යටත් වූ පුද්ගලයෙකු විය. මට පැන යාමට නොහැකි විය. එසේ පැන ගියේ නම් ඔවුන් මගේ දරු පවුල විනාශ කරනු ඇත. වධකාගාරයේ කටයුතු අධීක‍ෂණයට ඔව්හු නිතර පැමිණියහ. විශේෂයෙන් Ta Mok සිරකරුවන් මරා දමන ලෙස මට නියෝග දුන්නේය.

සිරකරුවන් ප්‍රශ්න කිරීමේදී අපි ඔවුන්ට පහර දුන්නෙමු. ඇතැම්විට විදුලි ප්‍රහාරයටද ලක් කළෙමු. සෑම අයෙකුගේම සත්‍යය ලබාගත යුතු බවට නියෝග පනවා තිබුණි. එම නිසා සිරකරුවන් වධයට පත් කිරීමට සිදුවිය. ඔවුන් කියන ලද සියළු ප්‍රකාශයන් ලියාගන්නා ලදී. එම ප්‍රකාශ ආශ්‍රයෙන් යළි අපි ප්‍රශ්න කළෙමු. මෙම ප්‍රශ්න කිරීම් අතර තුරදී සමහරෙක් මිය ගියහ.

මා කළේ ඔවුන්ගේ නියෝග කි්‍රයාවේ යෙදවීම පමණයි. Tuol Sleng වධකාගාරයේ හිටපු පාලක Dutch මෙසේ පවසා තිබුණේ The Independent පුවත්පතේ මාධ්‍යවේදී Valerio Pellizzari හටය.

කෙමරුජ් ජාතික ගීය අප්‍රේල් 17 දින ගැන පවසයි.

කෙමරුජ් ජාතික ගිය 1975 අප්‍රේල් 17 දින ගලාගිය රුධිරය හා වහල්භාවයෙන් නිදහස් වීම ගැන පවසයි. වඩා යහපත් සමාජයක් බිහි කිරීමට අප්‍රේල් 17 දින ලැබූ පන්නරය ගැන පවසන මෙම ජාතික ගීය කෙමරුජ් උත්සව වලදී ගායනා කරනු ලැබීය. එහෙත් අප්‍රේල් 17 දින කම්පුචියාවේ අවාසනාවන්ත ඛේදවාචකයේ ආරම්භය බව ඉතිහාසය විසින් සනාථ කරන ලදී. එම ගීයේ ඉංග්‍රීසි අනුවාදය පහත දැක්වේ.

Anthem of democratic Kampuchea : Dap Prampi Mesa Chokchey
(Englich : Glorious Seventeenth of April)


The bright red blood was spilled over the towns
And over the plain of Kampuchea, our motheriand,
the blood of our good workers and farmers and of
Our revolutionary combatants, of both men and women.


Their blood produced a great anger and the courage
To contend with heroism.
On the 17th of April, under the revolutionary banner,
Their blood freed us grom the state of slavery.
Hurrah for the glorious 17th April!

That wonderful victory had greater significance
Than the Angkor period!

We are uniting
To constuct a Kanpuchea with a new and better society,
Democratic, egalitarian and just.
We follow the road to a firmly-based independence.
We absolutely guarantee to defend our motheriand,
Our fine territory, our Magnificent revolution!

Hurrah for the new Kampuchea,
A splendid, democratic land of plenty!
We guarantee to raise aloft and wave the red bbanner of the revolution.
We shall make our motherland prosperous beyond all others,
Magnificent, wonderful
Tell a Friend
-->

කෙමරූජ් භිෂණය (4) : කාම්බෝජයේ කොමුනිස්ට් විප්ලවය


සිව්වන කොටස

 "ඔව්හු මා තෙවන මහලේ සිරගත කළහ. මා සමඟ තවත් සිරකරුවන් පනස්දෙනෙක් සිටියහ. අපට ආහාර දෙන ලද්දේ උදෑසන අටටත්, රාත්‍රී අටටත්ය. ආහාර ලෙස දුන්නේ හාල් තේ හැඳි ස්වල්පයකින් යොදා පිළියෙළ කළ කැඳය. අපට බීමට වතුර නොදෙන ලදී. මුත්‍රා කිරීම සඳහාත්, මළපහ කිරීම සඳහාත්, දෙනු ලැබුවේ කුඩා වානේ බාල්දියකි. මුත්‍රා හෝ මළ ඉහිරුනේ නම් අදාල පුද්ගලයාට එය දිවගින් ශුද්ධ පවිත්‍ර කිරීමට නියම කෙරුණි."


  පොල්පොට්ගේ මරණය

1998 අප්‍රේල් 15 වෙනි දින පොල්පොට් තායි කම්පුචියානු දේශසීමාවට ආසන්නයේ අවසන් හුස්ම හෙළීය. සිදු කරන ලද අපරාධය විශාල මෙන්ම ඒ සඳහා ලැබිය යුතු දඬුවම් කුඩාවේ. The bigger the crime the smaller the penaltyයන වැකිය පවසන ලද්දේ ෆෙඩ්රික් ෂෙලර් විසිනි. ඔහුගේ අදහස සනාථ කරමින් කළ අපරාධ සඳහා පොල්පොට්ට දඬුවම් නොලැබිණි. අවසාන කාලයේදී කෙමරූජ් ගරිල්ලන්ගේම අත්අඩංගුවට පත්වූ පොල්පොට් තම දිවියේ අවසාන වසර කිහිපය ගතකළේ රෝගියෙකු වශයෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක් විය.

ඔහුගේ මෘතශරීරය කිසිඳු අවමංගල්‍ය උත්සවයකින් තොරව ආදාහනය කරන ලදී. පොල්පොට්ගේ මරණය පිළිබඳව නොයෙකුත් සැක මතු වී තිබේ. ඔහුගේ දෙවන බිරිඳ Hleas පවසන පරිදි ඔහුගේ මරණය සිදුවූ දිනයේ 1998 අප්‍රේල් 15 දින රාත්‍රියේ ඔහු ඇමෙරිකානු VOA ගුවන් විදුලි සේවයට සවන් දී තිබේ. කෙමරුජ් සංවිධානය පොල්පොට් යුද අපරාධ සඳහා බලධාරීන්ට භාරදීමට නියමිත බව ඔහුට දැනගන්නට ලැබිණි. මේ නිසා පොල්පොට් සිටියේ බියෙන් හා කලබලකාරි තත්වයකිනි. අන්තර් ජාතික යුධ අධිකරණය මගහැරීම සඳහා පොල්පොට් දිවිනසා ගත්තේදැයි සැකයක් මතුවේ.

වධකාගාරයේ පාලකයා හඬා වැළපෙයි.

Tuol sleng හෙවත් S-21 වධකාගාරයේ පාළකයාව සිටි Duchහෙවත් Kang Kech Eav සමූහ මිනීවලක් වෙත ගෙනයනු ලැබීය. කම්පුචියානු හා එක්සත් ජාතීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය කාරවරුන් 80 දෙනෙකුගෙන් යුත් මෙම අධිකරණ මඬුල්ලද මෙම අවස්ථාවට සභාගී වූහ.

පුද්ගලයන් 120 දෙනෙකු මරා වළදමා තිබූ මෙම ස්ථානයේදී දී හිටපු වධකාගාර පාළකයා දණින් වැටී වැලපුන අතර තමන් කළ අපරාධ සඳහා සමාව ඉල්ලා සිටියේය. ගොඩදමා තිබූ මිනිස් හිස්කබල් අභිමුඛයේ දණින් වැටුණු ඔහු කෙමරූජ්වරුන් විසින් මරාදැමූ පුද්ගලයන්ගේ ආත්මවලට සැනසීම ලැබේවායි පතන ලදී.

Tuol Sleng වධකාගාරයේ පුද්ගලයන් ඝාතනය කිරීම සිදු කෙරුණේ ඔහුට ලැබුණු නියෝග මත බව හෙතෙම පවසා තිබේ. S-21 වධකාගාරයේ රැඳවියෙක්ව සිට දිවිගලවා ගත් Chum Manh පවසන අන්දමට Duch විසින් ඔහුගේ බිළිඳු දරුවා හා බිරිඳ මරා දැමීමට නියෝග දී ඇත.

අපි යුක්තිය වෙනුවෙන් වසර 30 බලා සිටියෙමු.

Theary Seng ගේ දෙමාපියන් කෙමරුජ්වරු විසින් මරා දමන ලදී. ඉන්පසු ඇය ජීවත්වූයේ කෙමරූජ් භීෂණය සමගිනි. කෙමරූජ්වරුන්ගේ බලය පිරිහීමත් සමඟ ඇමෙරිකාවට පළාගිය ඇය දැන් නීතිඥවරියකි.

හිටපු කෙමරුජ් නායක Nuon Chea ට එරෙහිව නඩුවිභාගයේදී සාක්ෂිදුන් Theary seng කෙමරූජ් ඇයගේ ආත්මය සිඳ දැමූ අයුරු විස්තර කළාය. දැනට ජිවතුන් අතර, සිටින කෙමරුජ් ෙජ්ෂ්ඨතම නායකයා වන Nuon Chea හට එදිරිව ඇති නඩුව තවදුරටත් විභාග කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

"මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස සලකා විත්තිකරුවන්ට තමන් විසින් කළ අපරාධ වලින් ගැලවී යාමට ඉඩ නොදිය යුතුයි."යන්න අවධාරණය කළ ඇය "අපි යුක්තිය වෙනුවෙන් වසර 30 ක් බලා සිටියෙමු" යැයි අධිකරණයේදී පැවසුවාය. ඇයගේ දෙමාපියන් මරා දමන විට ඇයගේ වයස අවුරුදු 7 කි.

Tuol Sleng වධකාගාරයෙන් බේරුණු භාග්‍යවන්තයින්

සිරකරුවන් අතරින් Tuol Sleng වධකාගාරයෙන් පණපිටින් පැමිණීමට හැකිවූයේ දොළොස් දෙනෙකුට පමණි. Chim Math මෙම දොලොස් දෙනා අතර සිටි එකම කාන්තාවයි. අනෙක් සියළුමදෙනා ම පිරිමි වූහ. අත්අඩංගුවට ගනු ලැබූ Vann Nath නම් පුද්ගලයාගේ පණ රැකුණේ ඔහුට චිත්‍ර ඇඳීමට තිබුණු හැකියාව නිසාය. ඔහු පොල්පොට්ගේ චිත්‍ර ඇඳීය. එම නිසා ඔහුට චිත්‍ර ඇඳීමට ඉඩ දෙනු ලැබීය. නිදහස ලැබීමෙන් පසු Vann Nathවධකාගාරයේදී සියැසින් දුටු වධක සිද්ධීන් චිත්‍රයට නැගීය.

දෙපාවලින් එල්ලා පහරකනු ලබන මිනිසුන්, ඇඳන්වලට බැඳ තියුණු අවිවලින් ශරීර අවයම කපාදමා තිබුණු මිනිසුන්, විදුලි පහර වලට ලක්කළ මිනිසුන්, ඔහුගේ චිත්‍ර අතර වෙයි.

Tuol Sleng වධකාගාරයේ 1720 ක පිරිසක් සේවය කළහ. ඒ අතරින් 300 ක පිරිසක් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නන් (Interrogators) වූහ. වධකාගාරයේ පාළකයා වූයේ Duchසහෝදරයාය. ඔහු වෘත්තියෙන් ගණිත ගුරුවරයකු විය. පොල්පොට් සමඟ ලඟින් වැඩකළ Duch සහෝදරයා මෙහි පාළකයා වීටම සුදුසු බව පොල්පොට් තීරණය කළේය.

Tuol Sleng වධකාගාරය පිළිබඳව මුලින්ම ලොවට තතු හෙළිකරන ලද්දේ "හෝ වැන් ටායි" නැමති ඡායාරූප ශිල්පියාය. වියට්නාම් හමුදාවේ සේවය කළ ඔහු 1979 වසරේදී ටෝඋල් Sleng මස්මඩුව පිළිබඳව රහස ලොවට හෙළි කළේය.

කෙමරූජ් රජයේ බිඳවැටීමත් සමඟම මෙම වධකාගාරයේ තිබූ ලිපි ලේඛන ඡායාරූප විනාශ කරනු ලැබීම නිසා මෙහි යථා තත්වය තවමත් අනාවරණය වී නැත. 2003 වසරේ Rith Ponh නම් සිනමාවේදියා විසින් The Khmer Rouge Killing Machine නම් චිත්‍රපටය එළිදක්වනු ලැබීය. මෙම චිත්‍රපටයේ තේමාව වූයේ Tuol Sleng වධකාගාරයෙන් බේරුණු මිනිසුන් ස්වල්ප දෙනා පිළිබඳවයි.

වධකාගාරයේ චිත්‍ර ශිල්පියා

Vann Nath කුප්‍රකට S-21 වධකාගාරයේ රැඳවියන් අතරින් පණපිටින් බේරීමට සමත්වූ පුද්ගලයන් 7 දෙනාගෙන් එක් අයෙකි. තවමත් ජිවතුන් අතර සිටින ඔහු වධකාගාරයේ භිෂණය පිළිබඳ කරුණු ලොවට හෙළි කරයි.

චිත්‍ර ඇඳීමට තිබූ දක‍ෂතාවය නිසා සිරමැදිරියේ අනෙක් සිරකරුවන්ට වඩා ඔහුට විශේෂ තැනක් හිමි විය. මෙම දක‍ෂතාවය ඔහු මරණයෙන් ගැලවීමට උපකාරි විය. පොල්පොට්ගේ චිත්‍ර ඇඳීමට නියම වූ Vann Nath හට ඉන් පළායාමට හැකි වූයේ 1979 වියට්නාම් ආක්‍රමණය නිසාය. පසුව ඔහුගේ අත්දැකීම් කැටිකරගත් The Khmer Rouge Killing Machine වෘතාන්ත චිත්‍රපටය නිපදවන ලදී.

.........

Watch The Khmer Rouge Killing Machin



..........

Vann Nath විසින් අඳින ලද චිත්‍ර S-21 වධකාගාරයේ සිදුවූ බිහිසුණු සිද්ධීන් රාශියක් නිරූපනය කරයි. මෙකී චිත්‍ර අතර කුඩා බිළිදෙකු මවගෙන් උදුරාගෙන පොළොවේ ගසන කෙමරූජ් භටයන් දෙදෙනෙක්, මිනිසෙකුට පණයන තෙක් මුගුරුවලින් පහර දෙන වධකයන් බෙලි කැපූ කවන්ධ රූප, යනාදි ඇඟ කිළිපොලා යන දර්ශන තිබේ.

කෙමරූජ් භීෂණය පිළිබඳ සාක්ෂිකරුවෙකුවන Vann Nath මෙසේ කියයි. "පිට ග්‍රහලෝකවල ජීවීන් සිටීදැයි ම නිතරම මගෙන් අසමි. එසේ ජීවීන් සිටිත්නම් ඔවුන් අප මෙන් දුක් දොම්නස් වලට පාත්‍ර වෙනවාද? ඔවුන් අප මෙන් දුක් වේදනා වලට පත් නොවේ නම්, මම එවැනි ග්‍රහලොවක උපත ලැබීමට කැමැත්තෙමි. ඒ මන්දයත් කෙමරූජ්වරුන් යටතේ දුක්විඳ හා අන්‍යයන් දුක්විඳිනවා මා දැක ඇති බැවිනි."

1978 ජනවාරි 7 දින කුඹුරු වැඩ කරමින් සිටියදී ඔව්හු මා අත්අඩංගුවට ගත්හ. ඉන්පසුව මා සිහිනයකින්වත් නොසිතූ දේවල් ගැන චෝදනා කළහ. මා රහස් සංවිධානයකට අයත් සාමාජිකයෙකු බවත්, අන්කා දහම මා උල්ලංඝනය කොට ඇති බවත්, ඔව්හු කීහ. එහෙත් එම වැරදි මම රහසින්වත් කර නොතිබිණි. ඔව්හු මට විදුලි ප්‍රහාර නියම කළහ. විදුලිය මගේ ශරීරයට කාවැදෙද්දී මට දෙතුන් වරක් සිහිනැති විය.

ඉන්පසුව ඔව්හු මා S-21 Toul Sleng වධකාගාරයට ගෙන ගියහ. ඔව්හු මා තෙවන මහලේ සිරගත කළහ. මා සමඟ තවත් සිරකරුවන් පනස්දෙනෙක් සිටියහ. අපට ආහාර දෙන ලද්දේ උදෑසන අටටත්, රාත්‍රී අටටත්ය. ආහාර ලෙස දුන්නේ හාල් තේ හැඳි ස්වල්පයකින් යොදා පිළියෙළ කළ කැඳය. අපට බීමට වතුර නොදෙන ලදී. මුත්‍රා කිරීම සඳහාත්, මළපහ කිරීම සඳහාත්, දෙනු ලැබුවේ කුඩා වානේ බාල්දියකි. මුත්‍රා හෝ මළ ඉහිරුනේ නම් අදාල පුද්ගලයාට එය දිවගින් ශුද්ධ පවිත්‍ර කිරීමට නියම කෙරුණි.

මෙම නරකාදියේ මා ජිවත්වූයේ කෙසේදැයි මට නොතේරේ. මාසයකට පසුව දිනක් මෙම වධකාගාරයේ පාළක Duch අභිමුවට මා රැගෙන යන ලදී. මා චිත්‍ර ශිල්පියකු බව දැනගත් ඔහු මට පොල්පොට්ගේ විශාල චිත්‍රයක් ඇඳීමට නියම කළේය. මට පෙර ඒ කාර්යය නියම වූ සිරකරුවන් දෙදෙනෙකුගේ චිත්‍රය අසාර්ථක වූ නිසා ඔවුන් මරණයට පත් කරන ලදී. මේ චිත්‍රය ඇඳීම මගේ මරණය හෝ ජීවත්වීම තිරණය කරන බැවින් මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කළ යුතුබව මට වැටහිණි.

විශේෂ අවධානයකින් හා මහත් පරිශ්‍රමයකින් යුතුව චිත්‍රය ඇඳීමට පටන් ගතිමි. සෑම පින්සල් පහරක්ම මගේ ජීවිතය රැකදෙන වෑයමක් විය. නිරාහාරව බියෙන් හා කම්පනයෙන් යුතුව මෙවැනි සුවිසල් චිත්‍රයක් නිම කිරීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. එහෙත් එම කාර්යය මම සාර්ථකව නිම කළෙමි. මෙම චිත්‍රය මට ජීවිත දානය ලබා දුන්නේය.

Vann Nath හට නිදහස ලැබීමෙන් පසු කෞතුගාරයක් බවට පත්කළ Toul Sleng වධකාගාරයේ හෙතෙම සේවය කළේය. දැන් ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවිකාව ගෙන යයි.

Toul Sleng කෞතුකාගාරය

කෙමරූජ් ජන ඝාතනය වර්තමාන ලෝකයට පවසන සාක්ෂිය වනාහි Toul Sleng කෞතුකාගාරයයි. නොම්පෙන්හි පිහිටා ඇති මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල අතීතයේ උසස් පාසලකි. කෙමරූජ්වරු මෙම පාසල් ගොඩනැගිල්ල හිර කඳවුරක් බවට පරිවර්තනය කළෝය.

1975 සිට 1979 දක්වා පුද්ගලයන් 17000 ක් මෙහි සිරකරුවන් ලෙස රඳවා සිටි බවට සාක්ෂි තිබේ. 1980 දී මෙයින් පණපිටින් නිදහස් ලෝකයට පැමිණියේ පුද්ගලයන් හත්දෙනෙකු පමණි. උන්ඩ අරපරෙස්සම් කර ගැනීම සඳහා සිරකරුවන්ට වෙඩි තැබුවේ කලාතුරකිනි. මොට්ට ආයුධ වලින් පහර දී හෝ තියුණු ආයුධ වලින් කපා කොටා ඔවුන්ව මරා දැමීම මෙම ඝාතක ස්ථානයේ නිබඳවම සිදු කෙරිණි. ඇතැම්විට ප්ලාස්ටික් බෑග් මුහුණට දමා සිරකොට හුස්ම ගැනීම වලකා ලමින් සිරකරුවන් මරා දැමීමටද මෙහි භාවිතා වූ තව එක් මාරක ක්‍රමවේදයකි.

මෙම කෞතුකාගාරයේ සිරකරුවන් වද බන්ධනයට පත් කිරීම සඳහා යොදා ගන්නා ලද උපකරණ ප්‍රදර්ශනය කෙරේ. බාල්ක, මිනිසුන් එල්ලන කොකු, දම්වැල්, යකඩපොලූ, කඩු, පිහි, ජලටැංකි, මේවා සියල්ලන්ටම ඇත්තේ මාරක ඉතිහාසයකි.

කෞතුකාගාරය පුරා මිනී හිස් කබල් ඇට කැබලි, දක්නට තිබේ. ඇතැම් ඇටකටුවල පොරෝ පහරවල්, අස්ථී බිඳීම්, දක්නට ඇත. සමහර ඇටකටු අවුරුදු 10-12 අතර වයස් සීමා ඇති ළමුන්ගේ බව සනාථ කොට තිබීමෙන් පෙනී යන්නේ කෙමරූජ් භීෂණයේ රුදුරු බවයි.

යේල් විශ්ව විද්‍යාලය කෙමරූජ් භීෂණය අධ්‍යයන කරයි.

1994 වසරේ යේල් විශ්විද්‍යාලය විසින් CGP හෙවත් Cambodian Genocide Programme අරඹනු ලැබීය. මෙම අධ්‍යනයේ අරමුණ වූයේ පොල්පොට්ගේ ජන ඝාතනයට තුඩුදුන් හේතු කාරණා සොයා බැලීමය. එසේම ව්‍යසනයේ ප්‍රමාණය, ඒ සඳහා දායක වූවන් කවරහුද යන්න සොයා බැලීම් කෙරුණි.

චීනය පොල්පොට් පිළිගනියි

1977 වසරේ පොල්පොට් චීනයේ සංචාරයක නිරත විය. වියට්නාමයට එදිරිව යුද ආධාර ලබා දීමට චීනය පොල්පොට්ට එකඟ විය. එසේම ඔහු විසින් සිදුකරගෙන යන ආර්ථීක ක්‍රියා පිළිවෙත් චීනය අනුමත කරන ලදී. වසරකට ඩොලර් මිලියන 5 ක් වටිනා අවි චීනය විසින් පොල්පොට්ට සැපයූ බව වාර්තා වේ.

එහෙත් වියට්නාමය සමඟ සටන් උත්සන්න වූ විට පොල්පොට් චීන හමුදා පොල්පොට්ගේ සහයට එවන ලෙස ඉල්ලා සිටියද චීන බලධාරීන් ඊට එකඟ නොවූහ. පොල්පොට්ගේ පාලන යුගයේදී කම්පුචියාව අන්තර් ජාතික තහනම් වලට ලක්වූයේ නැත. රටවල් 63 ක් විසින් කම්පුචියාවේ කෙමරූජ් පාලනය පිළිගෙන තිබුණි.

පොල්පොට් හා බටහිර බලවත්තු
යේල් විශ්වවිද්‍යාලයේ දේශපාලන විශ්ලේෂකයෙක් පවසන අන්දමට ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා තායිලන්තය පොල්පොට්ට ආධාර නොකළේ නම් මෙවැනි ජන ඝාතනයක් සිදු නොවනු ඇත.

ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර නිසා ඉතිහාසයේ ක‍ෂයවී යාමට නියමිතව සිටි කෙමරූජ් වැනි අන්තවාදී දේශපාලන කණ්ඩායමකට ජනතාව ඒකරාශී කිරීමට හැකි විය. එසේම වියට්නාමයට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය කම්පුචියාවට උදව් කළහ.

මාග්‍රට් තැචර් කම්පුචියාව හැඳින්වූයේ අපගේ සතුරාගේ (වියට්නාමයේ) සතුරෙකු වශයෙනි. එම නිසා පොල්පොට්ගේ ජන ඝාතන කෙරෙහි ඔවුන් දැක්වූයේ නිහඬපිළිවෙතකි. 1989 දක්වා බ්‍රිතාන්‍යය කම්පුචියාව අරබයා සිදුකළ මැදිහත්වීම් රහසිගතය.බ්‍රිතාන්‍යය Sunday Telegraph පුවත්පතේ සයිමන් රසල් පෙන්වාදෙන අන්දමට බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකාය විසින් කෙමරූජ් භටයන්ට පුහුණුව ලබාදෙන ලදී. මෙ පුහුණුවීම් ලබාදෙන ලද්දේ තායිලන්තයේදීය. මෙම SAS පුහුණුකරුවන් අතර ෆෝක්ලන්ත යුද්ධයේ සටන් කළ වෙතරානුවන්ද සිටි බව සයිමන් රසල් වැඩි දුරටත් පවසයි.

දැනට ජනඝාතන පිළිබඳව චෝදනා ලබා තිබෙන කුප්‍රකටTa Mok මෙසේ කියයි. "මෙඩ්ලින් ඕල්බ්‍රයිට්, මාග්‍රට් තැචර්, හෙන්රි කිසිංජර්, ජිමී කාටර්, රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) කෙමරූජ් සංවිධානයට උදව් කළෝය. යම් ලෙසකින් අප වරදකරුවන් වෙයිද ඔව්හුද වරදකරුවෝ වෙති. එම නිසා මෙම අධිකරණයට ඔවුන්වද ගෙන්විය යුතුය".

ඇමෙරිකානු මැදිහත්වීම්

පොල්පොට්ගේ ජන ඝාතන ඇමෙරිකානු ක්ෂමා සංවිධානය දැන සිටියද, ඒවා නතර කිරීම සඳහා නිසි පියවර ගැනිම ඇමෙරිකාව ප්‍රමාද කළේ කරුණු කිහිපයක් නිසාවෙනි.

පොල්පොට්ගේ ආගමනය සිදුවීම සඳහා කම්පුචියාවේ ඇමෙරිකානු මැදහත්වීම එක්තරා දුරකට සහය වූ බව පෙනී යයි. 1970 දී ජනාධිපති නික්සන් සිහනුක්ගේ රජය පෙරළා දැමීමට හවුල් වීම නිසා කම්පුචියාවේ ඇති වූයේ ව්‍යාකූළ තත්වයකි. දකුණු වියට්නාම් හමුදා සහ 20,000 පමණ වූ ඇමෙරිකානු යුධ උපදේශකයන් කම්පුචියාවට ඇතුළු වූහ. ඔව්හු සිහනුක්ගේ රජය පෙරළා දමා ජෙනරල් Lon Nol බලයට ගෙන ඒමට මාන බැලුහ. මෙම අර්බුධකාරි පරිසරය කෙමරූජ්වරුන්ට හිතකර උපස්ථරයක් විය.

ඇමෙරිකානු සහය ලැබූ දකුණු වියට්නාම් හමුදා, උතුරු වියට්නාම් හමුදා, ජෙනරල් Lon Nol ගේ සහයක හමුදා, කෙමරූජ් ගරිල්ලන් සියළු දෙනා සංකීර්ණ සටනක විවිධ පාර්ශ්වකරුවෝ වූහ.

කම්පුචියාවේ උතුරු වියට්නාම් කඳවුරු විනාශ කිරීම සඳහා 1969 සිට 1973 දක්වා බෝම්බ ටොන් 532,000 ක් අත හරිනු ලැබීය. මේ නිසා ගම් පිටින් ධූලි අලූ බවට පත්වූ අතර, දස දහස් ගණනක් මරු දුටුහ. කම්පුචියාවට හෙලු බෝම්බ ප්‍රමාණය දෙවන ලෝක යුධ සමයේ ජපානයට හෙළන ලද බෝම්බ ප්‍රමාණය මෙන් තෙගුණයකි. එම නිසා විනාශයේ ප්‍රමාණය පිළිබඳව උපකල්පනයන් ලබාගත හැකිය.

නිළ නොවන වාර්තා අනුව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා මිය ගිය කම්පුචියානු මිනිසුන්ගේ ගණන 600,000 කි. ඇමෙරිකාවෙන් කම්පුචියාවට ලැබුණු ආධාර රජයේ උසස් නිලධාරීන් හා හමුදා නිලධාරීහු ගසා කෑහ.

මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකකට නිවාස තිබුණේ නැත. බෝම්බ පිපිරීම නිසා කෘෂිකර්මාන්තය ද කඩා හැලූණි. කම්පුචියාවට ව්‍යසනය ලඟාකරවන ලද්දේ නික්සන් හා ඔහුගේ උපදේශක හෙන්රි නිසින්ජර් බව ඇතැමෙක් පවසති. නික්සන්ගේ යුධ මෙහෙයුම් කම්පුචියානු සමයේ සිදු නොවුනේ නම් කෙමරුජ්වරුන්ට හිස එසවීමට තිබුණු ඉඩකඩ සීමිත බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 1970 දී සුළු අවි සහිත 5000 ක භට පිරිසකින් සමන්විත වූ කෙමරුජ්වරු 1975 අප්‍රේල් වන විට 70000 ක හමුදාවකින් බලසම්පන්න වූහ. එම නිසා ඔවුන්ට පහසුවෙන් ජෙනරාල් Lon Nol ගේ හමුදා පරාජය කිරිමට හැකි විය.

රැඩිකල් මධ්‍යම පාන්තික උගතුන්ගෙන් සමන්විත වූ කෙමරුජ් නායකත්වය අගය කළේ ප්‍රාථමික ගොවිකමේ නියැළෙන ගෝත්‍රික ජනතා ජිවන ක්‍රමයකටය. එහෙත් ඔවුන්ගේ දේශපාලන යාත්‍රාව ගමන් කළේ පැසිස්ට් මුහුදකටය.

1979 ජනවාරි මාසයේදී ඩෙන් ෂියාඕ පෙන් වොෂින්ටනයට ගියේ චීන ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. පොල්පොට් වියට්නාමය සමඟ ගැටෙනු ආශාවෙන් නැරඹූ ඇමෙරිකාව ශීත යුධ සමයේ කම්පුචියාව තම නිල නොවන මිත්‍ර රාජ්‍යයක් ලෙස සැලකීය. චීනය කෙමරුජ්වරුන්ට අවි ආයුධ ලබා දුන්නේය. මේ නිසා පොල්පොට්ගේ ජන ඝාතන වලදී ඇමෙරිකාව අනුගමනය කලේ අන්ධයාගේ භූමිකාවය.

ජනාධිපති කාටර්ගේ ජාතික ආරක‍ෂාව පිළිබඳ උපදේශක Zbigniew Brzeziìki පසු කාලීනව ඇමෙරිකාව චීනය හරහා පොල්පොට්ට උපකාර කළ බව පිළිගත්තේය.

1980 සිට රොනල්ඩ් රේගන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන අන්තර් ජාතික අධිකරණයකට ගෙන ඒමට තිබූ ඉඩකඩ වසා දැමීය. කෙමරූජ් භීෂණයට සෙසු රටවල විරොධය දැක්වීම බොහෝ සෙයින් ඇවිරුනේ ඇමෙරිකාව පොල්පොට් කෙරෙහි දැක්වූ සහනශීලි පිළිවෙත නිසාවෙනි. යම් හෙයකින් පොල්පොට් යුධ අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඇමෙරිකාවට 1969 සිට 1973 දක්වා කම්පුචියාවට ගුවනින් බෝම්බ හෙළීම පිළිබඳව කරුණු අන්තර් ජාතික ප්‍රජාවට කීමට සිදුවන බව ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යනයන් පිළිබඳ දේශකයෙකු වන ස්ටීවන් හිඩර් පවසයි.

පොල්පොට්ගේ මරණයෙන් පසු ඇමෙරිකානු මාධ්‍ය කිහිප වතාවක් හෙන්රි කිසිංජර්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් නමුදු ඔහු පොල්පොට්ගේ ජන ඝාතන පිළිබඳ ඇසූ සෑම පැනයක්ම පිළිතුරු දීම මග හැරියේය. 1980 දී ක්ෂමා සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂක ආචාර්ය රේ ක්ලැයින් හා කෙමරූජ්වරුන් අතර රහසිගත හමුවක් වාර්තා වී ඇත.

Tell a Friend
-->

කෙමරූජ් භිෂණය (2) : කාම්බෝජයේ කොමුනිස්ට් විප්ලවය

දෙවන කොටස

 "කෙමරූජ් භීෂණය සෑම දේශපාලනඥයෙකුට හා දේශපාලනයට අවතීර්ණ වීමට අදහස් කරන පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියකි. සමාජය හා ආර්ථීක ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන අන්තවාදය හෝ ආගමික මූලධර්මවාදය යොදා ගැනීම මගින් රටක අධ්‍යාත්මය කොතෙක් දුරට විනාශ කළ හැකිද යන්න කෙමරූජ් භීෂණය විසින් පෙන්වා දෙයි."

 "  ප්‍රශ්න කිරීමේදී සිරකරුවන්ගේ නියපොතු ඇඟිලි වලින් උදුරා දමන ලදී. මේ අතර වාරයේදී නියපොතු රහිත තුවාල වූ ඇඟලිවලට මධ්‍යසාර වත්කරන ලද්දේ වේදනාව උත්සන්න කරවීමටය.ඇතැමෙන් සිරකරුවන්ගේ හිස් වතුරේ එබූහ. හුස්ම ගැනීම සඳහා ඔවුන් දුබල ලෙස සටන් කළ නමුදු ඔවුන්ගේ හිස් නැවත නැවතත් වතුරේ එබීම නිසා ඔවුන් නිසල වූහ."


වෛද්‍ය රුවන් එම් ජයතුංග

මරණයේ ගොවිබිම් Cheoung Ek (Killing Fields)

Cheoung Ek (Killing Fields) වැනි මරණයේ ගොවිබිම් ලෙස හැඳින්වුණු භූමිවල මිලියන දෙකකට ආසන්න නාගරික ජනතාව බලෙන් පදිංචි කරවන ලදී. ඔවුන්ට ගොවිබිම්වල ශ්‍රමය වගුරුවන ලෙස බලකරනු ලැබූ අතර, ආහාර හිඟය, ලෙඩරෝග හා වදහිංසා නිසා මිලියන 1.7 මිය ගියහ.

මරණයේ ගොවිබිම්වලට කම්පුචියාවේ ජීවත්වූ සුළු ජාතීන්ද රැගෙන එන ලදී. මේ අතර 90,000 පමණ වූ මුස්ලිම් ගෝත්‍රික ජනයාද මරා දමන ලද බව වාර්තා වේ.

නගරයෙන් පිටමං කළ ජනතාව මරණයේ ගොවිබිම් වලට දැක්කුවේ ඇයි? මේ පිළිබඳව නොයෙක් මත තිබේ. කැමරුජ්වරු නාගරික ජනයා කෙරෙහි තිබූ වෛරය, ඊර්ෂ්‍යාව එක් හේතුවකි. තවද නගරයේ දේශපාලන කඩාකප්පල්කාර ක්‍රියා කළ හැකි නිසා නාගරිකයන් ගොවිබිම්වලට පිටමං කිරීමෙන් ඔවුන් අකර්මන්‍ය වන බවට විශ්වාස කළහ. Killing Fields හි සමූහ මිනී වලෙන් දැනට මිනිස් හිස් කබල් 8000 ක් සොයා ගෙන තිබේ. දැනට මෙම ප්‍රදේශය සංරක‍ෂිත භූමියකි. වාර්ෂිකව සංචාරකයන් දහස් ගණන් මරණයේ ගොවිබිම නැරඹීමට පැමිණෙති.

Killing Fields චිත්‍රපටය

පොල්පොට්ගේ මරණයේ ගොවිබිම පිළිබඳව වඩාත් කම්පනයක් ඇතිකළ චිත්‍රපටයක් ලෙස 1984 දී නිෂ්පාදනය කළ Killing Fields හැඳින්විය හැක. කම්පුචියානු පුවත්පත් කලාවේදියකු හා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරයෙකු අතර මිතුදහම හා කැමරුජ් ආගමනය පාදනකොට නිපදවා ඇති මෙම චිත්‍රපටය නිසා කෙමරුජ් භීෂණය පිළිබඳව යථාර්ථය ලෝකයාට දැන ගැනීමට හැකිවිය.

සිඩ්නි ෂෙන්බර්ග් නම් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවා කෙමරූජ්වරුන්ගේ ආගමනයේදි නොම්පෙන් අගනගරයේ සිරවෙයි. කෙමරුජ්වරුන්ට මැදිවූ ඔහු ඇතුළු අනෙකුත් බටහිර මාධ්‍ය වාර්තාකරුවන් දිවිගලවා ගන්නේ ඩිත්ප්‍රාන් නම් කම්පුචියානු පුවත්පත් කලාවේදියා හා භාෂා පරිවර්තකයා නිසාය.

විදේශිකයන් රටින් පිටමං කරන අතර, ඩින්ප්‍රාන් කෙමරූජ්වරුන් විසින් මරණයේ ගොවිබිමකට පිටුවහල් කරති. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඩිත්ප්‍රාන් අවසානයේදී තායිලන්තයට පලායයි. එහිදී ඔහුට යළිත් තම අමෙරිකානු මාධ්‍ය මිතුරා සිඩ්නි ෂෙන්බර්ග් හමුවෙයි.

කෙමරූජ්වරුන්ගෙන් දිවිගලවාගත් ඩිත්ප්‍රාන් අමෙරිකාවට ගිය අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙස දේශණ පවත්වන ඔහු කම්පුචියාවේ වර්තමාන පරපුර කෙමරුජ්වරුන් කරන ලද විනාශය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු බව අවධාරණය කරයි.

මරණයේ ගොවිබිම්වල ගතකළ කාලය මතක් කරන ප්‍රාන් නිරාහාරයෙන් කුඹුරුවැඩකළ, මිනිසුන් - මීයන්, හූනන්, ගොළුඛෙල්ලන්, සර්පයන්, අනුභව කළබව පවසයි. කුසගින්න නිසා ඇතැමෙකු මියගිය මිනිසුන්ගේ මෘතශරීරවල මාංශ කොටස් ආහාරයට ගත්බව පිළිගනිති. ඔහු දැනට Dith Pran Holocausl Awareness Project මගින් කෙමරුජ්වරුන්ගේ දිවිගලවාගත්, කම්පුචියානුවන්ට උපකාර කරයි.

අප්‍රේල් 17 1975


කම්පුචියාවේ අගනගරය වන Phnom Penh හි නගරවාසීන්ට එදින උත්සව දවසක් විය. දහස් ගණනින් ජයග්‍රාහි කැමරුජ් හමුදා නගරයට ඇතුළුවූහ. පාර දෙපස රැස්ව සිටි ජනයා කෙමරූජ් භටයන් පිළිගනිමින් ජයඝෝෂා පැවැත්වූහ. තමන් සාදරයෙන් පිළිගත් මේ හමුදාව තව නොබෝ දිනකින් නගරයේ ඉරණම වෙනස්කරන බව බහුතරයක් නොදැන සිටියහ.

දෙවන ලෝක යුධසමයේ බ්‍රිතාන්‍ය හමුදා භාවිතා කළ පැරණි යුධ ටැංකියක් නගර මධ්‍යයට පැමිණියේ ධූලි කුණාටුවක් නංවමිනි. යුධ ටැංකියේ කෙමරූජ් නිල ඇඳුම් ඇඳගත් භටයන් රොත්තකි. ඔවුන් අත ගිනිඅවි මෙන්ම කොඩිද තිබුණි. මේ අතර බාලවස්කාර කෙමරූජ් භටයන්ද දැකිය හැකි වීම විශේෂත්වයකි.

මග දෙපස රෑඳී සිටි ජනයා ජයග්‍රාහී හමුදාව පිළිගත්තේ උද්ධාමයෙනි. දීර්ඝ කාලයක් තිබුණු යුද්ධය නිම වී දැන් කම්පුචියාවට සාමය උදාවනු ඇතැයි ඔව්හු බලාපොරොත්තු වූහ. එහෙත් එම බලාපොරොත්තුව සිහිනයක් බව දැන සිටියේ සුළුපිරිසකි.

නගරය හිස් කිරීම

කම්පුචියානු නව පාලන පක‍ෂය විසින් ගත් නව තීරණයක් අනුව සියළුම නගරබද ජනයා ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කරන ලදී. Phnom Penh හි වීදි පිරි තිබුනේ අවතැන්වූ ජනතාවගෙනි. මිනිසුන් තම චංචල දේපල අතින්ගෙන අරමුණු රහිතව ඉදිරියට ගමන් කරන ජන ගංඟාවට එක්වූහ. ගමන් කිරීමට ශරීර ශක්තිය නොතිබුණු මහල්ලන් පවා හැරමිටි ගසමින් මෙම දීර්ඝ ගමනට එක්වූයේ නගරයේ රැඳන්නන්ට වෙඩි තබන බවට දුන් නියෝගයට බියෙනි. මිලියන දෙකකට ආසන්න ජන සංඛ්‍යාවක් පා ගමනින්ම නගරවලින් පිටමං කෙරුණි.

ජනගංගාවේ අතරමංවූ කුඩා දරුවන් තම මාපියන් සොයමින් ඒ මේ අත දිවූහ. අසරණ වූ ජනතාව කිසිවෙකුට උදව් කරනු තබා තමන්ටවත් උදව්කරගත නොහැකි තත්වයක හෙම්බත් වී සිටියහ. වෙහෙස හා කුසගින්න ඔවුන් දැවූහ. මග දෙපස රැඳී සිටි කැමරුජ් භටයන් සෙමෙන් ඇදෙන ජනතාවට පහරවල් එල්ල කළේ ඔවුන්ගේ ගමන ඉක්මන් කරවනු සඳහාය. මග දෙපස ක්ලාන්තව ඇද වැටුණු මිනිසුන්ට වෙඩි තබන ලදී. නගරයේ රහසේ රැඳී සිටි පුද්ගලයන්ට ද අත්වූයේ මේ ඉරණමයි.

සුළු ව්‍යාපාරිකයෙකු වූ මියැං ජනගංඟාවට එක්වී ඉදිරියටම ගමන් කළේය. තදබල වෙහෙස නිසා ඔහුට ගමන් කරන්නට හැකි වූයේ සෙමින්ය. එක් කැමරුජ් භටයෙන් ඔහුට තුවක්කු මිටෙන් පහර ගැසීය. පහර කෑමෙන් බියට පත් වූ ඔහු ගමන ඉක්මන් කළේය.

හිස්වූ නගරයට කඩාවැදුණු කෙමරුජ් භටයන් කඩ හා නිවාස කොල්ල කෑහ. අත්පත් කරගත් භාණ්ඩ ඔවුන්ගේ මධ්‍යස්ථාන වලට ගෙනගියේ ලොරි පුරවාගෙනය. පාරේ තැනින් තැන වැටී ඇති මළකුණු හා දඩාවතේ යන බල්ලන් හැර නාගරිකයෙකු දක්නට නොලැබිණ. අවිගත් කෙමරූජ් භටයන් නගරය මුර කළහ.

ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කළ ජනයාගෙන් දහස් ගණනක් අතර මගදී ආහාර හිඟකම, වෙහෙස, විජලනය, පාචනය වැනි තත්ව නිසා මරුමුවට පත්වූහ. Phnom Penh නගරවාසීන් සහමුලින්ම පිටමං කිරීම නිසා 2000-3000 අතර පිරිසක් මිය ගිය බව පසුකාලයක කියු සම්පෙන් ප්‍රකාශ කළේය. එහෙත් සත්‍ය සංඛ්‍යාව ඊට වැඩි ප්‍රමාණයකි. කෙමරුජ්වරු බලය අල්ලාගෙන පැය 24 ගතවීමට ප්‍රථම නගරයේ ජනතාව පිටමං කළහ. අමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා ජනතාව අගනුවරින් පිට කරන බව ඔවුන් පැවසුවද එය අසත්‍යයක් බව බොහෝ දෙනෙක් දැන සිටියහ. එහෙත් කිසිවෙක් මෙම තීරණය ගැන ප්‍රශ්න කළේ නැත. මිලියන 2.5 ක පමණ ජනතාවක් දින 5 ක් පුරා පා ගමනකින් ග්‍රාමීය ප්‍රදේශ කරා යවන ලදී. පළමු දිනයේදීම මිය ගිය ප්‍රමාණය 20,000 ක් වූහ. මෙලෙස මිය ගිය පිරිස අතර පුවත්පත් කළාවේදියෙකු වූ පොල්පොට්ගේ සහෝදරයා ක‍යය්හ ද විය.

පසු කාලයක පුවත්පත් කලාවේදියකු වූ පිලිප් ෂෝට් 1975 නොම්පෙන් නගරයේ බලහත්කාරයෙන් පිටකළ ජනයා හැසිරවූ කෙමරුජ් සොල්දාදුවෙකු හමුවී ඔහුගේ අත්දැකීම් විචාළේය. සොල්දාදුවා පැවසූ කරණු අනුව ගමන් කිරීමට නොහැකි මහළු පුද්ගලයන් මහා මාර්ගය අද්දරදී වෙඩි තබා ඝාතනය කල බව දැනගැනීමට ලැබුණි. මේ පිළිබඳව එම සොල්දාදුවාට කිසිම පශ්චාත්තාපයක් නොතිබූ බව එම මාධ්‍යවේදියා තවදුරටත් පවසයි.

අරමුණක් නොමැතිව මහාමාර්ගයේ ඇවිද යමින්


කෙමරුජ්වරු අගනුවර බලය අල්ලා ගත්විට ඔව්හු නගරවැසියන්ට නිවෙස් තුළින් එළියට එනලෙස අණ දුන්හ. අණ නොතකා නිවෙස් තුළ රැඳී සිටි පුද්ගලයන්ට වෙඩිතබා මරා දැමූහ. මෙගා ෆෝන් යන්ත්‍රවලින් සියළුම නගරවාසීන්ට නගරයෙන් පිටත්වන ලෙස දැනුම් දෙන ලදී. විදේශිකයන් පිටමං කළහ. බොහෝ විදේශිකයෝ ප්‍රංශ තානාපති කාර්යාලයේ රැකවරණය ලබාගත්හ. ඔව්හු බලා සිටියේ කොයි අවස්ථාවේ හෝ ලැබුණු ගමන් කම්පුචියාවෙන් පිටවීමටයි.

හිටපු සොල්දාදුවන්, රජයේ නිලධාරීන්, පුවත්පත් වාර්තාකරුවන්, ආදීන්ට අත්වූ ඉරණම වූයේ මරණයයි. මහා මාර්ගයට ඇද දැමූ මිනිසුන් මහජන ගංඟාව සමඟ එක්වී පෙරට ගමන් කළේ කිසිම අරමුණක් නැතිවය. ඔවුන් තුළ භීතිය නොඅඩුව තිබිණි. තමන්ගේ ඉරණම රුදුරු කෙමරූජ්වරුන්ට භාරදී මහජනයා කුසගින්නෙන්, වෙහෙසින්, පිපාසයෙන් හා භීතියෙන් ගමන් කළහ. වෙහෙස නිසා බිම ඇද වැටෙන්නන්ට යළිත් ජීවත් වීමට වාසනාව ලැබුණේ නැත.

1976 සිවු අවුරුදු සැලැස්ම

කෙමරූජ් සංවිධානය විසින් 1976 වසරේ සිවු අවුරුදු සැලැස්ම හඳුන්වා දෙන ලදී. මෙම සැලැස්මේ මුලික අරමුණ කෘෂි ආර්ථීකයක් කරා සමස්ත දේශයම ගෙනයෑමය. පොහොර හෝ දියුණු තාක්ෂණික ක්‍රම අතහැර සාම්ප්‍රදායික ක්‍රම මගින් කෘෂිකර්මය ප්‍රචලිත කිරීමට ඔව්හු තැත් කළහ. දේශයේ භුවිද්‍යාත්මක ලක‍ෂණ, පස පිළිබඳ අධ්‍යනයන් ආදී කිසිඳු කරුණක් පිළිබඳව සොයා නොබලා මෙම සැලැස්ම අසංවිධානාත්මකව එලි දක්වන ලදී. මෙම ළදරු සිව් අවුරුදු සැලැස්ම ඇති කළේ මාරක සුනාමි රැල්ලකි.

අලූත් ගමක්

බිම්මල් සමූහයක් මෙන් පොල් අතුවලින් තැනූ නිවාස සහිත අලූතින් ඉඳිකල ගම දිස්විය. කන්ඩාල් ප්‍රදේශයට අයත්වූ මෙම ප්‍රදේශය අතීතයේ සරුසාර ගොවි බිමකි. යුද්ධය හා බිමිබෝම්බ නිසා පාළුවී ගිය කුඹුරු පෙන්නුම් කළේ ශෝකාන්ත දසුනකි. කුකුල් කූඩුමෙන් තැනූ පොල්අතු නිවාස වලට නාගරික ප්‍රදේශ වලින් බලහත්කාරයෙන් ගෙන ආ පිරිස් පදිංචිකරවනු ලැබීය. පවුලේ සාමජිකයන් මියයෑම හෝ අවතැන් වීම නිසා වියෝදුක්ගිනි දරාසිටි ඔවුන් කුසගින්න හා වෙහෙස නිසා තමන්ට හිමි බිම්කඩවල වැතිරී ගිමන් ඇරියහ. ඔවුන් සැමදෙනාගේම මුහුණින් දිස් වූයේ භීතියයි. අපට කුමක් සිදුවේද යන අවිනිශ්චිතතාව සෑම පුද්ගලයෙකුගේම සිතේ ඇවිළුණු ගින්දර වූ අතර අන්‍යයන් සමඟ කතාබස් කිරීමට පවා බියගත් ඔව්හු වටපිට බැලූවේ මීළඟට කුමන හෙනයක් කඩා පාත්වේදෝ යන දෙගිඩියාවෙනි.

කෙමරූජ් භටයන් ඔවුන්ව මුර කළහ. කෙඳිරිලි හඬින් තවකෙනෙකු සමඟ කථා කිරීම වතුර හෝ කෑම ඉල්ලීම වැනි ක්‍රියා කළ පුද්ගලයන්ට තුවක්කු මිටෙන් පහරදීමට භටයෝ සූදානම්ව සිටියහ. රැස්ව සිට පිරිස අමතා කෙමරූජ් නායකයෙක් කථා කළේය. සහෝදරතුමා අංක 1 ගේ (මෙනමින් හැඳුන්වූයේ පොල්පොට්ය) නියෝගය අනුව කෘෂි ගම්මානයක් ඉඳිකිරීම සඳහා පැමිණි පිරිසට වැඩරාජකාරි පැවරෙන බවත්, එම වැඩ අනලස්ව ඉටුකළයුතු බවත්, දන්වා සිටියේය. තවදුරටත් කථාකළ ඔහු ගම්මානයේ නව නායකයන්ට අවනත නොවීම, වැඩ පැහැර හැරීම ආදිය සඳහා දඬුවම මරණය බව කීවේ රළු හඬකිනි.

තමන්ගේ පෞද්ගලික පාවිච්චියට කිසිඳු පැළයක් වැවීම තහනම් ක්‍රියාවකි. වපුරන අස්වැන්න රජයට අයත්වන නිසා නිසි කලට අස්වැන්න රජයට බාරදිය යුතුවේ. ගම්මානයෙන් පලායාමට මොහොතකටවත් නොසිතන ලෙස හෙතෙම අනතුරු ඇඟවීය. වැඩ මුරය උදෑසන හතරට ආරම්භ වන අතර, රාත්‍රී දහය තෙක් වැඩ කළ යුතුවේ. වැඩකරන්නන් සඳහා දෛනිකව ආහාර සපයනු ලැබේ. නිසිලෙස ශ්‍රමය ලබා නොදෙන්නන්ගේ ආහාරය සලාක කපා දැමීමට නව නායකයාට බලය ඇත.

අතීතිය ගැන කථා කිරීම, ප්‍රකෝපකාරී අදහස් ප්‍රචාරය කිරීම, මාධ්‍යයන්ට සවන් දීම, විදේශ භාෂාවලින් කථා කිරීම, තදබල දඬුවම් වලට යටත් කෙරේ. පිරිස ඔහුට සවන් දුන්නේ භිතිය, සැකය, හා පිළිකුල වැනි සඟවාගත් ආවේග මතිනි. ඔවුන්ට අළුත් ජීවිතයක් කැමරුජ්වරුන් විසින් ලබා දී තිබේ. මෙම ජීවිතයට කෙසේ හෝ පුරුදු විය යුතුයි. නැතහොත් භූමියට පොහොර විය යුතුයි.

සෑම පවුල් 10-15 අතර සංඛ්‍යාවක් සභාපතිවරයෙකු යටතේ ශ්‍රමය කැප කළහ. උදේ හතරේ සිට රාත්‍රී 10 දක්වා වැඩකළ යුතුව තිබූ අතර, දින දහයකට වරක් විවේක දිනයක් ලැබිණ. වැඩකරන අතරතුර කෙමරූජ් නායකයන්ගේ දේශන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇසීමට සලස්වන ලදී.

මේ භීතිය රජ කරන යුගයයි.

කෙමරූජ් පාලන කාලය තුළදී ජනතාවට භිතිය කාවද්දන ලදී. නිරන්තරයෙන්ම අභ්‍යන්තර හා බාහිර සතුරන් පිළිබඳව පුන පුනා පවසනු ලැබීය. සතුරන් විනාශ කිරීම ජනතා ජයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

කෙමරූජ් නායකයන් තුළ නිරන්තරයෙන් තිබූ භීතිය හා සැකය ජනතාව තුළටද සම්ප්‍රේෂණය කරනු ලැබීය. අදිසි සතුරන් පිළිබඳව සියළු දෙනාම විමසිලිමත් වූ නමුදු කල්යෑමේදී මුළු රටම එකිනෙකාට සතුරු යැයි උපකල්පනය කළ හැකි මට්ටමට සැකය වර්ධනය විය. එබැවින් සුළු හේතූන් නිසා වුවද මිනිසුන් මරා දැමීම නොනවත්වාම සිදු කෙරිණි. නිබඳවම සතුරන් සෙවීම කෙමරූජ් සංවිධානයේ දෛනික රාජකාරියක් විය. සතුරන් පිළිබඳ මායාවට මුලාවූ ඔවුන් එකිනෙකාට චෝදනා කළහ.

බලෙන් කුඹුරට ඇද දැමූ ලක‍ෂ සංඛ්‍යාත ජනයා තමන්ගේ ඉරණම භාරදෙනු ලැබුවේ ගොරතර සංවිධානයකටය. ඔවුන් විසින් සාමූහික භීතියක් ජනතාව තුළ ඇති කරන ලදී. සෑම පැයකටම, සෑම මිනිත්තුවකටම භීතිය ඔවුන්ගේ ජීවිතවලට බද්ධව පැවතුනි.

බලය අහිමිවූ පසු කාලයක පොල්පොට්ගේ ප්‍රබල සහායකයෙකුවූ කියුසම්පන් මෙසේ කීවේ. "කෙමරූජ්වරු කරන ලද එකම වැරැද්ද වූයේ තවත් වැඩිපුර මිනිසුන් තොගයක් නොමැරීමයි. කෙමරූජ්වරුන්ට මීට වඩා ඝාතන කිරීමට අවස්ථා තිබුණි. එසේ කළේ නම් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කම්පුචියාවට එනවිට ඔවුන්ව සාදරයෙන් පිළිගන්නට ජනතාව ඉතිරි නොවනු ඇත."

Duch හෙවත් වධකාගාර පාළකයා

Duch යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ කෙං ගෙක් ඉව් S-21 වධකාගාරයේ පාළකයා විය. ඔහුගේ නියම නම Kang Kech Eav වූ අතර වෘත්තියෙන් ගණිත ගුරුවරයෙකි. කෙමරුජ්වරු බලයට පැමිණීමත් සමඟ පාසලක් වූ Tuol Sleng ආයතනය වධකාගාරය බවට පරිවර්තනය කරන ලදී. මෙම වධකාගාරයේ ඔහුගේ පාළන සමයේදී පුද්ගලයන් රාශියක් මරා දැමුණු අතර මෙම වධකාගාරයෙන් ගැලවුනේ අතලොස්සකි. කෙමරුජ්වරුන්ගේ පරාජයත් සමඟම 1990 දී ඔහුව අත්අඩංගුවට ගෙන යුධ අපරාධ සඳහා චෝදනා ගොනු කරන ලදී. එළිසඛෙත් බේකර් පවසන අන්දමට Duch S-21 වධකාගාරයේ රැඳවියන්ට කිසිඳු අනුකම්පාවක් දැක්වූයේ නැත. ඔහුගේ නියමව පරිදි සිරකරුවන් වධකාගාරයට ගෙන ආ විගසම වධයට ලක් කරද්දී ද හා සිරකරුවන් මිය යමින් සිටිය දී ද ඡායාරූප ගත කළේය.

ඔහු ඝාතන දින නියම කරන ලදී. එක් දිනක වදකරුවන්ගේ ළමුන් ය. අනෙක් දින භාර්යාවන්ය. මෙලෙස ම්ලේඡ වධක දින නියම කිරීමේ උන්මාදයෙන් ඔහු පෙළුනේය.

S-21 වධකාගාරයේ පාලක Duch හට මිනිසුන් වධයට ලක් කිරීමටත්, මරා දැමීමටත් තිබුනේ නොමඳ ආශාවකි.

අතීතය පිළිබඳ පාපොච්චාරණය කරනු

මහජනතාව විප්ලවයට පෙර තමන් කළ, කියූ දෑ පිළිබඳව මහා රැස්විම් වලදී එලිදරව් කරන ලෙස කෙමරුජ්වරු ඔවුන්ට බල කළහ. විශාල රැස්වීම් වලදී ප්‍රසිද්ධියේ පාපොච්ඡාරණය කිරීමට මිනිසුන්ට සිදුවිය. විදේශිකයන් හමුවීම, වෙළඳ ගණුදෙනුවල යෙදීම්, විශේෂ වෘත්තීන්වල නිතරවීම, මෙවැනි දෑ භයානක අපරාධ ලෙස ලැයිස්තු ගතකර තිබිණි. පාපොච්චාරණය කරන්නන්ට සමාව දෙන බව කීවද ඔවුන්ට සමාවක් ලැබුණේ නැත. ලැබුණේ මරණය පමණකි.

කුණුවූ සියල්ල කපා ඉවත් කළ යුතුය.
කෙමරුජ් සංවිධානය විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වඩා එකවර ඒකරාශී වීම තහනම් කරන ලදී. නිරන්තර සැකය නිසා දිනපතා දහස් ගණන් පිරිස් ඝාතනයට ලක් වූහ. ඒ අතර බලයෙන් පහකළ කෙමරුජ් ප්‍රාදේශීය නායකයන් ද වූහ.

දේහය කුණුවීමට ප්‍රථම කුණුවූ කොටස කපා ඉවත් කළයුතු බව කෙමරුජ් නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, සංවිධානයට ද්‍රෝහිවූ බවට නාමික සැකය නිසා වුවද මිනිසුන් නිසල කරන ලදී.

"යේල් සරසවිය" විසින් සිදුකල අධ්‍යනයක් අනුව කෙමරුජ්වරුන් විසින් මරා දමන ලද සංඛ්‍යාව මිලියන 1.7 කි ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ දත්ත අනුව එය මිලියන 1.4 කි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස අනුව එය මිලියන 1.2 කි. එහෙත් සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත අගයන් නොමැත. ඊට හේතුව සිහනුක්ගේ කාලයේ සිට රටේ පැවති අවුල් වියවුල්, ගුවන් ප්‍රහාර, ජනයා අවතැන්වීම වැනි තත්වයන් නිසා නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති වීමය.

සමාජය තුළ කුණුවී වැගිරෙන දෑ අතර, පූජකයන්, වෛද්‍යවරුන්, නීතීඥයන්, ගුරුවරුන් වැනි කොටස්ද වූහ. කෙනෙකුට සැඟවිය ලැබිය හැකි වූයේ කලාතුරකිනි. බොහෝ දෙනෙකු තම ඉරණම ගොරතර කෙමරූජ්වරුන්ට බාර දුන්හ.

වධ බන්ධනයට ලක්කළ මිනිසුන්

කෙමරූජ්වරු ජනතා සතුරන්, පන්ති විරුද්ධවාදීන්, ඔත්තුකරුවන්, ප්‍රතිවිප්ලවවාදීන් ලෙස නම්කොට මිනිසුන් දස දහස් ගණන් වධබන්ධනයට ලක්කොට මරාදැමූහ. ඔව්හු වධබන්ධන සඳහා විවිධ ක්‍රම යොදාගත්හ. පිහිවලින් ශරීරයේ අවයව කැපීම, ශරීර කපා වෙන්කිරීම, මියයන තෙක් හුස්ම හිර කිරීම, අසූචි හා මුත්‍රා අනුභව කිරිමට හා පානය කිරීමට බලකිරීම, කකුල් දෙකෙන් එල්ලා තැබීම, දීර්ඝකාලයක් එලිමහනේ වැඩවල යෙදවීම, වැනි අමානුෂික ක්‍රියා වාර්තා වී තිබේ.

ප්‍රශ්න කිරීමේදී සිරකරුවන්ගේ නියපොතු ඇඟිලි වලින් උදුරා දමන ලදී. මේ අතර වාරයේදී නියපොතු රහිත තුවාල වූ ඇඟලිවලට මධ්‍යසාර වත්කරන ලද්දේ වේදනාව උත්සන්න කරවීමටය.

ඇතැමෙන් සිරකරුවන්ගේ හිස් වතුරේ එබූහ. හුස්ම ගැනීම සඳහා ඔවුන් දුබල ලෙස සටන් කළ නමුදු ඔවුන්ගේ හිස් නැවත නැවතත් වතුරේ එබීම නිසා ඔවුන් නිසල වූහ.

මරාදැමීමට නියමවූ සිරකරුවන්ට තමන්ගේ මිනීවල තමන් අතින්ම සෑරීමට නියමිතව තිබුණි. ඇතැමෙක් ගෙළ දක්වා පොළොවේ වළලා හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබන ලදී. 1997 ජුනි 30 දින නිවුස් වීක් සඟරාවේ පළමු ලිපියකට අනුව කෙමරූජ් සංවිධානය මගින් කෙලින්ම ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100,000 කි. Jean Äcouture විසින් ලියන ලද Cambodia year zero කෘතිය මගින් පෙන්වා දෙන අන්දමට කෙමරූජ් නායකයන් ඔවුන් ප්‍රතිවිප්ලවවාදීන් හා ජනතා සතුරන් මිලියන දෙකක් මරාදැමූ බවට වහසිබස් දොඩා තිබේ. ජනයා විශාල ප්‍රමානයන් වක්‍රාකාරයෙන් ඝාතනය කළ බව සත්‍යයකි.

1979 වනවිට ග්‍රාමීය ජනයාගෙන් 15% ද නාගරික ජනයාගෙන් 25% ක් ද විනාශකර දැමීමට කෙමරුජ් සංවිධානයේ මාරක යන්ත්‍රය සමත් විය. මරා නොදමා සිරකරුවන් බවට පත්කළ පිරිස්වල ඉරණම වඩාත් භයාංකර විය. සිරකරුවන් සතුන් මෙන් මඩගොඩේ ගාල්කර තිබුණි. එකිනෙකා හා කථා කිරීම තහනම් විය. ඔවුන් නිදාගත්තේ සිමෙන්ති පොළොවේය. කොට්ට, මෙට්ට, මදුරුදැල් පේනතෙක් මානයක නොවීය. සුළු කරුණකදී වුවද ඔවුන්ට දැඩිලෙස පහරදෙනු ලැබීය.

ඔවුන්ට ආහාරලෙස නිසරු හාල් කැඳ ස්වල්පයක් පමණක් ලැබුණි. බීමට වතුර පවා ලැබුණේ දිනකට වරක් හෝ දෙකකි. වතුර ඉල්ලීම නිසා බොහෝ සිරකරුවෝ රැකවලූන්ගෙන් පහර කෑහ. ප්‍රශ්න කිරීම්වලිදී අභූත චෝදනා සිරකරුවන්ට ඉදිරිපත් කරන ලදී. ප්‍රතිවිප්ලවවාදී ක්‍රියා රජයේ ප්‍රතිපත්ති විවේචනය, ඔත්තු බැලීම වැනි බොරු චෝදනා මේ අතර සුලබ විය. සිරකරුවන් චෝදනා පිළිගන්නා තෙක් ඔවුන් දරුණු වධහිංසා වලට පත්කරන ලදී.

චෝදනා පිළිගත් පසු තමා සමඟ එක්වී ක්‍රියා කරන ලද සහායකයන්ගේ නම් හෙලිකිරීමට බලකර අතර, වධබන්ධනවලින් බේරීම සඳහා සිරකරුවෝ තම මිතුරන්ගේ, ඥාතීන්ගේ අසල්වැසියන්ගේ නම් පවා ඉදිරිපත් කළහ. සිරකරුවන් පැවසූ සෑම නමක් හා ලිපිනයන් සටහන් කරගෙන ඉන්පසු එම පුද්ගලයන් දඩයම් කිරීම ඇරඹිනි.

හෙන්රි ලොකාර්ඩ් කෙමරුජ් වධකාගාර පිළිබඳව ගවේෂණය කළ විද්වතෙකි. ඔහු පවසන අන්දමට S-21 ලෙස හැඳින්වූ Toul Sleng වධකාගාරය වැනි වධකාගාර 150 කට ආසන්න සංඛ්‍යාවක් කම්පුචියාවේ තිබුණි. S-1 වධකාගාරයේ රඳවාසිටි සිරකරුවන්ගේ සංඛ්‍යාව මෙසේය.

1976-2250
1977-2330
1978-5765

මෙම වධකාගාරයේ ළමුන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමන ලදී. බොහෝවිට ළමුන් මරා දමන ලද්දේ කකුල් දෙකෙන් අල්ලා හිස බිත්තියේ ගැසීමෙනි. S-1 වධකාගාරයේ පමණක් පුද්ගලයන් 20,000 ක් මරාදමන ලදී.

NU Nim ගේ පාපොච්චාරණය

වධයට ලක්කිරීම නිසා NU Nim ඔහුට එදිරිව කළ සියළු චෝදනා වලට වරදකරු බව පවසන ලදී. ඔහු තමා සිහිනෙන්වත් නොසිතූ හා නොකළ වැරදි ලැයිස්තුවක් කියාගෙන ගියේය. මේ අතර කෙමරුජ් සංවිධානයට ද්‍රෝහි වීම, ඔත්තු බැලීම, විදේශිකයන් හා සබඳතා පැවැත්වීම වැනි බරපතල වැරදිද විය. අතරමගදී ඔහුගේ පීඩකයන් ඔහුට අසූචි කැවීය. මුත්‍රා පෙවීය. මුත්‍රා පානය කිරීමට කට අරින තෙක් පොලූ පහර දුන්හ. ඉක්බිතිව ඔහුට මෙසේ කීමට බල කරන ලදී.

මා මිනිසෙකු නොවේ
මම නිරි සතෙකි
මා මිනිසෙකු නොවේ
මගේ නම NU Nim නොවේ
මා සිව්පාවෙකි.

මොවුන් කුඹුරට දක්කනු. වැඩ කිරීමට නොහැකි උන් පොහොර කරනු.

කඩමාළුවී ගිය, කළු ගැමි ඇඳුම් වලින් සැරසුන දුක්බර මුහුණු සහිත කණ්ඩායමක් මොරසූරන වැස්සේ අගලක් කපමින් සිටියහ. දුෂ්පෝෂනයට ලක්වූ ශරීරකූඩු මෙවැනි බරපතල වැඩක් කරන්නේ කෙසේද? යැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් එය නිදහසට කරුණක් නොවේ. හාමතින් සහ දැඩි ශීතෙන් පීඩා විඳිමින් ඔවුන් තම කාරිය කරගෙන ගියේ මොහොතකටවත් විවේකයක් නොගනිමිනි. ඔවුන්ගේ මුහුණු වලින් දිස්වූයේ මිනිස් සිතකට හා කයකට දැරිය නොහැකි පීඩා නිසා විඳවන දුක් ගිනිය. එහෙත් ආයාචනා හෝ ඇවිටිලි බල රහිතබව ඔව්හු දැන සිටියහ. එම නිසා නා කපන වැසසේ, සීතලේ වෙවුලමින් ඔව්හු තම කාරිය කරගෙන ගියහ.

මඩේ එරී ඇති ඔවුන්ගේ දෙපා රිදුම් කන්නට විය. දුබල අත්වලින් එසවෙන උදළු මඩ සහිත පොළොවේ වදින්නේ බොල් හඬක් නංවමිනි. ඉරී ඇති කළු කලිසම්වල මඩ පහරවල් දක්නට තිබේ. ඇතැමෙකුගේ උඩුකය නිරුවත්ය. මඩ ගොහොරුවක දඟලන පනුවන් මෙන් ඔවුන් මෙම දුෂ්කර කාර්යය කරගෙන ගියේ රහසින් තම රැකවළුන් දෙස බලමිනි. එහෙත් එක එල්ලේ රැකවලූන් දෙස බැලීමට ආත්ම ශක්තියක් නොතිබුණු ඔවුන් තම පීඩකයන් නිරීක‍ෂණය කළේ යට දෑසිනි. එසේම තමන් ඔවුන්ව නිරීක‍ෂණය කරන බවට හැඟීමක් හෝ ලබා නොදීමට ඔව්හු වගා බලා ගත්හ. එම නිසා ඔවුන් රැකවළුන් දෙන බැලූවේ උදළුකෙටිය ඔසවන ගමන් වපරැසිනි. මෙම නිරීක‍ෂණය තත්පර දෙක තුනකට වඩා දීර්ඝ නොවීය. රැකවළුන් ඇඳසිටියේද කළු පැහැති ඇඳුම්ය. කළුදිග කලිසම, කළු කමිසය හා රතු තිත් සහිත මෆ්ලර් නිසා ඔව්හු ශ්‍රමය වගුරුවන්නන්ගෙන් වෙනස් වූහ. එසේම ඔවුන්ගේ දෙපා ආවරනය වූයේ සෙරෙප්පු වලිනි. ඔවුන් අතරෙන් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රියාකළ රැකවලා වැඩි වයසක් නොපෙනෙන තරුණයෙකි. රැකවළුන් අතරින් වැඩිමලා වූ ඔහු හිටපු ගරිල්ලා භටයෙකි. ඔහු වැඩකරන මිනිසුන් දෙස බැලූවේ ප්‍රිය නොඋපදවන, සතුරු බැල්මකිනි.

"මී හරකා" ඔහු ආමන්ත්‍රනය කළේ වැඩකරමින් සිටි වයෝවෘධ තැනැත්තාටය. "තෝ, අගල කපනවද? නැත්තං වැස්සේ නානවද?"

මහල්ලා නපුරු රැකවලා දෙස බැලූවේ භීතිය මුසු අනුකම්පාව ඉල්ලන බැල්මකිනි. එහෙත් අනෙක් ශ්‍රමිකයන් තම වැඩය පෙර පරිදි බිය මුසුව කරගෙන ගියහ.

"මෙහෙ වර බැල්ලිගෙ පුතා"

භටයා වයස්ගත මහල්ලාට ඔවුන් රැඳී සිටි මඩුව වෙත එන ලෙස අණ කළේය. එක් අතකින් උදැල්ල හා අනෙක් අතින් හිස්වැස්ම සකස් කරමින් මහල්ලා රැකවළුන් වැස්සෙන් ආරක‍ෂාවීමට රැඳී සිටි මඩුව වෙත ගියේ දෙවියන් යදිමින් තොල්මතුරමිනි. "මේ බලපිය, තෝ විප්ලවයට පෙර වැඩ කළේ කොහේද?"

මහල්ලා ගොත ගැසීය.

"මී හරකා තෝ මට බොරු කිව්වොත් මම තොගේ දිව කපනවා" මෙසේ කියමින් භටයා මුවහත් පිහියක් අතට ගත්තේය. මහල්ලා දණින් වැටුනි. "මම හිටපු කම්කරුවෙක්. මම කම්කරුවෙක්. මම නූගත් කම්කරුවෙක්. මම කෙමරූජ්වරුන්ට උදවු කරලා තියෙනවා" ඔහු ගාථාවක් කියන්නාක් මෙන් දෙඩවීය.

"බල්ලා, තෝ බොරු කියන්නේ, තෝ වැඩ කලේ විශ්වවිද්‍යාලයේ, තොට අකුරු කියවන්න පුළුවන්. තෝ මට බොරු කරන්නද හදන්නේ. නැගිටපිය පරයා" මෙසේ කියමින් තරුණ රැකවලා මහල්ලාගේ ඉලඇටවලට පයින් ඇන්නේය.

කෙට්ටු කටු ගොඩක් වැනි මහල්ලා මඩ ගොඩේ මුණින් අතටය. ඔහුගේ මුහුණෙන් හා හිසකේ වල මඩ තැවරී තිබිණ. යළි ඉල ඇටවලට පයින් අනිනු ඇතැයි බියවූ මහල්ලා අසීරුවෙන් නැගිට්ටේය.

"මම අකුරු දන්නේ නෑ. මම කම්කරුවෙක්."

මහල්ලාට කීමට හැකිවූයේ මෙපමණකි. කෙමරුජ් භටයා මහල්ලාගේ මුහුණට දුන් පහරින් හෙතෙම යළි බිම වැටුණි. මෙවර මහල්ලාගේ තොල් පුපුරා ගේ ගලන්නට විය.

"මී හරහා, තෝ දන්නේ විශ්වවද්‍යාල වල පහරන්න විතරයි. තෝ මකුණෙක්, ජනතාවගේ ලේ උරා බොන ඉනිකුණෙක්. තොට උදැල්ලක් අරගන වැඩකරන්න දන්නේ නෑ. බොරුවට මඩ ගාගන්නවා." කෝපයෙන් වියරු වැටී සිටි කෙමරුජ් භටයා මහල්ලාගේ පපුව පාගන්නට විය. මහල්ලා හුස්ම ගත්තේ අසීරුවෙනි. ඔහු කුමක්දෝ තොල්මැතිරීය. එහෙත් එය කෙඳිරියක් බඳුය.

"මෙහෙ බලපිය පරබල්ලනි,"මෙවර භටයා ආමන්ත්‍රණය කළේ වැඩකරමින් සිටි මිනිස් කණ්ඩායමටය. විස්සක් පමණ වූ පිරිස මොහොතකට උදළුතල බිම තබා කෙමරුජ් භටයා දෙස බැලුහ. "තොපිට තාම අගල කපාගන්න බැරි උනාද?

"තොපි මීහරක්, බලපිය මේ උගතා ඌට උදැල්ල පුරුදු නෑ. මූ කම්පුචියාවට බරක්. මම මූව පොහොර කරනවා. මුගේ ශරීර කූඩුව වී පැළ උරාගත්තාවේ. තොපි හැමෝම මේ අගලේ දමලා පස් ගහනවා. හිටපිය තොපිට"මෙසේ කියමින් තරුණ භටයා ගලක් අතට ගෙන පිරිස වෙත දමා ගැසීය. සියළුම දෙනා එකවර කථාකර ගත්තාක් මෙන් හිස් පාත්කර ගත්හ. එහෙත් පිරිසේ වූ අවාසනාවන්ත ශ්‍රමිකයාගේ නළලේ ගල වැදිනි.

"බලපිය ශරීර හොරුන්ට අපි කරන දේ" සෙබලා තම සහකයන් දෙදෙනෙකුට ඉදිරියට එන ලෙස නියෝග කළේය. කළු කලිසම් හා කළු කමිසය ඇඳ, රතු තිත් සහිත මෆ්ලර් දමා සිටි අවුරුදු දොළහේ පමණ කොළු ගැටව් දෙදෙනෙකු පොලූ දෙකක් ගෙන මහල්ලා වෙත ලංවූහ.

"මූව පොහොර කරපන්" ඔහු ළමා සොල්දාදුවන්ට නියෝගයක් දුන්නේය. එම විධානයත් සමඟම ළමුන් දෙදෙනා මහල්ලාගේ හිසට පොලූවලින් තඩිබාන්නට වූහ. මහල්ලා වේදනාවෙන් දැඟලීය. මඩගොඩේ වැටී දඟලන මහල්ලාගේ හිසෙන් ගලන ලේ කළු පැහැයක් ගත්තේය. තමන්ගේ දරුවන්ගේ දරුවන් බඳුවූ වධකයන්ගේ පහර නිසා ඔහු අසරණව වැද හොත්තේය. මේ අතර ළමුන් දෙදෙනා තරගයට මෙන් මහල්ලාගේ හිසට පොලූ පහර දෙන්නට වූහ. මැටි කළයකට පොල්ලෙන් ගසන විට එන හඬ වැනි හඬක් නිකුත් වූ අතර සෑම පහර කෑමකදීම මහල්ලාගේ මුවින් කෙඳිරියක් පිටවිය.

මඩේ එරී අගල කපමින් සිටි පිරිස භීතියට හා ශෝකයට පත්ව අසරණව මේ බිහිසුණු දර්ශනය දෙස බලා සිටියහ. ඇතැමෙකුට මෙම බිහිසුණු ජවනිකාව දැක තමන් සිහිසුන්ව වීමට යන්නාක් මෙන් දැනිනි. ඔව්හු තම දෑස් වසාගෙන පපුව ඇතුලෙන් පිළිස්සෙමින් සිටියහ. එහෙත් මේ දෙස නොබැලීමෙන් තමන් රැකවලූන්ගේ උදහසට ගොදුරුවේදැයි බියෙන් සැලිනි. ඒ සමඟම රැකවලූන්ට පෙනෙන ලෙස ඒ දෙස බැලීමටද අමතක නොකළහ.

ළමා සෙබලූන්ගේ පොලූපහර නිසා මහල්ලාගේ හිස කුඩුපට්ටවම් වී මොළයේ කැබලි එළියට පැන්නේය. රුධිරය ද ගලායමින් තිබිණි. මහල්ලාගේ පණ නිරුද්ධ වූ දේහය ඔව්හු මඩේ ඔබා ඊට කෙළ ගැසූහ.

"වල්ඌරනි, වැඩ කරව්"යනුවෙන් කෙමරුජ් භටයා දුන් විධානය අනුව යළිත් උදළු ඔසවාගත් පිරිස තවදුරටත් අගල් කැපූහ. ඔව්හු වැඩකලා මිස කිසිවෙකු තම කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මුහුණ දෙස නොබැලීමට වගබලා ගත්හ.

වැස්ස නොකඩවා ඇද හැළුනි. තෙත බරිතවූ පිරිස වැස්සට තෙමෙමින්, පස් ඉවත් කරමින් අගල කැපූහ. පස් කණ්ඩි තෙත නිසා අගල කපන විට දෙපස කන්ඩිවල පස් නැවත අගලට වැටෙයි. එම නිසා ඔවුන්ගේ ශ්‍රමය අපතේ ගියේය. රැකවලූන්ගෙන් පහර කෑමට ඇති බිය නිසා ඔවුන් නිහඬව යළි පස් ඉවතට ගෙන අගල සකස් කළහ.

කණ්ඩායම සෙමෙන් වැඩකරන බවට චෝදනා කළ රැකවල් නායකයා ඔවුන්ට දහවල් ආහාරය දුන්නේ නැත. මේ නිසා හාමතින් පෙළෙමින් ඉතා අමාරුවෙන් මඩගොඩේ තම ශ්‍රමය මුදාහැරියේය. ක්ලාන්ත ගතිය දැනුනද තම ශරීර සිරස්ව තබා ගැනීමට හැකි උපරිම වෑයම ගත්හ. ක්ලාන්ත වන්නන් පසට පොහොර කිරීමට යක‍ෂයන් මෙන් රැකවලූන් බලා සිටින නිසා ඔව්හු උදළු මතට බරවෙමින් හෝ සිරුර නොවැටී තබා ගැනීමට උත්සාහ කළෝය.

වැස්සෙන් බේරීමට මඩුව ඇතුළේ සිටි රැකවළුන් පස්දෙනා දිවා ආහාරයට සූදානම් වූ අතර වරින් වර වැඩකරන කණ්ඩායම දෙස නෙත් හෙළීමට අමතක නොකළහ.

කාන්තා සෙබලියක විසින් බයිසිකලයේ පිටුපස ලෑල්ලකට තබා බැඳගෙන ආ මුට්ටි ප්‍රවේශමෙන් මඩුව තුළට ගන්නා ලදී. පිඟන් වෙනුවට තිබුණේ ඛෙලෙක් තැටිය. බත් හා දුඹුරුවන් හොද්දක් බේදාගත් ඔව්හු ශබ්ද නගමින් ආහාර ගත්හ. ඔවුන් ආහාරගත් මඩුවට යාබද මැටි පසේ අඩක්වැලලී ගිය මහල්ලාගේ මෘත දේහය කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය. මහල්ලාගේ ලේ හා මොළයේ කොටස් දැන් මඩ පසේ දක්නට නැත. නිරන්තරයෙන්ම ඇද හැළුන, වර්ෂාව විසින් මිනිස් ද්‍රව පටක වැසි ජලයේ දියකර හැරිනි.

මළසිරුරේ පිට හා හිසේ කොටස් බාහිරයට දිස්වෙයි. තුවාල වී ඇති හිසේ අතරින් පතර සුදු හිසකේ දක්නට තිබේ. මළ සිරුර මඩේ ඔබා ඇති නිසා මහල්ලාගේ නෙත් ඇරී තිබේදැයි කිසිවෙකු නොදනියි. ඔහුගේ කළු හිස් වැස්ම පමණක් වැසිදියේ පාවෙමින් තිබේ.

රැකවලූන් දිවා ආහාරය ගත්තේ ජ්‍යෙෂ්ඨ භටයාට සවන් දෙමිනි. අතරින් පතර වල්ඌරන්, මීහරක්, ප්‍රතිගාමීන්, යන වචන ඔහුගේ මුවෙන් පිට වෙයි.

ශ්‍රම කණ්ඩායම මුළු සවස් වරුවම වැඩ කළේය. එහෙත් තවමත් අගල කපා අවසන් නැත. කුසට ආහාර නොමැති විට ශක්තිය වැය කරන්නේ කෙසේද? මෙම සරල සමීකරණය කෙමරුජ්වරුන්ට නොතේරුනද එය ප්‍රායෝගිකව පහදා දීම වනාහි මරණයට විවෘත ආරාධනයකි.

එහෙත් බිය හා සන්ත්‍රාසය එක්වූ විට මිනිස් ශරීරය යාන්ත්‍රික ශරීරයක් බවට පත්වේ. වෙහෙස, කුසගිනි, නොදැනෙන මෙම කයට කාලය, අවකාශය, පිළිබඳව ඇති වැටහීම කෙමෙන් පහවී යයි. ඒකාකාරව බොල්හඬ නගමින් උදළු වලින් අගල කපාගෙන ගිය ඔවුන් රාත්‍රී දහය වන විට ශරීර ශක්තිය පිරිහීගිය හෙවනැළි බවට පත්වී සිටියද සිය කාර්යය නොකඩවා කරගෙන ගියහ.

ඔවුනට රාත්‍රි ආහාරය හා විවේකය ලැබිණි. හාල් ස්වල්පයක් දමා පිසින ලද කැඳ කෝප්පය ඔව්හු උගුරට දෙකට අවසන් කළහ. බඩගිනි ඉවසාගනු නොහැකිව ඇතැමෙක් අඳුරට මුවාවී වැස්සට පෙඟී ගිය කොළ හා දළු අමුවෙන්ම කටේ දමාගෙන ගිල්ලේ රැකවළුන්ට රහසිනි. පිරිහී ගිය ශක්තිය ඇති සිහින් උස් පුද්ගලයෙකු ගසකට හේත්තු විය. ඔහු මැදිවියේ සිටියද මුහුණ මහල්ලෙකුගේ මෙනි. ඊට හේතුව විය හැක්කේ නීරක්තයයි. සමට යටින් ඇති මේද පටක දියවී ගොස් තිබූ නිසා ඔහුගේ හකුඇට නෙරා තිබුණි. එහෙත් දෙනෙත් ගැඹුරුය. ඔහුගේ ඉතිහාසය කිසිවෙකු නොදනී. ඔහු කඳවුරේ සිටියේ අකුරු ලිවීමට හා කියවීමට නොහැක්කකු විලසිනි. දහවල කෲරලෙස වදදී මරා දැමුවේ ඔහු සමඟ නොන්පෙන් විශ්වවිද්‍යාලයේ සිටි කථීකාචාර්යවරයෙකි. තමාගේ ඉතිහාසය එළිදරව් විය හැකි නිසා ඔහු සිටියේ නිරන්තර සැකයෙනි. එක එල්ලේ අන් අයකුගේ දෙනෙත් දෙස බැලීමට ඔහු බියවිය. නිතරම හිස පහත් කොටගෙන සිටි ඔහු දුටුවේ තමාට අඩි කීපයක් ඈතින් සිටි පුද්ගලයන් පමණකි.

වෙහෙස නිසා ඔහුගේ නෙත් පියවෙයි. නොදැනුවත්මව ඔහුට ප්‍රංශ ගායිකා එතුවාල්ගේ දුක්මුසු ගීතයක් සිහියට නැගිනි. පෙරදාමෙන් දුක්මුසු ප්‍රංශ ගිතය ඔහු මිමිනීය. එහෙත් මොහොතක් තුළදී ඔහුට පියවි සිහිය ආවේ. තම ගීතය යම් අයෙකුගේ අවධානයට යොමු වූයේද යන්නට බියගත් ඔහු දකුණු අතින් මුඛය වසාගත්තේ තවදුරටත් මුවින් හඬක් පිට නොවීම සඳහා ය.

ඔහු අසල සිටි තරුණයා මැලේරියා උණෙන් පීඩා වින්දේය. "මාමේ, මට බෑ තවත් දුක් විඳින්න. මට මියයාම සැපතක්." ඔහු කෙඳිරීය. මැදිවයසේ පුරුෂයා ඈතින් සිටි රැකවළුන් දෙස බැලූවේය. "උඹට පිස්සුද? නිදාගන්න එපා. උන් උඹව පොහොර කරයි."

"කමක් නෑ මාමේ, මුන්ට මට කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. මගේ මව, බිරිඳ කුඩා දරුවා මුන් මරා දැම්මා. මට තව මොනවද ඉතිරිවෙලා තියෙන්නේ?" තරුණයා බොල් හඬකින් පැවසීය.

"නැහැ, අපි කොහොම හරි මේක දරාගත යුතුයි. අපි කවදාහරි ජීවමාන සාක්ෂි වෙයි. ඒ දවස එනතෙක් අපි ජීවත් වෙමු. ඔහු තරුණයාට බලාපොරොත්තුවේ සේයාවක් දුන්නේය.

"තව කොච්චර කාලයක් ඉවසන්නද? මාමේ මේ මොන අවුරුද්දද?"

"මම හිතන්නේ 1977 මුල් මාසේ" ඔහු පිළිතුරු දුන්නේය.

"කොච්චර කාලයක් ගියාද? මම මෙහෙ ආවේ 1975 අවුරුද්දේ. ඒ අවුරුද්ද තමයි මගේ ළමයයි, ගෑනියි සාගතේට අහුවෙලා මළේ. අම්මයි මමයි කැලේ කොළ කාලා ජීවත් උනා. මුං මාව කඳවුරට ගෙනල්ලා හොඳටම ගැහුවා. අම්මා කැලෑ උණ හැදිලා මලා. මම වහලෙක් වගේ තවමත් කඹුරනවා."

"ධෛර්ය ගනින් පොහොර වෙන්න එපා. කොහොම හරි ශරීර කූඩූව තියාගනින්. ඔහු තරුණයාට අවවාද කළේය.

"මාමේ උඹේ නම මොකක්ද?"

"මගේ නම Bou Meng දැන් ඇති කථා කළා. අපි නිහඬ වෙමු."

පෞද්ගලික දේපොළ අහිමි කිරීම

කෙමරූජ් සංවිධානය පෞද්ගලික දේපොළ අවලංගු කළේය. පුද්ගලයන් සතුව තිබූ යානවාහන, මිළ මුදල්, රජයට භාරදෙන ලෙසට අණ කරන ලදී. ගුවන් විදුලි යන්ත්‍ර, බයිසිකල් පවා පවරාගනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කරන ලද ජනතාවට කෙමරූජ් සංවිධානය මගින් නියම කරන ලද නිළ ඇඳුම් විනා අන් ඇඳුම් ඇඳීම සපුරා තහනම් කෙරිණි. මුදල් සංසරණය නවතා දැමීම නිසා ව්‍යාපාර කඩා වැටුණි. ඉඩම්වල වහළුන් සේ ශ්‍රමය වැය කිරීම විනා ඉඩම් අයිතියක් කිසිවෙකුට නොවීය.

සුළු ජාතීන්ගේ අයිතීන් අහිමි කිරීම

1978 එළිදක්වන ලද කුප්‍රකට කළු පත්‍රිකාව මගින් කම්පුචියාවේ සුළුජන වර්ගවලට ජීවත් වීමට තිබේන අයිතිය අවලංගු කරනු ලැබීය. කම්පුචියාවේ ජීවත් වූ චීන, වියට්නාම්, ලාඕස් සම්භව ඇති ජනයා ජන සංහාරයට ලක් කරන ලදී. 1975 වන විට ග්‍රෝත්‍රික ජනයා 425,000 මරා දමන ලදී. මෙම සංඛ්‍යාව එම ජනගහනයෙන් 50% පමණ විය.

අවශේෂ ජනවර්ගයන් වෙත දියත් කරන ලද ප්‍රචණ්ඩත්වයේ කූට ප්‍රාප්තිය සනිටුහන් වූයේ කම්පුචියා, වියට්නාම් දේශසීමා ආසන්නයේ සිදුකළ ඝාතන වලිනි. මෙම ප්‍රදේශවල ජිවත් වූ වියට්නාම් ජනවර්ගයට නිරතුරුවම ප්‍රහාර එල්ල කරන ලදී. කෙමරුජ් භටයෙකු විසින් දිනකට වියට්නාම් ජාතිකයන් 30 දෙනෙකු ඝාතනය කළයුතු බවට නොනිල මට්ටමේ අණක් පනවා තිබුණි. මේ නිසා වියට්නාමයට කම්පුචියාව ආක්‍රමණය කිරීමට මග සැලසුනි. සුළු ජාතීන්ට ඔවුන්ගේ භාෂාව කථා කිරීම සිරිත් විරිත්, සංස්කෘතික උත්සව පැවැත්වීම තහනම් කරනු ලැබීය.


"  කෙමරුජ් නවරජයේ තීරණයක් අනුව සියළුම පුද්ගලයන් කුඹුරු වැඩ සඳහා සහයෝගය දිය යුතුවේ. සමෘධිමත් කෘෂිකාර්මික රටක් බිහි කිරීම සඳහා සියළු දෙනාම කුඹුරට බැසිය යුතුය. කර්මාන්ත ශාලා සේවකයින්, සුපවේදීන්, ටැක්සි රියදුරන්, කාර්මිකයන් ලිපිකරුවන් මෙකී නොකී සියළුම වෘත්තිකයන්ගේ වෘත්තීන් අහෝසි කොට තිබේ. රජය විසින් සියළුදෙනාම එක රැයකින් ප්‍රවේනි දාසයන් බවට පත් කරන ලදී. "
යළි උපන් භූමියට පැමිණිය නොහැකිය.

කෙමරූජ් සංවිධානය විසින් ග්‍රාමීය ප්‍රදේශ කරා මිනිසුන් පිටමං කළේ ඔවුන්ගේ නිවාස පවා ගිනි තබමිනි. මෙයින් යළි ඔවුන්ට නැවත තමන් උපන් භූමිය වෙත පැමිණිය නොහැකි විය. ඔවුන් සන්තකයේ තිබුණ ද සියල්ල විනාශකොට තිබේ. එවැනි තත්වයකදී මිනිසුන්ට උපන් භූමියෙන් පිටුවහල් කඳවුරුවලට පියමනිනවා හැර වෙනත් විකල්පයක් නොවීය.

කෙමරුජ් නවරජයේ තීරණයක් අනුව සියළුම පුද්ගලයන් කුඹුරු වැඩ සඳහා සහයෝගය දිය යුතුවේ. සමෘධිමත් කෘෂිකාර්මික රටක් බිහි කිරීම සඳහා සියළු දෙනාම කුඹුරට බැසිය යුතුය. කර්මාන්ත ශාලා සේවකයින්, සුපවේදීන්, ටැක්සි රියදුරන්, කාර්මිකයන් ලිපිකරුවන් මෙකී නොකී සියළුම වෘත්තිකයන්ගේ වෘත්තීන් අහෝසි කොට තිබේ.

රජය විසින් සියළුදෙනාම එක රැයකින් ප්‍රවේනි දාසයන් බවට පත් කරන ලදී. ප්‍රග් විප්ලවය රුසියාවේ ක්‍රෙපස්නෝයි හ්රිස්තියාන් යනුවෙන් හඳුන්වන ලද ප්‍රවේනි ගොවීන්ට තිබූ නිදහසින් කාලක්වත් කම්පුචියාවේ ගොවීන්ට ලැබුනේ නැත. ඔවුන්ගේ ජීවිතය හා මරණය රැඳී තිබුණේ සංවිධානයේ තීරණ මතය. කම්පුචියාවේ අගනුවර වූ ඡයබදප ඡැබය හි වාසය කළ මිලියන 2 ක ජනයා කුඹුරු වැඩ සඳහා පිටමං කරවනු ලැබීය. කුඹුරට යැවීමට ප්‍රථම පුද්ගලයන්ගේ දෑත් පරීක‍ෂා කොට බලන ලදී. කරගැට රහිත අත් ඇති, බුද්ධිමත්, වෘත්තියක යෙදුණු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අතුරුදහන් කරවන ලදී. මිනිසුන් කුඹුරු වැඩට වන විට දෙපස සුපරික‍ෂාවෙන් බලා සිටි කෙමරූජ්වරු සැක සිතූ ඕනෑම පුද්ගලයෙකු මරා දමන්නට පසුබට නොවූහ.

ඔබට ගොවියෙකුගේ මුහුණක් තිබුනේ නම් ඔබ වාසනාවන්තයෙකි. මන්ද, ඔබ අද දවසේ මරා දමන්නන්ගේ ලැයිස්තුවට ඇතුලත් නොවෙනු ඇත. එහෙත් සාගින්දර ඔබගේ ඉරණම හෙට තීරණය කරනු ඇත. කුඹුරුවල ශ්‍රමය වැයකළ මිනිසුන් සඳහා දින තුනකට වරක් සහල් ග්‍රෑම් 180 ක් ලබාදෙන ලදී.

ළමුන් අහිංසකය

අවුරුදු 6 ට වැඩි ළමයින් දෙමව්පියන්ගෙන් පැහැරගනු ලැබිණි. දෙමව්පියන්ගෙන් වෙන් කරන ලද ළමයින් කෙමරූජ් සංවිධානය යටතේ අන්කා දහමට අනුකූලව හදා වඩා ගනු ලැබිණ. පාරම්පරික ගති සිරිත් වලින් ඈත් කරන ලද මේ ළමයින් කෙමරූජ් ළමා බළකායේ සෙබළු බවට පත් කරන ලදී.

ළමුන් වැඩිහිටියන් මෙන් අතීත මතකයෙන් දූෂිතව නොමැති නිසා ළමුන්ට ගෞරව කළ යුතු බව කෙමරූජ්වරු අවධාරණය කළහ. ළමුන්ගේ නියෝගයන්ට වැඩිහිටියන් අවනත විය යුතු බව කෙමරූජ්වරු යටතේ නීතියක් බවට පත්විය.

ළමුන් අයිති කෙමරුජ් සංවිධානයට මිස දෙමාපියන්ට නොවේ.

මා පිය දූදරු සබඳතාව කෙමරුජ්වරු හැඳින්වූයේ ප්‍රතිගාමි සබඳතා ලෙසටය. එම නිසා පවුල යන ඒකකය විනාශ කිරීමට ඔව්හු කටයතු කළහ. ළමුන් දෙමාපියන්ගෙන් ඉවත් කරන ලදී. ඔවුන්ට කුඩා වියේ සිටම අන්කා දහම උගන්වන ලදී. එසේම ළමුන් වැඩිහිටියන් මෙන් දූෂිත නොවුණු කෙමරූජ් හිතවාදී කොටසක් ලෙස සලකනු ලැබූ අතර ප්‍රතිවිප්ලවවාදීන් ලෙස ලේබල් ගැසූ කොටස් ඝාතනයන් සඳහා යොදවා ගන්නා ලදී. ළමා වියේ සිටම මිනීමැරීමට ඔවුන් පුහුණු කරවන ලදී.

ආගමික නිදහස නැති කරයි.

කෙමරූජ් සංවිධානය විසින් ආගම ඇදහීම තහනම් කරන ලදී. බෞද්ධ හා කතෝලික හා ඉස්ලාම් ආගම් අදහන්නන් කෙරෙහි කෙමරූජ්වරු දැක්වූ වෛරය සනිටුහන් වන්නේ කෙමරුජ්වරු කරන ලද ආගම් අදහන අය ඝාතනය කිරීමත්, ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමත් මගිනි. 1975 සිට 1979 දක්වා අතර කාලය තුළ පන්සල්, පල්ලි විශාල ප්‍රමාණයක් විනාශ කරන ලදී. පොල්පොට් යුගයේදී කම්පුචියාවේ බෞද්ධ භික‍ෂුන 40,000 සිට 60,000 දක්වා සිටි අතර, ඔවුන්ට කෙමරූජ් සංවිධානය විසින් නම් කරන ලද්දේ සමාජ පරපෝෂිතයන් හෙවත් Social þ¾sites වශයෙනි.

බලෙන් සිවුරු ඉවත් කරවන ලද භික‍ෂූන් කුඹුරුවල වැඩ කිරීම සඳහා යොදවන ලද්දේය. මුස්ලිම් ජන කොටස් පීඩනයට පත් කළ අතර, ඔවුන්ට වද බන්ධනය පමුණුවන විටදී ඌරුමස් කෑමට බල කරන ලදී. ඌරුමස් කෑම ප්‍රතික්ෂේප කළ මුස්ලිම්වරුන්ට වෙඩිතබා මරා දැමූ බව සාක‍ෂිකරුවෝ පවසති.

නුඹලා විවාහ විය යුත්තේ ද, සංවිධානයේ නියෝග මතය.

කෙමරූජ්වරු බාල සහ නව යොවුන් වියේ ළමයින් හා තරුණයන් පවුල්වලින් ඉවත් කළහ. ඔවුන් කෙමරූජ් සංවිධානය යටතේ අන්කා දහම අනුව ඇතිදැඩි කරන ලදී. පුද්ගලයෙකුට තමන් රිසි අයෙකු සමඟ විවාහ වීම වෙනුවට කෙමරූජ් සංවිධානයේ අවශ්‍යතා මත විවාහයන් සිදු කළහ. සාමූහික උත්සව වලදී මෙලෙස සංවිධානයේ තීරණ මත යුවතිපතීන් එක්තැන් කරන ලදී. මෙහි මූලික අරමුණවූයේ සැමියාගෙන් බිරිඳ පිළිබඳවත්, බිරිඳගෙන් සැමියා පිළිබඳවත් තොරතුරු සංවිධානයට ලබා ගැනීමයි. මෙවැනි යෝජිත විවාහයන් කෙමරූජ්වරුන්ගේ කාලයේ සුලබ විය.
Tell a Friend
-->

කෙමරූජ් භිෂණය : කාම්බෝජයේ කොමුනිස්ට් විප්ලවය

පළමු කොටස

කෙමරූජ් භීෂණය සෑම දේශපාලනඥයෙකුට හා දේශපාලනයට අවතීර්ණ වීමට අදහස් කරන පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියකි. සමාජය හා ආර්ථීක ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන අන්තවාදය හෝ ආගමික මූලධර්මවාදය යොදා ගැනීම මගින් රටක අධ්‍යාත්මය කොතෙක් දුරට විනාශ කළ හැකිද යන්න කෙමරූජ් භීෂණය විසින් පෙන්වා දෙයි.



වෛද්‍ය රුවන් එම් ජයතුංග

කෙමරූජ් භිෂණය


"කම්පුචියාව යන රට තිඛෙන්නේ කොතැනකද යන්න මම තවම නොදනිමි", යන මේ ප්‍රකාශය කරන ලද්දේ සුප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ මෙන්ම ඉතිහාසඥයෙකු වන වින්සන්ට් චර්චිල් විසිනි.

අප්‍රකට කම්පුචියාව පසුකලෙකදී මුළුලෝකයේම ප්‍රසිද්ධියට පත් රටක් විය. ඒ පොල්පොට් හා "මරණයේ ගොවිබිම්" නිසාය. 1975 වර්ෂයේදී බලයට පැමිණි පොල්පොට්ගේ නායකත්වයෙන් යුත් කෙමරූජ්වරු (ණයපැර ඍදමටැ - රතු කම්පුචියානුවන්) කම්පුචියාව පාළනය කළේ මාස 44 වැනි කෙටිකාලයකි. ඒ කාලය ඇතුළත ශතවර්ෂ ගණනාවක් පවතින විනාශයක් ඔව්හු කම්පුචියාව තුළ සිදු කළහ.

අන්තවාදීන් සුළු පිරිසකට රටකට කළ හැකි උපරිම විනාශය පිළිබඳව පෙන්වා දියහැකි හොඳම උදාහරණය කම්පුචියාව මගිනි. ඔව්හු රටේ ආර්ථීකය, සංස්කෘතිය හා අනාගතය විනාශ කළහ. කෙමරූජ්වරු ගිය මගෙහි ඔවුන්ගේ ධ්‍රැවගත මනස් දුටුවේ ද්‍රෝහියන් පමණකි. ඔවුන් ද්‍රෝහියන් ලෙස නම්කොට මුළු ජනගහණයෙන් 1/3 විනාශ කර දමන ලදී. අවසානයේදී කම්පුචියාවේ ඉතිරිවූයේ ඇටසැකිළි හා හිස්කබල් පමණි. කෙමරූජ්වරු රටේ අධ්‍යාත්මය විනාශ කොට දමන ලදී. මේ වනවිට කම්පුචියාවේ ජනගහනයෙන් 43% ක් ජීවත් වනුයේ අන්ත, අසරණ, දුගී ජීවන මට්ටමකිනි. ඔවුන් කම්පුචියාවට කළ විනාශයේ දෝංකාරය තව ශතවර්ෂ ගණනාවකටත් වඩා පවතිනු ඇත.

කම්පුචියාවේ ඉතිහාසය

පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 4200 යුගයේ සිට කම්පුචියාවේ ජනාවාස පැවතින. නියොලිතික යුගයට අයත්වූ මොවුන් සංක්‍රමණය වූයේ දකුණු චීනයෙනි. 9 වන සියවසේ සිට 13 වන සියවස දක්වා පැවති ණයපැර අධිරාජ්‍යය කම්පුචියාවේ ස්වර්ණ යුගයයි. හත්වන ජයවර්මන් රජු සමයේ කම්පුචියාව සුවිසල් දියුණුවක් ලැබීය. එසේම ඔව්හු අසල්වැසි රාජ්‍යයන්ද ආක්‍රමණය කළෝය.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමඟම කම්පුචියාවට උදාවූයේ අඳුරු සමයකි. 15 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කම්පුචියාවේ දේශසීමා අසල් වැසි රාජ්‍ය මගින් කොල්ලකනු ලැබීය. බුරුමය හා වියට්නාම් ආක්‍රමණ නිසා කම්පුචියාවේ අවනතියක් ඇතිවිය.

1863 දී නරෝඩොම් රජු ආක්‍රමණ වලින් බේරීමේ උපක්‍රමයක් ලෙස ප්‍රංශය සමඟ ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම උපයෝගි කරගත් ප්‍රංශය කම්පුචියාව සිය යටත් විජිතයක් කරගනු ලැබීය. දෙවන ලෝක මහායුද්ධයෙන් පසුව ප්‍රංශ යටත් විජිත වාදයෙන් මිදෙනු වස් සිහනුක් රජු ජිනීවා සාකච්ඡා හරහා කම්පුචියාව නිදහස් කරගැනීමට මූලික පියවර ගත්තේය.

1953 ඔක්තෝම්බර් මාසයේ සිහනුක් රජු කම්පුචියාව නිදහස් රටක් බවට ඒකපාර්ශිකව ප්‍රකාශ කළේය. 1950 සිට 1960 දක්වා කම්පුචියාවේ පැවතියේ විදේශ මැදහත්වීම් වලින් තොර දශකයකි. එහෙත් කම්පුචියාවේ ඇතැම් ප්‍රාන්තවල උතුරු වියට්නාම් හමුදා මධ්‍යස්ථාන ඇතිකරන ලදී. මෙම මධ්‍යස්ථාන මගින් දකුණු වියට්නාම් හමුදාවලට එරෙහිව ප්‍රහාර දියත් කරන ලදින් 1969 දී දකුණු වියට්නාමයේ එක්සත් ජනපද අරක‍ෂාව සහිතව මාස 14 කාලයක් කම්පුචියාවේ උතුරු වියට්නාම් හමුදා මර්මස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් රැසක්ද මරු දුටුහ.

උතුරු හා දකුණු වියට්නාම් අර්බුදයට මැදිවීමට සිහනුක් රජු අකමැති වුවද භූගෝලීය සාධක මත උතුරු වියට්නාමයට කම්පුචියාවේ දේශසීමා අරක්ෂක භූමියක් විය. එම නිසා ඔවුහු වියට්නාම්, කම්පුචියා දේශසීමා පවා උල්ලංඝනය වන අකාරයෙන් තම හමුදා මෙහෙයුම දියත් කළහ, මේ හේතුවෙන් දකුණු වියට්නාමයේ හා එක්සත් ජනපදයේ ප්‍රහාර වලට කම්පුචියාව ද ලක්විය. එක්සත් ජනපදය දුටුවේ සිහනුක් රජු උතුරු වියට්නාම් රජයට සහය දෙන්නකු ලෙසට ය. එම නිසා ක්ෂමා සංවිධානය සිහනුක් රජු බලයෙන් පහ කිරිම සඳහා පිඹුරුපත් සැකසුහ.

මේ යුගයේ දී සොන් සෙන්, ඉයෙංසාරි පොල්පොට් වැන්නවුන් සිහනුක් රජයට එදිරිව ක්‍රියා කළහ. දෙස් විදෙස් මැදිහත් වීම නිසා සිහනුක් කුමරුගේ බලය පිරිහෙන්නට පටන් ගත්තේය. ජෙනරාල් ඛදබ භදක කම්පුචියාවේ නව රජයක් පිහිටුවිය. අවුල් වියවුල් වලින් ගහන වූ මෙම කාලය නිසා ජෙනරාල් ඛදබ භදක ගේ රජය පැවතියේ 1967 දක්වා පමණි. 1968 හා 1969 වසර වල රජයට එරෙහි ගරිල්ලා ප්‍රහාර දැඩිවිය. 1970 වන විට සිහනුක් රජු වෛද්‍යහේතූන් මත රටහැර ගියේය.

1970 දී ඇමෙරිකානු ක්ෂමා සංවිධානයේ ආධාර ඇතිව ජෙනරාල් ඛදබ භදක කුමන්ත්‍රණයක් දියත් කොට කම්පුචියාවේ බලය අල්ලා ගැනීමට ක්‍රියා කළේය. 1970 ඔක්තෝම්බර් 9 වන දින කම්පුචියාවේ රාජ වංශය අහෝසි කරනු ලැබීය. උතුරු වියට්නාමයේ බලය බිඳිනුවස් අමෙරිකාව කම්පුචියාවේ නව රජයට ආධාර කළේය. මෙම ආධාර සමන්විත වූයේ යුධ අවි හා යුධ තාක්ෂණයෙනි.

දකුණු වියට්නාම් හමුදා හා ඇමෙරිකානු යුධ උපදේශකයන් 1970 වන විට කම්පුචියාවේ රැඳී සිටිමින් උතුරු වියට්නාමයට එදිරිව සටන් කළහ. මෙය ජනාධිපති නික්සන් පවා පසුව පිළිගන්නා ලදී.

මෙම ගැටුම පවතින විට පොල්පොට් තම ගරිල්ලන් මගින් ඛදබ භදක ගේ රජයට එරෙහිව ප්‍රහාර වැලක් දියත් කළේය. 1973 වන විට පොල්පොට්ගේ නායකත්වයෙන් යුතු කැමරුජ් සංවිධානය කම්පුචියානු භූමියෙන් 60% ක් පාළනය කළහ. 1975 අප්‍රේල් 17 දින ඛදබ භදක ගේ රජය බිඳ වැටුන අතර කැමරුජ් සංවිධානය කම්පුචියාවේ බලය තහවුරු කර ගත්තේය. ඉන් පසුව එළඹුනේ තවත් අඳුරු යුගයකි. භීෂණයෙන් වෙළුන එම කාලයේ දී දහස් දහස් ගණන් ජනතාව වධ බන්ධනයන්ට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙකු මරු දුටුහ.

නරොඩම් සිහනුක් රජු

1945 සිට 1970 දක්වා කම්පුචියාවේ බලය තිබුනේ සිහනුක් රජුට ය. පසුගාමි අදහස් නිසා ද, වැඩ වසම් යුගය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාශයන් නිසා ද, ජනතාව අතර ඔහු ජනප්‍රිය නායකයකු නොවීය. සිහනුක් කම්පුචියාව පාලනය කළ වකවානුව තුළදී ද රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් විවිධාකාර දූෂණ වල යෙදුනහ. ජනතාව ජීවත් වූයේ දරිද්‍රතාවයේ ගිලෙමිනි.

කොමියුනිස්ට්වාදීන් කෙරෙහි සිහනුක් තුළ තිබූ බිය හා වෛරය නිසා ඔහුගේ රජය නිබඳව ම කොමියුනිස්ට්වාදීන් දඩයම් කළේය. මේ නිසා රහසිගත දේශපාලන ව්‍යාපාරවල යෙදුන පොල්පොට් වැන්නවුන් සිහනුක්ගේ පොලිසියට අසුනොවීම සඳහා නාගරික ප්‍රදේශ වලින් ඔබ්බට පලා ගියහ. සිහනුක්ගේ පාලනය නිසා අගතියට පත් වූ ජන කොටස් මුල් කාලයේ දී පොල්පොට් ට සහය පල කළ බව සැබෑය. ග්‍රාමීය ප්‍රදේශ වල සිට ගරිල්ලා යුද්ධයක නියැලූණු පොල්පොට්ට ගැමි ජනතාව සහය දෙන ලදී.

අසාර්ථක සිසුවා පැරිසියේ ඉබාගාතේ යයි

ඒ 1953 වසරයි. රේඩියෝ කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට පැරිසියට පැමිණි සලොත්සාර් (අනාගත පොල්පොට්) නම් තරුණයා සිටියේ ඉච්ඡාභංගත්වයට පත්විය. විභාග අසමත් වීම නිසා ඔහුගේ අනාගතය අඳුරුය. 1949 දී තරුණයෙකු ලෙස කම්පුචියාවේ (එකල කම්පුචියාව ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් විය) පැරිසියට පැමිණ ඔහු තුළ අනාගත සිහින රැසක් තිබුණි. දැන් ඒ සෑම සිහිනයක් ම දියවී ගොසිනි. අවිනිශ්චිත අනාගයකට මුහුණ දෙනුවස් තව නොබෝ දිනකින් මවුරට බලා යාමට ඔහුට සිදුවේ.

සලොත් සාර් උපත ලැබුවේ 1925 වසරේදී ය. කුඩා කාලයේ බෞද්ධ ආරාමයක ඉගෙනුම ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපන ලැබුවේ රෝමානු කතෝලික පාසලකය. ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහුට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට හැකි විය. රේඩියෝ කාර්මික ශිල්පයට ඇළුම් කළ සලොත් සාර් ප්‍රංශයට පැමිණියේ රේඩියෝ කාර්මික ශිල්පය ප්‍රගුණ කරනු සඳහා වුවත් ඔහුට මුණ ගැසුණු මිතුරන් ඔහුව දේශපාලනය කරා කැන්දන් ගියහ. රේඩියෝ කාර්මික ශිල්පය වෙනුවට මාක්ස්වාදය හැදෑරූ ඔහු දේශන අතපසු කළේය. එහි ප්‍රතිඵල ලෙස ඔහු විභාගයෙන් අසමත් විය. එම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු කරනු ලැබීය.


"  පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය."

පැරිසියේදී ඔහුට හමුවූ කම්පුචියානු ජාතිකයන් අතරින් ඉයෙං සාරි, කියු සම්පෙන්, කියු පොනරි සහ සොන්සෙං මුල් තැනක් ගත්තේ, ඔවුන් මාක්ස්වාදය කෙරෙහි දැක්වූ භක්තිය නිසාවෙනි. සලොත් සාර් ගේ පැරිසියේ නේවාසිකාගාරයට රැස්වන මෙම පිරිස රෑබෝවන තුරු විප්ලවීය සමාජවාදය ගැන සාකච්ඡා කළහ. කුඩා අඳුරු කාමරයේ එක්රැස් වූ මෙම පිරිස අනාගත කෙමරූජ් රජයේ නායකයන් වනු ඇත.

පැරිසියේදී අධ්‍යාපනය ලැබූ කාලයේ ද ඔහු ප්‍රංශ (ඡ-28) කොමියුනිස්ට්වාදීන් සමඟ ද සබඳතා පැවැත්විය. එහෙත් දැන් සියල්ල අවසන් ය. පැරිසිය තව දුරටත් ඔහුට ජීවත් වීමට සුදුසු භූමියක් නොවේ. ශිෂ්‍යත්වය අවලංගු කිරීම නිසා ඔහුගේ අතේ ඇත්තේ සීමිත මුදලකි. යළි උපන් දේශයට යනු මිසක අනු විකල්පයක් ඔහුට ඉතිරිව නැත.

සවස්වරුවේ ඒ මේ අත ඇවිද ගිය සලොත් සාර් කුඩා අවන්හලකට ගොඩවැදී කෝපි කෝප්පයක් පානය කළේය. ඔහුගේ හිස එක අරමුණක නොවීය. මනාව ඇඳ පැළඳගත් ප්‍රංශ ගැහැණු පිරිමි ඔහුගේ අවධානයට ලක් නොවූ අතර, ඔහුගේ මනස රැඳී තිබුනේ අනාගතයේ දී කළ යුතු කාර්යන් කෙරෙහි ය. එහෙත් ඔහුට නිශ්චිත ඉලක්කයක් නොවීය. තව නොබෝ දිනකින් මව් රට බලා යාමට ඔහු අදිටන් කර ගත්තේය.

ඉතිහාසය හා භූගෝල විද්‍යා ගුරුතුමා

1953 වසරේ පැරිසියේ සිට කම්පුච්යාවට පැමිණි සලොත් සාර් නොහොත් පොල්පොට් පුද්ගලික පාසලක ඉතිහාසය හා භූගෝලය ඉගැන්වීය. ඉගැන්වීමට අමතරව සිසුන්ට ග්‍රහණය කර ගැනීමට හැකි අන්දමේ පෞරුෂයක් ඔහුට හිමි විය. ඒ නිසා ඔහු නිතැතින්ම ජනප්‍රිය ගුරුවරයෙකු විය. 1953 වසරේ දී යටත් විජිත වාදයට හසු වී තිබුණ කම්පුචියාව නිදහස ලැබීය. රට පාලනය කරන ලද්දේ නරදම් සිහනුක් කුමරු විසිනි. රහසිගත දේශපාලනයට අවතීර්ණ වූ පොල්පොට් කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය බිහි කළේය. තවමත් කළල තත්වයේ පැවති කොමියුනිස්ට් පක්ෂය පාලකයන්ගේ අවධානයට යොමු වූ හෙයින් පොලිස් ඇසින් බේරෙනු වස් ඔහු ඇතුළු ඔහුගේ සහයකයන් කාම්පුචියාවේ ග්‍රාමීය පෙදෙස් කරා පලා ගියහ.

මෙම කාලයේදී ඔහු මාඕසේතුං හා ස්ටැන්ලි වාදය කෙරෙහි වඩාත් කිට්ටුවිය. එහෙත් ඔහු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූයේ මාක්ස් හෝ ලෙනින් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට හාත්පසින්ම වෙනස් තමන්ට ආවේනික වූ ක්‍රමවේදයකි. එහි ප්‍රතිඵල ලෙස රටේ ජනතාවගෙන් 25% ක් මරු දකිනු ඇත.


නාගරික ජීවිතය පිරිහීමේ දොරටුවයි.
පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය. නැතහොත් කුබානයේ මෙන් කෘතිම සාගත ඇතිකළ යුතුය. කම්කරුවන් සටන්කාමි පන්තියක් ලෙස නුදුටු පොල්පොට්ගේ පූර්ණ අවධානය යොමුවූයේ ග්‍රාමීය ගොවීන් කෙරෙහිය. උගතුන් කෙරෙහි වෛරය, නාගරික ජිවන පිළිවෙත කෙරෙහි සතුරු ආකල්ප හා ජාතිවාදය ඔහුගේ මූලික ධර්මතා විය.

පැරිසියේ ශිෂ්‍ය කවය යළි සක්‍රීය වෙයි

පොල්පොට්ගේ පැරිසියේ මිතුරන් බොහෝ දෙනෙක් 1960 වන විට කම්පුචියාවට පැමිණ සිටියහ. පැරිසියේ ශිෂ්‍ය කවය ලෙස හැඳින්වුනු මෙම කණ්ඩායම අනාගත කම්පුචියාවේ විප්ලවය සඳහා කුමන මගක් ගත යුතුද, යන්න සාකච්ඡා කළහ. ඔවුන් 'උඡණ' හෙවත් උදරනැරි කමිටුවේ බලය තහවුරු කරගෙන සිටියහ. මෙම කමිටුවේ තෙවන ප්‍රධාන ස්ථානය හිමිවූයේ පොල්පොට්ටය. පොල්පොට් චීනය හා වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමගද සම්බන්දතා පැවැත්විය. නිරන්තරයෙන්ම කමිටුවේ උච්ච ස්ථානයකට යාමට වෙරදැරූ ඔහු 1963 වන විට උඡණ කමිටුවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට සමත් විය. මුඛරි බව හා සංවිධාන ශක්තිය මගින් කමිටුව තුළ තම බලය වර්ධනය කර ගැනීමට පොල්පොට්ට හැකි වූ බව පෙනී යයි.

වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමඟ පොල්පොට් සබඳතා පැවැත්වුවද, ඔවුන් පොල්පොට්ගේ ජාතිවාදී, ආකල්ප කෙරෙහි දැක්වූයේ විවේචනාත්මක බවකි. නරොදම් සිහනුක් කුමරුගේ පොලිස් මෙහෙයුම් නිසා යටිබිම්ගතව දේශපාලනයේ නියැළුණු පොල්පොට් හට වියට්නාම් සහයෝගය අවශ්‍ය විය. එහෙත් වියට්නාමයේ ඇමරිකානු මැදිහත්වීම් නිසා වියට්නාම කොමියුනිස්ට්වරුන්ට පොල්පොට්ගේ අභිලාෂයන්ට සහයෝගය දැක්වීම ප්‍රමාද වූයෙන් ඔහු මාඕසේතුංගේ සහය පැතීය.

1966 වසරේ පොල්පොට් ප්‍රථම වතාවට චීනයට ගොස් මාඕසේතුං හමුවිය. මේ සමය වන විට චිනයේ සංස්කෘතික විප්ලවය ආරම්භ වී තිබුණි. සංස්කෘතික විප්ලවය සියැසින් දුටු පොල්පොට් උද්ධාමයට පත්විය. කම්පුචියාවේද මෙවැනි ආකාරයේ සංස්කෘතික විප්ලවයක් කළයුතු බවට ඔහු ඉටාගත්තේය. චීනයේ ගතකළ කාලයේදී මාඕගේ ධර්මයට වශීවූ පොල්පොට් යළි කම්පුචියාවට පැමිණෙන විට ඔහුගේ වියට්නාම් සබඳතා ඉරිතලා තිබුණි. තවදුරටත් වියටිනාම් කොමියුනිස්ට් වරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට වඩා චීනය දෙසට හැරීම සුදුසු බව ඔහු වටහා ගත්තේය.

කෙමරූජ් සංවිධානය බිහිවෙයි.

උඡණ හෙවත් උදරනැරි නියෝජනය කළේ කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය විය. එහෙත් මෙම පක‍ෂය පිරිසිදු කිරීමට ඉටාගත් පොල්පොට් 1966 දී කෙමරූජ් සංවිධානය බිහි කළේය. කෙමරූජ් යව වචනයේ අරුත රතු කාම්පුචියානුවන් යන්නය. මෙම සංවිධානයේ අසහාය නායකයා වූයේ පොල්පොට්ය. ඔහු කෙමරූජ් සංවිධානය Aබටනදර (සංවිධානය) ලෙස හැඳින්විය.

කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිවීම

1976 දී පොල්පොට් ඉයෙං සාරි, නුඔන්චියා හා සොන්සෙන් යන කෙමරූජ් නායකයන්ගේ මූලිකත්වයෙන් කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිකරනු ලැබීය. සාමාජිකයන් 250 කින් සමන්විත වූ මෙම දේශපාලන බල බණ්ඩලයේ සුක්කානම හිමිවූයේ පොල්පොට්ට ය.

නව රජය කම්පුචියා සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේය. පැරණි සමාජයේ සියල්ලම හෙලා දුටු ඔවුන් බුදු දහම හා කතොලික දහම යටපත් කිරීමට ක්‍රියා කළහ. බැංකු හා මුදල් ගනුදෙනු අවලංගු කරනු ලැබිණ. කාර්මිකරණයට අකුල් හෙලු ඔවුන්ගේ මුළු අවධානය යොමුවූයේ සාමූහික ගොවිපලවල් ක්‍රමයටයි.

විදේශ භාෂා කතා කිරීම, උපැස් පැළඳීම, ආහාර ගබඩාකරගැනීම, මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම, අතීතය ගැන කල්පනා කිරීම සහ මුලින්ම තහනම්වූ අතර, මේ නීති කඩකිරීම් නිසා බොහෝ දෙනෙකු කෲර මරණයන්ට ගොදුරු වූහ.

හිටපු ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන් උගතුන්, පුවත්පත් කලාව්දීන්, තෝර තෝරා පවුල් පිටින් සමූලඝාතනය කෙරෙණි. එම නිසා ජනතාව තම ඇත්ත ජීවිත සැඟවූහ. යම් හෙයකින් ඔවුන්ව හඳුනාගනු ලැබුවේ නම් හෝ යමෙකු විසින් පාවාදෙනු ලැබුවේ නම් අත්වූ ඉරණම භයංකාර විය. ජනතා සතුරන් ලෙස නම් කරනු ලැබූ ඔවුන් වෙඩි තැබීමෙන්, පොලූපහර දීමෙන් හෝ පිහිවලින් ඇනීමෙන් හෝ මරා දමනු ලැබීය.

උගතුන් රටේ ඉතිරි කරනු ලැබුව හොත් ඔවුන් කෙමරූජ්වරුන්ට එදිරිව විප්ලවයක් කරුනු ඇතැයි පොල්පොට් බියවිය. එම නිසා නායකත්වය හා සංවිධානගත වීම වලකා දමනු පිණිස ඔහු කෙමරූජ් සංවිධානයට තර්ජනයක් වියහැකි යැයි සිතූ සෑම පුද්ගලයෙකුම මරාදැමීම සඳහා නියෝග දුන්නේය.

සංවිධානයේ නායකයන්ගේ අණ පිළිගත් කෙමරූජ් කණිෂ්ඨ නායකයන් තම රාජකාරිය අකුරටම ඉටුකළහ. ජනතා විරෝධීන් හඳුනාගෙන ඔවුන් මරාදැමීමට ප්‍රමාද වූ සමහර කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් සිරබාරයට ගන්නා ලදී. එසේම සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

1975 දී කාම්බෝජයේ ජනගහනය මිලියන 7.3 දක්වා පහළ බැස්සේය. 1975, 1979 කාලය අතරතුර මිලියන 3 ක කම්පුචියානු ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාර ලෙස ඝාතනයට ලක්වූ බව වාර්තාවේ. 600,000 කට වඩා අධික පිරිසක් අවතැන් වූහ.

නිදහස අහිමිකරන ලද කම්පුචියානු ජනතාව ජීවත්වූයේ මරණභයෙනි. පුවත්පත්, ගුවන්විදුලිය, වැනි මාධ්‍ය වාර්තාකරණයක් නොවීය. කෙමරූජ් රජය බාහිර ලෝකය සමඟ තිබූ ගනුදෙනු නතර කළහ. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද කම්පුචියාවේ දොර වසා තිබුණි.

ජනජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරනු ලැබුවේ රජය විසිනි. නුඹලා ජීවත්කරවීම අපට පලක් නැත. නුඹලාගේ මරණය අපට පාඩුවක් නොවේ, යන්න නව රජයේ දර්ශනය විය.

කෙමරුජ් දේශපාලන න්‍යාය

මුල් කාලයේදී කෙමරූජ් සංවිධානය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන් මාර්ගෝපදේශය ලබා ගත්හ. ක්‍රම ක්‍රමයෙන් එය ස්ටැන්ලිවාදී හා උගතුන්ට එරෙහිව ක්‍රියාකරන පක්ෂයක් බවට විකාශනය විය. මාක්ස්ට එදිරිව යමින් ඔව්හු කම්කරුවන් වෙනුවට ගොවීන් නියම නිර්ධන පන්තිය ලෙස තෝරාගත්හ. කාලයත් සමඟ ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය වෙනස් විය. අවසානයේ ඔවුන් තමන්ට ආවේණිකවූ නව දේශපාලන න්‍යායක් ගොඩ නංවන ලදී.

පොල්පොට් 1963 සිට 1991 දක්වා පක‍ෂයේ මහාලේකම් විය. කම්පුචියාව විදේශ රටවලින් තනිකිරීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය විය. කිසිම රටක් සමඟ නිළවශයෙන් සබඳතා නොපවත්වන ලදී. ඔවුන්ගේ දේශපාලන න්‍යාය තුළ පැවතියේ විශාල රික්තයකි. එම රික්තය පුරවනු වස් ද්‍රෝහීන්, කඩාකප්පල්කාරීන්, ප්‍රතිගාමීන්, ජනතා සතුරන් යනුවෙන් හඳුන්වනු ලැබූ අදිසි සතුරන් සොයා විශාල මෙහෙයුම් ක්‍රියාත්මක විය. කම්පුචියානු විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන 1-2 අතර ජනග්‍රහනයක් බව කෙමරුජ් නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඉතිරිවූවන් පොහොර විය යුතුය. මේ දේශපාලන න්‍යාය මගින් කම්පුචියාවේ ජනගහනයෙන් 25% ක් ඔව්හු මරා දැමූහ. පොල්පොට් තමදේශපාලන න්‍යාය විග්‍රහ කළේ කොමියුනිස්ට් සමාජයටයා හැකි කෙටිමාර්ගයක් ලෙසටය.

අන්කා දහම

කෙමරූජ්වරු අදහන ලද්දේ "අන්කා" දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ "අන්කා දහම" මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශුද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළයුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.

අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.

අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටලුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.

පසු කාලෙක පොල්පොට් "අප ළදරුවන් මෙන් දණ ගෑවෙමු" යැයි ප්‍රකාශ කලේ න්‍යාය සහ ප්‍රායෝගිකවාදය අතර තිබූ පරතරය නිසාය. (Aබටන් යන වචනවට තේරුම් ගණනාවක් තිබේ. Aබටන් යන්න නිර්වචනය කොට ඇත්තේ සංවිධානය, යනුවෙන් වුවද කෙමරූජ්වරු පසුකාලීනව Aබටන් ආගමක් ලෙසට සකස් වූ ව්‍යුහයක් ලෙසට පරිවර්ථනය කළහ.)

මාඕ සහ ස්ටැන්ලිවාදය සමඟ පොල්පොට් න්‍යාය

මාඕ සහ ස්ටැන්ලිගේ දේශපාලන ව්‍යුහය අගය කළ පොල්පොට් එම ව්‍යුහයන් දෙකේ සම්මිශ්‍රණයෙන් යුත් අළුත් න්‍යායක් එළි දැක්වීය. ජාතිවාදය හා නට්සි අදහස් ද මෙම න්‍යාය තුළ දක්නට ලැබිණ.

සභාපති මාවෝ විසින් හඳුන්වාදුන් ප්‍රගතියේ මහා පිම්ම මගින් චීනයේ නාගරික ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා පිටමං කරනු ලැබීය. මෙම ක්‍රමවේදය ආදර්ශයට ගත් පොල්පොට් නොන් පෙන් නගරය ජනයාගෙන් හිස් කරන ලදී.

කම්පුචියාවේ නගරබද කම්කරුවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවූ හෙයින් පොල්පොට්ගේ බලාපොරොත්තුව රැඳී තිබුණේ ගම්බද ගොවීන් කෙරෙහිය. මාඕ මෙන් පොල්පොට් ගොවීන් වැඩකරන පන්තියක් ලෙස ඔහු හැඳින්වීය. පොල්පොට් අදහස් කළ උටෝපියාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන දෙකකට ආසන්න ජන ප්‍රමාණයක් බවත් අනෙක් පිරිස පාළන තන්ත්‍රයට බරක් බවත් කෙමරූජ් නායකත්වය විසින් නිබඳවම පවසන ලදී. එම නිසා අතිරේක මිනිසුන් ක‍ෂය කිරීමට ඔව්හු පියවර ගත්හ.

ස්ටාලින් විසින් "කලෙක්තිව් හසයිස්ත්වා" යනුවෙන් සඳහන් වූ සමූහ ගොවිපළවල් ක්‍රමය පොල්පොට්ගේ සිත් ගත්තාවිය හැක. එසේම පුද්ගල වන්දනාව මගින් පිරිපුන් ස්ටැලින්වාදය ඔහු ග්‍රහණය කරගත්තේය.

1931 හා 1951 අතරතුර කාලයේදී ස්ටැලින් මිනිසුන් 800,000 ක් මරා දැමීය. ගුලාර්ග් ශ්‍රම කඳවුරුවල සිරගත කෙරුණු මිනිසුන්ගෙන් බහුතරය යළි ජීවග්‍රාහීව පැමිණියේ නැත. ස්ටැලින් කලාක් මෙන් සමූහ ගොවි පළවල් ඇති කිරීම තුළින් ආහාරවලින් කම්පුචියාව ස්වයංපෝෂණය කිරීම පොල්පොට්ගේ අරමුණ වුවද ඔහු එය ක්‍රියාවට නැංවූයේ ස්ටැලින්ටත් වඩා බිහිසුණු අයුරිනි.

පොල්පොට්ගේ ෆැන්ටසිය.

ක්‍රිස්තුවර්ෂ 802 සිට 1431 දක්වා කම්පුචියාවේ පැවති ඉපැරණි ඇන්කෝර් ශිෂ්ඨාචාරය යළි ඇතිකිරීම පොල්පොට්ගේ සිහිනය වූයේය. එකල බටහිරින් තායිලන්ත, බුරුම, දේශසීමාව දක්වා ද, උතුරින් ලාඕසය දක්වා විහිදී පැවති මෙම ඇන්කෝර් ශිෂ්ටාචාර වටා දියුණු වාරිමාර්ග ක්‍රමයක් තිබුණි. මේකොං ගංගාවේ ජලයෙන් ගොවිතැන් කළ ඇන්කෝර් ශිෂ්ඨාචාරය ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයකි.

ඉන්දු භාෂාවක් වන නාගර භාෂාවෙන් ඇන්කෝර් යනු නගරය යන අදහස ගෙන දෙයි. ගල් කැටයම් මගින් සුවිසල් ආරාම බිහිකළ මෙම යුගය කම්පුචියාවේ ස්වර්ණමය කාලවකවානුවයි. රාමායණයෙන් හා මහා භාරතයෙන් ආභාෂය ලැබූ මෙම ඇන්කෝර් ශිෂ්ඨාචාරය මේ වන විට විනාශ වී ගොස් සියවස් 5 කට වඩා අධික කාලයක් ගතවී තිබුණද යළි ඇන්කෝර් යුගයක් ඇතිකිරීම පොල්පොට්ගේ මූලික දර්ශනය විය.

පොල්පොට්ගේ මෙම ෆැන්ටසිය සඳහා මිලියන ගනනාවක ජනතාව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූහ. අතීත ඇන්කෝර් රජවරු දේවත්වයේ ලා සලකනු ලැබිණ. රටවැසියන් යුද සේවයට බඳවා ගන්නා ලද අතර, ආක්‍රමණය කරනු ලැබූ ප්‍රදේශවලින් ජනතාව වහලූන් සේ යදම් වලින් බැඳගෙන එනු ලැබිණ. එමනිසා ඇන්කෝර් ශිෂ්ඨාචාරයට නොකඩවා ශ්‍රමය අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවූයේය. බලසම්පන්න හමුදාවක් ඔවුන් සතුවිය. තවද මේකොං නදිය වටා නිරන්තරයෙන්ම ගමනාගමනයේ යෙදුණු නාවික බල ඇණිද ඇන්කෝර්වරුන් සතුව පැවතිබවට සාක්ෂි තිබේ.

"අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය."

හින්දු ධර්මය හා මහායාන බුදු දහම ඇදහූ ඇන්කෝර් වාසීන් අසල්වැසි රටවල් සමඟද සබඳතා පැවැත්වූහ. ඉන්දියාව, ග්‍රීසිය, පර්සියාව, යන රටවල් මේ අතර වෙති. ඇන්කෝර් ශිෂ්ඨාචාරයේ පිරිහීම සඳහා හේතුකාරක කිහිපයක් පිළිබඳව පුරාවිද්‍යාඳයෝ මත පළකරති. අභ්‍යන්තර බල අරගල, තායිදේශයේ ආක්‍රමණ, මේ අතර වඩාත් පිළිගත හැකි සාධකවේ.

ඇන්කෝර් ශිෂ්ඨචාරයේ ශ්‍රී විභූතියට වශීවූ පොල්පොට් යළිත් මෙවැනි ශිෂ්ඨාරයක් කම්පුචියාවේ බිහි කිරීමට අදහස් කළේ කෙමරූජ් සංවිධානය මගිනි. එහෙත් මරණයේ ගොවිබිම මිසක අන් යමක් තම ජනතාවට ලබාදීමට ඔහුට හැකිවූයේ නැත. පොල්පොට්ගේ මාරක ෆැන්ටසිය නිසා මිලියන ගණනක් ජනතාව අවතැන් වී මරණයට පත්වූහ.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය හරහා පොල්පොට් දුටුවේ කොමියුනිස්ට් උටෝපියාවකි. විකෘති අන්දමට වැළඳගත් මාක්ස්වාදය හරහා පොල්පොට් නිර්මාණය කළේ මරණයේ ගොවි බිම් සමූහයකි. පැරනොයිඩ ආකෘතියක තැනුනු පොල්පොට්ගේ දර්ශනය මිලියන තුනක ජනතාව මිහිතලයෙන් අතුගා දැමීය.

පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය. "අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය."

Phnom Penh නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම Phnom Penh හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශුද්ධ වූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh හි ජනයා අප්‍රේල් 17 දින ජනයා හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.

අතීතය පිළිබඳ මතකය රෝගයකි.

කම්පුචියාවේ විප්ලවයට පෙර යුගය පිළිබඳ කල්පනා කිරීම කැමරුජ්වරුන්ට අනුව දරුණු වරදකි. අතීතය පිළිබඳ ශෝකවීම, කාංසාජනකවීම, මිනිසුන් පෙලු රෝගයක් බව කෙමරුජ්වරු පැවසූහ. අතීතය පිළිබඳ මතකය රෝගයකි. අතීතයට පැවැත්මක් නැත. අතීත මතකය නිසා වර්තමානය බිඳී යයි. එබැවින් අතීතය පිළිබඳ කල්පනා කරන්නා රෝගියෙකි. නැතහොත් කඩාකප්පල්කරුවෙකි. ඔවුන්ට දඬුවම් කළ යුතුය.

මේ ශුන්‍ය වසරයි

පොල්පොට් බලයට පැමිණි වහාම ශුන්‍ය වසර Year of Zero නිවේදනය කළේය. මේ අනුව 1975 අප්‍රේල් 17 ශුන්‍ය වසරේ ආරම්භය විය. ඔහුගේ අදහස අනුව කම්පුචියාව ධනවාදයේ, බටහිර සංස්කෘතියේ, නාගරික ජීවිතයේ, ආගම්වල හා විදේශීය බලපෑම්වලින් දූෂණයවී තිබේ. මෙම අංශ මගින් අපවිත්‍ර වූ කම්පුචියාව සුපිරිසිදු කළ හැකකේ යළි ශූන්යතාවට ගමන් කිරීම මගිනි. එම නිසා සෑම දෙයක්ම මුලසිට අරඹනු ලැබේ. ඒ සඳහා අතිතයේ හා වර්තමානයේ අංගයන් විනාශ කළ යුතුය.

ශුන්‍ය වසර ශුද්ධ වසරකි. අතීත ස්මරණයන් අමතක කිරීම හෝ විනාශ කිරීම මගින් නව දේශයක් උදාකළ හැක්කේ ඔවුන් තම තමන්ගේ අතීත ස්මරණ වලින් නිදහස් කිරීම මගිනි. ඒ සඳහා ඒකායන මාර්ගය ශුන්‍ය වසරයි. ශුන්‍ය වසර සනිටුහන් කරන්නේ නව ශිෂ්ඨාචාරයේ උපතයි. ශුන්‍ය වසරේ පන්තිභේද නැත. පාසල් නැත. මුදල් හුවමාරුව නැත. පොත්පත් භාවිතය නැත. රෝහල් නැත. අළු මතින් ලොවට එන ශුන්‍ය වසර අළුත් බලපොරොත්තුවක සේයාවක් දල්වයි.

ආචාරශීලි නිහඬ ඝාතකයා - පොල්පොට්

ඔහු සන්සුන් නිහඬ චරිතයකි. කථා කිරීමට වඩා සවන්දීමට කැමතිවිය. දක්ෂ ගුරුවරයෙකි. අසන්නන් ග්‍රහණය කරගන්නා අයුරින් කතා කරයි. ඔහු ආචාරශීලිය. සෞම්‍ය ගතිගුණවලින් යුක්තය. ඔහු ජනතාව සංවිධානය කළේය. සිහනුක් රජයේ දූෂණ හා ජනතා පීඩන යාන්ත්‍රණය ඔහුගේ විවේචනයට ලක්විය. දුප්පත් ගොවීන් අතර ඔහු වීරයෙකු විය. සිසුහු ඔහුට සවන් දුන්හ. බොහෝ පිරිස් රැකියා අතහැර දමා පොල්පොට්ට සහයා දීමට ඔහු ක්‍රියාත්මක වූ ග්‍රාමීය ප්‍රදේශයට ගියහ. කම්පුචියාවේ අනාගතය පොල්පොට් බව ඔව්හු කීහ.

"ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීක‍ෂණයට ලක්වූයේ නිරායාසයෙනි.මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත."

දුගී භාවයට, විරැකියාවට, රාජ්‍ය මර්ධනයට එරෙහිව ඔහු කථා කළේය. ජනතාවගේ ආදරයට පාත්‍රවීම ඔහුගේ අපේක‍ෂාව විය. අප දුප්පතුන් අතර ජනප්‍රිය වීමට නම් ඔවුන්ට සමානව ජීවත්වියයුතු බව පොල්පොට් නිතරම කීවේ. ඔහු කථාකළේ ජනතාව වෙනුවෙනි. ජනතා අභිලාෂයන් පිළිබඳවය. ජනතාව අමතන විටදී ඔහු ආකර්ෂණශීලි ලයාන්විත භාෂාවක් යොදාගත්තේය. ආත්ම දමනයෙන් යුතු ඔහු කිසිවිටෙක කෝප ගත්තේ නැත.

පොල්පොට් වටා ගොනුවූ ගොවි ජනතාව ඔහු වෙනුවෙන් සටන් කිරීමට ශපථ කළහ. ගොවීන් වෙනුවෙන් හඬක් නගන මේ පුද්ගලයා සෑම අංශයකින්ම පරිපූර්ණ පුද්ගලයෙකු බව ඔව්හු සිතූහ. පොදු සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා ඔව්හු පොල්පොට් වටා ඒකරාශී වූහ.

නිව්යොක් ටයිම්ස් පුවත්පතේ කතුවරියක් වන එලිසඛෙත් බේකර් තමා පොල්පොට් හමුවූ අවස්ථාව මෙසේ සිහි කැඳවන්නීය. 1978 දෙසැම්බර් 22 අපගේ හමුව සිදුවිය. එය අතිශයින්ම විරල අවස්ථාවක් බව පැවසිය හැක. ඒ මන්දයත්, ඔහුව හමුවීමට අවකාශ තිබුණේ සීමිත පුවත්පත් කලාවේදීන් පිරිසකටය. ඒ අතරින් බොහෝ දෙනෙකු කොමියුනිස්ට් රටවල පුවත්පත් වාර්තාකරුවන් වූ අතර බටහිර ජන මාධ්‍යයට පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම අසීරුව තිබුණි.

ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීක‍ෂණයට ලක්වූයේ නිරායාසයෙනි.

මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත. දිගින් දිගටම වියට්නාම් ප්‍රහාර හා වියට්නාමය විසින් කරන ලද හානි ගැන කීවා මිසක මිලියන 3 ක් කම්පුචියානුවන් මිය ගියේ කෙසේද යන්න ඔහුගේ දේශනයට අඩංගු නොවීය.

පොල්පොට්ගේ ඝාතනවලට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ සහාය දුන් බලවේග දැන් නිහඬය. ඔහු බලයේ සිටි කාලයේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය පවා ඔහුට ආධාර කරන ලදී. වරක් මාඕ ඔහුට ප්‍රශංසා කළේය. "ඔබගේ ජයග්‍රහණය අති විශිෂ්ඨය. එක ප්‍රහාරයෙන් සියළුම පන්ති ඔබ අවසන් කළා. විශිෂ්ඨයි. අතිවිශිෂ්ඨයි" පොල්පොට් යන නමේ තේරුම Politique Potentelle හෙවත් සක්‍රීය දේශපාලඥයා යන්නය. එහෙත් මෙම සක්‍රීයතාව ගෙන ආවේ මරණීය පණිවිඩයකි.

මීලඟ කොටස බලාපොරොත්තු වන්න Tell a Friend
-->