තායිලන්තය : ෂිනවත්‍රා කාම්බෝජයේ සංචාරයක

කිෂානි වැලිවිටිගොඩ

තායින්තයේ හිටපු අගමැති තක්ෂින් ශිනවත්‍රා කාම්බෝජයේ අගනුවර වන නොම්පෙන් හිදී එරට නායක හුන් සෙන් හමු වී දෙරටේ සම්බන්දතා ශක්තිමත් කිරීම සඳහා සාකච්චා පැවැත්වුහ . එකිනෙකා සහෝදරයා නමින් ආමන්ත්‍රණය කර ගන්නා තක්ෂින් සහ හුන් සෙන් දීර්ඝ කාලින මිතුරන් වන අතර අද උදැසන ඔවුහු නොම්පෙන් හිදී කැබිනට් මණ්ඩල කාර්යාලයේදී හමු වුහ.

ආදාළ හමුව තායිලන්තයේ වර්තමාන අගමැති යින්ලුක් ශිනවත්‍රා හමු වී දෙරටේ වෙළඳ සහයෝගිතාවය, දේශ සීමා කාරණා සහ තායි සිරකරුවන් පිළිබඳව සාකච්චා කිරීමෙන් දින දෙකකට පසුවය. තායිලන්තයේ වත්මන් අගමැතිවරිය තක්ෂින්ගේ සහෝදරිය වේ.

පසුගිය සිකුරාදා රාත්‍රී කම්බෝජියට පැමිණි තක්ෂින් ෂිනවත්‍රා සැප්තැම්බර් 24 වන දා දක්වා එහි රැඳී සිටින අතර ආර්ථික සංවර්ධනය පිළිබඳව දේශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වනු ඇත.

Tell a Friend