The Most/Recent Articles

Showing posts with label Burma. Show all posts
Showing posts with label Burma. Show all posts

Amnesty International අවුං සාං සුකී ට ලබාදී තිබූ මානව හිමිකම් සම්මානය ඉවත් කරගනී

මියන්මාරයේ දිගින් දිගටම‍ මානව හිමිකම් උල්ලංඝනය වෙන පසුබිමක් තුළ මානව හිමිකම් උදෙසා සිදුකරන ලද සුවිශේෂී දායකත්වය ලබාදෙමින් Amnesty International මගින් සුකීට ලබාදී තිබූ Ambassador of Conscience සම්මානය ඊයේ (12) දින නැවත ලබාගෙන ඇත.


 

Ambassador of Conscience සම්මානය පසුගිය 2009 වසරේදී සුකීට ලබාදී තිබූ අතර එය නැවත ලබාගන්නා බව Amnesty International හි මහ ලේකම් කුමී නයිදූ - සුකී වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබේ.


 

මියන්මාරය තුළ මානව අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වූ තත්ත්වයක් තුළ මෙන්ම සමානාත්මතාවය හා සාධාරණත්වය තහවුරු කිරීමට සුකී කිසිදු පියවරක් නොගැනීම තම කණස්සල්ලට හේතුවී ඇති බව කුමී සිය ලිපියේදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.  නිවාස අඩස්සියෙන් නිදහස ලබා වසර 8 ක් ගතවී ගොස් තිබුණද, මියන්මාර හමුදාව භාෂණයේ හා  ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කරන විට  සුකී කිසිවක් නොකර සිටි බව ද මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.


 

කුමී සිය ලිපියෙන් පවසන්නේ,


‘‘Amnesty International හි Ambassador of Conscience සම්මානය ලැබූවෙකු විදියට මියන්මාරය මෙන්ම ලොව කොතැනක  හිටියත් අසාධාරණය දුටු විට ඊට එරෙහිව හැමවිටම කතාකරනු ඇති බව අප විශ්වාස කළා. බලාපොරොත්තුව, ධෛර්යය හා මානව අයිතිවාසිකම් සුරැකීමේ සංකේතයක් ලෙස තවදුරටත් ඔබ අපිව නියෝජනය නොකරන බව තරයේ විශ්වාස කරමු. Ambassador of Conscience සම්මානය ලබාගත් කෙනෙකු විදියට මහත් කණගාටුවෙන් වුවත් අපි එය ඉවත් කරගනිමු.‘‘ යන්නයි.


 

[caption id="attachment_21909" align="alignleft" width="300"] Ambassador of Conscience සම්මානය ලබාගනිමින් (2009) [/caption]

සිවිල් පාලනය යටතේ මෙහෙයවුණු පාලනයේ නායකත්වයට සුකී 2016 අප්‍රේල් මසදී පත්වීමත් සමග මානව හිමිකම් උල්ලංඝනය කරන කොමිෂන් සභා වලට ද සක්‍රියව දායක වූවාය. රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම් ජාතිකයින්ට  දිගින් දිගටම සිදුවූ මිලිටරි මැදිහත්වීම් ගැන Amnesty International අවධානය යොමුකර ඇත.


 

පසුගිය වසරේදී රෝහින්යා වැසියන්ට එරෙහිව මුදාහරින ලද ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලදී මියන්මාර ආරක්ෂක භටයින් රෝහින්යා කාන්තාවන් මෙන්ම තරුණියන් දහස් ගාණක් දූෂණයට ලක්කළ අතර තරුණයින්ට වදහිංසා පැමිණවීම ද සිදුවිය. එපමණක් නොව නිවාස සිය ගණනක් විනාශ කිරීම සිදුවිය. මේ සිදුවීමත් සමග රෝහින්යා වැසියන් 720,00 කට අධික පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.


 

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ද මියන්මාරයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අපරාධ නඩු පවරන ලෙසත් සමූල ඝාතනයයන් ගැන විමසා බැලිය යුතු බවටත් නිර්දේශ කර ඇත.


 

 



 

 

Amnesty International ඇසුරිනි 

 

 

සබැඳි පුවත් 

 

සුකී – රොයිටර් මාධ්‍යවේදීන් සිර අඩස්සියේ තැබීම සාධාරණීකරණය කරයි 

 

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට 

 

 

"බුරුම චන්දය නිදහස් සහ සාදාරන නැහැ" - අයුන් සාන් සුකී.



හර්ෂි සි. පෙරේරා

අයුන් සාන් සුකී බුරුමයේ සති අන්ත චන්දය සාදාරන සහ නිදහස්  එකක් නොවන බව   කියයි. එනම් මැතිවරණයේදී පුළුල්ව චන්ද අක්‍රමිකතා සිදුවී ඇත. විරුද්ද පක්ෂ චන්ද අපේක්ෂකයින්ට ගල්මුල් ප්‍රහාර වලට සහ නොයෙකුත් බියවැද්දීම් වලට මුහුණදීමට සිදුවිය. බුරුමය කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට අවතීර්ණ වී ඇත්ද යන්න පරික්ෂ කෙරෙන තීරණාත්මක මැතිවරණයක් බවට මෙය පත්වී තිබේ.

බුරුමයේ සිරකරුවන් 6,300 කට සමාව



l කිෂානි වැලිවිටිගොඩ 

බුරුම ආණ්ඩුව යටතේ පාලනය වන මාධ්‍ය සඳහන් කරන අන්දමට එරට සිරකරුවන් 6,300 කට සමාව ලබා දීමට ජනධිපතිවරයා තීරණය කර තිබේ. ආදාළ නිදහස ලබන සුඉරකරුවන් අතරින් දේශපාලන සිරකරුවන් කොතරම් ද යන්න ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත් අදාළ තීරණය බුරුමයේ මානව හිමිකම් සංවිධානයක් විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් පැය කිහිපයකට පසුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදය අදාළ තීන්දුව දේශපාලන සිරකරුවන් අරභයා ඇති වී තිබෙන කාරණයට ධනාත්මක පියවරක් ලෙස හැඳින්විය. විශේෂයෙන් බුරුමයට එරෙහිව බටහිර රටවල් පනවා ඇති සම්බාධක වලට ප්‍රධාන හේතුවක් වන්නේ දේශපාලන සිරකරුවන්ය. 2007 ආණ්ඩුවට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පූජකවරුන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් 2000 කට වඩා සිටින බව වාර්තා වේ. හෙට දිනයේදී සිදුකිරීමට නියමිත අදාළ සිරකරුවන් නිදහස් කිරීමට අයත් මුළු සංඛ්‍යාව 6,359 කි. 

ජනාධිපති තෙන්ෂෙයි විසින් මෙසේ සිර කරුවන්ට සමාව දීම ගැන අවුන් සාන් සුකී තම ප්‍රසාදය පළ කොට ඇත .


Tell a Friend

බුරුම ප්‍රචණ්ඩත්වයට එරෙහි සුකී හඩ.


බුරුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනි අයුන් සාන් සුකී දකුණු අප්‍රිකානු පුද්ගල කණ්ඩායමක් සමග වීඩියෝ සාකච්චාවකට සහබාගි විය. එහිදී ඇය බුරුමයේ මැතකාලින ප්‍රචණ්ඩත්වය රට තුල එක්සත් බාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඉමහත් බාදාවක් බව ප්‍රකාශ කළාය. ජෝහනස්බ්ග් විශ්ව විද්‍යාලයේ පැවති මෙම වීඩියෝ සාකච්චාවට ඇගේ මිතුරන් වූ නෝබල් සාම ත්‍යාග ලාබී නෙල්සන් මන්ඩලා සහ ඩෙස්මන් ටුටුද සහබාගි විය. මිට වසරකට පමණ පෙර බුරුම මිලිටරි ආණ්ඩුව ඇයව නිවාස අඩස්සියෙන් නිදහස් කල අතර ඇය මේ ආකාරයටම හොං කොන් සහ එක්සත් ජනපද පුද්ගල කණ්ඩායම් ඇමතිය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend

හිරෙන් නිදහස් කළ සුකීට ජුන්ටාවෙන් දේශපාලනයට බාධා

පසුගියදා නිවාස අඩස්සියෙන් නිදහස ලැබූ බුරුමයේ විපක්ෂ නායිකා අද අගනරයේ පිහිටි එච්.අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාධිතයින් රඳවා සිටි මධ්‍යස්ථානයක සංචාරය කිරීමෙන් පසු අදාල ස්ථානය භාර නිලධාරීන්ට පාලක ආණ්ඩුව තර්ජනය කොට ඇත. ඒ අනුව ඇය එම ප්‍රදේශය සංචාරය කිරීමෙන් සුළු වෙලාවකට පසු හමුදාව පැමිණ කියා ඇත්තේ නොවැම්බර් 25 වැනිදාට කලින් අදාල ස්ථානයෙන් ඉවත් වෙන ලෙසයි. එසේම එහි රඳවා සිටින එඩ්ස් ආසධිතයින්ද අදාල දිනයට පෙර සොයා ගන්නා නව ස්ථානයට රැගෙන යන ලෙසට නියෝග කොට ඇත. අදාල ස්ථානයේ රෝගීන් 80 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබති. Tell a Friend

බුරුමය: අවුන් සාන් සුකිට නිදහස?

දැනට බුරුම හමුදා අධිකාරිය යටතේ නිවාස අඩස්සියේ තබා ඇති අවුන් සාන් සුකී එළෙඹෙන දෙසතිය ඇතුලත බොහෝ දුරට නිදහස් කිරීමට ඉඩ ඇති එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. මෙම තීරණය සඳහා එරට තීන්දු කර ඇත්තේ පසුගිය ඉරිදා පැවති මැතිවරණය ජය ගැනීමෙන් පසුය. නමුත් මැතිවරණයේදී දුෂණ රැසක් සිදු වූ බව වාර්තා විය.

මේ අතර බුරුමයේ පැවැත් වූ මැතිවරණයෙන් සුපුරුදු පරිදි ජයගත් මිලිටර්ය් ආණ්ඩුව ත්යමන්ගේ ජයග්‍රහණය බුක්ති වින්දද එහි ගැටුම් වල අඩුවක් නොමැති බව වාර්තා වේ. මැතිවරණ දිනයට පසු දින එරට හමුදාව සහ වාර්ගික සටන් කමින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් අඩු තරමින් 3 දෙනෙකු මිය ගිය අතර තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එසේම ගැටුම් හේතුවෙන් තායිලන්තයට එක දිනක් තුලදී පලා ගිය පිරිස 20, 000 පමණ වෙති.

කෙසේ වෙතත් එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එලෙස ගම බිම් හැර දම පලා ගිය පිරිස යලිත් තමන්ගේ නිවාස කරා පැමිණෙමින් සිටින බවය.

Tell a Friend