හිරෙන් නිදහස් කළ සුකීට ජුන්ටාවෙන් දේශපාලනයට බාධා

පසුගියදා නිවාස අඩස්සියෙන් නිදහස ලැබූ බුරුමයේ විපක්ෂ නායිකා අද අගනරයේ පිහිටි එච්.අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාධිතයින් රඳවා සිටි මධ්‍යස්ථානයක සංචාරය කිරීමෙන් පසු අදාල ස්ථානය භාර නිලධාරීන්ට පාලක ආණ්ඩුව තර්ජනය කොට ඇත. ඒ අනුව ඇය එම ප්‍රදේශය සංචාරය කිරීමෙන් සුළු වෙලාවකට පසු හමුදාව පැමිණ කියා ඇත්තේ නොවැම්බර් 25 වැනිදාට කලින් අදාල ස්ථානයෙන් ඉවත් වෙන ලෙසයි. එසේම එහි රඳවා සිටින එඩ්ස් ආසධිතයින්ද අදාල දිනයට පෙර සොයා ගන්නා නව ස්ථානයට රැගෙන යන ලෙසට නියෝග කොට ඇත. අදාල ස්ථානයේ රෝගීන් 80 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබති. Tell a Friend