The Most/Recent Articles

Showing posts with label සම්මුඛ සාකච්ඡා. Show all posts
Showing posts with label සම්මුඛ සාකච්ඡා. Show all posts

‘‘මම නැවත ඇවිත් පය තියන්නේ ස්වාධීන දෙමළ ඊළම ස්ථාපිත වුණු භූමියක‍...‘‘ - රුද්‍රකුමාරන්

 


‘දෙමළ ඊළාම් ජනතාවගේ ඉල්ලීම් වලට දේශපාලන විසඳුමක් නැතිව ලංකාව ආර්ථික වශයෙන් ශක්‍ය රටක් බවට පත්වෙන්නේ නැහැ.’‍ -‍ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නීති උපදේශක ධූරය හෙබවූ, මේ වනවිට නිව්යෝර්ක්හි දිවිගෙවන රුද්‍රකුමාරන් විශ්වනාදන් Sri Lanka Guardian සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.

ඝාතනයට ලක්වූ එල්.ටී.ටී,ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මතකය අවදි කරමින් රුද්‍රකුමාරන් පවසන්නේ, ‘ඔහුගේ දැක්ම, කැපවීම, අධිෂ්ඨානය, ඔහුගේ ආශාව, ඔරොත්තුදීමේ හැකියාව සැමවිටම අප සමඟ පවතිනවා’ යන්නයි.

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ ඊළම ස්ථාපිත කිරීම අරමුණු කරගත් ශ්‍රී ලාංකීය දෙමළ ඩයස්පෝරාව අතර අන්තර්ජාතික සංවිධානයක් වන දෙමළ ඊළාම් අන්තර්ජාතික රජයේ අග්‍රාමාත්‍යවරයා වේ. ලංකා රජය මෑතකකදී දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින්ට දේශපාලන හා සමාජීය සහජීවනය උදෙසා අත්වැල් බැඳගන්නට එක්වන ලෙස ආරාධනා කළ අතර මෙය දෙමළ ඩයස්පෝරාවේ පාර්ශ්ව සමග Sri Lanka Guardian පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මාලාවක කොටසකි‍.

 

ඔබ එක්ක කතාබහ කරලා බොහෝ කාලයක් ගතවෙලා. මේ කතාබහට එක්වීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE-Transnational Government of Tamil Eelam) අළුත් තොරතුරු ගැන මුලින්ම කිව්වොත් ?

 

අපේ ප්‍රධාන දේශපාලන වැඩසටහන වෙන්නේ දෙමළ ඊළාම් ජනතාව, වෙනස් ජාතියක් විදියට ස්වයං නිර්ණ අයිතිය ඇති අතර ඔවුන් ජනමත විචාරණයක් මගින් තමන්ගේ අනාගතය තීරණය කළ යුතුයි. අද මේ දැක්මට ජාත්‍යන්තර ප්‍රජාව තුළ පිළිගැනීමක් ලැබෙනවා. ඔබ දන්න විදියට හිටපු ජනාධිපතිවරු බොහොමයක් දෙනා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරුන් වගේම ප්‍රමුඛ පෙළේ විද්වතුන් අපේ කාර්යයන් වලට නිරන්තරයෙන් සහභාගී වෙනවා.

පීඩාක‍ාරී මිලිටරි පරිසරය හා ස්වාධීන රාජ්‍යයක් සඳහා සාමකාමීව පෙනී සිටීමට දඬුවම් කරන හයවන සංශෝධනය මගින් එල්ල කරන ලද තර්ජන නොතකා අපේ දැක්ම වී තිබෙන්නේ දේශීය දෙමළ නායකත්වය මධ්‍යයේ සුසංයෝගයක් සෙවීමයි.

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් 2022 අගෝස්තු 9 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෙත යවනු ලැබූ ලිපිය මගින් ද හයවන සංශෝධනය ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවද මෙහිදී අවධාරණය කිරිමට කැමතියි.

දෙමළ ඊළාම් රාජ්‍යයට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අධිකරණ බලයට ප්‍රවේශ වීම සඳහා අපි ළඟදීම ජාත්‍යන්තර අපරාධ අධිකර‍ණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිපිගොනු  යොමුකිරීමට සූදානම්. අ‍පේ ප්‍රවේශය පදනම් වී තිබෙන්නේ දෙමළ ඊළාම් රාජ්‍යය පවතින බවයි. ඔබ දන්නා විදියට 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද දෙමළ ජනතාව එකඟ වූවේ නැහැ, අපේ තර්කය පදනම් වන්නේ පරමාධිපත්‍යයට ආපසු යාමේ ජාත්‍යන්තර නෛතික සංකල්පය මතයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් භාර කොමසාරිස් අල් හුසේන් රෝම ප්‍රඥප්තියට එකඟ විය යුතු බවට ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික මාධ්‍යයන් තුළින් දෙමළ ඊළාම් රාජ්‍යය පිහිටුවීමට කැපවී සිටින දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව, ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම තහනම් කෙරෙනවා. 

 

ඔබේ පියා රාජ්‍ය සේවකයෙකු ලෙස 1979 සිට 1983 දක්වා යාපනයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර 2020 දී මියගිය බව අප අහලා තියෙනවා. ඔහුගෙන් ඔබට ලැබුණු උරුමය නැතිනම් ආභාසය ගැන කතා කළොත් ?

මගේ තාත්තා රජයේ සේවකයෙකු නෙවෙයි. ඔහු සාර්ථක නීතිඥයෙක්. දෙමළ ජනතාවට සුරක්ෂිතව හා අභිමානයෙන් යුතුව ජීවත්වීමට හැකිවන්නේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් තුළ පමණක් බව ඔහු දැඩිව විශ්වාස කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනයට පක්ෂපාතී බව ප්‍රකාශ කරමින් දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළ ඔහු 1983 දී නීතිඥ වෘත්තියට සමුදුන්නා. ඔහු යාපනයේ නගරාධිපති ලෙස කටයුතු කරද්දී එවකට අග්‍රාමාත්‍ය වූ ආර්. ප්‍රේමදාස මහතා පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. අවංකබව, විශ්වාසය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කිරීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණ වෙනවා‍.

ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔබ, ඔබව හඳුන්වනවද ?

දෙමළ ජාතික නායකයාගේ අනුප්‍රාප්තිකයා ලෙස මා සලකන්නේ නැහැ. අපේ ජාතික නායකයාගේ අනුප්‍රාප්තිකයෙක් වෙන්න කාටවත් බැහැ. කොහොම වුණත්, අරගලයට ඵලදායී ලෙස දායකවෙන්න මට සදාචාරාත්මක හා දේශපාලන බැඳීමක් තියෙනවා. දෙමළ ජාතික නායකයා දෙමළ අරගලය ජාත්‍යන්තර තලයට ඔසවා තබා එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්කර තිබෙනවා. ස්වාධීන රාජ්‍යයක් සඳහා වූ දෙමළ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ඔහුගේ දැක්ම, ජයග්‍රහණය හා දායකත්වය තුළින් අවසානය දක්වා ඉදිරියට ගමන් කරන්න අපට මඟ පෙන්වාවි. අපේ ජාතික නායකයා වරක් පැවසුවේ අපේ අරගලයේ මාදිලිය වෙනස් විය හැකි නමුත්, එහි ඉලක්කය වෙනස් නොවන බවයි. අපේ ඉලක්කය සපුරාගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම සමග ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී ලංකාව තවදුරටත් ජාතිවාදී, වාර්ගික රාජ්‍යයක් ලෙස පැවතීම අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරනවා.

ඔබට ඔහු නැති අඩුව තදින් දැනෙනවද ?

ඔහුගේ දැක්ම, කැපවීම, අධිෂ්ඨානය, ඔහුගේ ආශාව, ඒ ඔරොත්තු දීමේ හැකියාව හැමවිටම අපි සමඟම පවතීවි.

 

එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා ‘ඊළාම් ගාන්ධි’ බව නැවත තහවුරු කරන දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ උපදේශක කමිටුව විසින් සකස් කළ මූලික ලේඛනය ගැන අපි සලකා බලමු. ඔබ අවිහිංසාව විශ්වාස කරනවාද ?

මම ජනතා බලය තදින්ම විශ්වාස කරනවා. මම කලින් ප්‍රශ්නයට උත්තරේ විදියට සඳහන් කරපු විදියට අපේ ඉලක්කය සපුරා ගන්න අවිහිංසාවාදී මාවතක් අනුගමනය කර තිබෙනවා. අවිහිංසාවාදී අරගල ක්‍රමයක් අනුගමනය කළ තිලීපන් හා අන්නායි පූපතිගේ පූජා සම්ප්‍රදාය ද මෙහිදී පෙන්වා දීමට කැමතියි.

                                               

එල්.ටී.‍ටී.ඊ. ය කරපු වැරදි මොනවද ?

ජාත්‍යන්තර බලවතුන්ගේ අවශ්‍යතාවයට නොගැළපෙන දෙමළ අරමුණ වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ය කැපවුණා. ස්වාධීන හා ‍ස්වෛරී රාජ්‍යයක් උදෙසා වූ දෙමළ ජනයාගේ පිපාසය හා ජාත්‍යන්තර බලවතුන්ගේ උනන්දුව අතර පැවති භූ දේශපාලන ගැටුමක් විදියට‍ මේක හඳුන්වන්න පුළුවන්. 2009 දී යුද්ධය අවසන් වීමට හේතුව කලාපීය හා ගෝලීය බලවතුන්ට ඉන්දීය සාගරයේ නව බල මධ්‍යස්ථානයක් අවශ්‍ය නොවීමයි. බලවතුන්ට දකුණු ආසියාවේ හා ඉන්දියන් සාගරයේ බල ව්‍යුහයේ හා බල තුලනයේ වෙනසක් කරන්න වුවමනා වුණේ නැහැ. චීනය හා ලංක‍ාවේ හවුල්කාරීත්වය අනුව හම්බන්තොට 99 අවුරුද්දකට බදු දීමෙන්, 2014 දී චීන සම්බැරීනය පැමිණීමෙන් හා පසුගිය මාසයේ යුවාන් වැන්ග් 5 පැමිණීමෙන් පසු මේ තත්ත්වය ඉදිරි දිනවලදී නිසැකවම වෙනස් වේවි.

ඔබගේ උප‍දේශන කමිටුවේ මූලික වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ දුක්ඛිත තත්ත්වය මෙන්ම  අනාගමික රාජ්‍යයක් වෙනුවෙන් ද පෙනී සිටිනවා. නමුත්, දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ කමිටු වාර්තාව තුළ කිසිදු බෞද්ධ හෝ ඉස්ලාම් නියෝජනයක් අපට ‍පේන්‍න නැත්තේ ඇයි ?

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ඥාතියෙකු වන ආචාර්ය බ්‍රයන් සෙනෙවිරත්න මෙහි සෙනෙ‍ට් සභාවේ ප්‍රමුඛ සාමාජිකයෙක ලෙස කටයුතු කළා. දෙමළ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් ඔහු ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඔහුට “Lifetime Commitment Award” සම්මානය ලබාදුන්නා. ශ්‍රී ලංකා ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගේ වචන එක්ක සෙල්ලම් කරනවාට වඩා 100,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රකාශයට පත්කරපු අපේ නිදහස් ප්‍රඥප්තියේ, 14 වැනි වගන්තියේ සඳහන් කළේ, ‘දෙමළ, සිංහල හා ඉංග්‍රීසි දෙමළ ඊළාම් රාජ්‍යයේ රාජ්‍ය භාෂා විය යුතු බවයි’’.

නිදහස් ප්‍රඥප්තිය තුළ අපි පැහැදිලිවම මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව හඳුනාගත්තා. එපමණක් නෙ‍ාවෙයි, බුද්ධාගම ප්‍රමුඛ ආගම විදියට සලකන ශ්‍රී ලංකාව වගේ නෙමෙයි,  අපේ නිදහස් ප්‍රඥප්තියේ 7 වැනි වගන්තියේ දෙමළ ඊළම අනාගමික රාජ්‍යයක් වියයුතුවා මෙන්ම ඒ තුළ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් නොදිය යුතු බව සඳහන් කරා. මේ නිදහස් ප්‍රඥප්තිය ප්‍රකාශ කිරීමේ සමුළුවට ශ්‍රී ලාංකේය මුස්ලිම් විද්වතෙකු ද සහභාගී වූවා. දෙමළ ඊළාම් ජනමත විවාරණය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව සමග සම්මන්ත්‍රණයක් පවත්වන්නත් අපි සැලසුම් කරගෙන ඉන්නවා.

ශ්‍රී ලාංකීය දෙමළ ජනයාට තම අයිතීන් සුරැකිය හැකි එකම ක්‍රමය දෙමළ නිජබිමක් නිර්මාණය කිරීම බව ඔබ තරයේ විශ්වාස කරනවා. උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඔබට සැබෑ අභිලාෂයක් නැති වුණත්, යථාර්ථවාදී නොවන ඉලක්ක බව තේරුම්ගන්නට හැකියි. මේ අදහස වැරදි නම් නිවැරදි කරන්න‍

මුලින්ම අපේ ජනතාව ‘ශ්‍රී ලාංකික දෙමළ’ ජනතාව විදියට හඳුන්වන අනන්‍යතාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි අපිව සලකන්නේ ඊළාම් දෙමළ හා දෙමළ ඊළාම් ජනතාව ලෙසයි. ශ්‍රී ලංකාව කියන්නේ  දෙමළ ජනතාවගේ ව්‍යුහාත්මක ජන සංහාරයක ක්‍රමානුකූලව නිරත වුණු සිංහල බෞද්ධ මූලධර්මවාදී රාජ්‍යයක්. ශ්‍රී ලංකා රාජ්‍යයේ ජන සංහාරක ප්‍රතිපත්ති හා ක්‍රියාවලින් දෙමළ ජනතාව ආරක්ෂා කර ගන්න තිබෙන එකම විසඳුම ස්වාධීන ස්වෛරී දෙමළ රාජ්‍යයක්.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් පිළිබඳ හිටපු මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය 2022 සැප්තැම්බර් 6 වැනිදා නිකුත් කරපු වාර්තාවේ ‘මහජනවාදය දෙසට නැඹුරුවීමේ ප්‍රවණතාව.... හිටපු ජනාධිපති රාජපක්ෂ හමුදාවේ හා බෞද්ධ භික්ෂූන්ගේ සහය ඇතිව සිංහල බෞද්ධ බහුතර මතවාදයක් ප්‍රවර්ධනය කළ’ බව දක්වා තිබෙනවා. නැගෙනහිර ටිමෝර‍යේ ජනාධිපති ‍හා නොබෙල් සම්මානලාභියෙකු ලෙස ආචාර්ය ජෝස් රමෝස් හෝර්තා 2020 මැයි 18 වැනිදා පස්වැනි මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනයේ දී කිව්වේ, ‘දෙමළ ජනයා සක්‍රීයව වෙනම රාජ්‍යයක් හොයන්නේ මන්දැයි යන්න ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලකයින් තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් වී තිබෙනවා වගේම වැරදිය හැක්කේ කුමක්දැයි යන්න ද පිළිගත යුතුයි’’. කියලා

සුනාමි මෙහෙයුම් කළමනාකරණ ව්‍යුහය (P-TOMS) ශ්‍රී ලංකා‍‍වේ අධිකරණය විසින් සුන්බුන් කිරීම හා දේශපාලන යෝජනාවක් එනතුරු ආර්ථික සංවර්ධනයක් ඇතිකළ නොහැකි බව පළාත් සභාවේ අන්ත අසාර්ථකත්වය තුළින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙනවා.

දෙමළ ඊළම යථාර්තවාදී නොවන බවට ඔබ කළ ප්‍රකාශය ගැනත් කතා කළොත්, ඇත්තටම, ජාතිවාදී සිංහල ප්‍රභූන් සදාකාලිකව පාලනය කරන ශ්‍රී ලංකාව වාර්ගික රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම යථාර්තවාදී නොවන ඉල්ලකයක්. දෙමළ ජනතාව ජන සංහාරයකට ලක්වූ බවට ජාත්‍යන්තර ප්‍රජාව තුළ වැඩෙන පිළිගැනීම අපේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. නීතිය හා සදාචාරය ‘නැවත කිසිදා’ ඇති‍නොවෙන වග සහතික කිරීම සඳහා පවතින යුක්තියේ ප්‍රතිකර්මයක් නියම කරනවා, ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම ප්‍රතිකර්ම යුක්තියේ නිසි ආකාරයයි. 

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් සුවිශේෂී වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා වගේම මෙහි වෙරළ තීරයෙන් තුනෙන් දෙකක වාසය කරන්නේ දෙමළ ජනතාවයි, මෙහිදී ක්‍රමයෙන් වර්ධනය වන බල ගතිකත්වය ද වැදගත් වෙනවා. ඔබ දන්න විදියට, 1990 සිට ප්‍රදේශ 30 කට වඩා පිහිටුවා තිබෙනවා. අපේ විශ්වාසය වී තිබෙන්නේ දෙමළ ජනතාවගේ ඉහළම දේශපාලන අභිලාෂය සාක්ෂාත් කරගන්නා දිශාවට ගමන් කරන බවයි.

ඔබ සිංහලයන්ට වෛර කරනවාද ? ඔබ අවසන් වරට සිංහල බෞද්ධයෙකු සමග කතාබහ කළේ කවදාද ?

මම හෝ වෙනත් දෙමළ නායකයින් හෝ දෙමළ ජනතාව, සිංහල ජනතාවට වෛර කරන්නේ නැහැ. අපේ අරගලය තිබෙන්නේ ස්වෝත්තමවාදී හා ජනඝාතක ශ්‍රී ලංකා රාජ්‍යයට එ‍රෙහිවයි‍. එක්සත් ජනපදයේ ජීවත්වෙන බොහෝ සිංහල අයට මම නීතිමය සහය ලබාදෙනවා. මගේ සමහර සිංහල සේවාදායකයින් තමන්ගේ පවුලේ කටයුතු වලට පවා මගේ උපදෙස් ලබාගන්නවා. මගේ සමහර සිංහල සේවාදායකයින් වත්මන් ආර්ථික අර්බුදය තුළ මුළු රටේම පාලනය වේළුපිල්ලේ ප්‍රභාකරන්ට දිය යුතුව තිබූ බව පවා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු අවංකව හා විනයගරුකව රට පාලනය කරාවි යන්න ඔවුන්ගේ මතය වී තිබෙනවා. නිව්යෝර්ක් නගරයේ සිංහල හා මුස්ලිම් වැඩකරන පංතියේ ඩයස්පෝරාව අතර මට හිමි තැන ගැන හොයාබලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික කඩාවැටීම ගැන ඔබට තියෙන්නේ මොනවගේ අදහසක්ද ?

වත්මන් ආර්ථික බිඳවැටීමට මූලික වශයෙන් හේතුවී තිබෙන්නේ දෙමළ ජනයාට එ‍රෙහිව සිදුකරපු සාහසික අපරාධ හා හමුදාව විසින් දෙමළ ජනයා දිගින් දිගටම යටත්කරගෙන හිඳීමයි. රටේ හමුදාකරණය වත්මන් ආර්ථික ව්‍යසනයට විශාල ලෙස බලපා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය, 2022 සැප්තැම්බර් 6 දිනැති සිය වාර්තාවේ සඳහන් කළේ, ‘2022 වසරේදී රජයේ මුළු වියදමෙන් 15 % ක් වන ශ්‍රී ලංකා රුපියල් බිලියන 354 ක් (ඇ.ඩො.බි. 1.86) ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති බවයි. මෙය අයවැයෙන් වැඩිම මුදලක් වෙන්කළ අංශය බවට පත්වුණා.

එවැනි කරුණු ඔස්සේ දශක ගණනාවක් පුරා නීතියේ ආධිපත්‍යයට අගෞරව කිරීම, දූෂණය වගේ දේවල් කොයිතරම් ගැඹුරට ගිහිං තියෙනවද කිව්වොත් ඒවා ලංකා‍වේ ආර්ථිකය විනාශ කරන්න සමත්වී ති‍බෙනවා. මෑත කාලයේ මීට බලපෑ තවත් සාධකයක් වුණේ වැඩකට නැති ව්‍යාපෘති වලට ඉහළ පොළී ණය මත චීනය මත යැපෙන්න වීමයි. කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්ධය මුළුමනින්ම කුණු වුණු පද්ධතියකට හේතුවී තිබෙනවා.

මේ වත්මන් අභියෝග ජයගන්න ඔබ, ශ්‍රී ලාංකිකයින්ට සහය වෙන්නේ කොහොමද ?

මේ අභියෝග ජයගන්න දෙමළ ජනතාවට සහය දෙන්න පුළුවන් කොහොමද, හා ජයගන්න පුළුවන් කොහොමද යන කාරණය ඔස්සේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. අපි කලින් ප්‍රකාශ කරපු විදියට ඊළාම් දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කරන්න ජනමත විචාරණයක් පවත්වලා දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම මුලින්ම අවශ්‍ය වෙනවා. අපේ වත්මන් ජනමත විචාරණ ප්‍රවර්ධන ව්‍යාපාරය ලංකා රාජ්‍යයේ එකඟතාවය මත රඳා නොපවතින බව මා මෙහිදී කියන්න ඕන. සර්බියාවේ අනුමැතියකින් තොරව කොසෝවෝහි නිදහස වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුණා.

ඊළාම් ද්‍රවිඩයන්ගේ ඉල්ලීම් වලට දේශපාලන විසඳුමක් නැතිව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්‍ය රටක් බවට පත්වෙන්නේ නැහැ. එවැනි විසඳුමක් හැම කෙනෙක්ටම සාමය හා සමෘද්ධිය ගෙන ඒවි. ඒක ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමටත් ඊළාම් දෙමළ ඩයස්පෝරාව පොළඹවාවි.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කාර්යයේ පාර්ශ්වකරුවන් විදියට එකතු වෙන්න කියලා ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කර තිබෙනවා. මේ අවස්ථාව ඔබට හොඳ අවස්ථාවක් බව අප විශ්වාස කරනවා. ඔබ රජය සමග කතාබහ කරන්න කැමතිද ?

කලින් ප්‍රශ්න වලට දීපු උත්තරත් මේ ප්‍රශ්නයට අදාළයි කියලා හිතනවා. මම 1982 දී ලංකාවෙන් යනවිට මගේ අභිප්‍රාය වුණේ මගේ වසරක ශාස්ත්‍රපති උපාධිය අවසන් කරලා නැවත ලංකාවට එන එකයි. 1983 වාර්ගික සංහාරයෙන් පස්සේ මට හැඟුණේ පිටත ඉන්නවට වඩා ඵලදායී ලෙස අපේ ජනතාවගේ විමුක්තියට දායක විය හැකි බවයි. දෙමළ ජනයාට යුක්තිය සඳහා හෝ ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න ඉඩක් නැහැ, ඒ නිසා මං තවදුරටත් රටෙන් පිට රැඳී ඉන්න එක අත්‍යවශ්‍යයි. මම නැවත ඇවිත් පය තියන්නේ ස්වාධීන දෙමළ ඊළම ස්ථාපිත වුණු භූමියක‍.


 

 

 

‘‘කොරෝනා දිනනවද ? පරදිනවද ? තීරණය ජනතාව සතුයි‘‘ - යුද හමුදාපති




ඔබතුමන් මානුෂීය මෙහෙයුමකට සම්බන්ධ වෙලා හිටපු යුද සෙන්පතියෙක්. ඔබට ඒ හා සමාන කර්තව්‍යයක් ලෙස පැවරුණු නිරෝධායන වල මේ වන විට තත්වය කොහොමද ?

ගරු ජනාධිපති තුමන් සහ අග‍්‍රාමාත්‍යතුමන් මාර්තු මාසයේ 07 වන දින පමණ තීරණයක් ගත්තා නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කරනව කියල. එයින් රජය ක‍්‍රමවේදයන් තුනක් බලාපොරොත්තු වුනා.ඒ හදුනාගැනීම සහ වෙන්කර ගැනීම, ව්‍යාප්තවීම නවතා ගැනීම, සහ ඉන්න රෝගීන් බලා ගැනීම. ත‍්‍රිවිධ හමුදාවන්ට පැවරුන රාජකාරී වලින් මුල්ම රාජකාරිය යුද්ධ හමුදාවට භාර වුනා. මෙම මධ්‍යස්ථාන ඉදි කිරීම. ඒ අනුව මාර්තු මස 10 වනදා වන විට මධ්‍යස්ථාන 2කින් ආරම්භ කර අද වන විට මධ්‍යස්ථාන 51 ක් දක්වා වර්ධනය කර තිබෙනවා. එම නිරොධායන මධ්‍යස්ථාන වල 4683 ක ප‍්‍රමාණයක් නිරෝධායනයට ලක් වුනා. සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයේ විශේෂඥයින්ගේ අනුදැනුම පිට දින 14ක් නිරෝධායනයකට ඔවුන්ව ලක් කලා. එම කාලය අවසන් කල අයවළු‍න් අපි නිදහස් කලා. අද වන විට නිරෝධායන කටයුතු අවසන් වී 3500කට ආසන්න ප්‍රමාණයක් සමාජගත වුනා. ඔවුන් පිටත් වෙලා යන අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් වලට අනුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයකට ඔවුන්ට ලක් වෙන්නට කීවා. තවත් 1189 දෙනෙකු නිරෝධායන මධ්‍යස්තාන 51 තුල රැඳී ඉන්නවා. ඒවා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන. 

මීට දින කිහිපයකට කලින් කළුතර අටළුගම ග‍්‍රාමයෙන් සොයාගත් පුද්ගලයා තවත් පුද්ගලයින් 20ක් පමණ ඉතාමත් ලඟින් ආශ‍්‍රය කර තිබෙනවා. දෙවනුවද ඔහු තවත් පිරිසක් ආශ‍්‍රය කර තිබෙනවා. ප‍්‍රාථමික වශයෙන් ඍජු සබඳතා පැවැත්වූ පුද්ගලයින් 20ක් එම ග‍්‍රාමයට ආසන්න බන්ඩාරගම  ප‍්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කර නිරෝධායනයට ලක් කලා. මේ වගේම තවත් පුද්ගලයෙක් පුත්තලම, නැගෙනහිර ප‍්‍රදේශයෙන් සොයා ගත්තා. ඔහුත් මේ වගේම විශාල පුද්ගලයන් පිරිසක් සමග ඍජු සම්බන්ධතා පවත්වලා තිබුනා. එම රෝගියා විදේශයක සිට පැමිණි කෙනෙක්. එම පුද්ගලයා සබඳතා පවත්වලා තිබුනු 88 දෙනෙක් මේ වන විට පුත්තලම සහිරා විද්්‍යාලයේ නිරෝධායන කටයුතු වලට ලක් කරල තිබෙනවා. ඔවුන් වෙනුවෙන් සියලු පහසුකම් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් ලබාදීල තිබෙනවා. ඊට අමතරව කොළඹ කළුතර ගම්පහ පුත්තලම දිස්ත‍්‍රික්ක හුදෙකලා කලා. ඒ වගේම ආසාදනය වුනු පුද්ගලයන් ගැවසුණු තැන් වල නිවෙස් සහ එම ස්ථාන වල පුද්ගලයන් ස්වයං නිරෝධායනයකට ලක් කරන්නට අප කටයුතු කලා. ඒ අනුව තමා කලූතර දිස්ත‍්‍රික්කයේ අටලූවගම ග‍්‍රාමයත් මහනුවර අකුරණ ග‍්‍රාමයත් හුදෙකලා කරන්නට කටයුතු කලේ. ඒ අනුව එම ග‍්‍රාමයට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. 

අටළුගම සහ අකුරන යන ගම්මාන දෙකම මුස්ලිම් ගම්මාන දෙකක්. පුද්ගලයෙක් දෙන්නෙක් මෙයට වෙනම අර්ථකතන දෙන්නට උත්සහ කලාට මේක එක් ජාතියකට පමනක් තිබෙන ගැටළුවක් නොවෙයි. මේකට කිසිම ජාති භේදයක් නෑ. ලොකයම වනසන්න ආපු වෛරසයක් මේක. උදාහරණයක් විදිහට යාපනය ප‍්‍රදේශයේ පූජක වරයෙන් දේව මෙහෙයක් පවත්වලා තිබුණ මේකට 250ක් පමන සම්බන්ධ වෙලා තිබුනා. එම ජනතාව පැමිනි දිස්ත‍්‍රික්ක පහම මෙලෙස නිරෝධායනයකට ලක් කලා. නමුත් ඒකට කිසිවෙන් විරුද්ධ වුනේ නෑ. ඒ අය මේකට ඉතාමත් කැමැත්තෙන් සහයෝගය ලබාදුන්න. ඊට දින කිහිපයකට පසුව අපි යාපනය අර්ධද්වීපය සඳහා පමනක් ඇඳිරිනීතිය ඉවත් කලා. නමුත් එම ප‍්‍රදේශයේ ජනතාව අපෙන් ඉල්ලූවා තව දුරටත් ඇඳිරි නීතිය තියන්න කියල. යාපනයේ එදා පටන් ගත් ලෙසම තවමත් ඇඳිරි නීතිය පවත්වාගෙන යනවා. පූජක තුමාව ලඟින් ඇසුරු කල කිහිප දෙනෙක් යුද්ධ හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කරල නිරෝධායනයකට ලක් කලා. පූජකතුමාව හමුවීම සඳහා කාමරයට ඇතුළු වුණු පුද්ගලයෙකුට පමණක් වෛරසය ආසාදනය වී තිබෙනවා.යාපනය ප‍්‍රදේශයේ අය මේ විදිහට සහයෝගය දැක්වූවා. ඒ  නිසා එක් ජාතියක් ඉලක්ක කරගෙන කිසිවක් වෙලා නැහැ. නමුත් අවාසනාවන්ත ලෙස ඇතැම් පිරිසක් මෙය එලෙසින් අර්ථ දක්වන්න උත්සහ කළා. අපි ශ‍්‍රී ලංකාව ලෙසින් මෙය අප රටෙන් තුරන් කරන්න කටයුතු කිරීමට අවශ්‍ය වනවා.

මේ ඇඳිරි නීතියත් සමග ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කරන්නට ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාද ?

ඇඳිරි නීතියක් කිව්වම තේරුම් ගන්න වෙන්නෙ මෙච්චර කාලයක් තිබුණු ඇඳිරි නීතියක් නෙමෙයි මේ තියෙන්නේ. අපේ රටේ එක එක කාලවල ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වුනා. මේ රටේම හිටපු අය දන්නවා මොන වගේ ඇඳිරි නීතියක්ද ක‍්‍රියාත්මක වුනේ කියල. නමුත් මේ ඇඳිරි නීතිය වෙනත්ම ඇඳිරි නීතියක්. ඒකයි මේක පටන් ගත්තු දවසෙ ඉඳන් මම් මේකට නිරෝධායන ඇඳිරි නීතිය කියන වචනෙ පාවිච්චි කලේ. මේක සෞඛ්‍යමය ඇඳිරි නීතියක්. රටවැසියව ආරක්ෂා කරන්න යොදවපු ඇඳිරි නීතියක්. මේකයි තේරුම් ගන්න  ඕන. මේක තමන්ගේ වගකීම ඉෂ්ට නොකරන පුද්ගලයන් වෙනුවෙන්ම යොදවපු ඇඳිරිනීතියක්.  

අපි නිවෙස් තුලටම වෙලා ඉන්නම් නිවෙස් නිරෝදායනයට ලක්වෙන්නම් කියල හැමෝම කියනවනම් මේ ඇඳිරි නීතිය දන්න  ඕන නැ.. එහෙම නොවෙන නිසා රට පාලනය කරන රටේ නායකයින්ටවෙනවා රටේ ජනතාව ආරක්ශා කරගන්න කුමන හෝ ක‍්‍රමයක් අනුගමනය කරන්න. ඒකයි මේ ඇඳිරි නීතියක් ඇවිත් තියෙන්නේ. මේ වගේ දෙයක් කරන්නෙ ප‍්‍රථම වතාවට ඒ නිසා රටේ නායකයොත් බලනව ජනතාව අපහසුතාවයේ වට්ටන්නෙ නැතිව මේක කරගෙන යන්න.   මේකෙ තිබෙන්නේ ඔන් ද ජොබ් ක‍්‍රමවේදයක්. යන ගමන් අත්හදා බලමින් යන ක‍්‍රමවේදයක්. අපි අදත් දැක්ක තෙල් ඉවරයි ඔක්කොම කෑම ඉවරයි වගේ කියල හිතාගෙන වැඩ කරන පිරිසකුත්.  අපි කඩ හිමියන්ටත් කිව්ව දහවල් 2.00 වෙනකොට ඇඳිරි නීතිය අවසන් වුනා කියල පෝලිම දිගනම් කඬේ දොරවල් වහන්න එපා කියල. ඔවුන් වෙනුවෙනුත් දොරවල් ඇරල තියන්න කියල කිව්ව. ඒ වගේ නම්‍යතාවයක් තියාගෙනයි මේක කරන්නෙ.  අතිගරු ජනාධිපති තුමා විසින්ම මේ අත්‍යවශ්‍ය දේවල් ලබාදීම වෙනුවෙන්ම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටෙව්ව. එහි ප්‍රධානියා වශයෙන් ගරු බැසිල් රාජපක්ෂ මහතාව පත් කලා. මේ බලකායේ අපි කිහිපදෙනෙකුත් ඉන්නව. 

මේකෙදි අපි බැලූව කොහොමද මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්ඩ ලබා දෙන්නේ කියල. එදිනෙදා වැටුප් උපයන අයට එක් ක‍්‍රමවේදයකුත් සල්ලි දීල බඩු ලබා ගන්න අයට එක් ක‍්‍රමවේදයකුත් ලෙස අපි ක‍්‍රමවේදයක් සැළසුම් කලා. මේක පටන්ගෙන තවම දින කීපයයි ගතවුණේග ඒ නිසා තවම පොඩි අඩුපාඩුකම් තිබෙන්නට පුලූවන්. භාන්ඩ ලගට ආවට මිලදී ගන්න අතේ මුදල් නැතිවෙන්නට පුළුවන්. අපි දන්නව ඒක ඒටීම් යන්ත‍්‍ර තිබෙන්න නගරයේ. සල්ලි ගන්න යන්න වෙනවා. ඒකයි කලිනුත් කිව්වෙ. අත්දැකීමකට මුහුණ දුන්නමයි අපිත් ඒ දේවල් තෙරුම් අරන් ක‍්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනව මේ විදිහට දෙවල් කරල ඒකෙන් සාර්ථක ප‍්‍රතිපල ලබාගන්නට.  සාර්ථක ප‍්‍රතිපල ලැබෙන්නටත් පුළුවන් සමහර විට බලාපොරොත්තු වූ තරම් ප‍්‍රතිඵල නොලැබෙන්නටත් පුළුවන්. ඒ තැන් සොයාගෙන ආයෙ එහෙම නොවෙන්නට මෙම කාර්‍ය සාධක බලකාය මගින් කටයුතු කරනවා. මේ විදිහට අපි හඳුනගත්තු ගැටළුවක් තමා තව විශ‍්‍රාම වැටුප් ලබන අයග මේ වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදාවම මේ වන විට අපි සූදානම් කරල තිබෙනවා ඒ වැඩ කටයුතු කරන්න. බැංකු වල කාර්ය මණ්ඩලවලටත් කතා කරල තිබෙනවා සුළු පිරිසක් සම්බන්ධ කරගන්න කියල. විශ‍්‍රාම වැටුප් ලබන අය කියන්නෙ වයසින් වැඩි අය ඔවුන්ට එන්නට අපහසු වෙන්නට පුළුවන් ඔවුන්ට එම වැටුප ලබා ගන්නට හැකි ක‍්‍රමයක් ත‍්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් අපි ක‍්‍රියාත්මක කරනවා. මේ සියලුම දේ ඉදිරි දිනවලදී සිදු කරන්නට ගරු බැසිල් රාජපක්ශ මැතිතුමාගේ නායකත්වය යටතේ සූදානම් කරල තිබෙනවා. මේ විදිහට විශ‍්‍රාම වැටුප් ලබන අයට ඒක ලෑබෙන ආකාරයට ක‍්‍රමවේදයක් සකස් කරල තිබෙනවා. එලෙස ලබාගන්නා පිරිස 658000 පමන ඉන්නවා. බෙහෙත් ලබා දෙන ක‍්‍රමවේදයක් ඒ ආකාරයෙන්මයි. බෙහෙත් ලබාගන්නට රෝහලට යන අය වෙනුවෙන්ද අළුතෙන් දෙයක් කරල තිබෙනා. අපි දන්නවා රෝහල් වලට ඇවිත් කාර්ඞ් එක පෙන්නලා බෙහෙත් ගන්නවා ඔවුන්ට තැපැල් මඟින් බෙහෙත් ලබා ගැනීමේ පහසුකමක් ලබාදීලා තිබෙනවා. 

තැපැල්කරු එම පළාතේ ඉන්න සෑම පුද්ගලයෙක්ම හඳුනනවා.  ඒ අනුව අපි සෞඛ්‍ය වෛද්‍යය නිලධාරීන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ අදාල නිළධාරීන් මඟින් එම සේවය ලබාදෙන්නට කටයුතු කරනවා.  නමුත් සමහර අවස්ථා තිබෙනවා කාර්ඞ් එකේ තිබෙන නමයි ලිපිනයයි වෙනස්  අපි ඔවුන්ට කියනවා එහෙම වෙනසක් තිබෙනවානම් ඒ බව වහාම රෝහලට දැනුම දෙන්න. අපි ඒ බව මෙම මාධ්‍ය මගිනුත් ඔබට කියනවා. සල්ලි දීල පෞද්ගලිකව ගන්න පුළුවන් අයට ඔසු සැල් ඇරල තිබෙනවා. ඒ වගේ ඩිලිවරි ක‍්‍රමයට වට්ස් ඇප් මාර්ගයෙන් ගන්න පුළුවන් විදිහටත් ක‍්‍රමවේදයන් සලසල දීල තිබෙනවා. මේ යනාදී වශයෙන් විශාල ව්‍යාපෘතියක් රටේ ජනතාව වෙනුවෙන් කරගෙන යනවා.  මේක පැය 72ක් 90ක් වගේ ඉතාමත් කෙටි කාලයකින් හදපු ක‍්‍රම වේදයක්. ඒ නිසා සුළු අඩුපාඩුකම් තිබෙන්නටත් පුළුවන්.  නමුත් අපි ඔසුසැල් වල හිමිකරුවන්ටත් දැනුම්දී තිබෙනවා නම්‍යශීලීව කටයුතු කරන්නට කියලා. රජය බලපොරොත්තු වෙනව දිය හැකි උපරිමය ලබාදෙන්න. අපි හදිසි ඇමතුම් අංක දැනුම් දීල තිබෙනවා.  ඕනම වෙලාවක එම ඇමතුම් වලට කතා කරල කියන්නත් පුළුවන්කම තිබෙනවා.   

ග‍්‍රාම නිළධාරී මාර්ගයෙන් අවසරපත‍්‍රයක් ලබාගෙන නගරයට ඇවිත් බඩු මිලදී ගන්න හැකියාව ලබාදෙන්න සහ ගං තුල තිබෙන කඩ විවෘත කරල තියන්න, එතකොට ශාරීරික දුරස්ථභාවයත් තබාගෙන බඩු මිලදී ගන්න පුළුවන් සහ නගරයට එන්නට තිබෙන තදබදය අඩු වෙනව කියල යෝජනාවක් තිබෙනවා නේද ?

ඔය කාරණාව චීනයෙත් ක‍්‍රියාත්මක කලා කියල කියනව සමහරු. එක පවුලකට එක කාර්ඞ් එකයි කියල. නමුත් එක වරකට පවුලේ පිරිමියා මේ කාර්ඞ් එක අරන් යනව අනිත් වෙලාවට කාන්තාව ගිහින් එනවා. ඇඳිරිනීති පාස් එකක් ලබාදෙන අවස්ථා වලදීත් මහත්තයාට ලබාදුන් පාස් ඒක අරන් නෝන ගිනින් එන අවස්ථා අපි දැක්ක. මෙම ක‍්‍රමවේද ඉතාමත් හොඳයි. කාර්‍යසාධක බලකාය තුලත් මේ ගැන කතිකාවතක් ඇති වුනා. නමුත් ගන්න තිබෙන හොඳම ක‍්‍රමය තමා මේ අරන් තිබෙන්නේ. මීට දින කිහිපයකට කලින් ඔය කියපු ක‍්‍රමය අපි අත්හදා බැලූව. ගමේ එක කඩයක් ඇරල තිබුනොත් එක්කෙනා දෙන්න ගිහි බඩු මිලදී ගත්ත. මමත් මාධ්‍ය මගිනුත් කිව්ව ඔබේ කඩවල බඩු තිබෙනවානම් ඒව ඇරල ජනතාවට බඩු මිලදී ගන්න ලබාදෙන්න කියල. නමුත් සමහරු මේ දේ කලේ නෑ. ඔබ කල යුතු වන්නේ එලෙස ඔබේ වෙළඳසැල් විවෘත කරල ජනතාවට බඩු මිලදී ගැනීමට දීමයි. සමගිය ශක්තියයි යන්න හිතෙ තියාගෙන අප මෙය කල යුතුව තිබෙනවා. මේකෙ භයානකකම තිබෙන්නේ වෛද්‍යවරුන් කියන විදිහට ඔබේ නිවස ඇතුලෙ කොරෝන නෑ. ඔබ එලියට ගියොත් විතරයි කොරෝන එන්නේ. පෞද්ගලිකව හැමෝටම වගකීමක් තිබෙනවා මේකෙන් බෙරෙන්න. තමුන් බේරුනොත් හැමෝම බේරෙයි. මේ කතා කරන ඔබේත් මගෙත් ඇෙඟ් වෛරසය තිබෙනවාද කියල අපි දන්නෙ නෑ.


කොරෝනා ආසාධනය වුණු පුද්ගලයින් ඇසුරු කරපු අය කවුරුන්ද කියල බුද්ධි අංශ සාමාජිකයින් යොදවලා සොයාගන්නවාද ?

ඔව් අපි හොයාගෙන යනවා. අද හවස නැති වුණු පුද්ගලයා එක පාරටම මතුවුනේ ප‍්‍රයිවට් හොස්පිටල් එකකින්. ඒත් එක්කම අද උදෑසන මීගමුව ඉස්පිරිතාලෙට එනවා. දැන් මුලින් අපි එකසිය විසි ගානම හොයාගත්තෙ පළවෙනි දවස දෙවෙනි දවසෙම ආව නිසා. සඟවන්නෙ නැතිව කියපු අය. මෙහෙම නොකිය හිටියෙ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම කියන්නටත් බෑ. අපේ වෛද්‍යවරුන් සෑමවිටෙකම කියනවා. කැස්ස තිබෙනවානම් උන තිබෙනවානම් දන්නව මේ රෝග ලක්ශන තිබෙනවා කියල. ලෝකයේ දක්ෂම වෛද්‍යවරුන් ඉන්න රටක් ලංකාව. අධ්‍යාපන මට්ටම වැඩියි. වෛද්‍යවරු කියලම සාමාන්‍ය පුද්ගලයොත් ඒක දන්න තත්වයට ඇවිත් තියෙනවා. ඒ නිසා  ඕනම කෙනෙක් එන්න දැනගන්න  ඕන. මුලින්ම අපි රෝහල් 14කින් වගෙ පටන් අරන් 24 දක්වා රෝහල් ප‍්‍රමානයත් වැඩි කලා. අපි හෝමාගම මේ වෙනුවෙන්ම රෝහලක් විවෘත කලා. අතිගරු ජනාධිපති තුමත් අද සවස මට කතා කරල කිව්ව ඉරනවිල එකත් කොහොම හරි හදන්න කියල. ඒක දින හයකින් වගේ හැදෙන්න තිබුනෙ නමුත් මම ‍‍උපදෙස් දුන්න කොහොමහරි තව පැය 48කින් හැදෙන්න  ඕන කියල. ඇයි මෙහෙම කරන්නේ. එහෙම රෝග ලක්ශන තිබෙන අය රඳව ගන්න. ඔබතුමා අහපු ප‍්‍රශ්ණයට පිළිතුරු දුන්නොත් ඔව් අපි හැම කෙනාවම හොයාගෙන තිබෙන්නේ. හොයාගන්න තිබෙන්නේ අද හවස සොයා ගත්තු කෙනා විතරයි. අපේ හමුදවේ ඉනවා ඉතා දක්ශ බුද්ධි අංශයක්. පළවෙනියටා හොයා ගත්තු ටුවර් ගයිඞ් 64 දෙනෙක් එක්ක සම්බධ වෙලා තිබෙනවා. ඔවුන්ව අපි හොයා ගත්ත. අද වෙනකොට ඔහු පිට වෙලත් ගිහින් තිබෙනවා.  අනික් 64 දෙනත් ඉතාමත් හොඳින් ඉන්නවා. මෙහෙම කරන්න අපට පුළුවන් උනේ අපේ හොඳ ක‍්‍රමවේදයක් තිබුණු නිසයි. අපි ඒ අයව හොයාගෙන ගිහින් කිව්ව කොහොමද ස්වයං නිරෝදයනයට ලක්වෙන්නෙ කියල. අපි එහෙම ඉන්න හැම කෙනෙක්වම හොයාගත්ත. හොයාගන්න බැටි වුනේ හංගපු අය විතරයි. හොයාගෙන ගියාමත් නොකියන අවස්ථා තිබුනා. ගාල්ලෙන් කෙනෙක් එක පාරම මතු වුනා වගේ. අපි හමුදවක් වශයෙන් ඔවුන් අපට ඇත්ත කිව්වනම් හැම කෙනෙක්වම හොයාගෙන යනවා. එහෙම නොකියපු පුද්යලයෙකුට කරන්න පුළුවන් දේ දැනුම්දීලා තියෙනවාග ඇමරිකාවෙ බලන්න කොච්චර හොයාගන්න බැරි වුණු ප‍්‍රමාණයක් ඉන්නවද කියල. එහෙම ඉදල අපෙන් අහනව ඇයි හමුදාව හැම එකටම යොදවන්නෙ කියල. අපි කියන්න  ඕන අපි නියමිත කාලයට වැඩ කරල තිබෙනවා.  වෙලාවට වැඩ කරල තිබෙනවා. වැඩිම මිනිස් බලයක් ඉන්නෙ අපට. විනයක් හොඳින්ම තිබෙන පිරිසක් අපි. කලින් සඳහන් කල මධ්‍යස්ථානය පැය 48න් කොහොම හරි හදනවා. නොහැක්කක් නොමැත. ඒ හින්ද තමයි අපි අද මෙතැනට ඇවිත් තියෙන්නෙ. ඒකයි අපි මරණ ප්‍රමාණය සීමා කරගෙන තියෙන්නෙ එකසිය ගානක් රෝගින් ඉඳිද්දි. සෞඛ්‍ය අංශ සහ ත‍්‍රිවිධ හමුදාව එහෙම ඉන්න නිසයි පාලනය වුණේ. 


ඔබතුමන්ට මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්න තිබෙන ඉල්ලීම ? 

කෙටියෙන්ම කිව්වොත් පුද්ගලයෙක් විසින් නැසෙනවද ඉන්නවද කියන තත්වයක් තිබෙන්නේ. තමුන් එළියට බැහැලා එහේ මෙහේ ගිහින් වෛරසයට අරන් ආවොත් ඇරෙන්න කොරෝන එක තමුන්ගෙ ගෙදරට එන්නේ නෑ. අපි වෛද්‍යවරුන් නෙමේ නමුත් කාර්යසාධක බලකායක් පිහිටුවලා අපි වෛද්‍යවරුන් ඇසුරු කරන නිසා දන්නවා. අපි මේ කරන්නේ අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්නයි. අපි පැරදිච්ච ජාතියක් නෙමෙයි. අපේ රටට කොතරම් ව්‍යසන ආවත් අපි කොහොමහරි නැගිටලා අවසාන වශයෙන් ජයග්‍රහනය කරපු රටක්. අපි හැමදාම දිනපු රටක් අපට පරදින්න කිසිම හේතුවන් නෑ. මේ කොරෝනා එක දිනනවද පරදිනවාද කියන එක තිබෙන්නේ ජනතාවගේ අතේ. යුද්ධයක් වගේ නෙමේ යුද්දෙදි ජනතාවගේ උදව් තිබ්බ. යුද්දෙට සෘජුවම මූණ දීපු අයගෙ අතෙයි තිබුනෙ අපි දිනනවද පරදිනවද කියන එක. නමුත් මේක ඊට වඩා වෙනස්. මේක තිබෙන්නේ ජනතාවගේ අතේග ජනතාව වෛද්‍යවරුන් කියපු විදිහට හැසිරුනොත් මේකෙන් බේරෙන්න පුළුවන්. ඔබට වලේ වැටෙන්න දෙන්නෙ නෑ අපි ඇදල ගන්නව කෙසේ හෝ ඔබව. ඔබත් රැකිලා පවුලත් රැකගෙන රටම රැකගන්න කියන එකයි ඉල්ලන්න තිබෙන්නේ.

සංවාදය -  දිලංක ගුණතිලක / සම්පත් වේගිරිය

''කොරෝනා වෙස් වළාගෙන එන ආශිර්වාදයක්‘‘ - ගල්කන්දේ ධම්මානන්ද හිමි



සාකච්ඡාව  - ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


කොවිඩ්-19 නැත්නම් කොරෝනා ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපේ රටේ පූජ්‍ය පක්ෂයේ කාර්යය හා වගකීම විය යුත්තේ මොකක් ද?


අපි මේ මුහුණ දී තිබෙන ප්‍රශ්නයේ අංශ ගණනාවක් තිබෙනවා. එකක් භෞතික වශයෙන් මේ වෛරසයට අප විවෘත වූ විට සිදුවන ක්‍රියාවලියයි. එයින් ආරක්ෂාවීමට අවශ්‍ය දැනුම බෙදීමේ ක්‍රියාවලිය යි. එය අදාළ අංශ වලින් ඉතාම හොඳින් කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේ එයට සහාය ලබාදීම යි. අපි මේ වෙලාවේ ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා දෙන පණිවුඩයට සියලුදෙනා අනුගත වෙන්න ඕනෑ. බුදුහාමුදුරුවෝත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත්තා. 

ඇත්තටම මේ වෙලාවේ පූජ්‍ය පක්ෂය වුණත් සමූහගත වීම උත්තරය නෙමෙයි. කළ යුතු වන්නේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම යි. මිනිස්සු ආගමික නායකන්ට සවන්දෙන තත්ත්වය මේ වෙලාවේ මේ වෛරසයට මුහුණදීමට අවශ්‍ය සෞඛ්‍යමය හා විද්‍යාත්මක පාර්ශ්වයෙන් ලැබෙන දැනුම සමාජගත කිරීමට පාවිච්චි කිරීම උචිත බවට මම යෝජනා කරනවා. එය පූජ්‍ය පක්ෂයෙන් කළ හැකි එක් සහයෝගයක්.


දෙවැන්න, නොයෙක් පුද පූජා වැනි දේට මිනිසුන් එක් රැස් නොකර සිටීම යි. එසේ නොකර ආගම පැත්තෙන් කළ හැකි දේ තිබෙනවා. දින ගණනාවක් පවුලේ අය ගෙවල් වලින් පිටතට යන්නේ නැතිව ඉන්නා විට විවිධ පීඩන මතුවෙන්න පුළුවන්. ඒවා වැළැක්වීමට එක් රැස්වීම් වලින් තොර යම් ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන්.


ඒ වගේම ආහාරවලින් සූදානම්වීමත් කළ හැකියි. අපි වීඩියෝ නොකළත් ගස්වල කොස් කඩලා අටුකොස් සෑදීම ආදී ලෙස ආහාර වලින් සූදානම් වීමේ කටයුතුත් සිදුකිරීමට කල්පනා කළා. එවැනි දේ වුවත් අපි මිනිස්සු අතරට ගෙන යා යුතුයි කියලා මම හිතනවා. ඒවා අපේ පරණ දැනුම. අපි ආහාර වර්ග කල් තබා ගැනීමේ ක්‍රම දැන සිටියා. කාලයත් සමග පැකට් කරන ලද සියලු දේ ගන්න අපේ ඔළුව හැදූ තත්ත්වයක් තුළ දැන් අපට එම දැනුම නැහැ. හැබැයි ඒ දැනුම තියන වැඩිහිටියෝ තවම ඉන්නවා. ඒ නිසා එවැනි අංශ ගණනාවකින් අපිට වැඩ කරන්න පුළුවන් කියලා මම හිතනවා.


දේශපාලන හෝ ජාතිවාදී අරමුණු වලින් විශාල හඬක් නගන ඇතැම් චීවරධාරීන් සිටියත් සැබෑ ලෙසම ජනතාව අර්බුදයකට මුහුණදෙන මේ අවස්ථාවේ ඔවුන් නිහඬතාව ආරක්ෂා කරන බව පෙනෙනවා.


දේශපාලනයට යොමුවූ සහ දේශපාලනඥයන් පාවිච්චි කරන හාමුදුරු පිරිසක් ඉන්නවා. මාධ්‍ය ආකර්ෂණය කරගෙන ඒ අයගේ පණිවිඩය දෙන්න ඒ අය දන්නවා. මේ වෙලාවේ ඒ අයට ඒ වැඬේ කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අය ගැන විශේෂයක් නොදක්වා අපි කටයුතු කරන එක තමයි මේ වෙලාවේ කළ යුතු වෙන්නේ කියලා මම හිතනවා.


මෙම අර්බුදය හමුවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ විවිධ මත පළවෙනවා. මෙවැනි වසංගත තත්ත්වයක් පැතිරෙන අවස්ථාවක කටයුතු සිදුවන කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය හැකි ද, එසේ නොවේ නම් ඒවා විධිමත් කිරීම වෙනුවෙන් ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ කොහොම ද?


මේ වන විට රජය ස්ථාවර වුණු එකක් නෙමෙයි. ජනාධිපතිවරයා අලුත් කෙනෙක්. ඒක සකස්වෙමින් පවතින තත්ත්වයක තමයි මේ ගැටලුව මතුවන්නේ. ඒ අයත් ඉගෙන ගනිමින් මේ කටයුතු කරනව බව පෙනෙනවා. මුලින්ම ඇඳිරිනීති දාලා මේක නතර කරන අදහසක් තිබුණේ නැහැ කියලා මම හිතනවා. හැබැයි ඒකට ආ අනෙක් මත ඉදිරියේ ඒ අය නම්‍යශීලීව ඒ කටයුතු කිරීමට ඉඩ සලසා තිබුණා. ඒ වගේම ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ආහාර ලබා ගැනීම. ඉදිරියේ දී ඒ යාන්ත්‍රණයන් විධිමත් ලෙස සකස් කරාවි කියලා මම හිතනවා. මේ වෙලාවේ මම විවේචනාත්මක වෙන්නේ නැහැ. මොකද අඩුපාඩු තිබුණත් මේක ඒවා හදාගෙන යන්න ඕනෑ තත්ත්වයක්. මේක මම දකින්නේ අපි ඔක්කෝම වගකීම බෙදාගන්න ඕනෑ තත්ත්වයක් විධියටයි. මේක පැතිරීම වැළැක්වීම ඇත්තටම රජයට විතරක් තනියම කරන්න බැහැ. අපි දින පහළොවක් විස්සක් පරෙස්සමින් කටයුතු කළොත් මම හිතන්නේ මේක වළක්වන්න වේවි. රජය කරන්න ඕනෑ මිනිස්සු එළියට යාමට බල කරන ආහාර, බෙහෙත් වැනි මූලික අවශ්‍යතා වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීම තුළින් ඒවාට පිළිතුරු සොයා දීමයි.

නිරෝධායනය වැනි කටයුතුවල දී පැන නැඟුණු ගැටලු සමග ඇතැම් පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පවා අපහසුතාවට පත්වන ආකාරයේ ද්වේශ සහගත ප්‍රතිචාර එල්ලවීම්, සදාචාරාත්මක නොවන ප්‍රචාරයන් සිදුවනු සමාජය තුළ දක්නට ලැබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?


මේ පවතින තත්ත්වය අපට පළපුරුදු තත්ත්වයක් නෙමෙයි. ලංකාව විවිධ ගැටලු වලට මුහුණ දීලා තිබුණත් මෙම තත්ත්වය ඒවාට වඩා වෙනස් එකක්. එනිසා මෙවැනි අවස්ථාවක ගැටලු මතුවීම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මේක කළමනාකරණය කරගන්න යද්දී කාටවත් අත්දැකීම් නැහැ. ඒකෙදී හැම පාර්ශ්වයක්ම නම්‍යශීලී වෙන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ වගේම මීට කලින් මොනවාහරි බෙදීම් තිබුණා නම් තවදුරටත් ඒ බෙදීම් මොන විධියට හෝ නඩත්තු වන දේ නොකළ යුතුයි. ඒ නිසා නිරෝධායනයට නොගිය අය සම්බන්ධයෙන්වත් මම හිතන්නේ අපි අහිතක් නොසිතා ඒ අයගේ හිත වෙනස් කර මේකට යොමුකරන්නේ කොහොම ද කියන දේ ගැන කටයුතු කළ යුතුයි. මොකද, මොකද්ද මේ වෙන්නේ කියලා ඒ මිනිස්සුත් හරියට දන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රවේශය ඉතාම වැදගත් කියලා මම හිතනවා.


වෛරසයට ජාති ආගම් භේද හෝ සමාජ තරාතිරම වැදගත් වෙලා නැති වුණත් වගකීමෙන් කටයුතු කළ යුතු පාර්ශ්වයන් පවා ඇතැම් අවස්ථාවල මේ තුළ බෙදීම් අමතක කර නැති බව පෙනෙනවා.


ඔව්. එක් පුවත්පතක් රෝගීන් පිළිබඳ හඳුන්වා දී තිබුණේ පළමු රෝගියා මත්තේගොඩ ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නෙක්, දෙවැන්නා ශ්‍රී ලාංකිකයෙක්, තුන්වැන්නා එංගලන්තයේ සිට පැමිණි මඩකළපුව ප්‍රදේශයේ අයෙක් බවත් ඔහුගේ ජාතිය කුමක් ද යන්නත් වාර්තා කිරීමෙනුයි. තවත් කොරෝනා වැළඳුණු රෝගියෙකු එය පිළිගන්නේ නැතිව වෛද්‍යවරු සමග රණ්ඩු වූ පුවතක් සම්බන්ධයෙනුත් පුවත්පතක් වාර්තා කර තිබුණේ ඔහුගේ ජාතිය කුමක්ද යන්නත් ඉස්මතු කරමිනුයි. මෙතරම් දෙයක් වුණාට පසුවවත් මේ මාධ්‍ය ආයතනවල අය අවදි වෙලා නැහැ. ඇත්තටම කොරෝනා ඉතාම හොද පණිවිඩයක් ගෙනෙනවා. නමුත් අපි තවම ඒකට අවදිවෙලා නැහැ.


ගෝලීය වසංගතයක් වන කොරෝනා සමාජ ආකල්පමය වෙනසක් ගෙනෙන පණිවුඩයක් බවට පත්කරගත හැකි වන්නේ කොහොමද ?


මේ තිබෙන අභියෝගය මුළු මානව වර්ගයාට එරෙහි අභියෝගයක්. ඒ නිසා ඒ ඉදිරිපිට ඉතාම ධනවත් පුද්ගලයා ද රජ කුමාරයා ද කියා එකක් නැහැ. ඒ අතින් මේක වෙස් වළාගෙන එන ආශිර්වාදයක් කියලා මම දකිනවා. අපි මවාගෙන සිටි ලෝක සම්පූර්ණයෙන්ම බිමටම කඩලා දාලා අපි මනුෂ්‍යයෝ හැටියට එකිනෙකා ගැන බලන්න ඕනෑ කියන පණිවිඩය එහි තියනවා. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ රටවල්වල රෝගීන්ට ලබාදෙන්න තරම් ඇඳන් නැති වුණත් මම හිතන්නේ ජනගහනයෙන් භාගයක් නසන්න තරම් ඒ හැම රටකම වගේ ආයුධ තියනවා. එතකොට අපි ආව පාර, ඒ ආ ගමන කොරෝනා විසින් බරපතළ විදියට අභියෝගයට ලක් කරලා තියනවා කියලා මම හිතනවා. ඒ නිසා මෙතැනින් එහාට මානව ශිෂ්ටාචාරය වෙනස් විය යුතුයි. ඒ සඳහා අපි වැඩ කරන්න ඕනෑ. මේක අවසන් වුණාට පස්සේ නැවත වෙළෙඳපොළ ආර්ථිකය හැකි තරම් ලාභ ලැබීම්, පරිසරය අසීමිත විදියට හූරාකමින් ඒ ගැන කිසිම හැඟීමක් නැතිව කරන විනාශය අවම වන ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන දේ හිතන්න අවශ්‍යයි. මේ වෙලාවේ කුරුල්ලන්ට, අනෙක් සතුන්ට කොහොම දැනෙනවා ඇති ද කියලා අපි නිකමට හිතමු. මුළු ලෝකයේ ම මිනිස්සු වැඩ කළේ වෙන කිසිම ජීවියෙක් ඉන්නවා ද, ඒ අයත් එක්ක ඉන්න ඕනෑ කොහොම ද කියන හැඟීමක් නැතිව යි. අනෙක් අයත් ඉන්න ඕනෑ, ඒ අයට වදයක් නොවෙන විධියට අපි ඉන්නේ කොහොමද කියන දේ සහ පරිසරය විනාශ කරගෙන අපිට යන්න බැහැ කියන දේ අපි තේරුම් ගත යුතුයි. එවැනි දැවැන්ත වෙනස්කම්වලට මේක දොරටුවක් වේවි.


මේක පොදුවේ මුළු මානව සංහතිය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක්. අපි ඒ විදියට මේක තේරුම් ගත යුතුයි. අපේ වගකීම් මොනවා ද කියලා ඒ අනුව තේරුම් ගත යුතුයි. මේකට නිකම්ම ඇවිත් යන්න නොදී මෙය ගෙන එන පණිවුඩය අපි වටහා ගන්න ඕනෑ. අපි එකිනෙකාට ආදරය කරුණාව දැක්විය යුතුයි. ඇයි අපිට අවි ආයුධ ඕනෑ වෙන්නේ, කොතැන හෝ මිනිස්සු මැරීමට නේද. තණ්හාව සහිත ගමනේ ප්‍රතිඵලය නිසා තමයි ආයුධ ඕනෑ කරන්නේ. බුදුදහම, කිතු දහම වැනි ඒවායේ ආගම් හරයන් ගත්තාම දුකට හේතුව තණ්හාව බව කියවෙනවා. අනෙක් ආගම් පිළිබඳ මම ගැඹුරට දන්නේ නැහැ. ඒ වගේම අල්පේච්ඡ බව පිළිබඳවත් එම ආගම් දෙකේම කියැවෙනවා. බෙදාහදා ගැනීම් ගැන සඳහන් වෙනවා. එහෙම නම් අපේ ජීවිත වලට ආයුධ ඕනෑ කරන්නේ නැහැ, මේ තරම් තරග නැහැ. අපේ රටේ ඉන්ධන භාවිත කරන වාහන වෙනුවට විදුලි වාහන පාවිච්චි කරන්න අපට බැරි ඇයි. අපේ සම්පත් හඳුනාගෙන පරිසරයත් රැකගෙන යන්නේ කොහොමද කියලා අපිට හිතන්න බැරි ඇයි. මෙහි ආකල්පමය වෙනසකට පාදක වෙන ගොඩාක් පැති තියෙන්න පුළුවන්. ඒ නිසා මේක නිකම්ම රෝගයක් වෛරසයකට වඩා මේක ඊට එහා ගිය එකක් කියලා මම හිතනවා.


මෙම දිනවල ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වර්ධනයක් ද වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණා. නිවාස තුළ හිරවීම සමග ඇතිවන ආතතිය දුරලීම සම්බන්ධයෙන් ආගමික නායකයින්ට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද ?


පිටතට යන්නේ නැතිව දින ගණනාවක් නිවෙස්වල රැඳී ඉන්නා විට විවිධ පීඩන මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ළමයින්ට සෙල්ලම් කරන්න එළියට යා නොහැකියි. ඒ වගේම පවුලේ අය අතරත් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉස්සර නම් ගැටලුවක් මතුවන විට එක් අයෙක් එළියට ගිහින් ටිකක් ඉඳලා එද්දී ඒ ගැටලුව ඉවර වෙලා වෙන්න පුළුවන්. දැන් එසේ කළ නොහැකි වීමත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මතුවෙන්න එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන්. ඒ ඒ ආගම අනුව ඒවාට විවිධ ක්‍රමවේද තියනවා. බෞද්ධ ධර්මය පැත්තෙන් මෛත්‍රී භාවනාව හෝ සතිය පිහිටුවා ගැනීම වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඉතාම වැදගත් වෙන්නේ සතිය පිහිටුවා ගැනීමයි. තමන් ඇල්ලුවේ මොනවාද, තමන් තව කෙනෙක්ට කොතරම් දුරින් ද ඉන්නේ, තමන් දාගෙන ගිය පාවහන් එළියේ ගලවා ආවාද නැතිනම් එයත් සමගම නිවස තුළට ආවා ද ආදී ලෙස සතිය පිහිටුවා ගැනීම කියන දේ සම්පූර්ණයෙන්ම මේකට අදාළයි. ඒ නිසා අන්තර්ජාලය හරහා භාවනා වැඩසටහනක් පටන් ගැනීමටත් අප සැලසුම් කර තිබෙනවා. එවැනි දේ ආගම් පැත්තෙන් කරන්න පුළුවන්. ඒ වගේම ලෝකය පුරා තිබෙන බෞද්ධ ආගමික ස්ථාන පහළොවක් පමණ එකතුවෙලා එක් ආයතනයක් පැය බැගින් මාරුවෙන් මාරුවට විසිහතර පැය පුරා වන පිරිත් වැඩසටහනක් අන්තර් ජාලය හරහා සිදුකිරීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වෙලාවේ අපටත් සීමාවල් තියනවා, එළියට බහින්න බැහැ. ඒ නිසා ආධ්‍යාත්මික කටයුතු සඳහා එවැනි ක්‍රම අනුගමනය කළ හැකියි.



(උපුටා ගැනීම - ‘රාවය‘ පුවත්පතිනි) 

‘‘බෙයන්ද් මියැසිය‘‘ හෙට පාහිංයගල ලෙනේ දී


තරුණ සංගීත නිර්මාණ ශිල්පියෙකු වන සාගර සුරේෂ් විජේසිංහ තමන්ට ආවේණික වූ සංගීත ශෛලියකින් ප්‍රසංග මාලාවක් පවත්වාගෙන යයි. මෙම ප්‍රසංග මාලාව ලංකාවට සුවිශේෂී වන්නේ මෙය ස්වභාවික එළිමහන් පරිසරයක් තුළ පවත්වන නිසායි. එහි නවවන ප්‍රසංගය ‘බෙයන්ද් මියැසිය‘ 2020 ජනවාරි පලමු වැනිදා දහවල් 02 ට  පාහියංගල ලෙන පරිශ්‍රයේදී පැවැත්වෙයි. මේ ඔහු ඒ ගැන පළකල අදහස්ය. 


ඔබ පිළිබඳව හඳුන්වා දුන්නොත්?

මගේ නම සාගර සුරේෂ්. මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බටහිර සංගීත වාදනය පිළිබඳව අධ්‍යාපනය හදාරනවා. එතකොට ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. ඊට අමතරව ප්‍රේමසිරි කේමදාස ඇකඩමියේ සංගීතය අධ්‍යයනය කරනවා. ඒ වැඩසටහන්වලට අමතරව මම සංගීත ප්‍රසංග කිහිපයක් පවත්වාගෙන යනවා.

එම ප්‍රසංග මාලාව පිළිබඳව පැවසූවොත්?

අපි මේ සංගීත මාලාව සිදු කරන්නේ ස්වභාවික පරිසරයේ ඉඳලාමයි. මෙහි සංගීත නිර්මාණ සියල්ලම ස්වභාවික පරිසරය, සුන්දරත්වය තේමා කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම ප්‍රසංගවල අපි කිසිම ගායනාවක් භාවිතා කරලා නැහැ. සියළුම දේවල් සංගීත භාණ්ඩ භාවිතා කරලා තමයි සිදු කරන්නේ. ලංකාවේ ස්වභාවික පරිසරයක් තුළ එකම ප්‍රසංග මාලාව මේක. මේ කොන්සට් එකේදී ප්‍රේක්ෂකයන්ව අපි වාදන ශිල්පීන් ළඟට ගෙන්වා ගන්නවා. කිසිම ශබ්ද පරිපාලන උපකරණයක් මේ කොන්සට් එකට භාවිතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඔරිජිනල් ශබ්දයෙන් තමයි කොන්සට් එකම සිදුවෙන්නේ.


මේ ප්‍රසංග මාලාව ආරම්භ වෙන්නේ කොහොමද?

මේ වනවිට මම මෙම මෙවැනි ප්‍රසංග අටක් ලංකාව පුරා පවත්වා තිබෙනවා. එහි නව වැන්න ජනවාරි පලමුවැනිදා පාහියංගල ලෙනෙහි සිදු කරන්නට නියමිතව තියෙන්නේ. ඒක පැය එකහාමාරක පමණ ප්‍රසංගයක්. මෙහි පලමු ප්‍රසංගය පැවැත්වූයේ මීරිගම වනාන්තරයක් තුළයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඇතුව තමයි ඒ ප්‍රසංගය පැවැත්වූයේ. මුල්ම ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයන් පන්සියයක් පමණ එකතු වුණා. ඒ ප්‍රසංගය නම් කරේ හරිත මියැසිය නමින්. ඉන්පසු අල්ගම ඇල්ල කියන ස්ථානයේදී නීල මියැසිය නමින් ප්‍රසංගයක් පැවැත්වූවා.

මේ ප්‍රසංගයෙහි ඇති විශේෂත්වය මොකද්ද?

මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ‘බෙයන්ද් මියැසිය’ නමින්. බෙයන්ද් කියන්නේ ගුහාව කියන එක. එතකොටම මේක අපේ අනෙක් ප්‍රසංගවලට වඩා වෙනස් වෙනවා හේතු කිහිපයකින්. ගුහාවක් තුළ ඉද්දි ප්‍රේක්ෂකයන්ට දැනෙන හැඟීම කොහොමද කියන දේට අපි සංගීතමය අර්ථකතනයක් දෙනවා. අපේ පැවති කිසිම ප්‍රසංගයකදී වචන භාවිතා කළේ නැහැ. නමුත් මේ ප්‍රසංගයේදී අපි වචන කිහිපයක් භාවිතා කරනවා. එහිදී අපි යොදාගන්නවා සීගිරි කුරුටු ගීත කිහිපයක්. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඒ ජීවන චර්යාවන් අධ්‍යයනය කරමින් සංගීත නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වැනි ප්‍රසංගයක් පවත්වන්නට සිතුවේ ඇයි?

අද ලංකාවේ සංගීතය රඳා පවතින්නේ ‘ගීතය’ කියන දේ මතයි. නමුත් අපි බැලුවොත් ලෝකයේ බොහෝ ප්‍රසංග පැවැත්වෙනවා ගීතයෙන් තොර වූ හුදෙක් සංගීතයම පමණක් භාවිතා වන. ලංකාවේ මේ ප්‍රවණතාවය අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ගීතයෙන් ඔබ්බට සංගීතය ලංකාව තුළ ප්‍රචලිත කිරීමට තමයි අපේ අරමුණ වන්නේ. මෙහි කිසිඳු වචනයක් භාවිතා වන්නේ නැති නිසා මෙම සංගීත ප්‍රසංගය ඕනෑම ජන වර්ගයකට පහසුවෙන් ග්‍රහණය කර ගන්නට පුළුවන්. ලංකාවේ රසිකත්වය වැඩි කරගන්න, ප්‍රේක්ෂකාගාරය දියුණු කරගන්න එකත් අපේ එක්තරා අරමුණක්.

ප්‍රසංගයට ආරාධනා කළොත්?

ඔව්. ජනවාරි පලමුවැනිදා පාහියංගල ඓතිහාසික ලෙන පරිශ්‍රයේ පැවැත්වෙන ‘බෙයන්ද් මියැසිය’ ප්‍රසංගයට සංගීතයට කැමති සියළුම රසිකයන්ට ආරාධනා කරනවා.


(උපුටාගැනීම ‘සාරවිට‘ වෙබ් අඩවියෙනි)


‘‘බැඳුම්කර හොරු රැළට රාජපක්ෂ ආණ්ඩුව දඬුවම් කරාවිදැයි බලමු‘‘ - සුනිල් හඳුන්නෙත්ති






ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුව ගැන පළකල අදහස්. 



කෝප් කමිටුව කැඳවීමේ දිනයක දී සාමාන්‍යයෙන් කොපමණ මුදලක් වැය වෙනවා ද ?

එහෙම වැය වෙන්නේ නැහැ නේ. මුළු කෝප් කමිටුවම සමන්විත වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්. ඒ අයට මේ කමිටුවට සම්බන්ධ වෙනවා කියලා ගෙවන්නේ නැහැ. මෙතැනට අපි කැඳවන අයට තේ කෝප්පයක් දෙනවා. ඊට අමතරව ඒ එන අයට සමහර විට ඒ ඒ අයගේ ආයතනවලින් වාහනයක් දෙනවා. එහෙම මිසක් විශාල වශයෙන් මුදල් වැය වීමක් කෝප් එක නිසා වෙන්නේ නැහැ.

ඔබ වරෙක කියා තිබුණා කෝප් එකට දත් නැහැ කියලා. ඒ කියන්නේ කෝප් ඒකට පුළුවන් වෙන්නේ වාර්තාවක් නිකුත් කරන්න විතරයි, වැරැද්දකට දඬුවම් දීමේ බලයක් නැහැ කියන එක. එහෙම බලයක් නැත්නම් මොකක් ද කෝප් කමිටුවේ ඇති වටිනාකම ?

මෙහෙමයි, කෝප් එකේ අවස්ථා ගණනාවක් තියෙනවා.

එකක් තමයි, කෝප් එකට සහභාගි වන අමාත්‍යාංශ නිලධාරීන් හරහා අපි ඒ ඒ අමාත්‍යාංශවල ආයතන වෙත අපේ නිර්දේශ දැනුම් දෙනවා. ඒ අනුව ඒ ඒ ආයතන අපේ නිර්දේශ පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා.
තව පියවරක් තමයි කෝප් වෙත ගෙන්වන ආයතන ප්‍රධානීන්ටම අපි අපේ පරීක්ෂණ අවසානයේ ඍජුවම නිර්දේශ ලබා දීම කෙරෙනවා. ඒ හරහාත් යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

තවත් පැත්තක් තමයි, අපි කරන පරීක්ෂණ අවසානයේ සමහර දේ අධිකරණයට යොමු කරන ලෙස අපි කරන නිර්දේශ. මේ ආකාර කිහිපයෙන්ම අපි සාධනීය ප්‍රතිඵල ලබාගෙන තියෙනවා.

මොනව ද ඔය කියන සාධනීය ප්‍රතිඵල ?

මුලින්ම මම කිව්ව ආකාර තුනෙන්ම අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු මැදිහත් වෙලා ඉතාමත් යහපත් ක්‍රියාමාර්ග අරගෙන ඒවා ක්‍රියාත්මක කරමින් ඊ ළඟ කෝප් කමිටුවට ඇවිත් ඒ බව තහවුරු කරලා තියෙනවා. සමහර තැන්වල අපේ නිර්දේශ අනුව සමහර වියදම් සඳහා වගකිව යුතු අයගෙන් ඊට අදාළ අධිභාරය සමඟ ඒවා ඒ ඒ ආයතන විසින් යළිත් අය කරගෙන තියෙනවා. සමහර තැන්වල වැය කිරීම් අය කර ගන්න නීතිමය වශයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත ගිහින් තියෙනවා. මම හිතන්නේ ඒවා ජනතාවගේ පැත්තෙන් සාධනීය ජයග්‍රහණ.

ඒ වගේම සමහර විට සමහර නියෝග දීලා තියෙන්නේ ආයතන ප්‍රධානියා. ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා. ඒ නිසාම එවැනි ලේකම්වරු නඩු පැවරීම වැනි ක්‍රියාමාර්ග පැහැර හැරලත් තියෙනවා.

එහෙම පැහැර හැරීමක දී කෝප් ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ නේ ?

එහෙම කරන්න දෙයක් නැති වුණු කාලයකුත් තිබුණා. ඒත් දැන් අපි නියෝග කරනවා කෝප් නිර්දේශ පිළිබඳව සති හතක උපරිමයකට යටත්ව තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කතානායකවරයාට යොමු කරන්න ඕනේ. ඒ හරහා පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. එතකොට අවසන් තීරණය ගන්නේ පාර්ලිමේන්තුව. ඒ විතරක් නෙමෙයි, කෝප් සභාපතිවරයා විදිහට මම කතානායකවරයාට යෝජනා කළා කෝප් විමර්ශන සඳහා නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයන්ට සහ අධිකරණ නිලධාරීන්ට නිරීක්ෂණ මට්ටමින් කමිටුවට සහභාගී වෙන්න කියලා. දැන් ඒකටත් අනුමැතිය ලැබිලා තියෙනවා.

ඔබ කිව්වා වගේ කෝප් කමිටුවට නඩු දාන්න බැරි නිසා මගේ සභාපතිත්වයෙන් තිබුණු කෝප් කමිටුව නඩු දාන්න බලය තියෙන අය කෝප් කමිටුවට ගෙන්නා ගත්තා.
ඒ අනුව අමාත්‍යාංශ නඩු දාන්න කලින් නඩු නිමිත්තක් තියෙනවා නම්, ඒ අයට පුළුවන් චූදිතයන්ට එරෙහිව නඩු දාන්න.

සමහර දේ සඳහා නාමික වගකිවයුත්තා අමාත්‍යාංශ ලේකම් වුණත්, ඇත්තටම වග කියන්න ඕනේ අදාළ අමාත්‍යාංශයේ විෂයභාර ඇමතිවරයා. සමහර අවස්ථාවල ඔහුත් මේ විමර්ශන කරන වේලාවේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් වෙලා ඉන්නවා ?

ඔව්, මිට කලින් එහෙම දේවල් සිද්ධ වුණා තමයි. දැන් එහෙම බැහැ. ඔබට මතක ඇති මම සභාපති වෙන්න කලින් සමහර කෝප් විමර්ශනවල දී ඇමතිවරු එතැනත් ගහ ගත්තා. ලේකම්ගෙන්, තමන් යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා ගෝරනාඩු කළා. අපි ඒ තත්ත්වයෙන් කෝප් කමිටුව මුදා ගත්තා.

දැන් යම් අමාත්‍යාංශයක් ගැන විමර්ශනය කරද්දී, ඒ අමාත්‍යාංශයට අදාළ ඇමතිව අපි කමිටුවෙන් එළියට යවනවා. සමහර ඇමතිවරු තමන්ගේ කැමැත්තෙන් එළියට ගියා. සමහරු එළියට දැම්මා. සමහර වේලාවට කෝප් කමිටුවේ සාමාජිකයන් පවා අපි කමිටුව ඉදිරියට කැඳෙව්වා. ඒ හින්දා පැරැණි සෙල්ලම් අවසන් කෝප් එකේ දාන්න බැරි වුණා.

ඔබ කියන්නේ ඔබ කෝප් හි සභාපතිවරයා හැටියට කෝප් ක්‍රියාවලිය ගැන සෑහීමකට පත්වෙනවා ?

උත්තර දෙකක් තියෙනවා. ඔව් සහ නැහැ.

එක කාලයක් කෝප් කියන්නේ වහලා තිබුණු රහස් ගබඩාවක්. ඒ නිසාම කෝප් කමිටුවට කැඳෙව්වා කියලා බොහෝ දෙනෙක් නිවැරැදි වුණේවත් ආයෙමත් හොරකම් කරන්න බය වුණේවත් නැහැ. සරලව කිව්වොත්, බොහෝ දෙනෙක් කෝප් එක ගණන් ගත්තේ නැහැ.

අපේ කාලයේ දී අපිට පුළුවන් වුණා කෝප් මහජනයාට විවෘත කරන්න. කෝප් පරීක්ෂණ මහජනයාට දකින්න පුළුවන් වුණා. ඒ නිසා සමහර උද්දච්ච හොරුන්ට සිද්ධ වුණා සමාජයට මුහුණ දෙන්න බැරි අපහසුවකට පත් වෙන්න. සමහර ආයතනවල සභාපතිවරුන්ට ගෙදර අරගෙන ගිය වාහනවලින් පාරේ යන්න බැරි වුණා. මිනිස්සු කියන්න ගත්තා “ඕක අර හොරකම් කරගෙන ගෙදර ගෙනාපු වාහනය නේ ද” කියලා. ඒ නිසා හොරුන්ට හොරකම් කළ සමහර දේ පාවිච්චි කරන්න අපහසු වුණා. හොරු අල්ලන්න බැරි නම්, අඩුම තරමේ ජනතාවගේ දේපළ හොරකම් කළ හොරුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා.

අනෙක් අතට මගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ආයතනයක් විදිහට ලොකු පිම්මක් පැන්නා. ඒ අතින් මම සභාපතිවරයා විදිහට සැහීමකට පත් වෙනවා.
අනෙක් අතට මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරමින් කළ හොරකම්, වංචා, දූෂණ සහ මුදල් අවභාවිතාවන් ඒවායේ වටිනාකමේ තරමට වග කියන්න කෝප් ඒකට බැහැ. ඒ ගැන මේ රටේ සාමන්‍ය පුරවැසියෙක් තරමටම මමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ.

කෝප් කියන්නේ ‘හොරු අල්ලන’ තැනක් ද ?

හොඳ ප්‍රශ්නයක්.

ඇත්තටම කෝප් කියන්නේ හොරු අල්ලන තැනක් නෙමෙයි. කෝප් එකේ අපේ වගකීම ඕනෑම රාජ්‍ය ආයතනයක් විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව යටතේ විමර්ශනයට, පසු අගැයීමකට, සමාලෝචනයකට, කාර්යසාධනයට ලක් කිරීම. ඒත් අපිට මොකක්ද මේ විගණකාධිපති වාර්තාවෙන් කරන්න වෙලා තියෙන්නේ ?

අවසන් අවුරුද්දේ විගණකාධිපති වාර්තාවේ තියෙන්නෙම මූල්‍ය අවභාවිතාවන්. ඒ නිසා කෝප් කමිටුවේ අපිට සිද්ධ වෙනවා ඒ ගැන පරීක්ෂා කරන්න. එතැන දී තමයි ‘හොරු ඇල්ලීම’ කියන දේ අපිට කරන්න සිද්ධ වෙන්නේ.

මගේ අදහස තමයි, යහපත් රාජ්‍ය පාලනයක් ඇති රටක කෝප් කමිටුවේ වගකීම් ඕනෑම රාජ්‍ය ආයතනයක් අගැයීමකට ලක් කිරීම. දැනට ඒක හීනයක් තරම් දුරයි. දැන් මොකක් ද වෙන්නේ ? හොරු පත් කරලා, ඒ හොරුන්ට හොරකම් කරන්න එක්තරා විදිහක බලපත්‍රයක් දීලා කෝප් එකට කියනවා, ඔන්න අපි හොරු පත් කළා; දැන් ඔන්න ඒ හොරු හොරකම් කරලා තියෙනවා; කෝප් එක එකතු වෙලා පුළුවන් නම් හොරු අල්ලන්න කියන එක. ඒ පත් කිරීම් සඳහා දැක්මක් තියෙන, වැඩ පිළිවෙළක් තියෙන, ප්‍රාමාණික දැනුමක් තියෙන, දේශපාලන හෙන්චයියන් නොවන අය පත් කරන්න ඕනේ. ඒ පත් කිරීම් කරන්නේ කෝප් කමිටුවේ සභාපති වුණු මම නෙමෙයි නේ.

ඒ පත් කිරීම් රටට යහපත් ආකාරයකට සිද්ධ වුණු දවසක කෝප් එක ‘හොරු අල්ලන’ තැනකින් ඉවත් වෙලා රාජ්‍ය ආයතන අගය කරන, තව දුරටත් සංවර්ධනයේ දිශාවට ඒවාට මඟපෙන්වන තැනක් වෙන්න ඕනේ. දැන් නම් කෝප් එකට එහෙම කරන්න බැහැ.

ඒ නිසා කෝප් ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ මම හිතන විදිහට ජනතාව අතේ.

චෝදනාවක් තියෙනවා කෝප් කමිටු සභාපතිවරයා ලෙස ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහ බැංකුව විසින් සිදු කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු සැසිය කල් තබන තුරු පරීක්ෂණයට නොගත් බවට ?

නැහැ. මම වගකීමෙන් කියනවා, ඒක බොරු චෝදනාවක්. අනෙක් අතට මේ චෝදනාව නඟන්නේ බැඳුම්කර හොරු රැකීමේ වුවමනාව තියෙන අය.
මම මේක පැහැදිලි කරන්නම්.

මගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව 2017 වාර්තාවෙන් නිර්දේශ කළා බැඳුම්කර ගනුදෙනුව ගැන වෝහාරික විගණනයක් කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ කියන වෝහාරික විගණනයක් සිද්ධ කළේ.

ඒ වෝහාරික විගණන වාර්තාව මගේ ලේකම් කාර්යාලයට ලැබුණේ මීට සති දෙකකට විතර කලින්.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව රැස් වෙන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන දවස්වලටමයි. මීළඟට පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබුණේ, ජනවාරි තුන් වැනිදා. ඒ නිසා එදාම අපි මේ විගණන වාර්තාව සාකච්ඡා කරන්න සුදානම් වුණා. ඒ ගැන අපේ කෝප් කමිටු සාමාජිකයන් සියලු දෙනාම දන්නවා.

ඔය අතර තමයි පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ. එහෙම සැසිය අවසන් කළහම කෝප් ඇතුළු බොහෝ කාරක සභා ඉබේම අවසන් වෙනවා. ඒ හේතුව නිසා මම සභාපතිත්වය දරපු කෝප් කමිටුවත් අවසන් වෙනවා. අපේ කෝප් කමිටුවට බැහැ දැන් මේ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට ගන්න.

ඔබට මේ ගැන ගත හැකි කිසිදු පියවරක් නැද්ද ?

මම මේ සැසිය අවසන් කරන කාරණය දැනගත් වහාම කෝප් කමිටුව නියෝජනය කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කිව්වා, අඩුම තරමේ අලු‍ත් සැසිය පටන් ගන්න කලින් කෝප් කමිටුව කැඳවලා වෝහාරික විගණන වාර්තාව විවෘත කරමු කියලා. ඒත් එහෙම දෙයක් කරන්න අවස්ථාවක් ලබා ගන්න ඒ අයට ඇත්තටම බලයක් නැහැ .

අනෙක් අතට මේ වාර්තාව කෝප් කමිටු සාමාජිකයන් අතට පත් කරන්න කියලා මහ බැංකු අධිපතිවරයාට නීතිපතිවරයා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා මට බැහැ මේ වාර්තාව පොදු මහජන ලියැවිල්ලක් බවට පත් කරන්න. මට අවශ්‍යතාව තිබුණේ නැහැ මේ වාර්තාව විවෘත කරලා බලන්න. එහෙම කරන්න බැරි කිසිම නීතිමය බාධාවක් නැහැ. ඒත් මම එහෙම කළෙත් නැහැ.

ඒ අනුව මේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව දැන් වගකීම තියෙන්නේ කාට ද ?

මෙහෙමයි, ආණ්ඩුවට ඕනේ නම් ඉක්මනින්ම අලු‍තින් කෝප් කමිටුවක් පත් කරලා මේ වාර්තාව පිළිබඳව ක්‍රියාවලියක් ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මහ මැතිවරණය අවසන් වනතුරු කල් දාන්නත් පුළුවන්.

ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන් කෝප් කමිටුවට වඩා වැඩි බලයක් තියෙනවා මුදල් අමාත්‍යවරයාට මේ වාර්තාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඔහු යටතේ තමයි, මහ බැංකුව තියෙන්නේ. මුදල් ඇමතිතුමාට පුළුවන් තමන් යටතේ තිබෙන මහ බැංකුවේ සභාපතිවරයාගෙන් මේ වාර්තාව නීත්‍යනුකූලව ගෙන්වා ගන්න. මම දන්න තරමින් ඒකට කිසිම නීතිමය බාධාවක් නැහැ .

අනෙක් අතට ආණ්ඩුවට දැන් මේ ගැන ජනවරමකුත් තියෙනවා. දැන් ආණ්ඩුවට මේ වැඬේ පහසුවෙන් කරන්න පුළුවන්. මහ බැංකු ගනුදෙනුව ගැන මේ වෙන කොට වාර්තා තුනක් තියෙනවා.

එකක් 2017 මගේ සභාපතිත්වයෙන් යුත් කෝප් වාර්තාව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ වාර්තාව. දැන් අලු‍තින්ම ආපු වෝහාරික විගණන වාර්තාව. දැන් තියෙන්නේ අලු‍ත් මුදල් ඇමතිවරයාට මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න එක විතරයි.

ඔබ හිතනවද එහෙම ක්‍රියාමාර්ගයක් ගනියි කියලා ?

ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

අලු‍ත් මුදල් ඇමති කියන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ. දැන් බැඳුම්කර බෝලේ තියෙන්නේ මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ ළඟ. අපි බලමු ඡන්දෙට කලින් දුන්න පොරොන්දු අනුව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්නලා මුල ඉඳන් අග දක්වා වන බැඳුම්කර හොරු රැළට රාජපක්ෂ ආණ්ඩුව දඬුවම් කරයි ද කියලා.



(දෙසැම්බර් 8 වැනිදා ‘ලංකා‘ පුවත්පතින් උපුටාගත්තකි)

‘‘සැබෑ රණවිරුවා අපහාසයට ලක්කළේ නැහැ‘‘ - තේනුවර



ඔබ සහ ගාමිණී විය­න්ගොඩ එක්ව ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ පුර­වැසිභාවය ප්‍රශ්න කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ගොනු කළා. ඒක ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර­ගෙන ප්‍රති­වා­දි­යාට බිය වී ඔහු ඉවත් කිරීමේ අර­මු­ණින් ගෙනා බවට චෝද­නා­වක් නැඟෙ­නවා.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් පසු­ගිය දින කිහි­පය තුළ සිදු වුණ නිසා තමයි ඔවැනි චෝද­නා­වක් නැඟෙන්නේ. නමුත් පැහැ­දි­ලිව කියන්න ඕන අප මේ ක්‍රියා මාර්ගය ගත්තේ අද ඊයේ නෙමෙයි. ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කර­න්නත් පෙර සිටයි. අගෝස්තු 05 වෙනිදා ඩේලි­එෆ්ටී පත්තරේ පළ වූ කාරණා හේතු කර­ගෙන 2005 ඔහු මේ රටට පැමිණි ආකා­රයේ සිට ඔහු දේශ­පා­ලන ක්‍රියා­ව­ලි­යත් එක්ක සම්බන්ධ වී කට­යුතු කළ ආකා­රය සහ ඔහුට ඒ සඳහා බල­යක් ලැබුණේ කොහො­මද කියන කාරණා සලකා බලද්දී ඒ තුළ අනී­තික හා අවි­ධි­මත් ක්‍රියා­ව­ලි­යක් සිදු වී ඇති බව අපට පෙනුණා. ඒ ගැන හොයල බලන්න කියල අප පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කළා. ඊට පස්සේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ පිළි­බ­ඳව පරී­ක්ෂණ සිදු කරන්න පටන් ගත්තා. ඒ අනුව කිහිප වතා­වක් රාජ­ප­ක්ෂ­ව­රු­න්ගෙන් හා විවිධ ආය­ත­න­ව­ලින් ප්‍රශ්න කිරීම් සිදු කළා. ජනා­ධි­ප­ති­ව­ර­ණය මූලික කර­ගෙන මේ පෙත්සම ගොනු කළ බව කියන උද­විය ඒ ගැන සද්ද කළේ නැහැ. පෙත්සම ගොනු කළාට පස්සේ තමයි ඔවුන් මේ විදි­යට ඇවි­ස්සුනේ. ඒ නිසා ජනා­ධි­ප­ති­ව­ර­ණය කට මුල තියා­ගෙන මේක ගෙනාව කියල කාට­වත් කියන්න බැහැ.

රටක පළ­මු­වැනි පුර­වැ­සියා තෝරා­පත් කර ගැනී­මේදී ඒ සඳහා ඉදි­රි­ප­ත් වන අපේ­ක්ෂ­ක­ය­කුගේ පුර­වැ­සි­භා­වය සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­යක් පැන­නැ­ඟුණ මොහො­තක ඔහුට ඡන්දය ලබා දෙන­වද? නැද්ද? කියල තීර­ණය කරන්න; ඔහු මේ රටේ පුර­වැ­සි­යකුද? නැද්ද? කියන කාර­ණාව අති­ශ­යින් වැද­ගත්. අනි­වා­ර්ය­යෙන් ම ඔහු මේ රටේ පුර­වැ­සි­යකු විය යුතුයි.


ඒ නිසා ඔහු මේ රටේ පුර­වැ­සි­යෙක් ද නැද්ද කියල හොයල බලන එක මේ රටේ පුර­වැ­සි­ය­කුගේ අයි­ති­යක්; යුතු­ක­මක්. ඒ විදි­යට හොයල බලන්න ලැබෙන පුර­වැසි අයි­තිය වඩාත්ම තහ­වුරු වී ඇත්තේ මේ රජය යටතේ ගනු ලැබූ නෛතික ක්‍රියා­මාර්ග නිසයි. අධි­ක­ර­ණය ස්වාධී­නයි කියල මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා පවා අද පිළි­ග­න්නවා. ඒ විත­රක් නෙමෙයි කාලා­න්ත­ර­යක් තිස්සේ සිදු කළ අනී­තික ක්‍රියා පිටු­පස රාජ­ප­ක්ෂලා සමඟ හිටපු ජී. ඇල්. පීරිස්, විමල් වීර­වංශ වගේ අය පවා අද මේ අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය පිළි­ගෙන තියෙ­නවා. මේ විදි­යට අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ස්ථාපිත වී ඇති බව පිළි­ගැ­නීම ඒ වෙනු­වෙන් සටන් කළ අය විදි­යට අප­ටත් සතුට දන­වන කාර­ණ­යක්. නමුත් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ඒ අය පාල­නය කරන කාලයේ මේ විදි­යට තිබු­ණද කියල මං අහන්න කැම­තියි.

ඔබලා විසින් ගොනු කළ පෙත්සම කිසි­යම් විදි­ය­කින් අධි­ක­ර­ණය හමුවේ නිෂ්ප්‍රභ වෙනවා. ඒත් එක්ක ම ඇති වූ කිසි­යම් තත්ත්ව­යක් නිසා ඔබලා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්­ත­මේ­න්තු­වට නැවත පැමි­ණි­ල්ලක් කර­නවා.

මේ රටේ ඕනෑම පුර­වැ­සි­ය­කුට ඕනෑම දෙයක් සම්බ­න්ධ­යෙන් සාධා­රණ සැක­යක් මතු­ වෙ­නවා නම් උසා­විය ඉදි­රි­යට ගිහින් ඒ ගැන විම­සලා තීන්දු­වක් ගන්න පුළු­වන්. ඒක ඕනෑම පුද්ග­ල­යකු සතු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­යක්. එහෙම කළා කියල කවු­රු­වත් කල­බල විය යුතු නැහැ. අප මේ පෙත්සම ගොනු කිරී­මට කට­යුතු කිරී­මත් එක්කම වගේ අපට විරු­ද්ධව වෛරී ප්‍රකාශ විවිධ මාධ්‍ය යොදා­ගෙන සිදු කර­මින් තිබුණා. මේ ප්‍රති­ඵ­ලය ලබා­දෙන්න ආසන්න වන­විට මුලින් සුළු වශ­යෙන් පටන් ගත්ත මේ වෛරී ප්‍රකාශ ඉතාම නරක ආකා­ර­යට වර්ධ­නය වුණා. මධු­මා­ධ­ව­ගෙන් අව­සා­නයේ එළි­යට ආවේ ඔවුන්ගේ ආණ්ඩු­වක් බල­යට පත් වුණාම අප වගේ අයට මොන­වද කරන්නේ කියන එකයි. ප්‍රගීත් එක්නැ­ලි­ගො­ඩට අත් වූ ඉර­ණම අත් වෙන්න ඕන බව ඔහු පැහැ­දි­ලි­වම සට­හන් තබා තිබුණා. ඒ වගේම සුදු වෑන් සංස්කෘ­තිය මතක් කරලා ඒව­යෙන් මේ අය පැහැ­ර­ගෙන යා යුතුයි; අත­පය කඩා දැමිය යුතුයි; මොවුන්ව දස­වද දී මරා­දැ­මිය යුතුයි වගේ අද­හස් පළ වී තිබුණා.

තවත් කෙනෙක් ‘ස්වභා­වික මර­ණ­යක් අත්නො­වන එක ගැන කන­ගා­ටුයි‘ කිය­ලත් සමාජ මාධ්‍ය­වල ප්‍රචා­රය කර තිබුණා. මේ ප්‍රකා­ශ­ව­ලින් අනි­ය­මින් වගේ ප්‍රගීත් නැති කළේ ඔවුන් බව පිළි­ගැ­නී­මට ලක් ක­ළාද කියන සැක­යක් මතු­වෙ­නවා. අනිත් අතින් ඒ අය බල­යට ආවොත් ගෙන­යන පාල­නයේ ස්වරූ­ප­ය තමයි මේ අය­ගෙන් මේ විදි­යට ප්‍රකා­ශ­යට පත් වෙන්නේ. පස්සේ මේකේ බර­ප­තල කම තේරිලා වෙන්න ඕන මධු­මා­ධ­වව අයින් කළ බව ප්‍රචා­රය කළේ. ඒ මොන දේ කළත් මේක මුළු­ම­ණින්ම මෙහෙ­ය­වන ලද දේශ­පා­ලන ක්‍රියා­දා­ම­යක්. මෙම­ඟින් ඔවුන් බලා­පො­රොත්තු වෙන්නේ අපි වගේ ඔවුන් සම්බ­න්ධ­යෙන් නීතිය ඉදි­රි­යට යෑම සිටින අනෙක් පිරිස් කිසි­යම් ආකා­ර­ය­කට බිය­වද්දා නිහඬ කිරී­මයි.


ඔබලා ගැන ඔවුන්ට මේ තරම් විය­රු­වක් ඇති වෙන්නේ හේතුව මොකක්ද?

ඒකට එක හේතු­වක් වන්නේ ඔවුන්ගේ අපේ­ක්ෂ­කයා අවි­නි­ශ්චිත බව එක්තරා ආකා­ර­ය­කට ඔවුන් විසින් ම බාර ගැනී­මයි. ඒ නිසා තමයි චමල් රාජ­පක්ෂ මහ­ත්ත­යට ඇප මුදල් තැන්පත් කරන්න කියල මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා කියන්නේ. මේ තුළ කිසි­යම් ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇති බව ඔවුන් අව­බෝධ කර ගත් බව පේනවා. තමන් සහෝ­ද­ර­යට පාස්පෝට් සහ­තික අරන් දුන්නේ කොහො­මද කියල මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා හොඳා­කා­ර­වම දන්නවා. අද කවු­රුත් දන්නවා මේ රටේ වැද­ගත් ලිය­කි­ය­විලි අතු­රු­දන් කිරීමේ ක්‍රියා­වලි සිදු වන බව. සම­හරු නඩු­ව­ලින් බේරෙන්න එවැනි දේ කර­නවා. දින 52දී ඔවුන් කරපු සම­හර එවැනි දේවල් අපට ඉතාම පැහැ­දි­ලියි. එවැනි දේවල් කරන්න ඔවුන් අති දක්ෂයි. ඒ නිසා මේ ක්‍රියා­ව­ලිය ආරම්භ වුණ ගමන් මේ අය බොහෝ තැති ගත්තා. සැබෑ තත්ත්වය මොකක්ද කියලා එතු­මන්ලා දන්නවා. මේ විය­රු­වට හේතුව ඒකයි.


ඔබලා එහෙම චෝදනා කළාට මේ රටේ ජන­තාව ගෝඨා­භය රාජ­ප­ක්ෂව ඉතාම ඉහ­ළින් පිළි­ග­න්නවා.

මේ රටේ මිනිස්සු එහෙම හිතන්නේ ඔහු ඇම­රි­කානු පුර­වැ­සි­භා­වය අත්හැ­රල ඒ රටට වග­නො­කි­යන පිරි­සිදු ශ්‍රී ලාංකි­ක­යෙක් හැටි­යට පොහො­ට්ටුව ගොඩ­න­ගන ප්‍රවා­දය මත ඉඳ­ගෙ­නයි. අපේ ක්‍රියා­වෙන් තර්ජ­න­යට ලක් වී තිබෙන්නේ ඒ ප්‍රවා­ද­යයි. ජාති­වා­දය ආග­ම්වා­දය හා මිලි­ට­රි­වා­දය තමයි ඔවුන්ගේ දේශ­පා­ලන පද­නම. ජාති­වා­දය ඇති කරන ආකා­ර­යට වෛරී ප්‍රකාශ සිදු කිරීම ඔවුන්ට ඉතා සාමාන්‍ය සුලබ කාර­ණ­යක්. ඊට පස්සේ මොන­ව­හරි වුණාම එතෙන්ට ගිහින් කඳුළු හළල වෙනත් පාර්ශ්ව­යන්ට එහි වග­කීම පැව­රී­මත්; රජය දුර්­ව­ලයි කීමත්; ජන­තාව ආරක්ෂාව කරන්න බැහැ වගේ ප්‍රකාශ නිකුත් කිරී­මත් තමයි පහු­ගිය කාලය පුරාම මේ සිදු කළේ. දැන් ජන­තා­වට මේ දේවල් වැට­හෙන්න පටන් අරන්.


පෙත්සම සම්බ­න්ධ­යෙන් ඔබ­ලාගේ මීළඟ පිය­වර කුමක්ද ?

මේ රටේ ඕනම පුර­වැ­සි­ය­කුට ඕනෑම දෙයක් සම්බ­න්ධ­යෙන් සාධා­රණ සැක­යක් මතු­වෙ­නව නම් උසා­විය ඉදි­රි­යට ගිහින් ඒ ගැන විම­සලා තීන්දු­වක් ගන්න පුළු­වන්. අපත් ඒ විදි­යට උසා­විය ඉදි­රි­යට ගියා. අභි­යා­ච­නා­ධි­ක­ර­ණය එය නිෂ්ප්‍රභ කළා. ඒ තීන්දුව අප පිළිගන්නවා. නමුත් තවම ඒ තීන්දුව සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ මතය ප්‍රකා­ශ­යට පත් කර නැහැ. එය මේත­රම් ප්‍රමාද වෙන්නේ ඇයි කියන්න අප තවම දන්නේ නැහැ. ඒක අනි­වා­ර්යෙන්ම අපට ලැබිය යුතු දෙයක්. මොකද ඔවුන් එය නිෂ්ප්‍රභ කරන්න තීන්දු කළේ ඇයි කියල කියන්න ඕන. අනෙක් කාර­ණාව ලෝකෙම මේ සිද්ධිය අවදි­යෙන් බලා­ගෙන හිටියා. මොකද මෙබඳු නඩු නිමි­ත්තක් රටක පළමු පුර­වැ­සියා හැටි­යට ඉදි­රි­ප­ත්වන කෙනෙක් සම්බ­න්ධ­යෙන් වෙනත් රටක පූර්වා­දර්ශ නැති නිසා. ඒ නිසා නීති­මය තර්ක, ගොනු කළ කරුණු සම්බ­න්ධ­යෙන් හා තීන්දුව සම්බ­න්ධ­යෙන් ලොකු උන­න්දු­වක් අව­ධා­න­යක් මේ වන විට ලෝකය පුරා ඇති වී තිබෙ­නවා. ඒව­ගේම සත්‍ය මතු­කර ගැනීමේ උව­ම­නා­ව­කුත් මේ හරහා සමා­ජ­යට තිබුණා. ඒ නිසා තමයි අප මේ කාර­ණ­යේදී මැදි­හ­ත්වෙලා රටේ පුර­වැ­සි­යන් විදි­යට අධි­ක­ර­ණය ඉදි­රි­යට ගියේ.

මේක නිකම්ම ආවට ගියාට වේදි­කා­වල කටට එන්නන් වාලේ කියන කතා­වක් නෙමෙයි. අපට පැහැ­දිලි පිළි­තු­රක් මේ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය වී තිබුණා. ගෝඨා­භය බේර­ගන්න ඔවුන්ගේ නීතී­ඥ­යන් තර්ක කළේ සහ­තික නැති­වීම් ආදිය ඔස්සේයි. ඊට අම­ත­රව 2005 මේක දැම්මේ නැත්තෙ ඇයි; රට ගල­වා­ගත් රණ­වි­රු­වාට අභූත චෝදනා නඟ­නවා වැනි දේව­ලුත් එහිදී කිය වුණා. මෙම­ඟින් ඔවුන් මෙය ජාති­වා­දය දෙසට තල්ලු කිරී­මට උත්සාහ කරන බවක් අපට පේනවා. මේ නිශ්ප්‍රභ වීම ජය­ග්‍ර­හ­ණ­යක් ලෙසයි ඔවුන් සිතන්නේ. උසාවි භූමිය තුළ උන්ම­ත්තක ලීලා­වෙන් ප්‍රීති­ඝෝෂා නග­මින් ඔවුන් හැසි­රුණ ආකා­ර­යෙන් එය තහ­වුරු වෙනවා. මේ තීන්දුව සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ ප්‍රකා­ශය ලැබු­ණාම අපට හේතු කාරණා මතු­වෙ­නව නම් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ක්‍රියා­මා­ර්ග­ය­කට යන්න පුළු­වන්.


රට පාවා­දෙන ඩොලර් කාක්කන්, එන්ජී­ඕ­කා­ර­යන්, රටට ජාති­යට ද්‍රෝහී පුද්ග­ල­යන් ලෙසයි ඔවුන් බොහෝ­දෙනා ඔබලා හඳු­න්වන්නේ. ඒ ඇයි ?

එන්ජීඕ කියන එකේ අර්ථ­ය­වත් ඔය කියන සම­හරු දන්නේ නැහැ. විවිධ අය තම තමන්ගේ දේශ­පා­ලන අව­ශ්‍යතා සඳහා තඩි­බාන මුව­හ­මක් බවට අද එන්ජීඕ පත්වෙලා තියෙ­නවා. එන්ජීඕ කියන්නේ රටට අහි­ත­කර නරක ආය­තන ව්‍යූහ­යක් නෙමෙයි.

ඒවට එරෙ­හිව කට­යුතු කර­නව නම් ඒ සම්බ­න්ධ­යෙන් සොයා­බ­ලන්න රටේ පිළි­ගත් නීති­යක් තියෙ­නවා. එන්ජීඕ විත­රක් නෙමෙයි මේ රටේ ඕනෑම ආය­ත­නයක සිදු­වන කට­යුතු සම්බ­න්ධ­යෙන් නීති­මය ක්‍රියා­මාර්ග ගත හැකියි. නමුත් මේ එක්කෙ­නෙ­ක්වත් ඒවා ඉදි­රි­යට ගිහින් නීති­මය පිය­වර ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔය කරන වෛරී සහ­ගත ප්‍රකා­ශ­වල වලංගුභාවය ඒ කෙන්ම නිෂ්ප්‍රභ වෙනවා.




රණ­විරු ගාය නොවැ­ම්බර් 16 වෙනිදා සනීප කර­නවා කියා ඔබ කළ ප්‍රකා­ශය ඇතැ­මුන්ගේ දෝෂ දර්ශ­න­යට ලක් වී තිබෙ­නවා. ඇත්තෙන්ම මොකක්ද ඔබ ඉන් අද­හස් කළේ ?

මේක තනි­ක­රම මා කියූ දෙය සම්පූ­ර්ණ­යෙන් ප්‍රචා­රය නොකර තමන්ට ඕන අද­හස ඉස්මතු වන ආකා­ර­යට එඩිට් කර­මින් ගෙන යන වැරදි මත­යක්. ඉන් මා අද­හස් කළේ යුද්දෙට බයේ රටින් පැනල ගිහින්; මේ රටත් එපා කියල ඇම­රි­කන් පුර­වැසිභාවය ගත්ත; අයියා රජ වුණාම ඇවිත් ලේක­ම්ක­මක් අරන් ආඥා­දා­ය­ක­යකු ලෙස හැසි­රෙ­මින්; යුද්ධය දිනා දුන් එවක යුධ හමු­දා­පති සරත් ෆොන්සේකා මහ­ත්ත­යව නින්දිත විදි­යට කුදල ගෙන ගිහින් හිරේ දාපු ; තමන්ගෙ ඥාති දරු­වන්ට කාර් රේස් පදින්න රණ­වි­රු­වන් ලවා වැලි­කොට්ට අද්ද­වපු; පාර අතු­ගා­වපු කෙනෙක් තමයි අද මේ රණ­වි­රුවා විකු­ණ­මින් ජනා­ධි­පති වෙන්න හදන්නේ කිය­ලයි.

අන්න ඒ බොරු රණ­විරුගාය තමයි 16 වෙනිදා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හමුවේ සුව­පත් වෙනවා කියල මා කිව්වේ. එහෙම නැතිව සැබෑ රණ­වි­රුවා අප­හාස­යට ලක්කි­රී­මක් මා ඉන් සිදු කර නැහැ.



සාකච්ඡාව - රසික කොටුදුරගේ 


 උපුටා ගැනීම -  2019 ඔක්තෝබර් 13 වැනිදා සිළුමිණ 





සබැඳි පුවත්