‘‘සැබෑ රණවිරුවා අපහාසයට ලක්කළේ නැහැ‘‘ - තේනුවර



ඔබ සහ ගාමිණී විය­න්ගොඩ එක්ව ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ පුර­වැසිභාවය ප්‍රශ්න කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ගොනු කළා. ඒක ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර­ගෙන ප්‍රති­වා­දි­යාට බිය වී ඔහු ඉවත් කිරීමේ අර­මු­ණින් ගෙනා බවට චෝද­නා­වක් නැඟෙ­නවා.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් පසු­ගිය දින කිහි­පය තුළ සිදු වුණ නිසා තමයි ඔවැනි චෝද­නා­වක් නැඟෙන්නේ. නමුත් පැහැ­දි­ලිව කියන්න ඕන අප මේ ක්‍රියා මාර්ගය ගත්තේ අද ඊයේ නෙමෙයි. ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කර­න්නත් පෙර සිටයි. අගෝස්තු 05 වෙනිදා ඩේලි­එෆ්ටී පත්තරේ පළ වූ කාරණා හේතු කර­ගෙන 2005 ඔහු මේ රටට පැමිණි ආකා­රයේ සිට ඔහු දේශ­පා­ලන ක්‍රියා­ව­ලි­යත් එක්ක සම්බන්ධ වී කට­යුතු කළ ආකා­රය සහ ඔහුට ඒ සඳහා බල­යක් ලැබුණේ කොහො­මද කියන කාරණා සලකා බලද්දී ඒ තුළ අනී­තික හා අවි­ධි­මත් ක්‍රියා­ව­ලි­යක් සිදු වී ඇති බව අපට පෙනුණා. ඒ ගැන හොයල බලන්න කියල අප පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කළා. ඊට පස්සේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ පිළි­බ­ඳව පරී­ක්ෂණ සිදු කරන්න පටන් ගත්තා. ඒ අනුව කිහිප වතා­වක් රාජ­ප­ක්ෂ­ව­රු­න්ගෙන් හා විවිධ ආය­ත­න­ව­ලින් ප්‍රශ්න කිරීම් සිදු කළා. ජනා­ධි­ප­ති­ව­ර­ණය මූලික කර­ගෙන මේ පෙත්සම ගොනු කළ බව කියන උද­විය ඒ ගැන සද්ද කළේ නැහැ. පෙත්සම ගොනු කළාට පස්සේ තමයි ඔවුන් මේ විදි­යට ඇවි­ස්සුනේ. ඒ නිසා ජනා­ධි­ප­ති­ව­ර­ණය කට මුල තියා­ගෙන මේක ගෙනාව කියල කාට­වත් කියන්න බැහැ.

රටක පළ­මු­වැනි පුර­වැ­සියා තෝරා­පත් කර ගැනී­මේදී ඒ සඳහා ඉදි­රි­ප­ත් වන අපේ­ක්ෂ­ක­ය­කුගේ පුර­වැ­සි­භා­වය සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­යක් පැන­නැ­ඟුණ මොහො­තක ඔහුට ඡන්දය ලබා දෙන­වද? නැද්ද? කියල තීර­ණය කරන්න; ඔහු මේ රටේ පුර­වැ­සි­යකුද? නැද්ද? කියන කාර­ණාව අති­ශ­යින් වැද­ගත්. අනි­වා­ර්ය­යෙන් ම ඔහු මේ රටේ පුර­වැ­සි­යකු විය යුතුයි.


ඒ නිසා ඔහු මේ රටේ පුර­වැ­සි­යෙක් ද නැද්ද කියල හොයල බලන එක මේ රටේ පුර­වැ­සි­ය­කුගේ අයි­ති­යක්; යුතු­ක­මක්. ඒ විදි­යට හොයල බලන්න ලැබෙන පුර­වැසි අයි­තිය වඩාත්ම තහ­වුරු වී ඇත්තේ මේ රජය යටතේ ගනු ලැබූ නෛතික ක්‍රියා­මාර්ග නිසයි. අධි­ක­ර­ණය ස්වාධී­නයි කියල මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා පවා අද පිළි­ග­න්නවා. ඒ විත­රක් නෙමෙයි කාලා­න්ත­ර­යක් තිස්සේ සිදු කළ අනී­තික ක්‍රියා පිටු­පස රාජ­ප­ක්ෂලා සමඟ හිටපු ජී. ඇල්. පීරිස්, විමල් වීර­වංශ වගේ අය පවා අද මේ අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය පිළි­ගෙන තියෙ­නවා. මේ විදි­යට අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ස්ථාපිත වී ඇති බව පිළි­ගැ­නීම ඒ වෙනු­වෙන් සටන් කළ අය විදි­යට අප­ටත් සතුට දන­වන කාර­ණ­යක්. නමුත් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ඒ අය පාල­නය කරන කාලයේ මේ විදි­යට තිබු­ණද කියල මං අහන්න කැම­තියි.

ඔබලා විසින් ගොනු කළ පෙත්සම කිසි­යම් විදි­ය­කින් අධි­ක­ර­ණය හමුවේ නිෂ්ප්‍රභ වෙනවා. ඒත් එක්ක ම ඇති වූ කිසි­යම් තත්ත්ව­යක් නිසා ඔබලා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්­ත­මේ­න්තු­වට නැවත පැමි­ණි­ල්ලක් කර­නවා.

මේ රටේ ඕනෑම පුර­වැ­සි­ය­කුට ඕනෑම දෙයක් සම්බ­න්ධ­යෙන් සාධා­රණ සැක­යක් මතු­ වෙ­නවා නම් උසා­විය ඉදි­රි­යට ගිහින් ඒ ගැන විම­සලා තීන්දු­වක් ගන්න පුළු­වන්. ඒක ඕනෑම පුද්ග­ල­යකු සතු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­යක්. එහෙම කළා කියල කවු­රු­වත් කල­බල විය යුතු නැහැ. අප මේ පෙත්සම ගොනු කිරී­මට කට­යුතු කිරී­මත් එක්කම වගේ අපට විරු­ද්ධව වෛරී ප්‍රකාශ විවිධ මාධ්‍ය යොදා­ගෙන සිදු කර­මින් තිබුණා. මේ ප්‍රති­ඵ­ලය ලබා­දෙන්න ආසන්න වන­විට මුලින් සුළු වශ­යෙන් පටන් ගත්ත මේ වෛරී ප්‍රකාශ ඉතාම නරක ආකා­ර­යට වර්ධ­නය වුණා. මධු­මා­ධ­ව­ගෙන් අව­සා­නයේ එළි­යට ආවේ ඔවුන්ගේ ආණ්ඩු­වක් බල­යට පත් වුණාම අප වගේ අයට මොන­වද කරන්නේ කියන එකයි. ප්‍රගීත් එක්නැ­ලි­ගො­ඩට අත් වූ ඉර­ණම අත් වෙන්න ඕන බව ඔහු පැහැ­දි­ලි­වම සට­හන් තබා තිබුණා. ඒ වගේම සුදු වෑන් සංස්කෘ­තිය මතක් කරලා ඒව­යෙන් මේ අය පැහැ­ර­ගෙන යා යුතුයි; අත­පය කඩා දැමිය යුතුයි; මොවුන්ව දස­වද දී මරා­දැ­මිය යුතුයි වගේ අද­හස් පළ වී තිබුණා.

තවත් කෙනෙක් ‘ස්වභා­වික මර­ණ­යක් අත්නො­වන එක ගැන කන­ගා­ටුයි‘ කිය­ලත් සමාජ මාධ්‍ය­වල ප්‍රචා­රය කර තිබුණා. මේ ප්‍රකා­ශ­ව­ලින් අනි­ය­මින් වගේ ප්‍රගීත් නැති කළේ ඔවුන් බව පිළි­ගැ­නී­මට ලක් ක­ළාද කියන සැක­යක් මතු­වෙ­නවා. අනිත් අතින් ඒ අය බල­යට ආවොත් ගෙන­යන පාල­නයේ ස්වරූ­ප­ය තමයි මේ අය­ගෙන් මේ විදි­යට ප්‍රකා­ශ­යට පත් වෙන්නේ. පස්සේ මේකේ බර­ප­තල කම තේරිලා වෙන්න ඕන මධු­මා­ධ­වව අයින් කළ බව ප්‍රචා­රය කළේ. ඒ මොන දේ කළත් මේක මුළු­ම­ණින්ම මෙහෙ­ය­වන ලද දේශ­පා­ලන ක්‍රියා­දා­ම­යක්. මෙම­ඟින් ඔවුන් බලා­පො­රොත්තු වෙන්නේ අපි වගේ ඔවුන් සම්බ­න්ධ­යෙන් නීතිය ඉදි­රි­යට යෑම සිටින අනෙක් පිරිස් කිසි­යම් ආකා­ර­ය­කට බිය­වද්දා නිහඬ කිරී­මයි.


ඔබලා ගැන ඔවුන්ට මේ තරම් විය­රු­වක් ඇති වෙන්නේ හේතුව මොකක්ද?

ඒකට එක හේතු­වක් වන්නේ ඔවුන්ගේ අපේ­ක්ෂ­කයා අවි­නි­ශ්චිත බව එක්තරා ආකා­ර­ය­කට ඔවුන් විසින් ම බාර ගැනී­මයි. ඒ නිසා තමයි චමල් රාජ­පක්ෂ මහ­ත්ත­යට ඇප මුදල් තැන්පත් කරන්න කියල මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා කියන්නේ. මේ තුළ කිසි­යම් ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇති බව ඔවුන් අව­බෝධ කර ගත් බව පේනවා. තමන් සහෝ­ද­ර­යට පාස්පෝට් සහ­තික අරන් දුන්නේ කොහො­මද කියල මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා හොඳා­කා­ර­වම දන්නවා. අද කවු­රුත් දන්නවා මේ රටේ වැද­ගත් ලිය­කි­ය­විලි අතු­රු­දන් කිරීමේ ක්‍රියා­වලි සිදු වන බව. සම­හරු නඩු­ව­ලින් බේරෙන්න එවැනි දේ කර­නවා. දින 52දී ඔවුන් කරපු සම­හර එවැනි දේවල් අපට ඉතාම පැහැ­දි­ලියි. එවැනි දේවල් කරන්න ඔවුන් අති දක්ෂයි. ඒ නිසා මේ ක්‍රියා­ව­ලිය ආරම්භ වුණ ගමන් මේ අය බොහෝ තැති ගත්තා. සැබෑ තත්ත්වය මොකක්ද කියලා එතු­මන්ලා දන්නවා. මේ විය­රු­වට හේතුව ඒකයි.


ඔබලා එහෙම චෝදනා කළාට මේ රටේ ජන­තාව ගෝඨා­භය රාජ­ප­ක්ෂව ඉතාම ඉහ­ළින් පිළි­ග­න්නවා.

මේ රටේ මිනිස්සු එහෙම හිතන්නේ ඔහු ඇම­රි­කානු පුර­වැ­සි­භා­වය අත්හැ­රල ඒ රටට වග­නො­කි­යන පිරි­සිදු ශ්‍රී ලාංකි­ක­යෙක් හැටි­යට පොහො­ට්ටුව ගොඩ­න­ගන ප්‍රවා­දය මත ඉඳ­ගෙ­නයි. අපේ ක්‍රියා­වෙන් තර්ජ­න­යට ලක් වී තිබෙන්නේ ඒ ප්‍රවා­ද­යයි. ජාති­වා­දය ආග­ම්වා­දය හා මිලි­ට­රි­වා­දය තමයි ඔවුන්ගේ දේශ­පා­ලන පද­නම. ජාති­වා­දය ඇති කරන ආකා­ර­යට වෛරී ප්‍රකාශ සිදු කිරීම ඔවුන්ට ඉතා සාමාන්‍ය සුලබ කාර­ණ­යක්. ඊට පස්සේ මොන­ව­හරි වුණාම එතෙන්ට ගිහින් කඳුළු හළල වෙනත් පාර්ශ්ව­යන්ට එහි වග­කීම පැව­රී­මත්; රජය දුර්­ව­ලයි කීමත්; ජන­තාව ආරක්ෂාව කරන්න බැහැ වගේ ප්‍රකාශ නිකුත් කිරී­මත් තමයි පහු­ගිය කාලය පුරාම මේ සිදු කළේ. දැන් ජන­තා­වට මේ දේවල් වැට­හෙන්න පටන් අරන්.


පෙත්සම සම්බ­න්ධ­යෙන් ඔබ­ලාගේ මීළඟ පිය­වර කුමක්ද ?

මේ රටේ ඕනම පුර­වැ­සි­ය­කුට ඕනෑම දෙයක් සම්බ­න්ධ­යෙන් සාධා­රණ සැක­යක් මතු­වෙ­නව නම් උසා­විය ඉදි­රි­යට ගිහින් ඒ ගැන විම­සලා තීන්දු­වක් ගන්න පුළු­වන්. අපත් ඒ විදි­යට උසා­විය ඉදි­රි­යට ගියා. අභි­යා­ච­නා­ධි­ක­ර­ණය එය නිෂ්ප්‍රභ කළා. ඒ තීන්දුව අප පිළිගන්නවා. නමුත් තවම ඒ තීන්දුව සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ මතය ප්‍රකා­ශ­යට පත් කර නැහැ. එය මේත­රම් ප්‍රමාද වෙන්නේ ඇයි කියන්න අප තවම දන්නේ නැහැ. ඒක අනි­වා­ර්යෙන්ම අපට ලැබිය යුතු දෙයක්. මොකද ඔවුන් එය නිෂ්ප්‍රභ කරන්න තීන්දු කළේ ඇයි කියල කියන්න ඕන. අනෙක් කාර­ණාව ලෝකෙම මේ සිද්ධිය අවදි­යෙන් බලා­ගෙන හිටියා. මොකද මෙබඳු නඩු නිමි­ත්තක් රටක පළමු පුර­වැ­සියා හැටි­යට ඉදි­රි­ප­ත්වන කෙනෙක් සම්බ­න්ධ­යෙන් වෙනත් රටක පූර්වා­දර්ශ නැති නිසා. ඒ නිසා නීති­මය තර්ක, ගොනු කළ කරුණු සම්බ­න්ධ­යෙන් හා තීන්දුව සම්බ­න්ධ­යෙන් ලොකු උන­න්දු­වක් අව­ධා­න­යක් මේ වන විට ලෝකය පුරා ඇති වී තිබෙ­නවා. ඒව­ගේම සත්‍ය මතු­කර ගැනීමේ උව­ම­නා­ව­කුත් මේ හරහා සමා­ජ­යට තිබුණා. ඒ නිසා තමයි අප මේ කාර­ණ­යේදී මැදි­හ­ත්වෙලා රටේ පුර­වැ­සි­යන් විදි­යට අධි­ක­ර­ණය ඉදි­රි­යට ගියේ.

මේක නිකම්ම ආවට ගියාට වේදි­කා­වල කටට එන්නන් වාලේ කියන කතා­වක් නෙමෙයි. අපට පැහැ­දිලි පිළි­තු­රක් මේ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය වී තිබුණා. ගෝඨා­භය බේර­ගන්න ඔවුන්ගේ නීතී­ඥ­යන් තර්ක කළේ සහ­තික නැති­වීම් ආදිය ඔස්සේයි. ඊට අම­ත­රව 2005 මේක දැම්මේ නැත්තෙ ඇයි; රට ගල­වා­ගත් රණ­වි­රු­වාට අභූත චෝදනා නඟ­නවා වැනි දේව­ලුත් එහිදී කිය වුණා. මෙම­ඟින් ඔවුන් මෙය ජාති­වා­දය දෙසට තල්ලු කිරී­මට උත්සාහ කරන බවක් අපට පේනවා. මේ නිශ්ප්‍රභ වීම ජය­ග්‍ර­හ­ණ­යක් ලෙසයි ඔවුන් සිතන්නේ. උසාවි භූමිය තුළ උන්ම­ත්තක ලීලා­වෙන් ප්‍රීති­ඝෝෂා නග­මින් ඔවුන් හැසි­රුණ ආකා­ර­යෙන් එය තහ­වුරු වෙනවා. මේ තීන්දුව සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ ප්‍රකා­ශය ලැබු­ණාම අපට හේතු කාරණා මතු­වෙ­නව නම් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ක්‍රියා­මා­ර්ග­ය­කට යන්න පුළු­වන්.


රට පාවා­දෙන ඩොලර් කාක්කන්, එන්ජී­ඕ­කා­ර­යන්, රටට ජාති­යට ද්‍රෝහී පුද්ග­ල­යන් ලෙසයි ඔවුන් බොහෝ­දෙනා ඔබලා හඳු­න්වන්නේ. ඒ ඇයි ?

එන්ජීඕ කියන එකේ අර්ථ­ය­වත් ඔය කියන සම­හරු දන්නේ නැහැ. විවිධ අය තම තමන්ගේ දේශ­පා­ලන අව­ශ්‍යතා සඳහා තඩි­බාන මුව­හ­මක් බවට අද එන්ජීඕ පත්වෙලා තියෙ­නවා. එන්ජීඕ කියන්නේ රටට අහි­ත­කර නරක ආය­තන ව්‍යූහ­යක් නෙමෙයි.

ඒවට එරෙ­හිව කට­යුතු කර­නව නම් ඒ සම්බ­න්ධ­යෙන් සොයා­බ­ලන්න රටේ පිළි­ගත් නීති­යක් තියෙ­නවා. එන්ජීඕ විත­රක් නෙමෙයි මේ රටේ ඕනෑම ආය­ත­නයක සිදු­වන කට­යුතු සම්බ­න්ධ­යෙන් නීති­මය ක්‍රියා­මාර්ග ගත හැකියි. නමුත් මේ එක්කෙ­නෙ­ක්වත් ඒවා ඉදි­රි­යට ගිහින් නීති­මය පිය­වර ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔය කරන වෛරී සහ­ගත ප්‍රකා­ශ­වල වලංගුභාවය ඒ කෙන්ම නිෂ්ප්‍රභ වෙනවා.




රණ­විරු ගාය නොවැ­ම්බර් 16 වෙනිදා සනීප කර­නවා කියා ඔබ කළ ප්‍රකා­ශය ඇතැ­මුන්ගේ දෝෂ දර්ශ­න­යට ලක් වී තිබෙ­නවා. ඇත්තෙන්ම මොකක්ද ඔබ ඉන් අද­හස් කළේ ?

මේක තනි­ක­රම මා කියූ දෙය සම්පූ­ර්ණ­යෙන් ප්‍රචා­රය නොකර තමන්ට ඕන අද­හස ඉස්මතු වන ආකා­ර­යට එඩිට් කර­මින් ගෙන යන වැරදි මත­යක්. ඉන් මා අද­හස් කළේ යුද්දෙට බයේ රටින් පැනල ගිහින්; මේ රටත් එපා කියල ඇම­රි­කන් පුර­වැසිභාවය ගත්ත; අයියා රජ වුණාම ඇවිත් ලේක­ම්ක­මක් අරන් ආඥා­දා­ය­ක­යකු ලෙස හැසි­රෙ­මින්; යුද්ධය දිනා දුන් එවක යුධ හමු­දා­පති සරත් ෆොන්සේකා මහ­ත්ත­යව නින්දිත විදි­යට කුදල ගෙන ගිහින් හිරේ දාපු ; තමන්ගෙ ඥාති දරු­වන්ට කාර් රේස් පදින්න රණ­වි­රු­වන් ලවා වැලි­කොට්ට අද්ද­වපු; පාර අතු­ගා­වපු කෙනෙක් තමයි අද මේ රණ­වි­රුවා විකු­ණ­මින් ජනා­ධි­පති වෙන්න හදන්නේ කිය­ලයි.

අන්න ඒ බොරු රණ­විරුගාය තමයි 16 වෙනිදා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හමුවේ සුව­පත් වෙනවා කියල මා කිව්වේ. එහෙම නැතිව සැබෑ රණ­වි­රුවා අප­හාස­යට ලක්කි­රී­මක් මා ඉන් සිදු කර නැහැ.



සාකච්ඡාව - රසික කොටුදුරගේ 


 උපුටා ගැනීම -  2019 ඔක්තෝබර් 13 වැනිදා සිළුමිණ 





සබැඳි පුවත්