The Most/Recent Articles

Showing posts with label ව්‍යාපාරික. Show all posts
Showing posts with label ව්‍යාපාරික. Show all posts

වරායේ නව ගිවිසුම අත්සන් කෙරේ

දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම අද (28) පස්වරුවේ කොළඹ දී අත්සන් කරනු ලැබූහ.  


"ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ එහි වරායන් විවෘතවීම ඉතාම වැදගත් කාරණයකි. මෙම ව්‍යාපෘතිය මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ  සහයෝගීත්වය මෙනෙහි කරනු ලබයි. ජපානය එක්දහස් නවසීය අසූව දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙනු ලැබීය. එසේම කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් වලින්  සීයට හැත්තෑවක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදුවේ. ඒ අනුව,  කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමග ඉන්දියාව සහ ජපානය එක්වී කටයුතු කරනු ඇත."  

"නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ. එසේම,යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම් වලින් සීයයට පනස් එකක කොටස් ශ්‍රී ලංකාව සතුවන අතර හවුල් පාර්ශවයන්ට මිළදී ගතහැකි කොටස් ප්‍රමාණය සීයයට හතළිස් නවයකි. එසේම මේ සඳහා ලබා ගැනීමට අදහස්  කරණ ජපාන ණය, ශ‍්‍ර‍්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබේ. එසේම සීයට පනස් එකක කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීම ඉතාම හොඳ හවුල් ගනුදෙනු වලින් එකකි. පර්යන්ත මෙහෙයුම් සමාගමේ අයිතියෙන්  වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීම අදාළ ගිවිසුමෙන්  ජාතික අවශ්‍යතා වලට ලබා දී ඇති මූලිකත්වය මනාව පිළිබිඹු කරනු ලබයි"

"ඒකාබද්ධ ක්‍රියකාරී කණ්ඩායම රැස්වී අත්සන් කරනු ලැබූ සහයෝගීතා ගිවිසුමේ කරුණු ප්‍රකාරව රාජ්‍යයන් ත්‍රිත්වයම එක්වී ඉදිරි කටයුතු සිදුකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හැකි වහාම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමු," ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් වේ.   

ලංකාව මුහුණදෙමින් සිටින මූල්‍ය අර්බුද

- ආචාර්ය උස්වත්ත ආරච්චි - 


විසඳුම් පිළිබඳ කෙටි සටහනක්


මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව විසින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමත් සැලකිල්ලට ගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, වියදමට වැඩි ආදායමක් උපයා ගත යුතුව තිබේ. ඒ සඳහා බදු ආදායම වැඩි කර ගත යුතු අතර, ජංගම වියදම අඩු කර ගත යුතුය. එය හඳුන්වන නාමය වන්නේ ආර්ථික ලූහුපෙවෙතයි.


ආර්ථිකය තුළ ඉතිරියක් ඇති කර ගත යුතු අතර, ඊට අමතරව, විදේශ ණය ආපසු ගෙවා දැමීම සඳහා අපනයනවල අතිරික්තයක් ද ඇති කර ගත යුතුව තිබේ. ආනයනයන් පාලනය කර ගැනීම හරහා ආනයන වියදම අඩු කරගෙන, ඒ අනුසාරයෙන් ඇති කර ගැනෙන මේ කියන ‘අපනයන අතිරික්තය’, ණය ගෙවීම සඳහා පාවිච්චියට ගත යුතු බවට සමහරු යෝජනා කරති. එය, කියන තරම් පහසු කාරියක් නොවේ. 2016 දී අප ආනයනය කළ මුළු ප‍්‍රමාණයෙන් සියයට 51 ක් සමන්විත වුණේ ‘අතරමැද භාණ්ඩවලිනි’. එනම්, දේශීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩයි. ඉතිං, අතරමැද භාණ්ඩ ආනයනය අඩු කළොත්, අපේ දේශීය නිෂ්පාදිනය සහ අපේ රැුකියා අවස්ථා පහළ වැටෙනවා පමණක් නොව, නැවතත් ආනයනයන් වැඩි වීම ද සිදුවිය හැකිය. උදාහරණයක් වශයෙන්, පොහොර ආනයනය අඩු කළොත් සහල් අස්වැන්න අඩු විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සහල් ආනයනය වැඩි කිරීමට සිදුවිය හැකිය. අනිත් අතට, මෙරටින් අපනයන කෙරෙන භාණ්ඩ නිෂ්පාදනයත් පහළ වැටිය හැකිය. මේ නිසා, යම් ප‍්‍රතිලාභයක් ලැබීමට නම්, කෙටිකාලීනව වියදම් කපා හැරිය යුතුව තිබේ. ඉහළ නිෂ්පාදන ඵලදායීතාවක් අත්කර ගත යුතුව තිබේ. ඒ නිෂ්පාදන ඵලදායීතාවෙන් වැඩි කොටසක් විදේශයන්ට විකිණිය යුතුය. නැතහොත්, ඉහළ නිෂ්පාදන ඵලදායීතාව, ආනයන ආදේශනයකට තුඩුදෙන පරිද්දෙන් හැසිරවිය යුත්තේය. ඒ සඳහා, වර්ධනය වන ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අපට සිදුවෙයි.


විදේශ විනිමය අපට සොයා ගත හැකි අන්දම


විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය පියවා ගැනීමට අවශ්‍ය කරන විදේශ විනිමය අපට සොයා ගත හැක්කේ, අප ආනයනය කරනවාට වඩා අපනයනය කිරීමෙන් උපයා ගන්නා අතිරික්ත ධනයෙනි. ආණ්ඩුවේ වියදමට වඩා ආණ්ඩුවේ ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් ඉතිරි කර ගන්නා අතිරික්ත මුදල, විදේශ ණය ගෙවා දැමීම සඳහා පාවිච්චි කළ හැකිය. එසේ කිරීමට නම්, සමාජයත් ඒ සමාජයේ ඒජන්තයා වන ආණ්ඩුවත්, ලූහුපෙවෙතක් අනුගමනය කළ යුතුය. වෙනත් රටවල ආර්ථිකයන්ගෙන් ණයට ලබා ගන්නා මුදලින් අපට ජොලි කළ හැකි වෙතත්, ඒ ණය ගෙවීමේදී අපට විඳවීමට සිදුවන්නේය. එනම්, අපේ ජීවන තත්වය පහළ වැටෙන්නේය. ලූහුපෙවෙත් ආර්ථික වැඩපිළිවෙලවල් වනාහී හලාහල විසක් හෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමට යොදා ගන්නා දෙයක් හෝ නොවේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ චිකාගෝ නුවර සිටින කිසියම් ආර්ථික විද්‍යාඥයෙකු නිර්මාණය කළ දෙයක් ද නොවේ. කෙටිකාලීන්ව ගත් විට, වෙනත් විකල්පයක් අපට ඇත්තේ නැත.


ඇමරිකාවේ බඩජහරි කමක් තිබුණි. එය තේරුම් ගත් ඇමරිකානු ආණ්ඩුව, එතෙක් පෞද්ගලික අංශයට දෙමින් තිබූ ණය 2009 දී කපා හැරියේය. මෙසේ කිරීමෙන් යම් දායකත්වයක් ආර්ථිකයට ලැබෙයි ද යන්න පසක් කර ගැනීම සඳහා කළ හැකි අගනා පරීක්ෂණයක් තිබේ. එනම්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඒ මාර්ගයෙන් ඉතිරියක් ප‍්‍රවර්ධනය කර ගන්නේ ද, ආනයනයන්ට වඩා අපනයනයන් වර්ධනය කර ගන්නේ ද (විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ලංකාවට එවන ධනයත් ඇතුළුව) යන්න පිරික්සා බැලීමයි. මෙහිදී සැලකිල්ල යොමු කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, ආර්ථික ලූහුපෙවෙතක් පවත්වාගෙන යාමේදී ඒ මගින් සමාජයේ පහළම තීරුවේ ජීවත් වන ජනතාවට වැඩියෙන් ගැහැටක් ඇති නොවන තැනට වගබලා ගැනීමයි.



ජෝර්ජ් මාෂල් සැලැස්ම


මේ කරුණු හැරුණු කොට, අපට සුන්දර අපේක්ෂාවක් ද තිබේ. එනම්, ලෝකයාගෙන් අපට ඉතා නිර්ලෝභීව ආධාර උපකාර ලැබීමට ඉඩක් තිබේ ද යන්නයි. එවැනි අවස්ථාවක්, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බටහිර යුරෝපය ගොඩගැනීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වී තිබේ. එය ජෝර්ජ් මාෂල් සැලැස්ම වශයෙන් හැඳින්වෙයි. එසේම, එම යුද්ධයෙන් පසුව, ජපානය සම්බන්ධයෙන් ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් යටතේත් එවැනි සැලැස්මක් ක‍්‍රියාත්මක විය. මේ ආර්ථික වැඩ සටහන් දෙකම සැලසුම් කෙළේ සහ ක‍්‍රියාත්මක කෙළේ ඇමරිකාව විසිනි. මුළු බටහිර යුරෝපයත්, ජපානයත් යුද්ධයෙන් හොඳටම විනාශ වී තිබුණි. ඉහත කී ජෝර්ජ් මාෂල් සැලැස්ම බටහිර යුරෝපය සම්බන්ධයෙන් මොන තරම් සාර්ථකව ක්‍රියාත්මක වී ද යත්, එක් ආර්ථික විද්‍යාඥයෙකු දක්වන පරිදි, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගත වූ අවුරුදු විස්සක කාලය ‘ධනවාදයේ ස්වර්ණමය යුගය’ බවට පත්විය. අපේ රට සම්බන්ධයෙන් ගත් විට, චීනය සහ ඇමරිකාව අතර පවතින අරගලය තුළින් යම් ආකාරයක ඉන්ද්‍රජාලික පරෙවියෙකු මැවීමේ හාස්කමක් වුණොත් මිස, එවැන්නක් අපේක්ෂා කිරීම සුරංගනා සිහිනයක් පමණක්ම වනු ඇත. එවැනි සහනයක් වෙනත් රටකින් අපට ලැබුණත්, ඒ සඳහා විශාල මිලක් ගෙවීමට අපට සිදුවෙනවා ඇත.


අනිත් අතට, විදේශ ණය ගෙවා දැමීම සඳහා විකුණා දැමිය හැකි සම්පත් අපට බහුලව ඇත්තේ ද නැත. රටේ දැන් පවතින තත්වය උඩ එවැනි විකිණීමක් කළත් එය සිදු කිරීමට වන්නේ කුණු කොල්ලයට ය. ඊටත් වඩා, එසේ අපේ සම්පත් විකුණා දැමීම දේශපාලනික වශයෙන් ඉතා විනාශකාරී ප‍්‍රතිඵල අත්කර දීමටත් තුඩුදෙනු ඇත.


 අතිරික්ත සම්පත්, නැති බැරි රටවල් තුළ ආයෝජනය කිරීම


විදේශ රටවල තිබෙන අතිරික්ත සම්පත්, නැති බැරි රටවල් තුළ ආයෝජනය කිරීමට සලස්වා ගැනීම තවත් විසඳුමකි. එහිදී විදේශ ආයෝජකයා කරන්නේ තමන්ගේ විදේශ මුදල් අපේ මහ බැංකුවට විකුණා ලැබෙන රුපියල් ලංකාවේ වියදම් කිරීමයි. එහෙත් එවැනි ආයෝජන ආකර්ශණය කර ගැනීමට නම්, නැති බැරි රටේ දේශපාලනික හා ආර්ථික පරිසරය ආකර්ශණීය විය යුතුය. ලංකාවේ මෙන් 100 ගුණයක් විදේශ ආයෝජන තමන් වෙත ආකර්ශණය කර ගැනීමට මේ වන විට වියට්නාමය සමත්ව සිටී. එයින් පෙන්නුම් කරන්නේ ලංකාව, එවැනි විදේශ ආයෝජකයන් ඇදී එන රටක් නොවන බවයි.


ණය ආපසු ගෙවීමේ ක‍්‍රමය අලූතින් සකසා ගැනීම


 


ණය ආපසු ගෙවීමේ ක‍්‍රමය අලූතින් සකසා ගැනීම, එක්තරා ආකාරයක විසඳුමක් විය හැකිය. ඒ සඳහා වඩාත් අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට යොමු විය හැකිය. මේ සඳහා, රටවල් සහ අන්තර්-රාජ්‍ය මූල්‍යායතන ඒකරාශී කොට, එවැනි ණය ගෙවීමේ පහසු කොන්දේසි සහිත ක‍්‍රමයක් සකස් කර දෙන ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව පහසු කොන්දේසි යටතේ ලබා ගන්නා ණය මුදල්, දැනට ගෙවීමට ඇති ණය බර අඩු කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ණය ප‍්‍රමාණයේ අඩුවක් ඒ මගින් සිදු නොවෙතත්, ණය ගෙවීමට ඇති කාල පරාසයත්, අඩු පොලී අනුපාතයනුත් එවිට සකසා ගත හැකි වන්නේය.


 


ණය ගොඩගැසෙන්නේ, ලබා ගත් ණය ප‍්‍රමාණය සහ පොලී ප‍්‍රමාණයන් ගෙවා ගත නොහැකි වන විට ය. ඒ නොහැකියාව ඇති වන්නේ, ලබා ගත් ණය මුදල් නියමිත කාලයක් තුළ ප‍්‍රතිලාභ ගෙන නොදෙන ව්‍යාපෘති තුළ යෙදවීම නිසා ය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ඊට අගනා සාක්ෂියකි. ණය උගුල ඇති වන්නේ එයාකාරයෙනි. සමස්ත ඉල්ලූම අඩු කර ගැනීමට ආණ්ඩුවක් කටයුතු නොකරන්නේ නම්, විදේශ ණය ආපසු ගෙවීම මගහැරේ. ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත් ග‍්‍රීසිය ඒ සඳහා යුරෝපය සමග ගිවිසුමකට ඇතුළත් විය. ඒ අනුව, ආර්ථික ලූහුපෙවෙත් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීමට ග‍්‍රීසිය එකඟ වූ අතර ඒ මගින් ග‍්‍රීසියේ ජනතාවට ඇති විය හැකි බරපතල පීඩාව අවම කර ගැනීම සඳහා තාවකාලික සහන යුරෝපයෙන් සැපයීමට එකඟ විය. දැන් ග‍්‍රීසිය ඒ අර්බුදයෙන් ගොඩ එමින් සිටී. එම විසඳුම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම හරහා බොහෝ රටවලට ලබා ගත හැකි එක් විසඳුමකි.


අපේ රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට යෝජනා කරන පොදු ප‍්‍රතිකර්මයක් වන්නේ ආනයන සීමා කිරීමයි. එය ඉතා කාර්යක්ෂම විසඳුමකි. ක‍්‍රියාත්මක කිරීමට ද පහසු ය. එසේම, මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් තුළ ප‍්‍රතිඵල ද ලැබිය හැක්කේය. 2016 දී අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 8.4 ක් සමන්විත වුණේ සහල් ආනයනයන්ගෙනි. පරිප්පු, වෛද්‍ය සහ ඖෂධ ආනයනයන් සියයට 3.4 ක් විය. එනම්, සමස්ත ආනයනයන්ගෙන් සියයට 11.8 කි. මෙය, සමස්ත පාරිභෝගික භාණ්ඩ ආනයනයන්ගෙන් සියයට 50 ටත් වැඩි ප‍්‍රතිශතයකි. මෙකී භාණ්ඩ කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. එසේ වුවහොත් රට පුරා විශාල නොසන්සුන්තාවක් ඇති විය හැකිය.


සමස්ත ආනයනයන්ගෙන් සියයට 78 ක් සමන්විත වන්නේ, මීට ඉහත ඡේදයකදී පෙන්වා දුන්, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩවලිනි. ඉන්ධන, සිමෙන්ති, පොහොර සහ යන්ත‍්‍රසූත‍්‍ර ආදිය ඊට අයත් වෙයි. රටේ විරැකියාව උග‍්‍ර නොකර, එසේම, ආදායම් මට්ටම පහළ නොවැටෙන ආකාරයෙන්, මේ කියන කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. ආනයන සීමා කිරීම පිළිබඳ එවැනි සීමාවන් තිබියදී, අනිත් පැත්තෙන්, භාණ්ඩ සහ සේවාවන් අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගත යුතුව ඇති බවත් සිහියේ තබා ගත යුතුය. අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනය සීමා කළොත් නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩාල වන නිසා එය අපේ අපනයනයන් අඩාල වීමට ද හේතු වන්නේය. මගේ මිතුරෙකු මෑතකදී මට පෙන්වා දුන් පරිදි, ආනයනයන් අඩු වන විට, ඒවා මිලදී ගැනීම සඳහා එතෙක් යොමු වූ ක‍්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඊළඟට දේශීය නිෂ්පාදන පැත්තට වහා හැරෙන බැවින් එම භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමටත් ඉඩ තිබේ. එම ක‍්‍රියාවලිය උද්ධමනය නමින් හැඳින්වේ. මෑත කාලයේ එම තත්වය සිම්බාබ්වේ රටේ දැක ගත හැකි විය. දැන් එය වෙනිසියුලාවේ ද දැකිය හැකිය.


දේශීය මිල ගණන්වල ඉහළ යාමට සරිලන පරිද්දෙන් රුපියල අවප‍්‍රමාණ නොවුණොත් වෙන්නේ මොකක්ද ?


එසේම මෙසේ භාණ්ඩ මිල ඉහළ යාම, සියලූ අපනයනයන් කෙරෙහි බලපාන්නේය. දේශීය මිල ගණන්වල ඉහළ යාමට සරිලන පරිද්දෙන් රුපියල අවප‍්‍රමාණ නොවුණොත්, අපේ අපනයන වෙළඳපොළ වෙනත් අපනයනකරුවන් විසින් අත්කර ගැනීමට ඉඩ තිබේ.


යෝජනා කරන තවත් විසඳුමක් වන්නේ මුදල් අච්චු ගැසීමයි. අතරමැදි භාණ්ඩ ගෙන්වීම සීමා වීම නිසා ඇති වන විරැකියාව පාලනය කරනු වස් එසේ මුදල් අච්චු ගැසීමෙන් රැුකියා අවස්ථා ඇති කර ගත යුතුව ඇතැයි ඔවුහූ පෙන්වා දෙති. කෙනෙකුගේ ආදායම තුළ අඩංගු සෑම රුපියල් දහසකින්ම රුපියල් 300 ක් වැය කෙරෙන්නේ ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීමට ය. වැඩියෙන් මුදල් අච්චු ගසන විට, ආනයනයන් සඳහා වන ඉල්ලූමත් වැඩි වෙයි. ඒ මගින් අපනයනයන් සඳහා අනිවාර්ය තල්ලූවක් ලැබෙන්නේ නැත. ඒ නිසා එය ද ප‍්‍රශ්නයට පිළියමක් නොවේ.


අප මුහුණදෙන තවත් අර්බුදයක් වන්නේ, විදේශ විනිමය වෙළඳපොළේ රුපියලේ අගය එක දිගටම බාල්දු වීමයි. එක දිගටම ලංකාවේ රුපියල මෙසේ අවප‍්‍රමාණ වී ඇතත්, මේ වසරේ එය වඩාත් වේගවත් වී ඇත. මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිතයක් තිබෙන බැවින් රුපියලේ අගය පහත වැටීම යම් අවස්ථාවකදී පාලනය කර ගත හැකි වෙතැයි මහ බැංකුව බොහෝ විට අපට කියා ඇත. එසේ කියන්නේ, රුපියලේ අගයේ අස්ථායීතාව හටගෙන ඇත්තේ වෙළඳාමට අදාළ කාරණයක් නිසා බවට ඇති උපකල්පනයක් මත පිහිටා ය. එහෙත්, 1997 දී තායිලන්තයේ මුදලේ අගය කඩා වැටුණේ, එරටේ තිබූ ප‍්‍රාග්ධනය රටෙන් පිටට ඇදී ගිය නිසා බව අප අමතක නොකළ යුතුය. රුපියල් වෙළඳපොළෙන් ඉවත් වීමට මුදල් ගනුදෙනුකරුවන් පෙළඹුණොත්, රුපියල් බිලියන 10 ක් යොදා ඒ ඇදී යාම වැළැක්වීමේ හැකියාවක් නැත. ඔක්තෝබර් 17 වැනි දා දක්වා වූ සතිය තුළ මෙය මැඩලීම සඳහා බිලියන 3.3 ක් නැති කර ගැනීමට සිදු විය. අපේ සමස්ත විදේශ විනිමය සංචිතය වන්නේ ඩොලර් බිලියන 10 ක් පමණි. තායිලන්තයේ මහ බැංකුව එරටේ මුදලේ අගය වැටීම පාලනය කර ගැනීම සඳහා ඩොලර් බිලියන 25 ක් වැය කෙළේය. එහෙත් එම මුදල කඩා වැටීම නතර කර ගැනීමට තායිලන්තයට නොහැකි විය.


 

අප මුහුණදෙන අර්බුදවල දළ ස්වභාවයත්, එම අර්බුද හටගෙන තිබීමේ හේතු කාරණාත්, අනුගමනය කළ හැකි යැයි සිතෙන මුත් එතරම් පහසු නැති ඇතැම් විසඳුම්වල ස්වභාවයත් එයාකාර ය. මේ තත්වය, විකල්ප මාර්ග යෝජනා කරමින් නිවැරදි කර ගැනීමේ වගකීමක් ආර්ථික විද්‍යාඥයන්ට තිබේ. දැනුම් තේරුම් නැති දේශපාලඥයන් තක්කඩියන්ගේ බහට අවනත වීමෙන් මුදවා ගත හැක්කේ ඔවුන්ට ය.


 

(2018 නොවැම්බර් 3 වැනි දා ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, ආචාර්ය උස්වත්ත ආරච්චි ලියූ, “Current Economic and Financial Crises (2)'’ නැමැති ලිපියේ දෙවැනි කොටස. ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනයේ ෂැංහයි දී ඇරඹේ

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද (5) උදෑසන චීනයේ ෂැංහයි නගරයේ දී ආරම්භ වූ අතර ලබන 10 වැනිදා දක්වා මෙය පැවැත්වීමට නියමිතය.  මෙහි සමාරම්භක උළෙලේදී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ, ‘‘මෙම ප්‍රදර්ශනයට එක් වන රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායන් චීන රජය හා ජනතාව වෙනුවෙන් උණුසුම්ව පිළිගන්නා බව‘‘ යි.  මෙරට නියෝජනය කරමින් ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද මීට සහභාගී වී සිටීම විශේෂය.



චීන සංවර්ධනයන්හි පවතින අවස්ථාවන් ග්‍රහණය කරගෙන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් කරමින් පොදු සමෘද්ධිය ඉටු කර ගත හැකි බවට ද හෙතෙම සිය විශ්වාසය පළ කළේය.


චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ආනයනය තේමා කර ගත් ලෝකයේ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනයයි. එය ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන ඉතිහාසයේ දැවැන්ත නිර්මාණයක් ද වේ. චීනය විදේශයන්ට විවෘත වීම පුළුල් කිරීම සඳහා අලුතින් ක්‍රියාත්මක කරන දැවැන්ත තීන්දුවක් ලෙස ද මේ අවස්ථාව හඳුනාගත හැකිය.


වත්මන් ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස සකස් වෙමින් පවතී. ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදය මතු වී තිබේ. ආර්ථික ගෝලීයකරණය, බහුපාර්ශවවාදය හා නිදහස් වෙළඳ පටිපාටිය බාධාවන්ට ලක් ව ඇත. අස්ථාවර හා අස්ථිර සාධකයන් තවමත් බහුලව පවතී. එබැවින් වත්මන් තත්වය ගැන පැහැදිලිව අවබෝධ කර ගෙන අදාළ මූලධර්ම ග්‍රහණය කරමින් විවෘත සහයෝගතා පිළිබඳ අධිෂ්ඨානයේ තරයේ ම නියැළී සිටිමින් අවදානම් හා අභියෝගයන්ට පොදුවේ මුහුණ දියු යුතු බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



ඉදිරි වසර 15  තුළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට වැඩි ව‍ටිනාකමෙන් යුත් භාණ්ඩ හා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10කට වැඩි වටිනාකමෙන් යුත් සේවා ‍වෙළඳාම  චීනය පිළිගනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.


විවෘතභාවය නූතන චීනයේ කැපී පෙනෙන සංකේතයක් බවට පත් ව ඇතැයිද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර චීන ආර්ථිකය දැවැන්ත පරාසයක් පුරා විහිද ඇති බැවින් විවිධ බලවේග වලට මෙය විනාශ වීමේ ඉඩකඩ නොමැති බව ද හෙතෙම පැවසීය.


රුපියල රැකගන්න ගියොත් ආර්ථිකය විනාශ මුඛයට යාවිද ?

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මේ දිනවල සුවිශේෂී අවධානයට ලක්වන කරුණක් වී ඇත. මේ ගැන නිවේදනයක් නිකුත් කරන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විමසන්නේ, ඩොලර් සංවිත මුදාහැරීම මගින් පමණක් රුපියල ගොඩගත නොහැකි බවයි. මේ ඔහු අද (21) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගත්තකි. 


ඩොලර් සංචිත මුදාහැරීම මගින් පමණක් රුපියල ගොඩ ගත නොහැකිය

''රජයේ අමාත්‍යවරුන් කියන්නේ මහ බැංකුව සිය ඩොලර් සංචිත වෙළෙදපොලට නිකුත් කරමින් රුපියල ගොඩ ගන්නට තමන් කටයුතු නොකරන බවයි.  නමුත්, සැප්තැම්බර් 20 දා රජයේ අමාත්‍යවරුන් එවැනි ප්‍ර‍කාශ සිදු කරන විටත් මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වෙළෙදපොලට මුදා හැර තිබුණි.


මෙයින් දිස්වන්නේ  රුපියලේ අර්බුදය සැගවීමට ගොස් ආණ්ඩුව තවදුරටත් ආර්ථික අර්බුදයේ ගිලෙමින් ඇති සෙයකි


2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍ර‍මාණය බිලියන 8 ක් වූ අතර පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගියේය.  2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතය වත්කම ඩොලර් මිලියන 8,590.87 කි.  එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය වේ.  සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 ක් පමණ විය.


පසුගිය දින කිහිපය තුළ, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණය වීම අවම කර ගැනීම  සදහා ශ්‍රී ලංකා මහ බැංකුව දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍ර‍මාණයක් වෙළෙදපොළ වෙත පොම්ප කරනු ලැබීය.  ඒ අනුව, සැප්. 20 දිනය අවසන් වන විට මුදා හරිනු ලැබූ මුදල ඩොලර් මිලියන 450 කි. නමුත්, සැප්. 20 වන විට මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍ර‍මාණය වී තිබේ. සැප්තැම්බර් 21 දින උදේ 9 ට කොමර්ෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් අගය රු. 172 ක් විය.


මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව, ඉතිරිය ඩොලර් බිලියන 0.8 කි.


වීඩියෝ පටයක් නිකුත් කරමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ ණය වාරිකය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍ර‍මාණය මහ බැංකුව විසින් දිගටම පවත්වාගෙන යනු ඇති බවයි.  එයින් කියවෙන්නේ, රජයට රුපියල අවප්‍ර‍මාණයවීම වැලැක්වීම සදහා වෙළෙදපොළට අතහැරිය හැකි ඩොලර් බිලියනයකට මඳක් අඩු සංචිතයක් පමණක් ඉතිරිව ඇති බවයි. නැතිනම්, රජය ණය වාරික ගෙවීම ගැන නොකතා සිය සංචිත වෙළෙදපොළට දැමිය යුතුය.


සැප්තැම්බර් 21 දින ඩොලර් මිලියන 50 ක් පොම්පකොට රුපියලේ අගය තවදුරටත් පහත වැටීම (එනම් 170 සීමාවේ තබාගැනීම) සිදු කිරීමෙන් පසුව ඉදිරි සති කිහිපයේ දී, තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800  - 1000 ක් අතර ප්‍ර‍මාණයකි.


එසේ නොවේ නම්,  ණය ගෙවීම පසෙකට දමා ඉතිරි සංචිත මුදලට අත ගැසිය යුතුය. රජය විද්‍යාත්මක නොවන, ඩොලර් සංචිතය වෙළෙදපොලට මුදාහැරීමේ දේශපාලන තීරණයට එලැබීමට ඇති ඉඩ වැඩිය.  ‘‘රුපියල දැඩි පාලනයකට යටත් කිරීම‘‘ යන තාක්ෂණික යෙදුම ලබන සතියේ කරළියට පැමිණෙනු ඇත.


එහි ප්‍ර‍තිඑලය කුමක් විය හැකිද?

ඩොලරට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණයවීමේ මෙවැනිම තත්වයක් 2012 හා 2015 දී ද ඇති විය.  මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4 ක් 2012 දී වෙළෙදපොල වෙත පොම්ප කළ නමුත්, රුපියලේ අවප්‍ර‍මාණය වීම 13% ක් විය. එය රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති කළේය.


වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව, 2015 දී ද මෙවැනිම තත්වයක් උදාවිය.  මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් ඩොලර් මිලියන 3 ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙදපොලට අතහරිනු ලැබූ නමුත්, එදා ද, 9% කින් රුපියල අවප්‍ර‍මාණයවීය. වෙනත් වචනයකින් කිවහොත් 2015 පාර්ලිමේන්තු ඡන්දයට පෙර ද, රජය කෘත්‍රිම ලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීමට ගොස් ඩොලර් මිලියන 3 ක් විනාශ කර ගත්තේය. රජය නැවත වාරයක් සුදානම් වන්නේ ඒ මාවතේ යාමට බව නම් ඉතා පැහැදිලිය.''

ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම රන්සිළු සම්මානයෙන් පිදුම් ලබයි

මෑතකදී පැවති 'විදුල්කා' ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ කාණ්ඩය යටතේ, බලශක්තිය භාවිතය අවම කිරීම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ෆෝබ්ස් මාෂල් සමාගම රන්සිළු සම්මානය හිමිකර ගත්තේය. මෙම සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 22 වනදා BMICHහිදී පැවැත්විණි.



(ඉහත  සේයා රූ සටහන -ෆෝබ්ස් මාෂල් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් කළමනාකාර ලොෂාන් පලයන්ගොඩ සහ එම සමාගමේ නිෂ්පාදන කළමනාකාර චානක මහවත්ත යන මහත්වරුන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් රන්සිළු සම්මානය හිමිකර ගත් මොහොත. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය, එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී පෙරේරා සහ එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති)


විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු අංශවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර භාවිතය තවත් විධිමත් කිරීමේ අරමුණ පෙරදැරිව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) එක්ව මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරයි.


සාර්ථක බලශක්ති කාර්යක්ෂම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සහ විශිෂ්ට ලෙස ආයතනික බලශක්ති මූලාශ්‍ර කළමනාකරණය කරන ආයතන මෙම උළෙලේදී ඇගයුමට ලක් කෙරේ. බලශක්ති කාර්යක්ෂමතාව, බලශක්ති කාර්යක්ෂමතාව සඳහා තාක්ෂණික සහයෝගිතාව, මහා පරිමාණ හෝටල් සහ කුඩා පරිමාණ නිෂ්පාදන යන අංශ හතර යටතේ මෙවර රන් සම්මාන පිරිනැමිණි.


වර්තමානයවන විට ෆෝබ්ස් මාෂල් සමාගම වාෂ්ප සහ පාලන උපකරණ සම්පාදන පද්ධති සම්පාදනයට අමතරව වාෂ්ප සහ පාලන උපකරණ සම්පාදනය, බලශක්ති කළමනාකරණය, කාර්මික ක්‍රමාංකනය, ව්‍යාපෘති කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම යන ක්ෂේත්‍රවල උපදේශන සේවා ලබාදීමෙහි ද නිරත වෙයි. ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම මෙරට වඩාත් විශ්වසනීය ම කාර්මික සේවා සම්පාදකයෙකු ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.




[caption id="attachment_20864" align="aligncenter" width="1024"] ෆෝබ්ස් මාෂල් ලංකා කණ්ඩායම[/caption]

පාරිභෝගික ජනතාව ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමේ නිෂ්පාදන, සේවා සහ විසඳුම් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම රන් සම්මානය හිම්වීමේ මූලික අඩිතාලම බව එම සමාගම පවසයි. එම සමාගම පසුගිය වසර තුළ පොසිල ඉන්ධන ලීටර මිලියන 7ක් සුරක්ෂිත කිරීමට සමත්ව ඇති අතර එමගින් මෙරට වෙනුවෙන් රු. මිලියන 550කට අධික මුදලක් ඉතිරි කිරීමට ද හැකිවී ඇත. තවද, දර කිලෝ ග්‍රෑම් මිලියන 14ක් ද, ජලය ලීටර මිලියන 100ක් ද, විදුලි බලශක්ති ඒකක මිලියන 4ක් ද එම සමාගම ඉතිරි කිරීමට සමත් විය.


"බලශක්ති සහ පාලන උපකරණ සම්පාදන ක්ෂේත්‍රයේ අපගේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවන් සහ අපේක්ෂාවන් අඛණ්ඩව ඉටුකිරීම සඳහා මෙම ජාතික මට්ටමේ රන් සම්මානය අප තවත් දිරිමත් කරනවා. එම පාරිභෝගිකයන් අප වෙත ලබාදුන් අවංක ප්‍රතිචාර සහ යෝජනා ගෝලීය වශයෙන් විසඳුම් ලබාදෙන වෙළඳපල ප්‍රමුඛයෙකු බවට පත්වීම සඳහා අපට බෙහෙවින් උපකාරී වුණා. වසර 25කට අධික කාලයක් පුරා අපගේ පාරිභෝගිකයන් සමග අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවන අතර ඉදිරියේදීත් එම සබඳතාව තවත් සවිමත්ව ඉදිරියට පවත්වා ගැනීමට අප බලාපොරොත්තු වනවා" යනුවෙන් ෆෝබ්ස් මාෂල් සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ සුනිල් බදමි මහතා සඳහන් කළේය.


මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින් ෆෝබ්ස් මාෂල් සමාගමේ දකුණු ආසියානු ප්‍රධානී දීපක් ශර්මා සඳහන් කළේ වසර 25ක් පුරා තම සමාගම කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික ජනතාවට තම කෘතඥතාව පළ කරන බවය. "අපගේ කර්මාන්තශාලා මට්ටමින් බලශක්ති කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කරන අතරම සාර්ථක බලශක්ති කර්මාන්තශාලාවක ප්‍රධාන සාධකයක්වන දැනුම් වර්ධනය කිරීම සඳහා ද අප අඛණ්ඩව කටයුතු කරනවා"


"පසුගිය වසර තුළ පමණක් අප බලශක්ති සංරක්ෂණ සහ ඉන්ධන භාවිතය වෙනත් විකල්ප වෙත මාරු කිරීම සම්බන්ධ ව්‍යාපෘති 30ක් සම්පූර්ණ කර තිබෙනවා. ඊට අමතරව ස්වේච්ඡා බලශක්ති විගණන 150කට අධික ප්‍රමාණයක් මෙන්ම පරිපූර්ණ බලශක්ති විගණන 7කට අධික ප්‍රමාණයක් ද විවිධ අංශ නියෝජනය කරමින් අප සිදුකර තිබෙනවා. මෙම කාල වකවානුව තුළ වාෂ්ප ඉංජිනේරු සහ බලශක්ති සංරක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධව වෘත්තිකයන් 200 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ද විශ්වවිද්‍යාල සිසුන් 100කට අධික පිරිසක් ද පුහුණු කිරීමට තරම් අප වාසනාවන්ත වුණා. ඉදිරියේදී ද අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදීම අපගේ ඒකායන අරමුණයි" යනුවෙන් ෆෝබ්ස් මාෂල් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් කළමනාකාර ලොෂාන් පලයන්ගොඩ මහතා ප්‍රකාශ කළේය.


ෆෝබ්ස් මාෂල් යනු වාෂ්ප ඉංජිනේරු සහ පාලන උපකරණ සම්පාදන විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම නිෂ්පාදකයෙකි. වසර 70කට අධික කාලයක් පුරා, එම සමාගමේ නිෂ්පාදන සහ සේවා කර්මාන්තවල බලශක්තිය ඉතිරි කිරීමට, ක්‍රියාවලි ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට සහ පිරිසිදු සහ සුරක්ෂිත කර්මාන්ත ශාලා පවත්වා ගැනීමට උපකාරී වී ඇත. නිෂ්පාදන පහසුකම් 5ක් සමගින් ලොව පුරා රාජ්‍යයන් 19කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් කටයුතු සිදු කරන එම සමාගම දැනුම, නවෝත්පාදන විසඳුම්, විශ්වසනීය නිෂ්පාදන සහ ගෝලීය නාමය හරහා විශ්වසනීය හවුල්කරුවෙකු බවට පත්ව සිටී.


ෆෝබ්ස් මාෂල් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ වසර 25කට අධික කාලයක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කරන අතර පාලන උපකරණ පද්ධති, වාෂ්ප බොයිලේරු සහ මෙවලම් සඳහා වෙළඳපල ප්‍රමුඛයා වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාෂ්ප ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කරමින් බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ ශ්‍රී ලාංකේය ඉංජිනේරු ශිල්පීන් හට පුහුණුව ලබාදීමට ද එම සමාගම කටයුතු කරයි.

බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සම්මානයට පාත්‍ර වෙයි

බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

වාහන අමතර කොටස් නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ අපනයනයේ පුරෝගාමී සමාගමක්වන බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා 2018 ආසියා පැසිෆික් සම්මාන උළෙලේදී නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත ම ව්‍යාපාරික පුරෝගාමියා ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

ඉතත සේයා රූව 

(බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා (මැද) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතා අතින් ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මානය ලබාගත් මොහොත. එන්ටර්ප්‍රයිස් ඒෂියාහි සභාපති ඩෙටෝ විලියම් මහතා ද ඡායාරූපයේ වෙයි)

සිව්වන වරටත් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි කටයුතු හා ඉඩම් අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, එන්ටර්ප්‍රයිස් ඒෂියාහි සභාපති ඩෙටෝ විලියම් සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු ද ඊට සහභාගී වූහ. එන්ටර්ප්‍රයිස් ඒෂියා විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය, තිරසාරත්වය සහ නවෝත්පාදනය ඇගයුමට ලක් කෙරේ. මැලේසියාව, ඉන්දුනීසියාව, බෘනෙයි, සිංගප්පුරුව, හොං කොං, ඉන්දියාව සහ චීනය යන රටවල ද මෙම සම්මාන උළෙල පැවැත්වේ.

[caption id="attachment_20858" align="aligncenter" width="1094"] බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා සම්මානය සමග[/caption]

ISO 9001:2015, ISO 14001: 2004 තත්ත්ව සහතිකය ඇතුළු තවත් ඇගයුම් රැසකට පාත්‍ර වී ඇති බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම මෝටර් රථ සවිකිරීම්, සස්පෙන්ෂන් කොටස්, දුනු සහ වෙනත් කොටස් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු වාහන කොටස් වර්ග 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. මහල් ගොඩනැගිලි සඳහා අවශ්‍ය හැන්ගර් බෝල්ට්ස් සහ පාරිභෝගික අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කෙරෙන ආලෝක ඉංජිනේරු නිෂ්පාදන ද එම නිෂ්පාදන අතර වෙයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු දුනු නිෂ්පාදනය කිරීම සඳහා සමාගම සතුව හරිත නිෂ්පාදනාගාරයක් ද පවතී.

"ව්‍යවසායකත්වය යනු අභියෝගාත්මක චාරිකාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන අමතර කොටස් නිෂ්පාදකයෙකු බවට පත්වීමට මා හට හැකි වුණේ අප්‍රතිහත ධෛර්යය සහ නිර්මාණශීලි චින්තනය නිසයි. මෙරට මාර්ග සඳහා වඩාත් හොඳින් ගැලපෙන කල්පවතින නිෂ්පාදන සිදු කිරීම සඳහා කැපවන අප ශීඝ්‍රයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා. නව ක්‍රමවේද හඳුනා ගනිමින් ජාත්‍යන්තර වෙළඳපල තවතවත් පුළුල් කරමින් සමාගමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කිරීම හරහා දේශීයව මෙන්ම ගෝලීයව ද වාහන කොටස් සඳහා ප්‍රමුඛ නාමයක් බවට පත්වීමට හැකිවන බව අපගේ විශ්වාසයයි" බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.

සමාගමේ සුවිශේෂී නිර්මාණශීලි චින්තන රටාව සහ එස් 5, කයිසන්, JLT, TPM සහ TQM ආදී සංකල්ප සිය ක්‍රමෝපායික සැලසුම තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සමාගමේ නිර්මාතෘ විසින් දක්වනු ලබන කැපවීම නිසාම ජපාන ආයතනයක්වන ආසියානු ඵලදායිතා සංවිධානය (APO) බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම 'ආදර්ශ කර්මාන්තශාලාවක්' ලෙස ද නම්කර ඇත.

වසර 37කට අධික අසමසම සේවය සමගින් බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම ජාතික අපනයන මණ්ඩලය විසින් විශිෂ්ටත ම අපනයනකරු ලෙස නම් කෙරිණි. ඊට අමතරව, ජාතික වාණිජ මණ්ඩලයේ ව්‍යාපාර විශිෂ්ටත්වය සඳහාවන ජාතික රන් සම්මානය, CNCI හි කර්මාන්ත විශිෂ්ටත්වය සඳහාවන ජාතික පළිඟුව, FCCISLහි ව්‍යවසායකත්ව ජාතික රන් සම්මානය, SLIM ආයතනයේ වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහාවන ජාතික රන් සම්මානය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජාතික ඵලදායිතා සම්මානය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ ජාතික වාණිජ මණ්ඩලයේ 2017 ව්‍යවසාය සම්මාන උළෙලේ විශිෂ්ටත ම බලශක්ති කාර්යක්ෂමතාව, විශිෂ්ටත ම ඵලදායිතාව සහ විශිෂ්ටත ම ව්‍යවසාය සඳහාවන සම්මාන ත්‍රිත්වය ඇතුළුව සම්මාන රැසක් දෙස්-විදෙස් සමාගම් 60කට අධික සංඛ්‍යාවක් අභිබවමින් හිමිකර ගැනීමට බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම සමත්ව සිටී.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ආරම්භය

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද අගෝස්තු (30)වනදා  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහභාගිත්වයෙන් ආරම්භ විමට නියමිතව තිබේ. දිවයින පුරා  ව්‍යවසායකයින් ලක්ෂ්‍යක් බිහි කිරීමේ අරමුණින් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ක්‍රියාත්මක කරණු ලබයි.