‘‘පාංශු‘‘ අගෝස්තු මස සිට තිරගත වේ



"අතුරුදහන් වූ පුතෙක්, යුක්තිය සොයන මවක්, ගරා වැටුණ නීතියක්"




විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘පාංශු‘ එළඹෙන අගෝ්ස්තු මස රිද්ම මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතය.

2019 ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත් නීටා ප්‍රනාන්දු සමග 
ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර, සේවියර් කනිෂ්ක, මයුර කාංචන මෙහි රංගනයෙන් දායක වේ.

‘පාංශු‘ ජාත්‍යන්තර සම්මාන උළෙල ගණනාවකදී ඇගයීමට ලක්විය. 

* රෝයල් රීල් සම්මාන - කැනඩියානු ජාත්‍යන්තර සිනමා උළෙල 2019 - කැනඩාව
* හොඳම ඇඳුම් නිර්මාණය - නීස් නීස් ජාත්‍යන්තර සිනමා උළෙල 2019 - ප්‍රංශය
* හොඳම සහය නළුවා - කනිෂ්ක සේවියර් - ගෝල්ඩන් ඩොර් ජාත්‍යන්තර සිනමා උළෙල 2019 - ඇමරිකා එක්සත් ජනපදය
* ජුරි සම්මානය - රිලිජස් ටුඩේ ජාත්‍යන්තර සිනමා උළෙල - 2019 - ඉතාලිය

ඒ අතරින් කීපයකි.