පාසල් නිවාඩු කාලය ජුනි මස 29දා අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (9) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මේ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4ක් යටතේ සිදු කරයි.
ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහාය. ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06 වනදා සිටයි. එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පළමුව පාසල් විවෘත වේ.

Post a Comment