වත්මන් ජනාධිපතිවරයා තම රාජකාරීය ගැන ඉතා වගකීම් සහගතව කටයුතු කරන චරිතයක් බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත. ඊට හොඳම උදාහරණය කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය වේ.
කතුවැකිය
රාජ්‍යය ආයතන වල ප්‍රධානීන්ට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් වන ලෙස ජනාධිපති ගොටාබය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව ජනපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනය කළේය. එය ඉතාම ඉහළින් අගය කළ යුතු කාරණයකි.

ඔහු බලයට පත් වූ පසු රාජ්‍යය ආයතන වල ඔහුගේ පින්තූරය එල්ලීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය. ඒ වෙනුවට රාජ්‍යය ලාංඥනය පමණක් එල්ලා තැබීම සඳහා නියෝග කළේය. එය, පටු දේශපාලන විරුද්ධ වාදීන් සහ හිස් වචන පමණක් දරාගෙන විශාල දේශපාලන පුරසාරම් දොඩවන්නන් හාස්‍යයට ලක් කරනු ලැබුහ. නමුත් එය රටේ සිදු විය යුතුව තිබුණු මූලික කටයුත්තකි. එහි ලස්සන සෑම රාජ්‍යය ආයතනයකටම පාහේ සංචාරය කිරීමෙන් දැකිය හැකිය.
වත්මන් ජනාධිපතිවරයා තම රාජකාරීය ගැන ඉතා වගකීම් සහගතව කටයුතු කරන චරිතයක් බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත. ඊට හොඳම උදාහරණය කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය වේ.
එහි මීළඟ පියවර ලෙස, රාජ්‍යය ආයතනවල ප්‍රධානීන් දේශපාලන කටයුතු වලින් ඉවත් කිරීම ඉතාම ප්‍රසංසනීය වේ. රාජ්‍යය ආයතන වෙනස් කිරීමට අවශ්‍යය නම් ඒවායෙහි සේවය කරන අයවලුන්ගේ ආකල්ප වෙනස්කළ යුතුය. ආකල්ප වෙනස් කිරීම සඳහා ඒවායේ සේවය කරන පුද්ගලයින්ගේ මානසික තත්වය තේරුම් ගත යුතුය. එහි පළමු පියවර වන්නේ දේශපාලනික වශයෙන් සිදු වී ඇති හානිය අවම කිරීම සඳහා කටයුතු කිරීමය.
නව ආණ්ඩුවක් බලයට පත් වූ පසු, රාජ්‍යය ආයතන වල සේවය කරන ඇතැමුන් බලයට පත් වූ ආණ්ඩුව මුලාවේ හෙළීමට උත්සහ කරති. ඔවුහු තමන්ගේ පෞද්ගලික අරමුණු දිනා ගැනීම හැරෙන්නේට ආණ්ඩුවේ දැක්ම සඳහා කටයුතු නොකරති. තම අරමුණු ඉටු නොවුණු පසු ඔවුන්ගේ මීලඟ ගැලවුම්කරුවා වන්නේ වෘත්තීය සංගම්ය. බොහෝ අවස්ථා වලදී මෙම වෘත්තීය සංගම් වල කටයුතු කරනු ලබන්නේ හැඟීම් දැනීම් ඇති අයවලුන්ය. ඇතැමුන්, තම පෞද්ගලික අරමුණු දිනා ගැනීම සඳහා එම වෘත්තීය සංගම්ද රවටති. පෙත්සන් පිට පෙත්සන් ලියති. මෙම ක්‍රියාවලීය දිගින් දිගටම සිදුවිය. ඒ හේතුවෙන් සමස්ථ රාජ්‍යය ව්‍යුහයම කඩා වැටුණි. එය ගොඩ ගැනීමේ එකම ක්‍රමය මෙම ආයතන ස්වාධීන රාජ්‍යය ආයතන බවට පත්කිරීමය.
කුණු වී ගිය ආයතනයක් යළි සකස් කළ හැක්කේ, ඉහළ සිට පහළට මිස පහළ සිට ඉහළට නොවේ. රාජ්‍යය ආයතන වල ප්‍රධානීන්ට දේශපාලන කටයුතු වලින් ඉවත්වන ලෙස ඉල්ලා සිටීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාය. එය නිවැරදිව නීරීක්ෂණය කොට අවශ්‍යය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමද ඉතාම වැදගත් වේ.
Post a Comment