‘‘ජනපති, අගමැති හා විපක්ෂ නායක ආරක්ෂක මණ්ඩලයට දායක කරගත යුතුයි‘‘ - පාඨලී


ආරක්ෂක මණ්ඩලයට ජනපති, අගමැති මෙන්ම විපක්ෂ නායකවරයා දායක කරගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික අද (2) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. 

මතුපිටින් පෙනෙන ලෙස ක්‍රිස්තියානි ලබ්ධිකයින්ට එරෙහිව ඉස්ලාමීය සන්නද්ධ පිරිසක් එක්තරා සන්නද්ධ ක්‍රියාවක් කර ඇති බවත් මෙය පාලනය කරගත යුතු බවත්, මේ සිදුවීමත් සමග සතුරා අඳුරගන්නේ නැතිව දේශපාලන දෝෂාරෝපණ සිදුකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

ත්‍රස්තවාදියා හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තමන් යෝජනා කර ඇති බවත් මේ ගැන පුළුල් සාකච්ඡාවක් ලබන 12 වෙනිදායින් ඇරඹෙන බවත් වැඩිදුරටත් පැවසුවේය.