- එස්.ජේ එම්මැනුවෙල් පියතුමා -
පාපයේ සහ මරණයේ බලවේග පරදවා විජයග්‍රහණය සමරන අයට පහර දෙයි
සියලූ ආගම් අදහන අනුගාමිකයන්ට හෘදසාක්ෂියේ පැනයක් 2019 අපි‍්‍රයෙල් මස 23 දින ජාතික ශෝක දිනයක් විය. එය පාස්කු ඉරුදින පාපය හා මරණය ජේසුස් කි්රස්තුන් වහන්සේ තුලින් පරාජය කිරීමේ විජයග්‍රහණය සමරමින් සිටියේදි විනාශකාරී බලවේග විසින් කරන ලද පහරදීමේදි වින්දිතයන් වූ සැමට දක්වන ගෞරවයක් වශයෙනි.
සියලූ ලාංකිකයෝ එක්ව දුක්මනස්ථාප වෙයි
විවිධ වූ ජාතික හා ආගමිකයන් වන අපි එක් ජාතියක් ලෙස එක්ව මෙම ජාතික ශෝක දිනයේදී සානුකම්පිතව සමරනු ලබන්නේ මෙම භයංකර කි‍්‍රයාවේ වින්දිතයන් වූවන්ය. මනුෂ්‍යත්වයට විරුද්ධව කටයුතු කල සියලූ විනාශකාරී නපුරු බලවේග වලට එරෙහිවද අප පෙනිසිටින්නෙමු. මෙම බියකරු කි‍්‍රයාව කලවුන්ගේ උවමනාව සහ පහසුව මත විවිධ ස්ථාන වලදී කරනු ලැබුවද මෙම කි‍්‍රයාව සියලූ ලාංකිකයන් සහ විශේෂයෙන් සියලූ ආගමික කණ්ඩායම් වල අනුගාමිකයන් වෙත නිකුත් කල අවධිකිරීමේ සංඥාවකි.
අපගේ ආගමික වාතාවරණයන් වෙත හැරී බලමු
කි‍්‍රස්තු භක්තිකයකු වන මා ශී‍්‍ර ලංකාවේ ආගම් හතරේම විශ්වාසකයන් හා නායක කාරකාදින්ට ආරාධනා කර සිටින්නේ තව දුරටත් තමන්ගේ දහම පිළිබඳ ගැඹුරු වූ අධ්‍යයනයකට යොමුවන ලෙසය, එහිදි විශ්වාසකයන්ගේ අවධානය යොමුවිය යුත්තේ තම ආගමික ශුද්ධවත්භාවයන් තුළ පවා නපුරට ඇති දුර්වලතාවයන් හදුනාගෙන නපුර උදුරාදැමීම පමණක් නොවේ. තවද අප සමාජය තුල ආගමික සීමාවලින් එපිට පවතින දුෂ්ඨ බලවේග වලට එරෙහිවද සටන් කල යුතුය.
මෙම ආගම් මෙලොව බිහිවූයේ කෙසේද ?
ප්‍රථමයෙන්ම ආගම් පිළිබදව ඇති වැරදි අවබෝධයන් මුලිනුපුටා දමමු. කිසිම ආගමක් ආගමක් ලෙස නිර්මාණය කොට දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කොට නැත. මැවිල්ලේ පසුබිමේ අප දකින හා ගවේෂණය කරන විශ්මිතයන් පිටුපස සිටින්නේ නාමයක් රහිත ස්වරූපයන් රහිත අධි මානුෂීය බලයක් ලෙස දෙවිදාණෝ පවතී. නමුත්, මිනිසා අසරණව සිතමින්, කල්පනා කරමින් සොයන්නේ ඔහුට ඉහලින් ඇති බලයයි. දෙවියන් වහන්සේ විවිධ වූ කාලවලදී විවිධ වූ ආකාරයෙන් ප්‍රකාශ වී ඇත. ලෝකයේ සෑම මුල්ලකින්ම ජනිත වන මිනිසුන් අතර විවිධ ආගම් මෙම ප්‍රකාශන වලින් මනුෂ්‍ය වර්ගයා අතර බිහි වී ඇත.
කිසිම ආගමකට එක හෙලාම අයිතිය ප්‍රකාශ කල නොහැක
සියලූම ආගම් තම සම්භවයන් ලබාගෙන ඇත්තේ මෙම ප්‍රකාශන වල යම් ආකාර ස්වරූපයන්ගෙන්ය. එමෙන්ම මෙම ආගම් ගොඩනගාගෙන ඇත්තේ ඇදැහිලි, වත්පිළිවෙත් හා සදාචාරාත්මක ඉගැන්විම් තුළිනි. සෑම ආගමක්ම මිනිසුන් අතර වර්ධනය වී ඇත්තේ මිනිසාට තම ස්වභාවය සහ අවසානය අවබෝධ කරගැනීමටත් පවතින මරණීය දුෂ්ඨ බලවේගයන්ට එරෙහි වෙමින් ආචාරධර්ම සහිතව යහපත් ජීවිතයක් ගතකිරීමටය. ලූහුඩින් කියනවානම් ආගම් ඇත්තේ මිනිසාගේ සේවාවට මිස ඊට ප්රතිවිරුද්ධව කි‍්‍රයා කිරීමට නොවේ.
කි‍්‍රස්තියානියේ උත්ථානය ප්‍රකාශකරමින් උත්කර්ෂවත්ව පාස්කුව සමරයි
මාගේ ආගමද මෙයින් එකකි. එහි සම්භවය ඊශ්‍රායෙල් ජනයාගේ ඉතිහාසයේ දෙවියන්වහන්සේගේ ප්රකාශනය ජේසු ජුදා ජාතිකයෙකු ලෙස උපත ලැබීීමත් ඔහු මෙසායා හෝ මනුෂ්‍යය වර්ගයාගේ ගැලවුම්කරුවාණන් ලෙස ප්‍රකාශ කලේ දේව රාජ්‍යයේ පැමිණීමය. ජුදා සහ රෝම බලධාරීන් අතින් මරණයට පත් වී යලි උත්ථාන වූ කි්රස්තුන් ලෙස මරණයෙන් නැගිටීම තුලින් පාපය සහ මරණය පරදවා ජයහ්‍රහණය ස්ථාපිත කළ සේක. අප පාස්කු ඉරිදා උත්සවාකාරයෙන් සමරනු ලබන්නේ කි්රස්තුන් වහන්සේ පාපය සහ මරණය යටත් කොට යළි උත්ථානවීමේ යන ඇදහිල්ලෙන්ය.
සියලූ ආගම් දුෂ්ඨ බලවේගවලට එරෙහිව නැගීසිටින්නේ යහපතේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙනි
මෙම ආගම් බලවර්ධනය සහ සැකසුම බොහෝ දුරට මිනිසාගේ කාර්යයකි මිනිසා අදහන්නේත්, මෙහෙයවනු ලබන්නේත් අධි ස්වාභාවික දිව්‍යමය හෝ අධි මිනිස් බලවේග වලිනි. කෙසේ වූවත් මේ මිනිසා ලෝකයේ නපුරු බලවේග වලට යටත්ව පවතී. මේ සියලූ ආගම් අරගලයක නිරතව සිටින්නේ ලෝකයේ සියලූ නපුරු බලවේග පරාජය කරමින් යහපතේ ජයහ්‍රහණය අදහමින්ය. ඒ නිසා සියලූ ආගම් වල පොදු බව වන්නේ අවසානයේදී යහපත් ජයග්‍රහණය හා විමුක්තිය කෙරෙහි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහිතව අරගලයක යෙදීමය.
ශී‍්‍ර පාද කදු වැටිය (ආදම්ගේ කන්ද) සියලූ ලාංකිකයන්ට පවතින සිහිකැඳවීීමකි
ශී‍්‍ර ලංකාවේම ප්‍රධාන ආගම් හතරේම අනුගාමිකයන් වන අප ශී‍්‍ර පාදය කන්ද (ආදම්ගේ කන්ද) වන්දනා කරන්නේ එය ආගම් හතරේම අයිතිවාසිකමක් ලෙස හුවා දක්වමිනි. එහි බුදුන්ගේ, ශිව දෙවියන්ගේ, මොහොමුදුවන්ගේ හා ආදම්ගේ පතුල් එහි ඇතැයි යන විශ්වාසය මතය.
ජගත් කීර්තිධර දේවධර්මාචාර්ය වරයෙකු වන මහාචාර්ය හාන්ස් කුන් ලෝකයේ ආගම් පිළිබඳව තම චිත්‍රපටය අරඹන්නේ ශී‍්‍ර පාද කඳුවැටියේ දර්ශනයකිනි. එහිදීී ඔහු එම දර්ශනයෙන් පෙන්වන්නට උත්සුක වන්නේ ඒ තුළ දැකිය හැකි ආගම් අතර ඇති පොදු තේරුම් ගැනීමේ විභවයන්ය.
ශී‍්‍ර ලංකාවේ අපි දීර්ඝකාලීන වාර්ගික අර්බුදයකින් සහ සිවිල් යුද්ධයකින් පසුව අරගලයක යෙදී සිටින්නේ බහුවාර්ගික බහු ආගමික සාමකාමී සහජීවනයේ ප්‍රජාවන් සහිත දිවයිනක් ගොඩනැගීම සඳහාය. රට තුළ හටගන්නා විවිධ වූ අර්බුද අවස්ථාවන් කළමණාකරණය කිරීමේදී දේශපාලඥයින් සහ රාජ්‍ය විසින් කරනු ලබන බරපතල වැරදි රට තුල හා රටින් පිට සිටිනා පිරිස් රට යලි ගොඩනැගිම සදහා ඒකරාශි කිරීමට අතිශය අමාරුවී ඇත.
එම නිසා සෑම ආගමික සැබෑ අනුගාමිකයන් හා සැබෑ නායකයින් පාස්කු ඉරිදා නැගුන අවදිවීමේ හඩට ප්‍රතිචාර දැක්විය යුතුය.
1. ඔබගේ ආගමේ සීමාවන් තුළ නපුරට ගොඩනැගෙන්නට කිසිම ඉඩක් නොතබන්න මිනිසා විසින් සැදු ආගම තුල අන්තවාදයට හා මූලධර්මවාදයට තල්ලූවීමට ඇති ඉඩ කඩ අනෙකුත් ආගමික ව්ශ්වාසකයින්ට එරෙහිව වෛරය සහ කෝපය අවුලූවාලීම ස්වාභාවිකය.
2. අප සමාජය තුල ඇතිවන විනාශකාරී බලවේගයන්ට එරෙහිව සටන් වැදීමේදී ''ඇඳි පුටු මත'' න්‍යායේ සිට කරනා හෙලාදැකීම් නතර කොට විවිධ වූ ආගමික, සමාජික හා දේශපාලන කි්රයාධරයන් හා එක්ව මෙම විනාශකාරී දුෂ්ඨ බලවේග නැවතිම සදහා හඩනැගීමට ඔබගේ ආගමික ආයතන වලින් පිටතට පැමිණිය යුතුය.
යහපත් මිනිසුන් ගේ අකර්මන්යයතාවය දුෂ්ඨ බලවේගයන් ගේ කි‍්‍රයාකාරීත්වයට වඩා වැඩිය.
(ගරු ආචාර්ය එස්.ජේ එම්මැනුවෙල් පියතුමා ඉංග්‍රීසි බසින් ලියූ ලිපියේ සිංහල පරිවර්තනය සුසිල් හෙට්ටිආරච්චි විසිනිි)

Post a Comment