ඌවේ මනාප ප‍්‍රතිඵල නිකුත් වෙයි : හරීන් පෙරමුණට ( මනාප - 1,73,993 )

| පාලිත ආරියවංශ

ඌව පළාත් සභා මැතිවරණයේ මනාප ප‍්‍රතිඵල සියල්ල මේ වන විට නිකුත් කර තිබෙනවා. එ් අනුව මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 08ක්. එහි මනාප ප‍්‍රතිඵල අනුව ප‍්‍රථමස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ මහ ඇමැති ධුර අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 96,619ක්.

මනාප 59,285ක් ලබා ගනිමින් කුමාරසිරි රත්නායක මහතා දෙවන ස්ථානය දිනා ගනිමින් ඌව පළාත් සභාවට තේරීපත්ව සිටිනවා. උදාර සොයිසා මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 48,512ක්. සාලිය සුමේධ මහතා මනාප 21,206 ක් ලබාගෙන තිබෙනවා.

සෙනරත් අත්තනායක මහතා මනාප 19,448 ක් ලබාගෙන ඇති අතර  විමලදාස ගලගමආරච්චි මහතා ලබාගෙත් මනාප සංඛ්‍යාව 17,625ක්. හරීන් ධර්මදාස මහතා මනාප 15,843ක් ලබාගෙන තිබෙනවා. පද්ම උදේශාන්ත ගුණසේකර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 12,412ක්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් මන්ත‍්‍රි ධුර 5ක් හිමි වුණා. එ් අනුව එම පක්ෂයේ මනාප ප‍්‍රතිඵල අනුව පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ආනන්ද කුමාරසිරි මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 24,421ක්. එච්.එම්.ධර්මසිරි මහතා මනාප 18,400ක් ලබාගනිමින් දෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.

තිස්ස කුට්ට්ආරච්චි මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 18,265ක්. ජයසිංහ බණ්ඩාර මහතා මනාප 16,437ක් ලබාගෙන තිබෙනවා. අර්වින් කරුණාවර්ධන වීරරත්න මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 15,835ක්.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ආර්.එම්. ජයවර්ධන මහතා මනාප 5795ක් ලබා ගනිමින් ඌව පළාත් සභාවට මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් තේරී පත්ව සිටිනවා.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ ඡුන්ද ප‍්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ති‍්‍ර ධුර 09ක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 08ක්. ජනතා විමුක්ති පෙරමුණටද එක් මන්ති‍්‍ර ධුරයක් හිමි වුණා. එ් අනුව බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ප‍්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති ධුර අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 1,73,993ක්.

එම පක්ෂයෙන් මනාප 30,457ක් ලබා ගනිමින් වේලායුදන් රුද්‍රදීපන් මහතා  දෙවන ස්ථානය දිනාගෙන ඌව පළාත් සභාවට තේරී පත්ව සිටිනවා. සුනිල් ජයන්ත කන්නන්ගර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 28,290ක්. උපාලි සමරවීර මහතා මනාප 28,229ක් ලබා ගනිමින් ඌව පළාත් සභාවට තේරී පත්ව සිටිනවා.

රවීන්ද්‍ර සමරවීර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 25,580 ක්. සෙනරත් ජයසූරිය මහතා මනාප 24,216ක් ලබා ගෙන ඇති අතර උපාලි සේනාරත්න මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 22,272ක්. ර.මු රත්නායක මහතා මනාප 22,249ක් ලබා ගනිමින් ඌව පළාත් සභාවට තේරී පත්ව සිටිනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයට මන්තී‍්‍ර ධුර 9ක් හිමි වුණා. එම සන්ධානයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ අනුර විදානගමගේ මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 59,316ක්. චාමර සම්පත් දසනායක මහතා මනාප 34,337ක් ලබාගෙන තිබෙනවා.

සෙන්දිල් තොණ්ඩමන් මහතා මනාප 31,858ක් ලබාගෙන ඇති අතර සුදර්ශන් දෙනිපිටිය මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 28,187ක්. එ්.එම්. බුද්ධදාස මහතා මනාප 25,193ක් ලබාගෙන තිබෙනවා. වඩිවේල් සුරේෂ් මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 21,967ක්. එම්.පී. ලීලසේන මහතා 20,282ක් ලබාගෙන තිබෙනවා. ආරුමුගම් ගනේෂන් මූර්ති මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 19,262ක්.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා මනාප 14,161ක් ලබාගනිමින් ඌව පළාත් සභාවට තේරී පත්ව සිටිනවා.